Wednesday, June 5, 2013

ඇණයක්ද මන්දා.....!!!


මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ඒක ආවරණය වෙන්න ගහේ කඳත් වැඩිලා. කොටිම්ම කම්බියත් ගහේම කොටසක් වගේ වෙලා. එදා ගහේ ඔතන කොටම කම්බිය අයින් කලානම් වෙනසක් නොපෙනෙන්න තිබුනත් අද කම්බිය අයින් කලොත් ඒ හිඩස හැමෝටම පේනවා. හරියට නිකන් කම්බිය නැත්නම් ගහ සම්පූර්ණ නෑ වගේ. 

කාලෙකට පස්සේ හදිස්සියේ කඩාවැදිලා මේ ගහකුයි කටු කම්බියකුයි ගැන ලියාගෙන ගියේ අපෙත් තියනවලුනේ මේ..අපේ කිව්වේ අපේ ජීවිත වල මේ වගේ කටු කම්බි ඇණ මුරිච්චි එහෙම. ඇනිලා තියනකම් අමාරු වගේ උනාට බලන් ඉන්න උන්ටත් ඇණ ගහන් ඉන්න ජීවිත දැක්කාම මුන්ට පිස්සුද..? වගේ හිතුනට කාලයක් පරණ උනහම ඇණයක් උනත් ජීවිතේකින් අයින් උනොත් එතන ලොකු හිඩසක් හැදෙනවා. ඒ හිඩස තියනවටත් වඩා ලොකුවට බලන් ඉන්න උන්ට පේන්න ගන්නවා. ඊටත් වඩා ලොකුවට අපිට දැනෙන්න ගන්නවා. ගැලවෙනවට වඩා ඇණයක් වෙලා හරි ලග හිටියනම් කියලා හිතෙනවා.

සමහරු කියනවා මොන පාරත් මකන්න ඔරලෝසුවට පුළුවන් කියලා. ඔව් ඉතින් ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. එත් සමහර වෙලාවට ඔරලෝසුව මකන්න ලෑස්ති වෙද්දි එතන මකන්න දෙයක් තියා මැකුනට පස්සේ ඉතුරු වෙන්න දේකුත් නැති වෙන වෙලාවලුත් තියනවා. ඇණයක් උනත් කාලයක් ලගින්ම ඉඳලා නැති උනාම පොඩි පාළුවක් වයගේ එකක් එහෙම ඇණ ගැලවෙච්ච ගොඩක් දෙනෙක්ට තියනවා කියලා මම අහලා තියනවා. අත්දැකීමෙන්ම ඇත්තදෝ කියලත් හිතෙනවා. කොච්චර කොහොම දැනුනත් ඇණයක් තියනවයි කියන්නේ ස්වභාවික දෙයක් නෙවෙයි. කාලයත් එක්ක ඇගේ කොටසක් වගේ දැනුනත් ඇත්තටම ඒක අපහසුවක්. කියාගෙන ආපු මේ කතාවේ අවසානයේ හරි දේ මොකද්ද කියන්න තේරුමක් නැති උනත් ඇණ ගැලවෙන තරමට ජීවිතේට පහසුවක් කියලනම් හිතෙනවා ලොකු හිඩසක් ඇති උනත්.
****

මාස දෙකකට විතර පස්සේ මෙහෙම ලියාගෙන යද්දි නිකන් ගියවෙන් නැති ගතියක් වගේ එකක් දැනෙනවා අෆ්ෆා. අදහස් නිතන් ලත් තැන ලොප් වෙලා සිප්පි කටුවක් අස්සේ හැංගිලා වගේ. බ්ලොග් එකක් තිබුනදවත් නොදැනි මාස දෙක්ක විතර ගෙවිලා ගිය හින්දයි මොනව හරි දාන්න ඕනිමයි කියලා සෑහෙන දවසක් තිස්සේ හිත හිත හිටිය හින්දයි මේක ලිව්වා. ආයිත් ඉස්සර වගේ කියවන්නයි ලියන්නයි පුළුවන් වෙයි කියලා හිතනවා. අපි ගියාවේ එහෙනම් ඈ....





27 comments:

  1. umbe passen ena ane gana nam mama dannawa eth samahara welawata umba nodannawa wennath puluwan :)

    ReplyDelete
    Replies
    1. ඈ.............කා ගැනද බං හත්තිලව්වේ මේ කියන්නේ තේරෙන්න කියහංකෝ

      Delete
  2. ලිව්වොත් ඇණයක් බං :)
    වෙනසකට හොඳයි ඇනේ උනත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොකුත්ම නැතුවට වඩා ඇණයක් හරි තියන එකත් හොදයි

      Delete
  3. ඔයා ගහක් නෙමේ මනුස්සයෙක්... මිනිස්සුන්ගෙ ඇඟේ ඇනෙන ඇණත් එක්ක ගහට වගේ ජීවත්වෙන්න බැහැ..... ඒටික තේරුම්ගන්න පරක්කු වෙන්න එපා...... මොකද ඒ ඇණේම ඒ මනුස්සයට පිටගැස්ම හදවල මරන නිසා.. මැටි මෝල...... ඔයා කවද තේරුම්ගනීද...:/

    ඇති යාන්තන් බ්ලොග් එකක් තියෙනව කියල මතක් වුනා...^_^

    ReplyDelete
    Replies
    1. අඩේ කවුද කිව්වේ මං ගහක් කියලා. කිව්ව එකාගේ ආච්චි අම්මට....ඇයි යකෝ :)
      මට අපේ අල්ලපු ගෙදර එකා කිව්වා මට බ්ලොගයක් තිබ්බා කියලා.

      Delete
  4. ඔයාගේ කතාව හරියටම හරි තරුවෝ. ඇනයක් උනත් කාලයක් යද්දී ජිව්තේට කා වදිනවා. ඊට පස්සේ අපි ඒකට හුරුවෙනවා. ඒක අයින් කරාම ලොකු වේදනාවක් දැනෙනවා ගලවන කොට. ඒත් ඒක ස්වබාවික නම් නෑ තමයි. ඒක නිසා අමාරුවෙන් හරි ඇනය අයින් කරන්නම ඕනේ. නැත්නම් කාලයක් යනකොට ඇනය නිසාම ගහ මැරෙන්න පුලුවන්. ඒත් කරන්න නේ බැරි.

    ReplyDelete
    Replies
    1. කරන්න බැරි උනත් කරන්නත් වෙනවලුනේ වෙලාවකට. කී තියෙද්දි ඇණ තියෙද්දි නෑ වගේම ඉන්නව වගේම කී දෙනෙක් බලෙන් ඇණ ගහගන්නවද. තව කීදෙනෙක් බලෙන් ඇණ ගහන් ඒකට අනිත් අයටදොස් කියනවද. බට් වට් ටු ඩූ.. :D

      Delete
  5. ඇණේ කාවදින්න කලින් ඉක්මනටම ගලවල අයින් කරගන්නෝ..........

    ReplyDelete
    Replies
    1. ඇහ් කා..ගෙන කාවැදුනට පස්සේ මක්ක කොරන්නේ

      Delete
  6. ජීවිතේ වෙලාවකට හෙන ඇනයක් ඕයි..
    භාවනා කරලා නිවන් දකින්නත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. තෝ නම් බාවනා කරන්න යන්න එපා ඒකෙත් අනුස්කව මතක් කර ගනියි. මම නම් පිලිකුල් බාවනාව කරනවා ඒකි මතක් කරන්. උබත් ට්‍රයි කොරපන් ;)

      Delete
  7. ඔන්න ඔහේ ලියමු බං.. මොන ඇණද..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..මොන ඇණද...නේද :)

      Delete
  8. තාම මාස දෙකයිද?? අවුලක් නෑ තව මාස 7 ක්ම තියෙන්නේ බං

    ReplyDelete
    Replies
    1. මාස 9න් උනත් අවුලක් උනේ නැද්ද අයියට. මං හිතුවේ 10ම ගියා කියලා කමක් නෑ 9න් හරි ගොඩ ගියානේ

      Delete
  9. චීයා...දේශකයා මේ පොඩි උන්ට කියන කථා...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ අපි මේ ලැජ්ජ බයට හැදිච්ච පොඩි එව්වෝ

      Delete
  10. ඇණ ගලවන්න හොඳ අඬු මිටියක් හොයාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇණේ ගහපු මිටියෙම්ම තමා ගලවන්නත් වෙන්නේ

      Delete
  11. මාත් හරි කැමතියි ඇන ගලවන්න. ඒත් ගලවන්න බැරි එව්වත් සෙට් වෙනවා සමහර වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ. ඒත කවුදෝ මන්දා එකෙක් කිව්වලු ඒවා තමා ඉස්සෙල්ලම ගලවන්න ඕනි කියලා.

      Delete
  12. බලන් ගියාම මේකත් අර වෙනදා වගේ ලියන සටහන්වලට දෙවනි නෑ. සමහර වෙලාවට ඇණ තියෙනවා. ගලවාගන්න බැරි විදියටම හයිවෙච්ච ඒවා. ගලවගත් බෑ තිබිල වැඩකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. තිබිලා වැඩකුත් නෑ ඒත් ගැලවුනොත් සැනසීමකුත් නෑ

      Delete
  13. පොඩි ඇත්තකුත් නැතිව නෙවෙයි.., ඇනයයි, ගහයි අයින් කලොත්.., ප්‍රායෝගිකව බැලුවොත්.., ජීවිතේ සමහර වෙලාවට අපි දුකට, වේදනාවට ඇබ්බැහි වෙන අවස්ථා තියෙනවා... එතකොට ඒකෙන් මිදෙන්න අමාරුයි.. ...ඒක ඇත්ත.

    ඒත් අනේ මංදා.., ඒත් සමහර වෙලාවට ඇනයක් තියාගෙන දුක් විදිනවට වඩා, හිඩැස දැකලා හූල්ලන එක සැපයි!!

    ReplyDelete
    Replies
    1. අනිවා ඇනේ තියෙන්න ඕනි ඒක තියෙන්න ඕනි තැන. මාර කෙලිය කියන්නේ සමහර ඇණ තියෙන්න ඕනියි කියලා හිතන්නේ තියෙන්න ඕනි නෑත් තින් වලමනේ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...