Friday, October 25, 2013

හිතට මෙව්වා එකක් වෙලා වගේ...




මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න


මග බලා නුඹ නිසා බොහෝ කල් ගත වෙලා
පිපුණු මල් හද කොනේ ආයෙමත් පර වෙලා
තවත් දුර යන්න බෑ හිත මගේ මැල වෙලා

දැන් මදෑ දුක් වින්දා මටත් දැන් ඇති වෙලා

ඉඩෝරයට වැස්සක සුව දැනෙන ලෙස
නිවෙන පහනකට තෙල් බිංදුවක් ලෙස
වැටෙන මිනිසෙකුට ලද අත්වැලක් ලෙස

සිතේ මලක් පිපුනයි මා නොසිතු ලෙස

කොහෙන් කොහොම ආවාදැයි මම නොදනී
මෙහෙම හැඟීමක් මින් පෙර ඇති නොවිනී
නුහුරු නුපුරුද්ද මගෙ හිත කිති කැවිනී
වෙනසක සුවඳ මගෙ නැහැයට අද දැණුනී


අකීකරු හිතට නැහැ ඉවසුම් දෙන්නේ
පියාඹන්න නැහැ අත්තටු තව ලැබුනේ
කියාගන්න බැරුවයි මා ලත වෙන්නේ
හිතේ රහස කෙදිනද මා පවසන්නේ


ලැබුවෙමි ගින්න හින්දා බැට ඇති වෙන්න
හින්දා බයයි එළියට පහනෙත් ඔන්න
රන්දා සුවඳ හදවත කල එළි වෙන්න
ඉන්නේ කවදාද මගේ හිත සැනසෙන්න


||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
අම්මටසිලි සිලි කිව්වලු. මෙන්න මං ආයි ලියන්ඩ පටන් අරන්. ආප්ටර් මාස දෙකකට විතර පස්සේ. වෙල් කම් බැක් ද තරුවා කිව්වලු. ආවඩා ආයුබෝ වේවා කියලා අද සිට ලියන්ඩයි කියවන්ඩයි බහින්ඩයි කල්පනාව. මාගේ ඒ ප්‍රාර්ථනාව බොකු බඩවැල් සහ අහවල් එකෙම්ම ඉස්ට සිද්ද වේවායි මාත් අහවල් එකෙම්ම පතනවා.  




32 comments:

  1. අයි නෝ ද පීලිං බ්‍රදර්.... එකම බෝට්ටුවේ ඉන්න අපි දෙන්නටම ගොඩබිම ලැබේවා ;) පස්ටයි කවිය .....

    ReplyDelete
    Replies
    1. එකෙම්ම ඈ......මාත් අහවල් එකෙම්ම ප්‍රාර්ථනා කරනවා බොටත් ඉක්මනට ගොඩබිමට සේන්දු වෙන්න ලැබේවා කියලා...

      Delete
  2. කාලෙකින් තරූගේ කවියක් දැක්කේ. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ටැන්කිව් ඇ...කාලෙකින්නේ මට බ්ලොගක් තියනවා කියලා මතක් උනේ

      Delete
  3. :) lassanai... masa ganekata passe math blog kiyawanna awe ada. masa ganakata passe dapu palaweni comment ekath oyage welcome back post eke demma onna.

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි සිලි කිව්වලු. ඔයාටත් වල් කං කිව්වා ඕං.. :D

      Delete
  4. තරුවා මම සුද්ද සිංහලෙන් කිව්වා.... ආයේ කියන්න ඕනේ නැහැනේ. කොහොම වෙතත් ලියන්න ආව එකටනම් සතුටුයි. හැමදාම අමාවකත් නැහැ. හැමදාම වරදින්නෙත් නැහැ. මේ කවි බයිලා නම් දාන්න එපා කතාවක් ලිව්වනම් කික් එක ඩබල්

    ReplyDelete
    Replies
    1. හොකෑස්.....දාමු දාමු කතාවක්. ඊලග එකේ සිට සුපුරුදු බයිලා කෙලිමට තමා මගෙත් මෙව්වා එක

      Delete
  5. වෙල් කම් බැක් බ්‍රදර්..

    දැන්වත් දෙයියනේ කියලා ලියපං..

    ReplyDelete
    Replies
    1. එකෙම්ම ඈ...ටැන්කිව් වේවා...!!

      Delete
  6. මරු කවි ටික.. උඹ කියනව විතරනේ ලිවිල්ලක් නෑනේ...හරි දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. මේ පාර කෝම හරි ලියන්ඩම තමා කල්පනාව...ටැන්කිව් ඈ

      Delete
  7. //ලැබුවෙමි ගින්න හින්දා බැට ඇති වෙන්න
    හින්දා බයයි එළියට පහනෙත් ඔන්න
    රන්දා සුවඳ හදවත කල එළි වෙන්න
    ඉන්නේ කවදාද මගේ හිත සැනසෙන්න//

    සැනසෙයි සැනසෙයි...ඔහොම යමු :)

    ReplyDelete
    Replies
    1. ඈ.....මාත් මේ බලං ඉන්නෙම ඕක වෙනකං :)

      Delete
  8. හිතේ තියං ඉන්නැතුව කියල දැම්ම නං අහවරයිනෙ. මුලදි බෑ කිව්වත් පස්සෙ හා කියයි මලය. හා හා අදම කියන්ඩ. අද හොද නැකැත් දවසක්. පස්සෙ අඩල කවි ලියන්න එපා ඈ ගියා මා දමා කියලා. ඒ ලමයට පරචිත්ත අර මොකක්ද එක නෑ බං. හිතේ තියං ඉන්නෙ නැතුව කියල දාහං. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ම්නදා අප්පා...@ලැජ්ජාවේ ඇඹරෙමින්..පොළොවේ බිං කුංඩෝ හොයමින්...

      Delete
  9. ///මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න///

    මොකද බැරි.....ලියන්න.....ලියන්න...

    ReplyDelete
  10. Welcome back. ඊ ලඟට කතාවක් ලියමු තරූ.

    ReplyDelete
    Replies
    1. එකෙම්ම..ඔන්න ලිව්වා....

      Delete
  11. සොරි මචං බ්ලොග් එක ටික දවසක් මිස් වුණා !

    ReplyDelete
    Replies
    1. ඔව්වනම් මොනාද බංස්..මාත් මේ මාස 2කින් විතර ආවේ

      Delete
  12. එළකිරි...........ලියමු ආයෙත් දිගටම...

    ReplyDelete
  13. එල එල.... ලියපන් පුතා....

    ReplyDelete
  14. ලියන්ඩ ආපු එකම මදෑ ඉතිං..
    ඒක නෙමේ මලයෝ ආයෙමත් මේ බ්ලොග් එකට ගියහම ෆයර් ෆොක්ස් හිරවෙන ලෙඩක් ඇවිත්.. මොකද කියලා බැලුවා නං !

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      අදේ...මම ඕක හැදුවනේ ඈ...ආයි කෙල වෙලාද. ක්රේම් එකටනම් බබා වගේ වැඩ. ටැන්කිව් ඈ..මම ආයි බලන්නම්

      Delete
  15. ආ................... මල්ලි ;)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...