Thursday, October 31, 2013

Google අල්ලේ නටවමු...



උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.

Google Search එක කියන්නේ කොම්පීතරේ ලඟට වෙලා ඉන්ටනෙට් ලොග් වෙන අපි වගේ අන්තර්ජංජාල සයිකොලෝබියාව හැදිච්ච උන්ට සිතූ පැතූ සැප සම්පත් දෙන අකාල සන්ධ්‍යවක පහල වෙච්ච කප් රුකක් නොවැ. මීට කලින් ඔය ගූග්ල් දෙයියන්නාන්සෙව මෝල් කරලා ඒකා අපිට පෙන්නන්නැතුව තනියෙන් බලන මෙව්වා බලන හැටි ගෙනාවා මතකනේ. ආන්න ඒ වගේ ගූග්ල් දෙයියන්ව පිස්සු වට්ටලා හොල්මං කරලා සෙල්ලංද කොල්ලෝ කියලා ඒකටම කියවෙන මෙව්වා ටිකක් තමයි මේ. කොරලම බලන්ටකෝ. ආයේ මොකටද මේ වැල් වටාරම් කියෝ කියෝ ඉන්නේ ඈ..

මං දැන් මේ පහලින් දාන එව්වා Google Search එකේ ටයිප් කරලා Enter ඔබලා බලන්ඩකෝ ඈ. කම්මැලියි වගේනම් මම මේ ටයිප් කරලා තියන එකම Highlight කරලා Right Click කරලා 'Search Google For' දෙන්ඩකෝ ඈ..

1.) Atari Breakout
ඉස්සෙල්ලම කොහෙන්ද පටන්ගන්නේ කියලා කල්පනා කරද්දි මේක මතක් උනේ. පස්ට කම්මැලිකමේ ඉන්න වෙලාවට ඔය උඩ තියන එක Google Search කරලා Image තෝරන්න. නැත්නම් කෙලින්ම Google Image Search කරන්න. ආතල් එකේ Game එකක් ගැහුවෑකි.

2.) Do a barrel roll  හෝ Z or R twice
මේක search කලාම එන result එක (සම්පූර්ණ පිටුවම) අංශක 360ක් කැරකේවි.

3.)  Askew හෝ tilt
මේකෙදි එන result එකේදි මුළු පිටුවම පැත්තකට ඇල වෙලා තියේවි.

4.) Zerg rush
මේකෙදි search result එකට '0' වලින් විනාශ වෙලා යාවි. 

5.) Recursion
සාමාන්‍යෙයන් අපි Google Search කරද්දි අපි වචන වල අකුරු වැරදියට type කලොත් 'Did You Mean' කියලා අපි ලිව්ව වචනෙට සමානව එන්න පුළුවන් වචනය පෙන්නනවනේ. ඒත් අර උඩ තියන වචනේ type කලාම ඒ වචනේ හරි උනත් 'Did you mean Recursion' කියලා ආයිත් අපි ලිව්ව වචනෙම පෙන්නනවා.

6.) Binary හෝ Octal හෝ Hexadecimal 
ඔය වචන 3න් කියවෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඔය වචන 3න් 1ක් අපි Google Search කලොත් ; ඕනිම දෙයක් search කලාට පසුව එන result එකේ උඩින්ම කොච්චර result ප්‍රමාණයක් තත්පර කීයකදි හොයා ගත්තද කියලා එනවනේ. සාමාන්‍යෙයන් එන්නේ උදාහරණයකට result පන්දාස් හාරසිය විසි පහක් ආවනම් තත්පර දශම පහකදි ඒක පෙන්නන්නේ About 5425 result (0.5 seconds) කියලනේ. මේකෙදි ඔය 5425 වෙනුවට අපි සර්ච් කලේ Binary නම් 5425 එන්නේ Binary වලින් Octal නම් එන්නේ Octal වලින්. 

7.) Conway's Game Of Life 
මේකෙත් පැත්තකින් හරි අපූරු දෙයක් සිද්ද වෙයි.

දැන් ඔය උඩ කියපුවා නිකන්ම Google search කලාම ආවනේ.  ඒත් මම දැන් පල්ලෙහින් දාන එව්වා Google Search කරලා එන result එකේ උඩින්ම තියන Link එක Click කරන්න. එතකොට මෙව්වා වෙයි ඈ.. ඒත් නැත්නම් මේවා type කරලා 'I'm Feeling Lucky' click කරන්න ඈ..

1.) Google Gravity  

2.) Elgoog

3.) Google sphere

4.) Who is the cutest

5.) Google Loco

6.) LOL Limewire

7.) Rainbow Google

8.) Epic Google

9.) Annoying Google

10.) Google pacman

11.) Google Magic

12.) Google color  ඔය color කියන තැනකට කැමති පාටක් දාන්න. උදා :- Google pink

13.) Google Heart page

14.) Epic box 

15.) Sexy snape

16.) Weenie google

17.) Chicken Rolling 

18.) Google Guitar 

19.) You'll never find chuck norris

20.) Let me google that for you

21.) Google Hacker

22.) Google Spam

23.) Google Ninja

25.) Google's Nessie

26.) Google MentalPlex

27.) Google Anagram

28.) Google Translate For Animals 

29.) Moog Doodle

30.) Olympic Hurdles Doodle

ඔය මදෑ නේද. තව Searching tips වගේකුත් දාන්න කියලා හිතන් උන්නේ කම්මැලියි වගේ. එව්වා වෙන එකකින් දාන්නම් ඈ....







28 comments:

  1. මම කැමති නැහැ ගූගල්ට ඔහොම කැත වැඩ කරනවට ;)

    අල්ලෙ නටවනවද බං ඒ දෙයියව?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත :)

      Delete
    2. @සෑම් අයියේ..අනේ මන්දා ගූග්ල් උනත් කාගේ උනත් දරුවෙක්නේ නේද ඈ

      @දිලිනි..පුහ්..ස්ස් :D

      Delete
  2. එළනෙ බං...නිකං ඉන්න වෙලාවට දැන් ඉතිං කරන්න වැඩක් තියෙනවා....ඒත් නිකං ඉන්න වෙලාවක් නැති එකනෙ බං පුරස්නෙ.....

    ReplyDelete
    Replies
    1. සැක් හෙන අපරාදේ..රෑට දොයියන වෙලාවටවත් නිකන් ඉන්න. මේ රස්න් කාලේ ඒ වෙලාවවත් නිකන් ඉන්නම එපැයි ;)

      Delete
  3. මම තවම මේවා කරලා බැලුවේ නෑ. තව ටිකකින් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මේක නියමයි ඈ. මම කරලා බැලුවා කීපයක්. අපේ ගෙදර කට්ටියත් උඹට ස්තුතියි කිව්වා ඕං.

      Delete
    2. හැකිස්...එහෙනම් එල..අනිත් එව්වත් කරලම බලන්ටකෝ ඈ..

      Delete
  4. මගේ ගූගල් දෙයියා නිකන්ම වෙන එකකට මාරුවෙලානේ. ඇයි කියන්න මමවත් දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඕක වෙන්නෙ එක එක ඒව ඩවුන්ලෝඩ් කරනකොට උං සපෝට් කරන බ්‍රව්සර් එකක් ඒ ඩවුන්ලෝඩ් එකත් එක්ක ඉන්ස්ටෝල් වෙන නිසා.

      Delete
    2. @කුමාරිහාමි...ඔය ප්‍රසන්න අයියා කිව්ව එකත් වෙන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන් සෙටින්ස් ගිහාම.

      Delete
  5. බලාගෙන දෙයිය කෝපවෙයි.

    ReplyDelete
    Replies
    1. කෝප උනාට කමන් නෑ මේ විදිහට 'දෙයියා පල්' කරන්න හොඳ නෑ.. :)

      Delete
    2. @Praසන්ன...එයා මගේ බොක්ක :D මාත් එක්ක කෝප නොවෙයි

      @මධුරංග..යාළු පිට් එක වැඩි කමට පොඩ්ඩක් පල් කලාට. දෙයියෝ අවුල් ගන්න එකක් නෑ :D

      Delete
  6. හි හි හි......අනේ මටනම් බෑ ගූගල් දෙයියට ඒහෙම දෙයක් කරන්න....

    ReplyDelete
    Replies
    1. අහක බලාගෙන දන්නෑ වගේ කරලා බලන්ඩ මෙයා :D

      Delete
  7. මම නම් දන්නේ ගූගල් ග්‍රැවිටි විතරයි... :)
    අනිත් ඒවා දැනුයි ඉගෙන ගත්තේ

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනං මට පිං සිද්ද වෙච්චාවේ ඈ... :D

      Delete
  8. අඩෝ මං එකක්වත් කරලා නෑනේ බං.. සුප්පා ඈ

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි සිලි මට පිං සිද්ද වෙච්චාවේ :D

      Delete
  9. බොල ගූගල් දෙයියෝ හන්දා මෙච්චර දේවල් ලැබිලා ඔහොම කරන එක හරිද බං?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දාස් අස්පා බොක්කේ පිට් එක හින්දා කලේ ඉතින්..

      Delete
  10. ගූගල් ගෙම්... හී හී මල්ටිප්ලෙයර් ගේම් නැද්ද.. ලස්සන බ්ලොග් එක්ක්. ඔන්න අපිත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හැකිස්..ලැප් තුන හතරක් එක ලග තියාගෙන තමා මල්ටිප්ලේයර් ගහන්ඩ වෙන්නේ :D

      Delete
  11. මෙව්වා කොරන්න ගිහින් දෙයියා පරල වෙයිද මල්ලියේ..?

    ReplyDelete
    Replies
    1. ඇහ්....ඕකා හිත හොඳ එකා පරල වෙන එකක් නෑ :D

      Delete
  12. ට්‍රයි කරන්න ඕනා :)

    ReplyDelete
  13. best free service And Most Popular Articles
    Go To The Link :
    https://topratedwebsitelist.blogspot.com/p/hot-newns.html

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...