Friday, August 30, 2013

කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...)



මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා.  මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ගෙවල් ගාව තියන කන්දක් නැගලා රෑ කන්දේ නැවතිලා පිෂ්ෂුවක් කෙලලා අනිත් දවසේ එන්න තමා කස්ටිය කතා උනේ. මේ ගමන් ජීවිත කාලෙටම අමතක නොවෙන මෙච්චර දේවල් වෙන ගමනක් කියලනම් නිකමටවත් ගමන ප්ලෑන් කරද්දි හිතුනේ නෑ හැබැයි. වටේ පිටේ රවුම් ගහන්නැතුව කෙලින්ම වෙච්ච සිද්ධි ටික කියලා දාන්නම්කෝ...

දිනය :- 2013-08-28
ස්ථානය :- ඇහැලියගොඩ, පරකඩුව, කොට්ටුන්න ගම්මානයේ කොට්ටුන්න කන්ද.
වෙලාව :- සවස 5 ට පමණ

ඹන්න ඉතින් අපි 6 දෙනෙක් දවල් 11ට විතර මේ ගමන සෙට් කරපු අයියගේ ගෙදරට ආවා. කතාව ලේසි වෙන්න නම් වලින්ම කියනවනම් ඉමාල් කියලා අයිය කෙනෙක්ගේ ගෙදරට තමයි ආවේ. අපි ආපු අය..මායි, ඉසංක , පමිල, දුමින්ද , නිලුක්ෂ , දිලුක්ෂ අපි 6 දෙනයි ඉමාල් අයිය සහ එයාගේ මල්ලියි ගමනට ගයිඩ් කෙනෙක් වගේ ගමේ හිටපු තව එක්කෙනෙකුයි ඔක්කොම 9 දෙනෙක් ගමන යන්න සෙට් උනා. 9 නපුරුයි කියලත් කියනවනේ. ඒත් අපිටනම් ඔව්වෑ ගානක් තිබුනේ නෑ. මුල ඉඳන්ම තිබුනු ප්ලෑන් එක උනේ කන්ද දිගේ පැයක් එක හමාරක් නැග්ගාම ලොකු ගල්තලාවක් හම්බ වෙනවලු. ඒ ගල් තලාවේ ටෙන්ට් එකක් ගහගෙන නැවතිලා පහුවදා උදේ බහින්න. ඉමාල් අයියගේ මල්ලිට පහුවදා විභාගයක් තියන නිසා අපිට ගයිඩ් වැඩේට ගිය කෙනත් එක්ක ඉමාල් අයියගේ මල්ලි අපිට ගල් තලාව පෙන්නලා පහලට බහින්න තමා කතා උනේ. ඔන්න ඉතින් කට්ටිය උඩදි රෑට කන්න බත් පාර්සල් නමයකුත් බැඳගෙන සිංදු කියලා නටන්න එහෙම බොංගෝ එකක් එහෙම සෙට් කරන් ගිනි මැලේ ගැහුවට පස්සේ පුච්ච ගන්න හිතාගෙන කුකුල්ලු දෙන්නෙකුත් අරං තව අර එව්වා මෙව්වත් අරං නමෝ විත්තියෙන් හවස පහට විතර කන්ද නගින්න පිටත් උනා. 


ඒ ගල් තලාව ගාවට එන්න වෙනම පාරක් තිබුනත් අපි ගියේ කැලේ මැද්දෙන් එතනට යන්න හිතාගෙන. ඔන්න ඉතින් නගින්න පටන් අරන් පැයක් විතර යනකොට ඒකත් ඉතින් මහන්සි ඇර ඇර නැග්ගේ. මොකද කන්දේ ඒ ටික දල බෑවුමක්. අඩියක් ලිස්සලා ගියොත් ප්‍රපාතෙට ඇදගෙන වැටෙනවා. මුල් වල එල්ලි එල්ලි බඩගාගෙන වගේ හවස හය විතර වෙනකොට කන්ද උඩට ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ අර මුලින් කතාවෙච්ච ගල් තලාවට ගිහින් ටෙන්ට් එකයි ගිනි මැලෙයි ගහලා රෑට නවතින්න තැනක් සෙට් කරගන්න එක. හරිනම් අපිට තව විනාඩි පහක් දහයක් යද්දි ඒ ගල් තලාව හොයා ගන්න පුළුවන් වෙන්න ඕනි. අපි ඉතින් දැන් ඒක හොයාගෙන යනවා..යනවා...යනවා....ඉවරයක් නෑ යනවා... ඒත් ගල් තලාවක් තියා එහෙම ලකුනක්වත් හොයා ගන්න නෑ. ඔන්න දැන් ඉතින් ටික ටික හිතට නිකන් මොකද්ද එකක් වගේ එකක් දැනෙන් වෙලාව. අපි පැයකට කිට්ටු වෙන්න විතර ගල් තලාව හෙව්වා. අපි යන පාර හොයාගන්න කොල අතු කප කප ගියේ. ඔහොම ටික දුරක් යද්දි කැකිල්ල ගාලක් හම්බ උනා. පොතේ හැටියට ඔය කැකිල්ල ගාල ගාවලු ගල් තලාව තියෙන්නේ. ඉස්සරහින් දෙන්නෙක් කැති වලින් කැකිල්ල ගාල තල තල පාර හදනවා. අපි පිටිපස්සෙන් යනවා. සත්තු සරුපයි ඉන්නත් පුළුවන්නේ. ලොකුවට ටෝච් ගෙනිච්චෙත් නෑ ෆෝන් වල ටෝච් වලිනුයි වෙනම තිබුනු ටොච් එකකිනුයි තමා දැන් පාර හොයන්නේ. 

ඔහොම යද්දි අපිට හොඳට මතක තැනක් තමා මග තැනක තිබුනා දර ගොඩක් කවුරු හරි කපලා දාලා අපිත් දර ගොඩට පොඩ්ඩක් ඈතින් පොඩි ගහක් කපාගෙන පාර හදාගෙන ගියා. ඒත් එතනදි වුන පුදුම වැඩේ කියන්නේ අපි අර පොඩි ගහ කපපු තැන ඉඳන් හරි කෙලින් එක පැත්තකට විනාඩි දහයක් විතර කොල අතු කඩාගෙන ඉස්සරහට ගිහින් බලද්දි ආයිත් ඉන්නේ අර පොඩි ගහ කපපු තැනමයි.  ඉතින් අපි තන ඉඳන් වෙන පැත්තකට කොල අතු කඩාගෙන යනවා. කොහෙන්වත් හැරෙන්නැතුව ආපහු එන්නැතුව විනාඩි දහයක් විතර ඇවිදලා බලද්දි අපි ආයිත් ඉන්නේ අර පොඩි ගහ කපපු තැනමයි. අපිට හිතාගන්න බෑ මෙහෙම වෙන්නේ ඇයි කියලා. අර ගයිඩ් වඩේට ආපු කෙනාටත් හිතාගන්න බෑ. මෙහෙම වෙලා නෑලු කවදාවත්. ඔහොම ඔහොම අපි එක එක පැති වලට යනවා ඒත් ආයිත් ඉන්නේ හිටපු තැනමයි. අඩුගානේ අපි ආපු පාරවත් හොයාගන්න බෑ. සමහර පැති වලට කලින් ගිහින් නෑ කියලා හිතල යද්දි ඔන්න එතන කොල අතු කඩපු ලකුනු තියනවා. ඒ කියන්නේ අපි එතනට ඇවිත්. කොහොම හරි පැයක් විතර ගිහාම..එතකොට රෑ 7.30 ට විතර ඇති. අපි එක තැනක ඉද්දි හැම පැත්තටම කොල අතු කඩපු පාරවල් තියනවා. ඒත් යන්න තැනක් හිතා ගන්න බෑ. ඔය අතරෙදි අපි දැක්කා මොකක් හරි මොබයිල් කම්පැනි එකක් ටවර් එකක් උඩ ලයිට් එලිය පේන්න තියනවා. අපි ඒ පැත්තට ගියත් අපිට හිතෙන්නෙම ඒක වෙන කන්දක තියන එකක් කියලා. කාටවත් ඒ පැත්තට යන්න හිතුනේ නෑ. ටිකක් දුර ගිහින් මෙක හරියන්නෑ කියලා ආපහු හැරිලා එනවා.

කොහොම හරි දැන් කට්ටියට ඕනි ගල් තලාව හොයා ගන්න නෙවෙයි රෑට නවතින්න තැනක් හදාගන්න එක. බලන බලන හැම තැනම කැලෑව මිසක් නවතින්න තැනක් හිතාගන්න බෑ. ඔහොම ඉද්දි අර දර ගොඩට ටිකක් විතර ලඟින් වර්ග අඩි විස්සක විතර පොඩි හිස් බිමක් වගේ දෙයක් හම්බ උනා. දැන් කට්ටිය තීරනේ කලේ මෙතන ගිනි ගොඩක් ගහගෙන ටෙන්ට් එකත් හදාගෙන එළිවෙනකම් ඉම්මු කියලා. කොහොම හරි ටක් ටක් ගාලා දර එකතු කරලා දිරච්ච ගහකුත් කපලා එළිවෙනකම් පත්තු කරන්න ඇති වෙන්න දර හදා ගත්තා. ඔය අතර අපි දෙන්නෙක් බාබකිව් එක දාන්න ඕනි කරන කෝටු අරවා මේවා හොයා ගත්තා. දැන් අපි කතා උනේ ගිනි මැල දෙකක් දෙපැත්තේ ගහලා මැද අපි කට්ටිය නවතින්න. අර අපිව උඩට නග්ගලා පහලට බහිනවා කිව්ව ගයිඩ්ටයි මල්ලිටයි අපි කිව්වා අපිත් එක්ක ඉන්න මේ වෙලාවේ ආපහු යවන්න බයයි. පාර හොයාගන්නත් බැරි හින්දා කියලා. කොහොමත් එයාලටත් තේරිලා තිබුනේ ආපහු බහින එක අවදානම් කියලා. දැන් අපි පලවෙනි ගිනි ගොඩ ගැහුවා. ටිකක් විතර හොඳට පත්තු වීගෙන එද්දි අනිත් එකත් ගැහුවා. මේක පත්තු වෙන්න පටන් ගත්තා විතරයි (ඒ පැත්තට සති දෙදකින් වැහැලා තිබිලා නෑ. අපිත් වැස්සකට ලොකු සූදානමකින් නෙවෙයි ගියේ මොකද වැස්ස නැති හින්දා) මහ දඩාර වරුසාවක් කඩං වැටුනා. අපි ටෙන්ට් එකක් හදාගෙනත් නෑ. කුඩ 4ක් විතර තිබුනා. අපේ බෑග් ටික එකට තියලා ඒවා කුඩ වලින් වහලා අපි තෙමි තෙමි ඉන්නවා දැන්. කොහොම හරි ට්‍රයි කරන්නේ ගින්න නිමෙන්නැතුව තියා ගන්න. හරියට මෙතන තොපිලා මස් පුච්චන්න එපා කිව්ව වගේ ගිනි මැලේට ඇවිලෙන්න දෙන්නෙම නෑ වහිනවා. අපි දැන් කතා උනා මෙහෙම සීතලේ වෙව්ල වෙව්ල තව පැහක් දෙකක් හිටියොත් වෙන ලෙඩක් හැදෙනවා කොහේන් හරි කොහාට හරි යන්න අපි කන්ද බහිමු කියලා.  එහෙම කියලා ටික වෙලාවකින් වැස්ස නැවතුනා. එහෙනම් වැස්ස නැවතුන එකේ ආයි ගිනි ගොඩ හදාගෙන ඉම්මු කියද්දිම ආයි වහිනවා. ඊට පස්සේ හැමෝම කතා උනා මොකද කරන්නේ...යනවද..?ඉන්නවද? කියලා. මේ වෙද්දි අපි ගන්න ආපු ආතල් ඔක්කොම කුඩු වෙලා. ගෙදර ඇඳ ඇස් ඉස්සරහා මැවි මැවි පේන වෙලාව. ඒත් මායි පමිල සහ දුමින්ද කිව්වේ අපි නොයා මෙතන ඉම්මු කියලා. මේ කළුවරේ වැස්සේ පල්ලමකට බහින එක අවදානම් හින්දා. දෙන්නෙක් ඕනි දේකට කැමැත්තෙන් හිටියා. ඒත් ඉසංක අයියා ඇතුළු අනිත් අය කිව්වෙම යමු කියලා. කොහොම හරි රෑ 8.30ට විතර අපේ කඳු ගමන නවත්තලා ඔක්කොම අකුලන් ආපහු කන්ද බහින්න අපි තීරණය කලා. ඕනි දෙයක් උනාවේ කියලා ටවර් එකේ ලයිට් එක දිහා බලාගෙන අපි පල්ලම් බහිනවා.

පල්ලම් බහිනවා කිව්වට ඒකත් ලේසි නෑ. මොකද පාරක් නෑ. කිසි කෙනෙක් ඒ පැත්තෙන් ගිහිනුත් නෑ. ඒ පැත්තෙන් යන්න පුළුවන්ද  බැරිද පල්ලෙහා හෙලට වැටෙයිද් මේ මොකුත් සුවර් නෑ. ඒත් ඉන්න එකට වඩා ඕනි දෙයක් උන දෙන් කියලා තමා යන්න පිටත් උනේ. දැන් කට්ටිය පෝලිමට යනවා. ටිකක් දුර පයින් යනවා ගස් මුල් අල්ලගෙන පල්ලමට බහිනවා. පල්ලමට බහින්න තැනක් නැති උනොත් හරහට යනවා බහින්න පුළුවන් තැනක් හම්බ වෙනකම්. එහෙම හම්බ වෙච්ච ගමන් අඩි දහයක් විතර කටු කම්බි අස්සෙන් වේවැල් පඳුරු අස්සෙන් කටු වලට හූරගෙන පල්ලමට බහිනවා. සමහර තැන වලින් කකුල අඟලක් දෙකක් ලිස්සුවොත් ප්‍රපාතේ. එහෙම තැන් වල කළුවරේම යන්තම් ෆෝන් ටෝච් වල එලියෙන් ගස් වල මුල් අල්ලන් හරහට යනවා. කොටින්ම කියනවනම් කළුවරේ හරියට පේන්නැති හින්දා ගියා මිසක් පස්සේ දැන ගත්ත විදිහට යනවා තියා හිතන්නෙවත් නැති අවධානම් බැවුමක තමා අපි ඉඳලා තියෙන්නේ එවලේ. දිය සෙවල බැඳිච්ච අල්ලගන්න ගහක් වත් නැති දල බෑවුමක තමා අපි බඩුත් කරගහන් බැහැලා තියෙන්නේ. 

දැන් රෑ 9.30ට විතර ඇති. අන්තිමට අපි ඇවිත් නතර උන තැනට පල්ලෙහා ගෙවල් වල ලයිට් එලි හොඳට පේනවා. පේන විදිහට අපි ඉන්නේ වැඩිම උනොත් කිලෝමීටරේකට වඩා අඩු දුරකින්. ඒත් එතනින් බහින්න බෑ සම්පූර්ණයෙන්ම ප්‍රපාතේ. අපි පොඩි ගලක් එහෙම දාලා බැලුවාම විනාඩියක් විතර ඒක පෙරලෙන සද්දේ ඇහෙනවා. දැන් ගෙවල් වල එලියත් පේන හින්දා අපි කරපු වැඩේ ඕනි දෙයක් උනදෙන් කියලා හයියෙන් කෑ ගැහුවා. හූ කිව්වා. ටිකක් වෙලා යද්දි අපිට පිලිතුරු හූවක් ඇහුනා පල්ලෙහින්. ඒ වගේ වෙලාවක ඒ හූවකට අපි කොච්චර ආදරේ කලාද කියන්න තරම් වචන නෑ. ඒ තරම් අමුතු හැඟීමක් එන්නේ. ඊට ප්සසේ අපි කෑ ගහලා කිව්වා අපි කැලේ අතරමං වෙලා ඉන්නේ කියලා. මුලින් පල්ලෙහා මිනිස්සු හිතුවේ අපි බොරුවක් කරනවා කියලා. අර ගයිඩ් ගේ නම කිව්වාමත් එයාලා පල්ලෙහා ඉඳලා කෑ ගැහුවේ. "උඹද උඩ ඉන්නේ එහෙනම් බහින්න දන්නවනේ බැහැපන් " කියලා. ආයිත් කියනවා "නැග්ගනම් නැග්ග විදිහට බැහැපන් " කියලා. මොකද එයාලත් හිතලා තියෙන්නේ  අපි බොරුවක් කරනවා. අනික අර ගයිඩ්ගේ නම කිව්වමත් එයාට පාර වැරදෙයි කියලා පල්ලෙහා අය හිතලා නෑ. කොහොම හරි ටිකක් වෙලා ඔහොම කෑ ගහද්දි එයාලටත් තේරුනා අපිට ඇත්තටම කරදරයක් වෙලා තමයි කියලා. ඔය වෙද්දි අපි ඉමාල් අයියලේ ගෙදරටත් ඇත්ත තත්වේ කියලා තිබුනේ. එහෙන් කට්ටිය කන්ද නගින්න ලෑස්තියි කිව්වා අපිව හොයන්න. ඔය කන්ද මායිම් වෙන්නේ ගම්මාන තුනකට. අපි නැග්ගේ කොට්ටුන්නෙන්. අනිත් එක වැටුම්මල. අනික අම්බලන්පිටිය. අපි හිතන් හිටියේ අපි ඉන්නේ අම්බලන්පිටිය පැත්තට වෙන්න කියලා. ඒ කියන්නේ කන්දේ අපි නැග්ග පැත්තට විරුද්ද පැත්ත.  ඊට පස්සේ අපි කෑ ගහලම අපිට පල්ලෙහා ඉඳන් කතා කරන අයගෙන් නම්බර් එකක් ඉල්ලුවා. එයාලත් දුන්නා. අපි ඒකට කෝල් එකක් අරගෙන ඇත්තටම අපිට වෙලා තියන දේ අපි ඉන්න හරිය කිව්වා.ඔය අතරේ ඉසංක අයියයි පමිලයි තව ටිකක් පහලට ගිහින් පල්ලෙහා අයට ටෝච් එලි වලින් සංඥා කලා. එතකොට වෙලාව රෑ 11ට විතර ඇති.  පල්ලෙහා මිනිස්සුන්ගෙන් කෝල් එකක් ආවා.
"ඔයාලා කොහේ හිටියත් පැයක් ඇතුලත් අපි ඔයාලව බේරාගන්නවා. කොහේවත් යන්නැතුව ඉන්න තැනම ඉන්න. අපිට ඉන්න පැත්ත හොයාගන්න සද්ද කර කර ඉන්න" කියලා කිව්වා. මේක ටයිප් කරද්දිත් ඇගේ මවිල් කෙලින් වෙනවා. ඒ තරම් හැඟීමක් ඒ වචන වලට ඒ වෙලාවේ ආවේ. එලිවෙනකම් හිටියොත් ජීවත් වෙයිද මැරෙයිද කියන්න බැරිව ඉන්නකොට කොහේ හිටියත් පැයක් ඇතුලත බේරගන්නවා කියලා ඇහෙද්දි හිතට මාර හැඟීමක් එන්නේ. පල්ලෙහා ගෙවල් වල කට්ටිය විනාඩි 5න් 5ට අපිට කෝල් කර කර අහනවා දැන් අපිට කොහොමද බේරාගන්න ආපු අය ආවද කියලා. අපිත් ඒ කට්ටිය ඇහෙන්න සද්ද කර කර හිටියා. එයාලත් අපිට ඇහෙන්න හයියෙන් කෑ ගගහා ආවේ. ඔහොම ඉද්දි ඉසංක අයියයි පමිලයි ටිකක් උඩට ආපහු නැග්ග අර එන කට්ටියට ලං වෙන්න. හරියටම පාන්දර 12.02ට එයාලගේ පලවෙනි ටෝච් එලිය අපි හිටපු තැනට වැටුනා. එයාලා දැන් ඉන්නේ කන්ද උඩ. අපි බාගයක් බැහැලා. අපි ආයිත් බඩ ගාගෙන මඩ නාගෙන අර බැහැපු ටික ආයිත් නැග්ගා. බහිනකොට පල්ලම උනාට නගින්න ඊට වඩා අමාරුයි. පාන්දර 1ට කිට්ටු වෙද්දි අපි කට්ටියම ආයිත් කන්ද මුදුනට ආවා. 


අපිව දැක්ක ගමන් එයාලා ඇහුවේ ඔයාලට පොලොංගු එහෙම හම්බ උනේ නැද්ද. අපිට දෙන්නෙක්ම හම්බ උනා. එකෙක් නම් මග ඇරියා. ඒත් අනිකා ඇඟට පැන්නා ඌව මැරුවා කියලා එයාලා කිව්වා. ඒත් අපි මෙච්චර වෙලා ඉඳලත් පොලෙඟෙක් තියා අහරකුක්කෙක්වත් අපිට හම්බ උනේ නෑ. සමහරවිට අපි උංව අල්ලන් පහලට බැස්සද කියන්නත් බෑ. ඒ හිටපු මානසිකත්වයේ හැටියට එහෙම වෙන්න බැරිත් නෑ. 

අපිව බේරාගන්න 3දෙනෙක් ඇවිත් හිටියා. අපි අර මුලින් දර ගොඩක් දැකපු කිට්ටුවට නැගලා බලද්දි..අපි ඔච්චර හතර වටේටම ඇවිදලත් දැකපු නැති කවුරු හරි මනුස්සයෙක් හදපු වාඩියක් උඩ තියනවා. අපිට හිතා ගන්න බැරි ඒ වාඩියට මීටර් 10ක් 15ක් ඈතින් අපි පැය ගානක් රවුම් ගැහුවත් ඇයි ඒක නොදැක්කේ කියලා. එතනම පොඩි අඩිපාරක් වගේ එකක් තියනවා පල්ලෙහාට යන්න. අපි ඉඳලා තියෙන්නේ ඒ අඩිපාර ගාවමයි. ඒත් කිසි කෙනෙක්ට ඒක හොයාගන්න බැරි උනා. ඔච්චර කැලේ ඇවිදින ගයිඩ්ටවත්. පාන්දර 1.30ට විතර ගෙනාපු බත් මුල් ටික ටිකක් කාලා බේරගන්න ආපු මිනිස්සුත් එක්ක පල්ලෙහාට බැස්සා. කිලෝමීටර් 4ක් විතර පයින් ඇවිදගෙන ඇවිත් කොට්ටුන්නෙන් නැගපු අපි වැටුම්මල කියන පැත්තෙන් ආයිත් ගමට ආවා. අපි එනකම් ඒ ගමේ අයත් ඇහැරලා ඉඳලා. එයාලා කියනවා ළමයි ටිකක් උඩ කෑ ගහද්දි බේරාගන්න කියලා කොහොම ඇස් දෙක පියන් නිදා ගන්නද කියලා. අනික අපිව හොයන්න නැගපු අයත් ලේසියකට මිනිස්සු එන තැනකින් නෙවෙයි (විශේෂයෙන් රෑට) අපිව හොයන්න නැගලා තියෙන්නේ. අපිත් එක්ක කෑ ගහලා සම්බන්ධය තියාගන්න ඕනි හින්දා එයාලා එතනින් නැගලා තියෙන්නේ. අපි ඉන්නේ අම්බලන්පිටිය පැත්තේ කියලා හිතලා එහෙනුත් හතර පස් දෙනෙක්ම නැගලා. එයාලා ඒ පැත්තෙන් අපි හිටපු පැත්තටම ඇවිත් හොයද්දි තමා පණිවිඩේ ඇවිත් තියන්නේ අපි පහලට ආවා කියලා.

පල්ලෙහාට ආපු ගමන් ගමේ අය ඇහුවේ ඔයාල මස් ගෙනිච්චා නේද කන්දට කියලා. මම යක්ෂ ප්‍රේත කුම්බාන්ඩ විශ්වාස කරන්නෑ. මම දැකලත් නෑ මෙච්චර කාලෙකට. ඒක් අර අපිව එක තැනම ඇවිද්දෝපු එක එහෙම මතක් වෙද්දි හිතට මොකද්ද එකක් වෙනවා. ගමේ අය කියන විදිහට නම් මස් ටික අපි වීසි කරයි කියලා බලාපොරොත්තුවෙන් එහෙම කැරකෙව්වා කියලා තමා කියන්නේ. අනික අපි 9 දෙනක්නේ ගියේ. 9 නපුරුයි කියලත් කියනවනේ. තව එකක්..කන්දක් නගිද්දි අයියනායක දෙයියන්ට බාරයක් වෙලා කොල අත්තක් කඩලා යන්න ඕනිලුනේ. ඕක කරන්නත් අපිට තියා අපි එක්ක ගිය ගයිඩ්ටවත් මතක් උනේ නෑ. කොහොම හරි කූඩැල්ලෝ දෙතුන් සීයක් කවාගෙන සීතලේ මහ පාන්දර අපි ගෙදරට ආවා. මෙච්චර දෙයක් වෙලත් කිසිම කෙනෙකුට පොඩි කට්ටක් ඇනෙන එක කූඩැල්ලෙක් කන එක සීරෙන එක ඇරෙන්න කිසිම බයානක දෙයක් නොවුන එක ගැනනම් අපිට වගේම ගමේ අයටත් පුදුම දෙයක්. විශේෂයෙන් සර්ප විමානෙක එකම සර්පයෙක්වත් ඇහැට නොදැක එන්න පුළුවන් වෙච්ච එකත් ප්‍රාතිහාර්යක් වගේ. 


ඔන්න අපි ගිය මැප් එක....


 අද වගේ කාලෙක මිනිහෙක් මග මැරුනත් අහක බලාගෙන යන මිනිස්සු ඉද්ඳි කවමදාකවත් දැකපු නැති කටහඬ විතරක් ඇහිච්ච අපිව බේරාගන්න දෙයියෝ එව්වා වගේ ආපු ඒ මිනිස්සුන්ට මේ වෙලාවෙත් ස්තූති කරන්න වටිනවා. ලේසියෙන් මනුස්සයෙක් කරන දෙයක් නෙවෙයි එයාලා කලේ....ඉතින් අද තමා ගෙදර ආවේ. ගෙදර ආපු ගමන් තමා මේ ටයිප් කලේ. තාම කකුල් දෙක ඉඳිමිලා කූඩැල්ලෝ කාලම. කොච්චර කූඩැල්ලො හිටියද කියනවනම් එක කූඩැල්ලෙක් හිටියේ ඉසංක අයියගේ කට ඇතුලේ. ඉතින් ඕකයි කතාව..මම යනවා කකුල් වල දෙහි ගෙඩියක්වත් අතුල්ලා ගන්න...

පොටෝ ගොඩක් නෑ...ඒත් ටිකක් තියනවා....
















62 comments:

  1. මස් එක්ක බෝතලුත් ගෙනිච්ච නේද ?? සාදු බොලාට ඕව විස්වාස නොකරනවාට..

    ReplyDelete
    Replies
    1. ඔය ගෙනිච්චයි කියන්නේ ;)

      Delete
    2. බෝතලේ පුකට ඇරිලා

      Delete
  2. තොපි බේරගන්න ආපු එවුන්ටත් බොරුවක් කෙළලා නේ..

    පස්සෙ උන් දෙයියො වගේ ආපු නිසා බේරුනාලු.. යකො දෙයියන්ට බොරු කියන රටක්නෙ මේක..

    ReplyDelete
  3. කිව්ව මේ බූරු පැටියට යන දේවාලෙක කට වරද්දගන්නැතිව යන්ඩ කියල.. කොහෙද....-_-

    ReplyDelete
    Replies
    1. ඈ..කොල්ලා ගොඩබෑවනේ යහතින් කෝම හරි..

      Delete
  4. යකෝ පිස්සු බම්ප් වෙනවනේ කියවද්දිත්!!

    ReplyDelete
    Replies
    1. කොහොමද එතන ඉද්දි එහෙනම් :)

      Delete
  5. මටමේ ප්‍රශ්න වලට උත්තර දියං

    අරක්කු ගෙනිච්චද

    බීව්වද

    බොන්නේ නැතුව පල්ලෙහාට ගෙනාවද

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං බිව්වනං මුංට පාර වැරදෙනවද?

      Delete
    2. @Praසන්ன අන්න තේරුනා...
      @අටම්පහුර ගෙනිච්චලු..බිව්වේ නෑලු...නොබීම ආපහු ගෙනාවලු...

      Delete
    3. යකෝ ඔහොම ගමනක් යනකොට කලින් බීහං , එතකොට ඔහොම කරදර නැ , ගිහිං බොන්ඩත් අරං පලයං , මස් කාලා තව ටිකක් අරගන පලයං

      Delete
    4. නේ කුඅබ්ද්සික්ඩ්

      Delete
  6. උබ නාඩන් උබ නාඩන් උබට (අපිට ) මෙව හොද පාඩම්

    ReplyDelete
    Replies
    1. අටමගෙ ප්‍රශ්න ටිකට උත්තර දිය

      Delete
    2. ඈ....පව් අප්පා අපි කොච්චර උනත්..

      ඔන්න උත්තර දුන්නා

      Delete
  7. මමත් ඔය විශ්වාස කරන්නෙම නැති දෙයක් තමා යක්ශයො,පෙරේතයො, හොල්මන් වගේ අදෘශ්‍යමාන බලවේග....

    ReplyDelete
    Replies
    1. මාත්...නෑ...ඒත්....අනේ මන්දා...

      Delete
  8. යන දේවාලෙක දවාලට යන්න කියන්නෙ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...කොහෙද ඔක්කොම ලෑස්ති කරන් යද්දි රෑ උනානේ..

      Delete
  9. Adooo tharinduwo siraaa seen ekakda ban? Adenawanee..

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි සිරාවටම උනා...

      Delete
  10. අර දෙවෙනියට තියෙන ෆොටෝ එකේ ඉන්නේ යාලුවෙක් ද?

    ඔයින් බේරුනා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්ලු ඒ යාළුවෙක්ලු :)

      Delete
  11. අම්මො ඔහොම ආතල් මටත් සෙට් වෙලා තියනවා.... ඒ වුනාට අන්තිමට ගෙදර ආවට පස්සෙ මතක් කරල බලනකොට ඒ අත්දැකීම ජීවිතේට සතුටක්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත දැන් නම් මතක් වෙද්දි ආතල්...ඒත්..

      Delete
  12. මන් මේ බලන් හිටියේ උඹ කෝ කියලා බන්!

    ReplyDelete
    Replies
    1. මේ මම ඉන්නවලු..හැබෑට කවුද උඹ?

      Delete
  13. විස්වාස කරන්නත් අමාරුයි තරුවා. ඒක පුදුම අත්දැකීමක්නේ. ඕය වැඩේ දවාලක වෙන්න පුලුවන්ද?

    ඇත්තටම අර ඌරු පුංචගේ කතාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා අයියේ. ඕක දවාලකත් වෙයිද බලන්න අපි ආයිත් ලගදි නගිනවලු දවල් වරුවක ඔය කන්දේ.
      ඔය ඌරා ඇවිල්ලා ඒ ගමේ ගෙදරක ඉන්නේ. අවුරුදු 13ක් තිස්සේ ඌ එහේ ඉන්නවලු. නිතියෙන් තහනම් උනත් කිසි අවුලක් නැතුව ඌ ඉන්නවා

      Delete
  14. විස්වාස කරන්නත් අමාරුයි තරුවා. ඒක පුදුම අත්දැකීමක්නේ. ඕය වැඩේ දවාලක වෙන්න පුලුවන්ද?

    ඇත්තටම අර ඌරු පුංචගේ කතාව මොකක්ද?

    ReplyDelete
  15. mas witharak nemei bothaluth genihin wage..athi oyin giya.

    kauda ane ara uuru patiya..?

    ReplyDelete
    Replies
    1. හොකිස් අනේ මන්දා අක්කේ ඒකනම්...
      ඔය ඌරා ඒ පැත්තේ ගෙදරක ඉන්නේ. නම මැණිකේ :) අවුරුදු 13ක් තිස්සේ එහෙලු

      Delete
  16. මට නම් පුදුමයක් නෙවෙයි.. ඔයවගෙ සිද්දි මමත් අහල තියෙනවා. මං මුලා වැල් පෑගුව වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ගමට ආවට පස්සේ කට්ටිය කිව්වෙත් මංමුලා වැලක් පෑගෙන්න ඇති කියලා. මම නම් එහෙම එකක් ඇහුවෙත් එදාමයි

      Delete
  17. මං නං ඔව්වා විස්සාස කරනවා බං..
    ඔහොම එකක් මටත් වෙලා තියෙනවා..
    කැලේක අතරමං වෙන්නම ඕනා ඒ ආතල් එක තේරෙන්න...
    අම්මා, මටත් මතක් වෙනකොටත් බොක්ක කූල් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹත් කැලේක මෙව්ව එකක් කර ගත්තද. දාහං පහක්.

      Delete
  18. හොඳ වැඩේ උඹලට ... අපරාදේ හොඳ නිව්ස් එකක් මිස් වුනා,

    යකෝ මයිල් කෙලින් වෙනවා කතාව කියවද්දී

    ReplyDelete
    Replies
    1. නොදකින් මුං. තව ටිකෙන් නිව්ස් එකයි දානෙයි දෙකම ලැබෙන්න තිබුනා

      Delete
  19. අම්මප චිත්තරපටියක් වගේ මැවිල පේනවා මට. මමත් ඔය වගේ සංචාරයන්ට බොහමො කැමති කෙනෙක් තමයි. නමුත් රෑ වෙලා නම් මම ගිහින් නැ කඳවුරු බඳින්න. අපේ පැත්තේ තියෙන ගල්තලාවලට ඇති පදම් මායි යාලුවොයි නැගල ඇති. බොහමෙ අපුරු විස්තරයක් සහෝ. හැබෑම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි ඒකත් එහෙමද....එලස් එලස්

      Delete
  20. මොන යකාද යකෝ ආතල් බාබකිව් පාටිය කෑව යකා? අහුඋනොත් අල්ලලා ගහනවා දඬු කඳේ. විහිලු නෙවෙයි කොල්ලෝ පට්ට බේරිල්ලක් තමයි බේරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙනගහනවා නේද...හැකිස් බොලාට තමා දානයක් මිස් උනේ

      Delete
  21. අදමයි ආවේ ..

    එකක් කියන්නම් .. තරහ අවසර ...

    අපි ගම වල මිනිස්සු .. ඔය වගේ දේවල් විස්වාශ කරනවා .. ඔයාලට වෙලා තියෙන්නේ මන් මුලා වැලක් පගුන එක ... ඕවට යද්දී ටිකක් පරිස්සමෙන් .. මේක ලංකාව උනාට මේකේ තාමත් ඉන්නේ සිවු හෙලේ මිනිස්සු ...

    අපේ සමහර රහස් තාමත් රැකිලා තියෙනවා ...

    ගත්තාට තරහ අවසර .. මේවට හිනා වෙන අය ඇති ඇ ...

    ReplyDelete
    Replies
    1. මොකට තරහා වෙන්ඩද ආයිබෝං. අපිත් ගං වල උදවිය තමා :D

      Delete
  22. මෙහෙමත් ළමයි ...අනේ ඇත්තට මගේ කොල්ලෝ දෙන්න ලොකු වෙලා මෙන්න මේ වගේ වැඩ කරයි කියලා..පණ බයයි.මට...

    මීට පස්සේ යන තැනක දවාලක යන්න ළමයිනේ...

    ReplyDelete
    Replies
    1. මේවායින් තමා කොච්චර උනත් ජීවිතේට අත්දැකීම්ද මොනවද එව්වා ලැබෙන්නේ :D

      Delete
  23. හපොයි ඇඟ හිරි වැටුනා...

    රෑ තිස්සේ මොකට ගල් තලා වල රිංගන්න ගියාද බොල

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් ගන්නනේ මෙයා ගියේ. කවුද හිතුවේ වැඩේ දෙල් වෙයි කියලා

      Delete
  24. මටත් ඔහොම සැරයක් වෙලා තියෙන නිසා මමත් දන්නවා රඟේ....

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි ඒනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ

      Delete
  25. මේ ලියන්නේ නැද්ද මොනවාවත්

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවෝ..................ටැන්කිව් හොයලා බැලුවට ඈ

      Delete
  26. ඒ බං සිරාවටම ඇඟේ මයිල් කෙලින් වුනා බං... හොල්මං කතාවක් කියවනවා වගේ අඩේ මාරයි... මං විස්වාස කරන්නෙත් නෑ ඔය මස් අනං මනං සිද්දි හොල්මං එක්ක.. ඒත් අර වාඩියක් එතන තිබ්බයි කියන ටික කියවද්දි නං හීන් දාඩිය දැම්මා...

    අර මිනිස්සුන්ට හිස නමා ආචාර කරන්න ඕනා... මේවනේ බං අත්දැකීම් කියන්නේ...

    //සමහරවිට අපි උංව අල්ලන් පහලට බැස්සද කියන්නත් බෑ. ඒ හිටපු මානසිකත්වයේ හැටියට එහෙම වෙන්න බැරිත් නෑ. //

    මොනා උනත් මේ ටිකට නම් හිනාව නවත්ත ගන්න බැරිවුනා... පට්ට ඕයි...

    ReplyDelete
    Replies
    1. එකෙම්ම බං. ඒ මිනිස්සු නොහිටියනම් අපේ එකෙක්ට මොකක් හරි වෙන්නත් තිබ්බා. සිරාවට...

      හැකිස්..සිරාවට බං ඒ වෙලාවේ සත්තු සරුපයි ගැන සිහියක් තිබුනේ නෑ

      Delete
  27. ගැමියාගේ බ්ලොග් එකේ දාපු ලින්ක් එකෙන් ආවේ. මමත් මේ වගේ ඒවාට හරි කැමතියි. ඩිස්කවරි එකේ මෑන් වර්සස් වයිල්ඩ් බැලුවා නම් බේරෙන විදිය හිතා ගන්න පුළුවන්. බෙයාර් ග්‍රිල්ස් කියන ඒ මැන් මුලින්ම කරන්නේ හෙවනක් හදන එක. පස්සේ කන්න සතෙක් එලා ගන්නවා. ඊටත් පස්සේ තමයි ගිණි ගොඩ ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි...හැබැයි මේ සිද්දියෙන් පස්සේ රෑ කඳු නැගීම ගෙදරනි තහනම් කොරලා අප්පා. ඒත් ආයිත් යන්නම්යි හිත.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...