Tuesday, June 25, 2013

අරවා හංගන්න සහ යාළුවො බය කරන්න...




අඩේ කාලෙකින් හොරෙන් බලන්න බැරි උනා. කාගෙවත් Password එකක්වත් උස්සන්න බැරි උනානේ. එව්වටත් හරියන්න අද දෙන්නම් කන් දෙකෙන් කඳුළු එන්න. ඔය කිව්වට මම සුවර් එකටම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා. ඒ හින්දා කිසිම අවුලක් නෑ. හරි කොහෙන්ද පටන් ගන්නේ....ම්ම්ම්

1.) අරවා ටික වෙනම විදිහකට හංගමු.

මතකනේ ඒ කාලේ මම කිව්වා ඔය හාඩ් එක අස්සේ තියන අරවා මෙව්වා කාටවත් පේන්නැති වෙන්න හංගන්න ක්‍රම දෙකතුනක්.ඔතනින් මම හිතන්නේ හොයාගන්න බරි හොදම ක්‍රමේ අර ෆොටෝ එකක් අස්සේ අර එව්වා මෙව්වා හංගලා දන්නෑ වගේ තියාගන්න හැටි ගැන කියා දුන්නෙ. ඒකෙන්නම් වැඩ ගත්තු ගොඩක් අය ඉන්නවලු. ඒකේ පොඩිඅවුලක්තියෙන්නේඉමේජ් එකේ ප්‍රොපටීස් බැලුවොත් පොඩ්ඩක් මාට්ටු වෙන ගතියක් තියනවා. එහෙමත් නැත්නම් තමුන්ගෙම කියලා ෆෝල්ඩර් ලොක් එකක් හදාගන්නත් දැන් පුළුවන්නේ.
මේ  කියන්නේ ඒ ඔක්කොටම වඩා පට්ටලේසි විදිහක්. හැබැයි ඒ ඔක්කොටම වඩා මේක ටිකක් ප්‍රාථමික මට්ටමේ වැඩක්.  ඒත් සමහර වෙලාවට වැඩක් ගන්න බැරි කමකුත් නෑ. 
හරි පටන් ගම්මු. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ තමුන්ට මොනවා හරි හංගගන්න ඕනි Partition එක අස්සට ගිහින් New Folder එකක් හදා ගන්න එක.  ඊට පස්සේ ඒකට හංගන්න ඕනි සේරෝම ටික දා ගන්න. ඊට පස්සේ ඒ Folder එක Select කරලා F2 Button එකහරි Right Click කරලා Rename හරි යන්න. දැන් ඒ Folder එක Rename කරන්න එනවනේ. දැන් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම Alt එක Press කරන්න. ඊට පස්සේ ඒක අතාරින්නැතුව Num pad එකේ 0160 Press කරන්න. 
(Alt+0160)

ඊට පස්සේ Alt එක අතෑරලා Enter කරන්න. දැන්ඔයාලට පෙනෙයි ඒ Folder එකට කිසිම නමක් නැති වුන හැටි. දැන් එක වැඩක්හරි.හදාගත්ත Folder එකේ නම නැති කරගත්තා. දැන් මේක පේන්නැති විදිහට තියාගන්න ඕනි. ඒකත් හරි ලේසියි. ඉස්සෙල්ලම Right Click කරලා Properties යන්න. ඒකේ තියනවා Customize කියලා Tab එකක්. ඒක Click කරන්න. ඒකෙ පහල තියනවා Change Icon කියලා එකක්. ඒක Click කලාම එක එක විදියේ Icon ගොඩක් පෙන්නනවා. ඔතන තියනවා රූපයක් නැති Icon එකක්. ඒක හොයා ගන්න ලේසියි. Icon අස්සේ හිස් ඉඩ තියන තැනක් Click කලාම ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒක හොයාගෙන ඒක Select කරලා Apply කරලා Ok  කරන්න. දැන් නමක් නැති රූපයක් නැති Folder එකක් හැදිලාතියේවි. ඔයාලාඒක උඩ Click කලොත් ඒක Select වෙයි. නැත්නම්පේන්නෑ. ඔය Hidden Folders එහෙම විතරක්හොයනකෙනෙක්ට ඔහොම හැංගුවාම පේන්නෑ. ඒ වගේම ඒ Partition එකේ Folder ටික Select All කලොත් මේ Folder එකත් පේනවා. කලිනුත් කිව්වා වගේ ප්‍රාතමික මට්ටමේ හංගන විදිහක් ඈ... 

2.) RAM එක Clean කර ගම්මු.

ඕනිම කෙනෙක් දන්නවනේ එක දිගට වැඩ ගොඩාක් කරනකොට.එහෙමත් නැත්නම් ටිකක් දරුණු Software එකක් Run කරද්දි එහෙම RAM එක මදිවෙන අවස්ථා එනවා. මටනම් මලම පනින  එකක්තමයි ඕක. ඕකට විසදුම් ඉතින් තව RAM එකක් හයි කරන්න ඕනි. නැත්නම් Virtual Memoryක් හදා ගන්න ඕනි. අපි වැඩ ගොඩක් කරන කොට තේරුමක් නැති දේවල් අම්බානක මේ RAM එකේ ගබඩා කරගන්නවා. අපි දන්නෙත් නැතුව. අළුතෙන් RAM ගන්න සල්ලි නැත්නම්. Virtual Memory හදන්න HDD එකේ ඉඩ නැත්නම් කරන්න තියන ලේසිමපහසුම දේ තමා RAM එකේ අනවශ්‍ය විදිහට ගබඩා වෙලා තියන Data මකලා දාන එක. මේකට එක එක විදිහේ Software තිබුනට ගොඩක් ඒවා සල්ලි දිලා ගන්න ඕනි ඒවා. ඒ වගේම වැඩේ හරියට වෙන්නෙත් නෑ.මම කියන්න යන්නෙ ඔය වැඩේ තමුන්ම කරගන්න විදිහක් ගැන. මේක පස්ට ලේසියි. කරන්න තියෙන්නේ මචේචරයි.

මුලින්ම Desktop එකේ New Text File එකක් හදාගන්න. මේකකැමති නමකින් නම් කරගන්න. ඊලගට ඒක Open කරලා ඒකේ මෙන්නමේවිදිහට Type කරගන්න. ඍට


FreeMem=Space(64000000)

ඊට පස්සේ මේක Save As ගිහින් .VBS File එකක් විදිහට Save කරන්න. දැන් ඔයාලා මේ File එක Double Click කලොත් ඔයාලගේ RAM එක Automatically Clean වෙනවා. තවත් හොදට මේ වැඩේ කරගන්න ඕනිනම් මේ විදිහට Code එක වෙනස් කරන්නත් පුළුවන්.


FreeMem=Space(128000000)

ඔය දෙකෙන් කැමති Code එකක් පාවිච්චි කරන්න පුළුවන්.

3.) HDD එකේ Partition ඔක්කොම Hide කරමු.

කොහොමද හදිස්සියෙවත් Computer ඕපන් කරනකොට Partition ටික අන්තරස්දාන වෙලා තිබුනොත්. පිස්සු පිකුදු නේද ;) මට නම් ඊට වඩා හොදයි කෙල්ලො ටිකක් මාව රේප් කරන එක :දිව දොට්ට 
එහෙනම් ඒ වැඩෙත් කරලා ලමු. ටෙස්ට් කරලා බලන්න ඕනිනම් ඔය යාළුවෙක්කේ කම්පියුටරේකට කරලා බලන්න එයාට කියන්නැතුව. ;)

ඉස්සෙල්ලම යන්න RUN එකට. ඒකට යන්න දන්නවනේ. Search එකේ Run කියලා ටයිප් කලත් හොයාගත්තෑකි. Task Manager එකෙනුත් පුළුවන්. කොහෙන් හරි කමක් නෑ ඒක හොයාගෙන එකේමෙන්න මේක ටයිප් කරන්න


regedit  

හරිනේ දැන් එකක් ඕපන් වෙයි. ඒකේ වම් පැත්තේ Folders ටිකක් ඇති. ඒකෙන් මම මේ කියන පිලිවලට Click කරන්න.


HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer

ඔයිකේ. දැන් ඔය අන්තිමට කිව්ව එක ක්ලික් කලාට පස්සේ දකුණු පැත්තේ සුදු පාටට හිස් කොටසක්තියනවනේ. අන්න ඒකේ Right Click කරලා..


DWORD

එකක් හදාගන්න. Right Click කලාම ඔය නම තියනඑකක් ඇති. ඊට පස්සේ ඒක Rename කරගන්න 


NoDrives

විදිහට. මේක Case Sensitive ඒ කිව්වේ Capital , Simple මාරු නොකර මම ලියලා තියන විදිහටම ලියන්න.
ඊට පස්සේ මේක Right Click කරලා Modify ගිහින් Value එකක් Set කරන්න. (Hexadecimal)


 3FFFFFF 

මේ විදිහට. දැන් හරි ලේසියි පහසුයි සුකොමාලයි පට්ටයි කරන්න තියෙන්නේ මෙච්චරයි.ඕක Close කරලා දාලා Computer එක Restart කරන්න. On උනාම ගිහින්බලන්න හැම Partition එකක්ම අතුරුදහන් වෙලා තියේවි. 

දැන් ඔය නති වෙච්ච ඒවා හොයා ගන්නත් එපැයි. ඒකත් පස්ට ලේසියි. කරන්න තියෙන්නේ කලින් විදිහටම අර DWORD File එක හදාගත්ත තැනට ගිහින් අළුතෙන් හදා ගත්ත ඒ File එක Delete කරලා  දානඑක විතරයි. ඊට පස්සේ Restart කරලාබලන්න අරනැති වෙච්ච මෙව්වා ටික අපූරුවට මොකුත් නොවුනා වගේ තියේවි.

හප්පේ අදට ඇතිනේ.මේක කොටලා ඇගිලි  රිදෙනවා අප්පා. පව්නේ මං උනත් පොඩි එකානේ තාම :D 



35 comments:

  1. බොහොම ස්තුතියි තොරතුරුවලට.

    ReplyDelete
  2. හොදා හොදා. අර රැම් ක්ලීන් එකෙන් ඇබිත්තක් විතර ස්ලෝ වෙනව නේද බං.. උඹ මේ වගේ ජිල්මාට් තව දාපං..

    ReplyDelete
    Replies
    1. තේරුන්නෑ..මොකද්ද ස්ලෝ වෙනවා කිව්වේ...

      Delete
  3. හොඳ වැඩ ටිකක් වගේ. බලමුකො.

    ReplyDelete
  4. හැමදාම වගේ මාත් වැඩ කෑලි ටිකක් අල්ලගත්ත.. හිකිස්..
    ටැංකිව් තරුවා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ...අල්ලගත්තද...එහෙනම් හොඳා.

      Delete
  5. ඔක්කොම ටික තේරුනා කියහන්කෝ. ස්තුතියි ඈ. මට නොතේරුනාට තේරුණ අය වැඩ ගන්නේ නැතැයි.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා එහෙම එකකුත් උනාද...හොකිස්... :)

      Delete
  6. ටැන්කියු... ටැන්කියු...

    ReplyDelete
  7. මේවා මෙහෙම ප්‍රසිද්දියේ දැම්මම උඹට අවුලක් නැද්ද බන්? අරයත් බලනවා නේද? :)

    ReplyDelete
    Replies
    1. මටනම් කිසිම අවුලක් නෑ බං...කවුද හැබෑට අරයා ඈ...

      Delete
  8. ඒ තරම්ම නැතත් නිකම් තේරුනා තේරුනා වගේ.. O.o තැන්කූ තරු අය්යණ්ඩි..

    ReplyDelete
    Replies
    1. අඩේ නිකම් තේරුනාද... :) වල්කං ඈ..

      Delete
  9. අර හංඟන එව්වා කිව්වෙ මක්කැයි ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් එව්වනම්..මම ඔය කෑමෙන් පස්සේ ඩෙසට් එකට ගන්න වැල වරකා හංගන්නෙත් මේකෙ නොවැ ;)

      Delete
  10. අඩෝ මට මේ ඔෆිස් එකේ ප්‍රොක්සිය හැක් කරන්න කියලා දීකෝ. ෆේස්බුක් යන්නයි කම්මැලිකමට යූටියුබ් පාරක් දාන්නයි. බයිපාස් සයිට් නැතුව වෙන විදිහක් කියපන් ඈ

    ReplyDelete
    Replies
    1. ඇහ්...ආ ක්රමයක් නම් හෑව්. බුකියෙන් කියා දෙන්නම්කෝ :)

      Delete
  11. මරු! මේක සේව් කරගත්ත

    ReplyDelete
  12. තරවා මලයට මාර දැනුමක්නේ තියෙන්නේතත සාමාන්‍යයෙන් නොද්නා වැඩ කරන්න යන්නෙ නෑ මොකද එහෙම කිප විටක් කරලා අලුතෙන් ෆෝමැටි කරන්න සිදුවුණා..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට එහෙමමමත් නෑ හැබැයි :)
      හැබැයි මම නම් වැඩිපුරම කරන්න යන්නේ නොදන්න එව්වා කොම්පියුටරේ :)

      Delete
  13. මට මේවා තේරෙන්නෙ නැතෝ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මටත් එහෙමද මන්දා ;)

      Delete
  14. කාලෙකින් ආවෙ මේ පැත්තේ ................. දැන් කොහොමත් බ්ලොග් ලියන්නෙ නෑ වැඩ වැඩි නිසා රැම් එක ක්ලීන් කරන එකනම් වටිනවා හුගක් කරලම බලන්න ඕනි........

    ReplyDelete
  15. වැදගත් තොරතුරු ටිකක් ඈ.... ස්තූතියි කිව්වා...

    ReplyDelete
  16. හප්පේ ඉදලා ඉදලා කැරකිලා මාත් මාර බ්ලොග් එකක් පැත්තේ නේ ඇවිත් තියෙන්නේ හොය හොය හිටපු ටිකක් හම්බුනා ඉස්තුති වේවා ^_^

    ReplyDelete
  17. අම්බෝ බලමු ට්‍රයි කොරලා

    ReplyDelete
  18. නියමයි ඇ. ඔයාගේ දැනුම තව තව වැඩි වෙන්න ඔන.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...