Sunday, July 14, 2013

කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!!




උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය

විවිධාකාර කටු විවිධාකාර ලෙස අප බුක්ති විඳින්නෝ ය
කොටින්ම කට්ටක් නැති එකත් කට්ටක් වන තරමට කට්ට අපට ලංවන්නේ ය
ජීවිතේම කට්ටක් කියන්නෝ සැමදාම හූල්ලන්නෝ ය
හූල්ලන තරම වැඩිවන විට එයද කට්ටක් කරගන්නෝ ය
නමුත් කට්ටක් තරම් වටිනා දෙයක් මේ ජීවිතයේ තවත් නැත්තේ ය
එය තේරුම් ගත්තෝ පන දමාගෙන කටු කන්නෝ ය
කට්ටක් ඉවර වෙන්න තව කට්ටක් සොයා ගන්නෝ ය
දිවි දෙවනි කොට ඒ කට්ටද කන්නෝ ය
අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් අරක වෙනුවෙන් මේක වෙනුවෙන් ඔවුන් කටු කන්නෝ ය
නමුත් ඇත්ත වශයෙන්ම සැම කට්ටක්ම තමන් වෙනුවෙන් කන්නෝ ය
කට්ට කා අවසානයේ කාපු කට්ට අමතක කිරීම නම් කට්ටට කරන සැබෑම වරදක් වන්නේ ය
නමුත් සෑම දෙනෙක්ටම කට්ට අවසානයේ ලැබෙන දේ සුන්දරනම් කට්ටද සුන්දර වන්නේ ය
අවසානය කෙසේ වෙතත් කට්ට කන්න නම් සෑම කෙනෙක්ම මැලි වන්නේ ය
ඕනෑම කට්ටක අවසානය සුන්දර නොවන්නේ ය
සමහර කට්ටක අවසානය තවත් එක් කට්ටක්ම වන්නේ ය
සැබෑවටම කට්ට කුමක්දැයි කලින්ම වටහා ගත යුතු වන්නේ ය
කන්නන් වාලේ කටු කෑමෙන් සැබෑ කට්ටට අගෞරවයක් වන්නේ ය
එමනිසා කට්ටක් කෑමට ප්‍රථම කට්ට කුමක්දැයි වටහා ගත යුතුම වන්නේ ය
නමුත් ඕනෑම කට්ටක සැබෑම අරුතනම් මෙය වන්නේ ය
එනම් ;කට්ටක් නැති ජීවිතය බෙට්ටක් නැති ලැට් එකක් වන්නේ ය
එසේම අද කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝ ය




ප.ලි:- ඉට්ස් අ මෑන්ස් ස්ටෝරි......පහලට ගිහින් බලන්න....

**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**

**
**
**
**
**
**
**
**
**
**
**

39 comments:

  1. මම මෙව්වට මොකූ..............ත් කියන්නෑ.... කියන්න දේවල් කටට ආවත්....-_-

    ReplyDelete
    Replies
    1. ඇහ්..හැබෑට මෙව්වට මොනවා කියන්නද ඈ...

      Delete
  2. හිනා වෙලා පන ගියා යකෝ පින්තුරෙ බලලා.
    අරූ දන්නෙ නැද්ද මන්ද කොන්ඩ පටියටයි,ජංගියටයි තියෙන තැන අපේ ඒවාට නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. හොකිස්....ඕක තමා අපේ කරුමේ අප්පා... ;)

      Delete
  3. හයියෝ සංසාරේ.. උඹත් හොයා ගන්න ඒවා. ඇත්ත තමයි ඉතින්. පාන්දරම හිනා වුනා. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි. දවසම හිනා උනෑකි...

      Delete
  4. හොඳට හිනා උනා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් මාතලන් අයියා මහත් වෙලා ඇති

      Delete
    2. මාතලන් අයියා මහත් වෙලා ඇති එහෙනම් ;)

      Delete
  5. නියම පින්තූරෙ.

    හැම කට්ටක්ම උගුරෙ හිරකරගන්නැතුව ගිලින්න බලාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හොකිස්
      වැඩේ කියන්නේ සමහර කටු බලා ඉදිද්දි උගුරේ හිර වෙන එකනේ..

      Delete
  6. අනේ අපි නම් කවදා ඒ මදයට ලංවේදෝ!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අයියා මේ කවස්වල බැහැලා කට්ටට ගේම දෙනවද ඈ...

      Delete
  7. හැබෑමයි යකෝ මටත් ඕක හිතුනා.. අපිට මොන සැපද කියලා..

    ReplyDelete
    Replies
    1. මෙලෝ සැපක් නෑ නේද...අලේ වල්ලලලෑ අප්පා..

      Delete
  8. කට්ටක් නං වෙන්න බෑ. අර විදිහට උස්සං යන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට හරියයිද අයියේ

      Delete
  9. මෙව්වට අපොයි කොහොමද කොමෙන්ටුවක් දාන්නේ ????
    එක්කෝ ඔන්න ඔහේ....

    කට්ට කෑම ඉතා ජොලි වැඩකි....
    එය ප්‍රගුණ කළහොත්
    කටුවක් උනත් මස් ලෙස පෙනේ...
    එකට නේද අර 'ධනාත්මක චින්තනේ ' කියන්නේ ඇඃ ???

    ReplyDelete
    Replies
    1. ඇත්ත වසයෙන්ම ගත්කල කට්ට පට්ටය
      ඒත් පට්ට කටු ඔක්කොම ඇනෙන සුළුය
      කට්ට කන්න ට්‍රයි කල විට ඉදහිටලා හෝ මස් ලැබෙනවා සුවර්ය
      කට්ටක් තරම් බෙට්ටක් වටින්නේ නැත්තේ ඒ නිසාය

      Delete
    2. ඉතා හොදින් සාදා තියෙන පාරෙන් නොයා... වැඩි ජොලියක් ගැනීමට කඳු සහිත පාරකින් හන්තාන නැග්ගා.. එව්වට කියන්නේ 'ඉල්ලන් කටු'
      ටිම් වැඩක් දුන්න ගමන් අනිත් උන් පැනල දන්න කොටස් ටික අරගෙන මට හම්බ වෙන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති ලොවෙත් නැති ලොවි ගහෙත් නැති කොටසකි.. එව්වට කියන්නේ 'ටිම් කටු'
      ට්‍රිප් එකක් යන්න ගියාම ගැනුකමට මුවා වෙලා පුළුවන් තරම් ගේ ළඟටම වාහනේ ගෙන්නගන්න නම් දෙන්නේ 'දෙන්නම් කටු'

      දෙන්නම් කටු දීම නිසා අර කර්මික් ෆැක්ටර් ද මොකද්ද එක හින්දා මට නිතර ලැබෙන්නේ 'ජොබ් කටු' ය

      Delete
    3. ඉල්ලගෙන හරි කට්ටක් කන එක බෙට්ටක් දානවට වඩා සැප ය
      බෙදා හදාගෙන ටීම් කටු කද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙනවා ය
      ගෑණූ පරානවලින් පැන පැන ඉල්ලද්දි පිරිමි පරාන වලට දෙන කටු වලත් ආතල් එතත් ඇති ය
      ඒ වගේම ඔය කොයි කට්ටත් පොල් කට්ටට සෙකන්ඩ් වෙනවා සුවර් ය

      Delete
  10. දැන් එතකොට අරයාත් කට්ටක් වෙලාද?

    ReplyDelete
  11. දැන් නං කටුත් රහයි බං අපිට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කෑවොත් කට්ටක් රීවොත් බෙට්ටක්නේ

      Delete
  12. :) :) :)
    අපි කටු කමු එහෙනම් ඈ..

    ReplyDelete
    Replies
    1. ආයේ ඕකේ අමුතුවෙන් කන්න දෙයක් තියද ඈ...

      Delete
  13. ඇත්ත කියපං මේ පිංතුරේ බලලා නේද වාක්‍ය ටික ගෙතුවේ.

    ReplyDelete
    Replies
    1. අලේ වල්ලා අප්පා. අර ගෑනි රෙද්ද උස්සනවා බලන් මෙව්වා කොහොම ගොතන්නද ඇ..

      Delete
  14. අයියෝ... දෙයියනේ.... අර පින්තුරේ දැක්කම හිනාව නවත්ත ගන්න බැරියෝ.......

    ReplyDelete
    Replies
    1. හා හා ඔය මොකක් හරි අල්ලගෙන හෑන්ඩ් බ්‍රේක් ගහගන්න නැත්නම් වෙන අහවල් එකක් වෙයි.

      Delete
  15. ඔය කටු වලින් තමයි ලෝකේ පවතින්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ඇත්ත ඈ..කටු නැත්නම් මොකුත් නෑ

      Delete
  16. නියමයි මාතෘකාව

    ReplyDelete
  17. හි හි ....පින්තුරේ නං මරුම තමා ... අනේ මන්දා කවදා හරි මදයට ලං වෙයි කියලා මාත් කනවා බුදු කට්ටක් !

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...