Friday, November 8, 2013

අඩේ මෙන්න මැජික්...විත් මන්තර.... පාර්ට්2


හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න මන්තර සීයනේ මට හීනෙන් පෙනිලා ඒ පොත වලකින් ගොඩගන්න හැටි නියා දුන්නේ. මාස ගානකට පස්සේ පොත් ගොඩක් අවුස්සලා මම අද ඒ පොත ආයි එළියට ගත්තා. ගිය පාර පොඩි මැජික් ටිකකුයි මන්තරේකුයි දුන්නනොවැ. මේ පාරත් එසේමයි. මැජික් විත් මන්තර අරං ආවා. අදෝමැයි කියන්නේ ගිය පාර මැජික් ටිකනම් කරපු උන් හම්බ උනාට මන්තරේ හරිගිය එකෙක්වත් සෙට් උනේ නෑනෙ. මේ සැරේ නම් මම කෝම හරි ප්‍රාර්ථනා කරන්නේ මේ මන්තරෙත් එකෙක්ටවත් හරි නොයාවා කියලා :D අපි ඒමයි. ඒනම් ඉතින් නමෝ විත්තියෙන් රාහු කාලෙම බලලා වැරදි කකුල පෙරට තියලා මරු සිටින දිසාව බලාගෙන වැඩ පට්ට්ටාන් ගම්මු ඒනම් ඈ.....එදා වගේම කියනවනම් බොලාලට එන පුරස්න ඕනි එකක් මගෙනව් ඇහුවෑකි හැබැයි මේ පොතේ නැති මම නොදන්න එව්වා අහලා මාව රේප් කරන්න ඔට්ටු නෑ හරිය. ඔයිකේ එහෙනම් දෙවනි පාරටත් පට්ට්ටාන් ගම්මු ඈ.


1.)  කියන දේ අසන කිරි ටින් එක

මැජික් එක :-
මැජික්කරු වේදිකාවට පැමිණ කුඩා හිස් කිරි ටින් එකකට ජලය පුරවා සිදුරු රැසක් සහිත පියනකින් ටින් එක තදින් වසයි. ඉන්පසු ටින් එක අනිත් පැත්ත හරවා සිදුරු වලින් ජලය වෑස්සෙන හැටි පෙන්වයි. ඒ සමගම මැජික් යෂ්ඨිය ගෙන දැන් නතර වෙන්න කියා අණ කරයි. වතුර වෑස්සීම නතර වෙයි. දැන් වතුර ගලන්න කියා කියයි. එවිට වතුර වෑස්සෙයි. 
කරන හැටි :-
 මේකට ගන්ඩ ඕනි හිස් කිරි ටින් එකක් හරි බීම ටින් එකක් හරි ඔය ඒ වගේ මොකක්ම හරි.මේ ටින් එක ඔය හාල් එහෙම මනින් ගන්න එකක් තරම් වෙනවනම් හොඳයිලු ඈ. ඒක තදකරලා වහන්න පියනකුත් ගන්නලු. ඊට පස්සේ ඒකට වතුර දාලා පියන තද කරලා බලන්න මොකද වතුර වෑස්සෙනවද කියලා. වතුර වෑස්සෙනවනම් වැඩේ කෙල වෙනවා ඈ.
දැන් පියනේ ඇණයකින් හිල් දහයක් දොලහක් හදා ගන්න. ඒවා ඇණයක මූණත තරම් කුඩා වෙන්න ඕනි. ඊට පස්සේ ටින් එකේ අඩියෙත් සාමාන්‍ය සිදුරක් හදා ගන්න.
ඊට පස්සේ අඩියේ තියන තනි සිදුරට ඇඟිල්ලක් තද කරගෙන වතුර පුරවන්න. ඊට පස්සේ සිදුරු තියන පියනෙන් වහලා අනිත් පැත්ත හරවන්න.
තනි සිදුර තියන පැත්ත උඩු අතට තියාගෙන ඒකට ඇඟිල්ල තද කලාම වතුර වෑස්සෙන්නේ නෑලු. ඒ ඇඟිල්ල ඉස්සුවාම වතුර වෑස්සෙනවා. ඒ හින්දා වතුර ගලන එක නවතින්න කියන වෙලාවට සිදුර වහන්න. වෑස්සෙන්න ඕනි වෙලාවට ශේප් එකේ ඇඟිල්ල අහකට ගන්න.


2.) වතුර කිරි බවට පත් කිරීම.

මැජික් එක :-
වතුර පුරවපු වීදුරුවක් ගෙන මැජික් යෂ්ඨියෙන් තුන් වරක් තට්ටු කර බීම බොන බටයක් ගෙන වතුර වීදුරුවට දමා බටය මුවට තබා ගනියි. ටික ටික වතුර වීදුරුවේ ඇති වතුර කිරි පවට පත් වේ.
කරන හැටි :-
වතුර වීදුරුවක් ගෙන ඒකට අළුහුණු දමා පෑදෙනකන් තියන්න. අළුහුණු පෑදුනාට පස්සේ දියරය වෙනත් වීදුරුවකට දා ගන්න. එතකොට මැජික් එක කරන්නේ ඔය දෙවනි වතුර වීදුරුවට. ඕකට බීම බටයක් දාලා සෙමින් පිඹින්න. ජලය කැලැත්තෙන විට වතුර කිරි පාටට හැරෙනවා.
(ඉස්පෙසලි දෙයක් කියන්න ඕනි ඕකට මේ වතුර මොනම හේතුවකටවත් කටට ගන්න එපා ඈ. වතුර විතරයි හරිය :P ) 
3.) සභාවේ සිටින අය කියා ලියාදුන් පණිවිඩ කොළ නොබලා කීම.

මැජික් එක :-
මැජික්කරු සභාවේ සිටින පස් දෙනෙකුට ඉතා කෙටි පණිවිඩයක් කඩදාසි කැබැල්ලක ලියා දෙන ලෙස කියයි. (මෙහිදී ලියන කෙනාගේ නම ලියන්න නැත්නම් ගර්ල් ෆ්රෙන්ඩ්ගේ නම ලියන්න වගේ ඕනි දෙයක් කිව්වෑකි. හැබැයි කෙටියෙන්) ලියා දුන් කොළ කෑලි සියල්ල අතට ගෙන මැජික් යෂ්ඨියෙන් තට්ටු කර කඩදාසියේ ඇති දේ කඩදාසිය නොබලාම කියයි.
කරන හැටි :-
මේක කරන්නනම් ඉතින් ඉස්සෙල්ලම බොක්කේ පිට් එකක් හොයාගන්න වෙනවා. මොකද හොර වැඩක්නේ කරන්නේ. මේ පිට් එකත් අර අනිත් අය අතරේ සභාවේ වාඩි වෙලා ඉන්නවා. පස් දෙනාට කොළ කෑලි පහක මොනවා හරි ලියන්න කිව්වාම තමන්ගේ යාළුවත් මොනවා හරි ලියලා කොලේ ගුලි කරලා මැජික් කරන කෙනාට දෙනවා. හැබැයි මේ යෘළුවා මොනවද ලියන්නේ කියන එකනම් කලින් දැන ගෙන ඉන්න වෙනවා. නැත්නම් අවුල්. ඒ වගේම එයා ලියලා දීපු කොලෙත් අඳුරගන්න පොඩි සලකුණක් තියෙන්න ඕනි. ඊට පස්සේ මේ කොළ කෑලි පහම අරගෙන මැජික් යෂ්ඨියෙන් මතුරලා කොළ වලට තට්ටු කරලා එක කොළයක් අතට අරගෙන ඒක දිග අරින්නේ නැතුව අර යාළුවා ලිව්ව වචනේ කියනවා. හැබැයි හොඳට මතක තියා ගන්න ඕනි යාළුවා කිව්ව වචනේ කිව්වට අර ගන්න කොලේ ගන්න ඕනි යාළුව ලිව්ව එක නෙවෙයි වෙන එකක් හරිය. ඊට පස්සේ අර යාළුවා ලිව්ව එක කියලා ඒක ලිව්වේ කවුද කියලා අහන්න. එතකොට යාළුවා නැගිටලා එයා ලිව්ව කියලා කියනවා. ඊට පස්සේ ඒක ඇත්තද කියලා බලන්න අර කොලේ දිග ඇරලා බලනවා. ඒකේ තියෙන්නේ වෙන කෙනෙක් ලිව්ව එකක්නේ. හොඳට ඒක මතක තියාගෙන වෙන කොළයක් අරන් මැජික් යෂ්ඨියෙන් තට්ටු කරලා අර කලින් කොලේ ලියලා තිබිච්ච දේ කියනවා. ඒකටත් අදාල කෙනා තමන් ලිව්ව බව පිලිගත්තාම ඒ කොලෙත් දිග ඇරලා බලලා ඒකේ තියන දේ මතක තියා ගන්නවා. ඔන්න ඔය විදිහට දිගටම කරන්න තමා තියෙන්නේ.
අදට ඔය මදෑ මැජික්. දැන් ඉතින් එදා වගේම මන්තරයක් කියා දෙන්නම් ඈ. මේ මන්තරේවත් මොකෙක් හරි ගොඩ දාගත්තොත් මට කියන්ඩ ඈ. මොකද මම මේ මන්තර එකක්වත් අත්හදා බලලනම් නෑ ඕං. 


4.) මන්තර

මේකට කියන්නේ 'සුසාන රුද්‍රා මන්ත්‍රය' කියලලු ඕං. ඉස්සෙල්ලම මේ මන්තරේ කටපාඩම් කරගන්න ඕනි. තව එකක් මේවා මතුරද්දි හරියට වචන උච්චාරනය වෙන්න ඕනිලු. නැත්නම් කෙල වෙනවලු. ඔන්න එහෙනම් මන්තරේ..


ඕම් ග්‍රීම් ග්‍රිම් කිලියුම් අක්කර්ශණී ඕං මයාන රුත්තිරි එන් වසමාය ඕඩි වාරට වාය:

දැන් ඔන්න ඔය මන්තරෙන් මෙන්න මේවා කලෑකිලු. 

1.)  පිහාටුවකින් කුකුළෙක් මැවීම

කුකුල් පිහාටුවක් ගෙන ඉහත මන්තරේ 108 වාරයක් මතුරලා ජාලකාලිය පුදා (ඒ කිව්ව එක මම දන්නැතෝ. දන්න එකෙක් ඉන්නවනම් මටත් කියා දීපියෝ) සුසාන රුද්‍රා මන්ත්‍රෙයන් අඳුන් කල තලතෙල් බිංදුවක් කුකුල් පිහාටුවට ඉසින්න. කුකුලෙක් මෙන් පෙනේ. ඒ සැනින් රෙදි කඩකින් වසන්න. අතුරුදහන් වේ. 

2.) ගසක ගෙඩි කැඩීමට.

ගෙඩි පිරුණු ගසක් මුලට ගොස් සුසාන රුද්‍රා මන්ත්‍රය 108 වරක් කියා දෙරණ නැකතින් බිම සිට ගස සොලවන්න. ගසේ ගෙඩි වැටෙනවලු. (මං මේ කල්පනා කොලේ හදිස්සියේ පොල් ගහකින් ගෙඩියක් කඩා ගන්න කිියලා මේ මන්තරේ ඔක්කොම කලෑකි. ඒත ගහ හොලවන්නේ කෝමද අප්පා :( )

3.) යකඩයක් අහසේ රැඳවීම.

සා නැකතින් කුම්භ ලග්නය යෙදුනු සිකුරාදා දිනක සූරිය වැලක් ලඟට ගොස් රුද්‍රා මන්ත්‍රය 108 වරක් මතුරා කහ නූලක් ගැටගසන්න. ඊලඟ ඉරිදා සිංහ ලග්නය උදා වන විට බිලි පුදා තුවාල නොකොට වැල උදුරාගෙන රන් සුරයක දමා අතේ බැඳගන්න. ඉන්පසුව යකඩයක් ගෙන අහසට විසිකොට දකුණතේ බැඳි සුරය වම් අතට ගන්න. යකඩය අහසේ නවති.

ඔය කිව්ව මන්තරනම් කෝමද කියා නොදන්නවා උනාට මැජික්නම් කරන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දනිමි ඈ. ඒ හින්දා ඔය මැජික් එකක්වත් හරියට කරගත්තෝත මට කියන්ඩකෝ ඈ..




  

42 comments:

  1. පස්ට මැජික් ෙන් බං.. මාත් ඔය කිරි කරන මැජික් ඒකට නං කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඇහ්...ඒනම් කරලම බලකෝ. දේශිකාවක්වත් සෙට් කරගන්න. ;)

      Delete
    2. ‍මෙන්න වශී මන්තර සුපිරි තැන මටත් හරිගියා උබලත් බලපල්ල
      www.nomileguru.blogspot.com

      Delete
  2. සුපිරි මචෝ...... අර වතුර ටින් එක කරල පෙන්නන්න ඕන දන්න කියන පොඩිඑවුන් ටික දෙනෙකුට

    ReplyDelete
    Replies
    1. එල එල කරලම බලන්ඩකෝ ඈ....

      Delete
  3. වතුර කිරි කරන එකනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ඇ.... කිරි කියලා බොනවා නෙවෙයි ඈ

      Delete
  4. ශා මරු මැජික් ටික නෙහ් :)

    ReplyDelete
  5. මන්තර නම් මන්දා. මැජික් ටික නම් මරු. කොහොමද හොයා ගත්තේ? මඉව කරන කට්ටිය කියන්නෙ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඈ.....ඕකේ පලවෙනි කොටසට ගිහින් බලන්ඩකෝ ඇ..මම ඔය පොත හොයාගන්න දීපු පස්ට ගේම ඒකේ තියනවා ;)

      Delete
  6. මැජික් ටික මරේ මරැ. ඉඩක් ලැබුනාම පොඩි එවුන් එක්ක කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඈ...හාකෝ කරලා බලන්ඩකෝ

      Delete
  7. ඉස්පෙසලි දෙයක් කියන්න ඕනි ඕකට මේ වතුර මොනම හේතුවකටවත් කටට ගන්න එපා ඈ. වතුර විතරයි හරිය :P

    කටේ ඇට නැති සව් යැව්වට කමක් නැද්ද මල්ලි.....නොදන්න හින්දා ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් එව්වනම්. ඈස් යූ විස් කියනවනේ. කැමතිනම් දාගෙන බලන්න

      Delete
  8. ඔය මන්තර කියවනන් ගිහින් මෙහෙ ඉන්න අරාබි හොල්මන් ටික ෆුල් හොමන් වෙල අන්දොස් වෙල මගේ පස්සේ පන්නාවිද දන්නේ නෑ නේද තරුවෝ..............

    ReplyDelete
    Replies
    1. අඩේ ඉතින් පස්ටනේ ඈ. මන්තරයක් කියලා උන්ව පන්නලම දාන්න ;)

      Delete
  9. වතුර කිරි කරන එකනං සා/පෙ විද්‍යාව පොත්වලත් තියෙනවනෙ.
    පොල්ගහ හොලවන එක ගැන නෙමෙයි ගෙඩි වැටෙනකොට ඔළුව බේරගන්නෙ කොහොමද කියන එක ගැන තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔවවක් තියද කියලා සුවර් නැතිත් එකේ ඉතින් පොල් ගෙඩියක්වත් වැටිලා ඒම හකක් තියනවා කියලා මතක් කරගන්න මං හැදුවේ ;)

      Delete
  10. //(ඉස්පෙසලි දෙයක් කියන්න ඕනි ඕකට මේ වතුර මොනම හේතුවකටවත් කටට ගන්න එපා ඈ. වතුර විතරයි හරිය :P ) ///

    ඇයි වතුර විතරයි කියලා ලියලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි හත්දෙයියනේ වෙන අත්‍යවස්ය දෙයක්වත් ඊට පස්සේ කටට ගන්නේ නැතුව හිටියොත් එහෙම. ඒ සාපෙත් මට වදියි ;)

      Delete
  11. මේ මැජික් ටික නක් කරලා බලන්නම ඕනේ. මමත් එකක් කියන්නම්. ආනමාලු ගෙඩියක මැදින් අල්පෙනෙත්තක් ගහලා දෙපැත්තට කරකවන්න. ඊට පස්සේ කට්ටිය ඉස්සරහට ගිහින් කියන්න මැජික් බලෙන් මේ ගෙඩිය දෙකට කපනවා කියලා. ඊට පස්සෙ හෙන බුලක් කෙලලා, මතුරලා හෙම කෙසෙල් ගෙඩිය ලෙලි ගහන්න. ගානට දෙකට කැපිලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි. හැකිස්. ඒකත් මරුනේ ඈ..කරලා බලන්න ඕනි

      Delete
  12. කෝඩෙ ගහලා ඉන්න වෙලාවට කීයක් හරි හොයාගන්නත් තිබුනා නේද බන් පාරක් අයිනෙ අයිටම් කීපයක් පෙන්වලා

    ReplyDelete
    Replies
    1. එකෙම්ම මාත් මේ ට්‍රයි කොරන්නෙ ඕකට තමා

      Delete
  13. පුරුදු උනාම කීයක් හරි හොයාගන්න පුළුවන් වෙසක් පොසොන් කාලෙට...

    ReplyDelete
    Replies
    1. අනිවා. ට්‍රයි කරලා බලන්ඩකෝ ඈ

      Delete
  14. උඹනම් නියම මැජික් කාරයෙක් තමා මේව පිට අයට කරන්න කලින් ගෙදර අයට පෙන්වන්න ඕනේ.. එකක් දෙකක්

    ReplyDelete
    Replies
    1. ගුටි නොකා වැඩේ කරගන්නකෝ අයියේ :D

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අඩෝ කුකුල් ෆාම් එකක් දාගන්න පුළුවන් පිහාටු ටිකක් ගත්තනම් මන්තරේ මතුරලා

    ReplyDelete
    Replies
    1. ඈ...යකූ ටාර් ගාලා කුකුලා අන්තරස්දාන වෙනවලු. උඹ පුළුවන් ඉක්මනට කුකුලා සේව් කර ගනින්. එතකොට ෆාම් එක දැම්මෑකි

      Delete
  17. හි හි ශෝක් තරුවෝ

    ReplyDelete
  18. ඒක නෙවෙයි තරුවෝ කිරි වතුර කරන්ඩ ලයින් එකක් එහෙම හොයා ගත්තොත් මටත් කියනවද?

    ReplyDelete
  19. I have to thank you for the efforts you have put in penning this site.

    I am hoping to view the same high-grade content from you later on as well.
    In fact, your creative writing abilities has encouraged
    me to get my own website now ;)

    Feel free to visit my webpage: garcinia cambogia

    ReplyDelete
  20. එළ එළ කව ඔීණි

    ReplyDelete
  21. ‍මෙන්න වශී මන්තර සුපිරි තැන මටත් හරිගියා උබලත් බලපල්ල
    www.nomileguru.blogspot.com

    ReplyDelete
  22. best free service And Most Popular Articles
    Go To The Link :
    https://topratedwebsitelist.blogspot.com/p/hot-newns.html

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...