Friday, June 14, 2013

ටෝච් එක ගහලා බලපන් මචං මගේ පු^& තියද කියලා....



ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු නා කියාගෙන සැදී පැහැදී මම මේ බ්ලෝගේට ගොඩ වැදුනේ එවැනි සාඩම්බර ලොල් සහගත අතීතයකට උරුම කම් කියන අපේ පරණ මෙව්වා ටිකක් සැදැහැ සිතින් හිතේ වටවල කහට නැතුව මෙහි ගොඩ වැදුනු ඔබ තමුන්නාන්සේලාගේ සපත්තු සහ හයි හීල්ස් අසල පිදීමටය. එහෙනම් වැල සහ වටාරම් වලින් පසුව ඊයේ නැවත මතකය අළුත් ඒ මෙව්වා ටික ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්. 

ඉස්ඉස්සෙල්ලම කියනන් යන සිද්ධිය අනේ මන්දා මේක මගේ කරුමෙකටද උගේ කරුමෙකටද මන්දා අර කලින් දවසක් කිව්ව කොමස් ඩේ සීන් එකේ කබරයෙක් එක්ක වැඩ අල්ලපු අපේ බුවාටම සිද්ද වුණු කලබැගෑනියක්ය. මේ කතාව සිද්ධ වෙන තැන මම නොසිටියත් මට ඊයේ හමු උනු එකා නම් සිට ඇත. ඌ මට කියපු විදිහටම මම මේකේ දමමි. අපේ බුවාට බුවා කියාම අමතමි.

"එතකොට අපොස උපේ ඉවර උනා විතරයි. අපි සෙට් එක ගියා නුවර එළියේ දවස් දෙක තුනක පොඩි ට්‍රිප් එකක්. පට්ට හීතලයිනේ. ඉතින් හීතල නිවා ගන්න ඕනි හැම දේම තිබ්බා අපි ගාව. කෝම හරි පල වෙනි දවසෙම අපි එහෙ යද්දිම අපේ බුවා මල් වත්තක සුවය විදලා මල් පැණි බී බඹරෙක් වෙලා හිටියේ. අපිත් ඉතින් ඒ කිට්ටුවෙම තමා හිටියේ. මස්කට් පැණි බූන්දි එක්කම දවස ගෙවලා (දන්නෝ දනිති) කොහොමත් ඒ වෙලාවේ මද පමණින් මැදුම් පිලිවෙතේ ගමන් කරමින් අපි හිටියේ.

කෝම හරි ඔය වෙලාවේ අපේ බුවාගේ ගෙදර නම්බරෙන් මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඇයි යකෝ ඌට ෆෝන් එකක් තියෙද්දි මට ගන්නේ මම ඕනි එකක් කියලා බුවාට දුන්නා කතා කරපන් කියලා. එතකොට අපි එතකොට අපි නියමාකාරයෙන් උණුසුම් වෙන ද්‍රව්‍ය ගන්න අදාල නමයට වහන ස්ථානයක නැවැත්තුවා විතරයි. කොහොම හරි බුවා විනාඩියක් විතර කතා කරලා ෆෝන් එක මට දුන්නා. මාත් ඒක සාක්කුවේ දා ගත්තා. කෝම හරි අපි ඊට පස්සේ දැන් ගන්නේ මොනවද කියලා කතා වෙනවා. විනාඩි දහයක් විතර මොනවා ගන්නද කියලා කතා උනා. එකෙක් කියනවා වොඩ්කා ගමුලු. තව එකෙක් කියනවා ගල් නැත්නම් මොකුත් එපා කියලා. අපේ බුවාට බෙන්සන් පැකට් එකක් ඕනිමයි කියලා අඩනවා.කොහොම හරි වැඩ ටික සෙන්ටිමෙන්ටල් කරගෙන අපි දවස් දෙක තුනක් නුවර එළියේ එහෙට මෙහෙට සෙට මෝල් වෙලා ගන්න  තිබ්බ ආතල් අරගෙන ආතල් එක කන් දෙකෙන් වක්කරගෙන ආපහු ගෙදර ආවා.

ගෙදර ඇවිත් පැය බාගයක් ගියේ නෑ අපේ බුවාගෙන් මට කෝල් එකක්. මාත් ආන්සර් කලා.
මොකද යකෝ මේ ආව ගමන් ආයි කතා කරන්නේ..??

මල ^#යි මට වෙලා තියෙන්නේ..

ඇයි තොට මොකද උනේ..?

මම ගෙදර ආපු ගමන් අපේ අම්මා අහපි.. ආ තෝ ආවද.. දැන් ගිහින් මොනවද කලේ. බෙන්සන් පැකට් දහයයි නේද ගත්තේ. මොකාද අර ගල් නැතුව මොකුත් බෑ කිව්ව හාල්පාරුවා. බියර් කෑන් කීයක් පස්සේ ගත්තද...ඔය වගේ එදා කල හැමදේම අම්මා ආපහු මගෙන් ඇහුවා ඕයි.

හු%&*%^වා. කොහොමද යකෝ අම්මා දන්නේ ඕවා.

මම එදා ෆෝන් එක කට් කරලා නෙවෙයි බං උඹට දීලා තියෙන්නේ. මාත් බඹර විත ගහලනේ හිටියේ. මම කට් කලේ නැති හින්දා අම්මත් කට් නොකර අපි කතා කරපුවා ඔක්කොම අහගෙන ඉදලා.....   "

ඕං ඕක තමයි ඊයේ අරූ මට මතක් කල සහ කිව්ව කතාවලින් පලවෙනි එක. ;) 



********

මේ කතාවත් මේ උනාය කියන්නේ අපේ අර මුලින් ලින්කුවක් දාපු කොමස් ඩේ එක දවසෙමලු. ඔතනත් මම නම් හිටියේ නෑ හැබැයි ඒත් මේකත් එහෙම වෙලා. මේ කතාවට අදාල පුද්ගලයට වෙච්ච සිද්දියට පොල් ගහක් සම්බන්ධ වගේම මේ මනුස්සයට අපි කතා කලෙත් පොල් කටු වලට අදාල නමකින්මයි. 

කොහොම හරි එදා අර අපි තාප්ප බඩගාන වෙලාවේ මේ මනුස්සයා ඇතුළු පිරිසට කොමස් ඩේ එක සරසන්න පොල් අතු සහ පොල් මලක් ඕනි වෙලා තිබුනලු. කෝම හරි තුන් දෙනෙක් විතර සෙට් වෙලා ඉස්කෝලේ වටේ ගියාලු පොල් මලකුයි පොල් අතුයි හොයන්න.

ඔය අපේ කෘෂිකර්ම කාමරේ හරියේ (කෙල්ලන්ගේ ටොයිලට් ගාව) අපි ඉතින් හොදට දන්න පැත්තනේ ;) කෝමින් කෝම හරි ඔය පැත්තේ අදාල වැඩේට සෙට් වෙන ගහක් තිබුනලු. ඒත් ඉතින් වැඩේට ගිය තුන් දෙනාම ටිකක් විතර මද පවනේ වැනෙමින් පොල් ගහ දෙක තුන වෙලා පේන සයිස් එකේලු හිටියේ. මේ කතාවට අදාලම එකා අපි හැමෝම දන්න විදිහට කෝමත් බෝතල් මූඩියක ලේබලයක් දක්කත් බෝතල් ගැලුමක පවර් එකක් ඇගට වැටෙන සයිස් බුවෙක්. වැඩේට ගිය තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ගස් නගින්න බෑ කියද්දි..

"උඹලා බය වෙන්න එපා මතං. කවුරු නැතත් මං නගිනවා ගහ උඩට. නගිනවා විතරක් නෙවෙයි කපනවා මලම බැරි උනොත් ගහම. ඇයි යකෝ ගහකට සෙකන්ඩ් වෙන්න පුළුවන්ද එහෙම"

කියලා අපේ බුවා නගින්න ලෑස්ති උනාලු. මට කතාව කියපු එකා ටෝච් එක අල්ලන් ඉන්නවලු. කොහොමින් කොහොම හරි පොල් ගස් වල කඳ මැද්දේ අතු මැව්වේ නැති එකට ගහ මවපු එකාගේ අම්මා මතක් කර කර මූ දැන් නගිනවලු ගහට. නැගලා උඩට ගිහින් ඉඳගත්තලු. ගහත් එච්චරම උස නෑලු අඩි දහයක පහලොවක වගේ එකක්ලු. මූ දැන් ගහේ ඉන්න කූඹින්ටත් ැන බැන පොල් අතු කපනවලු අනික් උන් දෙන්නා ටෝච් එක අල්ලන් උඩ බලන් උපදෙස් දෙනවලු. 


කෝම හරි ගහ උඩ හිටපු එකා වඩ පෙන්නන්නත් එක්ක එක්ක උඩ පොඩි සෙල්ලමක් දැම්මලු. අතු කපන ගමන්. දඩ බඩස් ගෑවලු ටෝච් එක බිමට අල්ලද්දි ගහ උඩ හිටපු එකා බිම පත බෑවිලාලු.
අනිත් උන් දෙන්නට වැදිලා තිබ්බ ටිකත් නිකම්ම හිදිලා ගියාලු. ඇයි යකෝ මූ මලොත් තව දවස් හතක් නිදි මරන්න එපැයි. කෝම හරි බලද්දි මූ ඉන්නවලු බිම පත බෑවිලා. ටක් ගාලා ලගට ගිහින් ඇහුවලු මොකද තොට අමාරුද කියලා.

අරූ ඇදලා පදලා කිව්වලු මටනම් අමාරුවක් නෑ මචං. ඒත් පොඩි උදව්වක් කරපන්. ටෝච් එක ගහලා බලපන් මගේ පු%$ තියද කියලා. 



********

පරණ මතක කියන එව්වයෙත් පට්ට මෙව්වා එකක් තියනවා මතක් වෙද්දි. ඇගට නිකන් අරහෙම මෙහෙම වෙන ගතියකුත් එක්ක මෙහෙම එකක් වෙනවා. ආයි යන්න බැරි හින්දද මන්දා. තව කතා ටිකක් මේක ලියද්දි මතක් උනා. ඒත් අත රිදෙනවා. මාත් පව්නේ. එව්වා පසුවට කියමු. අපි ගියාවේ ඈ..



44 comments:

  1. හෙක්, පළවෙනි එක නම් හොදයි,, හොද වැඩේ බොලාලට.. :P

    ReplyDelete
    Replies
    1. හෑපූ....කියන හැටි විතරක් හොද වැඩේ කියලා :දිව දොට්ට

      Delete
  2. අඩෝ.. ඉතින් උඹල එදා කුණුහරුප එහෙම කිවුවේ නැහැ නේ. අම්මට ඇහෙන්න.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ වැඩිය කියන්න නැතුව ඇති ;)

      Delete
  3. හිකිස්‌..
    අර කොල්ලගේ කන දෙක පිරෙන්න ඇති අවුරුද්දක් විතර යනකල් 3:)

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් පිරෙන්න දෙයක් නෑ. ඕකා නාන්නෑනේ. කලාදුරු පිරිලා

      Delete
  4. හොඳ වැඩේ..හොඳම වැඩේ :))

    ReplyDelete
    Replies
    1. ඈ......පව් නේද කොච්චර උනත්. කාගේ උනත් දරුවෙක්නේ අප්පා

      Delete
  5. ෆොන් කට් නොකිරිම් සහ ඔටෝ කෝල් යෑම් වගේ සීන් වෙනව බං.
    ඇයි බං බොනකොටම ඕව වෙන්නෙ.

    පුකේ කතාවත් හොදා..

    ReplyDelete
    Replies
    1. සිරාවට නේද. බොනකොට විතරක් නොවී කනකොටත් ඔහොම වෙනවනම්..

      Delete
  6. හා........පූ........... මුං....... -_-

    ReplyDelete
  7. Uda kathawe inna weeraya mama wemi... Meeyo ubada oya kathawa kiuwe naya ne..... Oka kohomath naya. Kiuwoth kiyanne nayi..... Kevinda

    ReplyDelete
    Replies
    1. keviyoo monaada ban me kiyala tiyena andara demala ?
      ohoma huyannawaluth unada ban? :D

      Delete
    2. @කේවින්ද....ඒක ඇත්ත. මේව්වෑ දාර නයි මම පෙරලා පලවා හැරලා තමා ලිව්වේ. නැත්නම් මේ හුඹහක් වෙනවා

      Delete
    3. @වයිමැක්ස්....ඔය උනාය කියන්නේ. බොට ඒ වෙලේ මෙව්වා මතක හිටින්න විදිහක් නෑනේ කෝමත් ;)

      Delete
  8. කෝ කලිසම ගලවහං

    ReplyDelete
    Replies
    1. හෑපූ...................කො&%$ කාරයා :D

      Delete
  9. පට්ට ඈ...හැබැයි අර යකාගේ පු;;; තිබ්බද කියලා කිවුවෙනා නේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ තියෙන්න නැතුව ඇති. ඕක කෝමත් ඉන්නේ ඒක නෑ වගේ

      Delete
  10. ගල්, බෙන්සන් විතරක් හින්ද හොඳයි. වෙන මොකවත් කියවුනානං තමයි ගෙදර ඉන්නවත් බැරි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එව්වා මග දිගටසප්පායම් වෙලාලුනේ ගිහින් තියෙන්නේ...ගිය වාහනේ නිකන් පේරාදෙනිය මල් වත්ත වගේලු..

      Delete
  11. හැක්.. හැක්.. අර පෝන් කට් නොකරන වැඩේ වෙනවමයි වෙන එකෙකුට පෝන් එක දුන්නොත්. ටෝච් එකට පේනවද බං පස්ස නැති එක.. හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ දන්නෑ අප්පා. එදා ටෝච් එකට පේන්නඇති :D

      Delete
  12. ඉතිං ටෝච් එක ගහලා බලද්දී තිබිලද???

    ReplyDelete
  13. හොද වෑඩෙ බොලාට

    ReplyDelete
  14. PUKA KIYANA EKA NARAKA WACHANAYAK NEVE, OYA MAHA KAI. KATHANDARA SAK-LI, EGENA POST EKAK MA LIYALA THIYENNE, THAVA ITHIN JOKKU, CHOO, PADA ADIIYA GANATH LIYANAWA.

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් කවුද කිව්වේ ඒක නරක වචනයක් කියලා :D

      Delete
  15. මොනාලිසාට මොනිකා ලුවින්ස්කිගෙ කට හයි කලේ මොන මඟුලකටද ?

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් නෙවෙයි ඕං

      Delete
  16. ඉතින් අරුගේ පු&^ බාගයක් ගහ උඩද තිබුණේ, නැත්තම් යහතින් ඔක්කොම තිබුනද බං

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ තිබුනෙම නෑ...

      Delete
  17. හපොයි තරුවා! අරූ ගහෙන් වැටිලා මලේ නැතුව ඇතිනේ. ඇත්තටම උගේ කොන්දවත් අප්සෙට් වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑනේ :(අපරාදේ මලේ නැත්තේ...ගහ වැඩිය උස නෑලු..

      Delete
  18. මේකේ මොනාලිසාත් මොඩ් කරලා..

    ReplyDelete
    Replies
    1. ඕං ඒකත් මම නම් නෙවෙයි :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...