Friday, April 5, 2013

කැසිල්ල....



ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.

කැසීම යනු මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප ක්‍රියාවක්ය. අප කරන්නා වූ සෑම කටයුත්තකම පිටුපස කැසිල්ල සැගවී ඇත. උදාහරණයක් ලෙස ගත් කල මා කරන සෑම "බුල්" ක්‍රියාවකට පසුව මගේ මව් තුමිය පවසන්නේ පස්චාත් ප්‍රදේශය කසා ගැනීමට නියපොත්තක් නැති තෝ කැසිල්ලට කරගන්න වැඩ කියාය.
කැසීම ගත් කල මිනිසාට සහයෝගීතාවය කියාදෙන ප්‍රධානම සාධකයය. කොහේ කසාගත්තත් පිට කසාගැනීමට අපට තව එකෙක් අවශයමය. කසාගැනීමට අවශ්‍ය වූ විට අපි පොලිමට සිට එකිනෙකාගේ පිට කසාගත්තෙමු. පිට කස්සවා ගැනීමටවත් එකෙක් නැති උන්ට පිහිටට සිටියේ අඩිකෝදුවක් හෝ එවැනි යමක්ය. උං දුටු කල අනිත් කසන්නන් පවසන්නේ මල දවසට පෙට්ටියට කර ගහන්නනවත් හතර දෙනෙක් 
සොයා ගැනීම මුන්ට  අපහසු කටයුත්තක් බවය. මෙයින් ගම්‍ය වන්නෙ කැසීම සහ කසාගැනීම යනු මිනිස් ජීවිතයට ඉතාම සමීප දෙයක් බවය.

කැසීම කෙතරම් අපට වැදගත්ද යන්න වටහාගත් පිරිසක්ද අප අතර සිටී. ඒ නිසාම නොමිලේම අපට කැසිල්ල සහ කසාගැනීම කියාදීමට උන් සැදීපැහැදී සිටී. ඔවුන් නම් අපේ රටේ වාහිනී සහ නාලිකාය. නාලිකා කිව්වෙ අපේ ගෙදරට අල්ලපු ගෙදරට එහා ගෙදර ඉන්න මනුස්සයාගේ අහවල් එකී නොව අනිත් නාලිකා ගැනය. එකිනෙකාගේ පිට කසාගැනීම මිනිස් ජීවිතයට කෙතරම් වැදගත්ද යන්නත් එසේ කසාගන්නවුන්ට ලැබෙන දේවලුත් කසා නොගන්නන්ට නොලැබෙන දේවලුත් කසා ගැනීමේ ආදීනව වශයෙන් විවිධ වැඩසටහන් මගින් අපට කියා දෙයි. කසාගැනීම මිනිස් ජීවිතයට තවතවත් ලං කරලීමේ පරම පිවිතුරු චේතනාවෙන් මෙම වාහිනී කසාගැනීම නරඹන්නන්ට මුදල් තෑගිද පිරිනමයි. අපි නිකන් සිට කසාගැනීම ඉගන ගෙන අත පිරෙන්න , අරවා පිරෙන්න මුදල් හම්බකරගන්නෙමු. අපේ පැත්තේ ස්වයංරැකීයාවක් ලෙස කැසිල්ල ඉගනගෙන මෙසේ සල්ලි හම්බුකරන්නන් බිහිවීමද විරුකියාවට විසඳුමක් මෙන්ම කැසිල්ලේ තවත් සමාජ මෙහෙවරක්ය.
වෛද්‍යවරු පවා අනියමාර්ත කැසීමට බෙහෙත් ගැනීමට මා මුණගැහෙන්න. මම කැසීම පිළිබඳ අහවල් පට්ටම සහිතයි. මම ඉන්නේ මෙතනයි යනුවෙන් මේ දිනවල පෝස්ටර් පවා ගසන්නේ මෙම සමාජ මෙහෙවර තවත් ව්‍යාප්ත කිරීහේ හුදෙක් නිර්ලෝබී ජාතිකානු රාගී කුජීත හැඟීමෙන්ය. 


පස්චාත් ප්‍රදේශය කැසීමට නියපොත්තක් නැති උන් එම ප්‍රදේශයේ කැසිල්ලක් හටගත් වහාම නියපොත්තක් ඇති උන් සොයා යාම සුලබ දෙයක්ය. අනේ ඉතින් නියපොත්තක් ඇති වුන් පිං තකා අනෙකන්ගේ පස්චාත් ප්‍රදේශය කසන්නෝය. කසාගත් වහාම කසාගත් කෙනා හෙමිහිට මාරු වන්නේ කසාගත් තැන් වල සත්තු සරුපයි වත් ඉන්නේ නැතැයි කී ඉපැරණි කියමන සිහිවීමෙනි. ඕනෑම දේකට සීමාවක් ඇති බව කියන්නාක් මෙන්ම කැසිල්ලද ඕනෑවට වඩා ගියහොත් ඒක ලෙඩක්ය. කැසිල්පීඩියා සයිකොලෝබියා යනු එසේ කසාගැනීම ඕනිවට වඩා දුරට ඇදීයාමෙන් හටගන්නාවූ මෙතෙක් බෙහෙත් සොයාගෙන නැති රෝගයක්ය.කස කසා යනු මෙම රෝගීන්ගේ රෝගය අවම කරලිමට දෙන ඖෂධීය පානයක්ය. ඒ කාලේ නිවැරදිව කසාගැනීම සිදු නොකල උන් පිටමං කලා කියන්නේ කසකස්තානයටය.  කසාගැනීම ජෛව විවිධත්වයටද බලපාන ප්‍රධාන අංගයක්ය. ලෝකයේ කහඹිලියා ඇත්තේ කසාගැනීම නම් වූ අහවල් එක සොබාවධර්මයටද කියා දීමටය. සැම ක්‍රියාවකට මෙන්ම එම ක්‍රියාවෙන් පසු ඇතිවන ප්‍රථිපල සඳහාද බලපාන මූලිකම සාධකය කැසිල්ලය. එයට හොඳම උදාහරණය මම මෙවැනි ලියවිල්ලක් ලිව්වේද හුදෙක් 'කැසිල්ල' නිසාමය...


53 comments:

  1. දැන් කැසිනෝ කියා එකක් ලංකාවටත් එන්නේය. එතකොට ඔය කැසිල්ල වැඩි ලොක්කංගෙ පුත්තු කසාගන්නට එතනට එන්නෝය. ඒ එන හැම වාරෙකම මාධ්‍ය කාරයෝ ඇහැ ගහගෙන ඉන්නෝය. ඒ අරුංගෙම නිව්ස් නොදැම්මොත් උන්ගෙ කැසිල්ල වැඩිවෙන හින්දාය..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තය. කැසිල්ලේ ආදිනව වල තවත් එක අංගයක්ය ඕක. ඕක කියවද්දීම මට කටට ආපු කැසිල්ල ගැනනම් මෙතන කෙසේවත් දැමිය නොහැක ;)

      Delete
  2. මේ ලොව පවතිනතාක් කැසිල්ලද පවතින්නේය.

    දැං මේක බැලුවෙත්, කොමෙන්ට් කෙරුවෙත් අපිට ඇති කැසිල්ල නිසාමය. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තය. මම අන්තිමට නොකියා සිටියේත් ඒකය. හැමෝටම කැසිල්ල සාපේක්ෂව සහ නිරපේක්ෂව පවතින්නේය.

      Delete
  3. කැසිල්ල නම් අමුතු දෙයක්ම්ය! මව් කමෙන්ටුව දාන්නේද මා තුල ඇති කැසිල්ල නිසාමය!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්තය. මේ මොහේත මටත් වඩාත් උත්සන්නව ඇත..

      Delete
  4. මටද කැසිලි ඇත. ළගදීම කැසිලි ගැන ද දාන්නෙමි. මේක දාන්නෙත් කැසිල්ල හින්දාය

    ReplyDelete
    Replies
    1. ඔබේ කැසිල්ල පිළිබඳ දාන තුරු මාත් කස කසා බලා සිටිමි...

      Delete
  5. කාට හරි ඇනෙන්න දාපු පෝස්ට් එකක්ද මන්ද......

    ReplyDelete
    Replies
    1. නැත...හුදෙක් කැසිල්ල නිසාම දැමූවකි.... :)

      Delete
  6. කැසිල්ල වැඩි උනාම ලෙව කැවිල්ල තමයි හොදම දේ.
    කතිරෙ ගහලත් අපේ උන්දැලා කොරන්නෙත් ඕකමනෙ.

    ReplyDelete
    Replies
    1. කැසිල්ලට ලෙව කැවිල්ල හොඳ බව ලොවා ගන්නවුන්ගෙන්ම පෙනේ... ;)

      Delete
  7. හික්,, මං ඇවිල්ලා ගියේ,, බ්ලොගර් ඊමේල් එකේ පාස්වර්ඩ් නැතිව ඒක හොයන්න ගියා,, ක්මෙන්ට් කොරන්න බෑනේ... හික්..

    ReplyDelete
    Replies
    1. ඈ......අඩේ ඇවිල්ලා ගිය පාරට ඔයාගෙන් කමෙන්ටුවක් වැටිලා..ඔයා මාරයිනේ ඈ...

      Delete
  8. මේවා දක්කින විට මටත් කැසිල්ල හැදෙනවා හැදෙනවා වගේ ය. :D

    ReplyDelete
    Replies
    1. අඩේ බෝඩිමෙත් කවුරුත් නෑ කිව්වා නේද හදිස්සියකට කහගන්නවත්...

      Delete
  9. හික්z..

    මේක ලියල ඉවර උනාට පස්සේ 'කැසිල්ල' හොඳ වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. පේන්නැද්ද ඹය ලියපු ටිකේ අන්තිමටම මං දමාගෙන කසන හැටි...

      Delete

  10. පට්ට මචන් එළ ...

    ReplyDelete
  11. කසිල්ලෙන් කැසිල්ල හොදම කැසිල්ල
    අනුන්ගේ පිට කැසිල්ල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..මාත් ඔය කිව්වේ ඒ ගැන..

      Delete
  12. ඔක්කොටම වඩා ලස්සන ෆොටෝ එක තරු.. :D ලස්සනට ලියලත් තියෙනවා. ඇත්තටම හොදයි..

    ReplyDelete
    Replies
    1. හිකිස් අර උඩ එකද නැත්නම් අර යට ඉන්න මංද අක්කේ.... ;)

      Delete
  13. අටපට්ටමේ දඩිබිදිස් වග උඹේ කතාව.මම නම් අද වෙනකන් කාටවත් කියාගෙන පිට කසන් නැහැ.කාගේවත් පිට කසලත් නැහැ.අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. අම්මපා...කෝ පෙන්නපන් නියපොතු

      Delete
  14. Replies
    1. අඩේ නිකන් අවුරුද්දට ගම හරහා ගියා වගේ නේද ඈ...

      Delete
  15. මෙහෙමත් කැසිලි ගොඩක්
    විවිධ වර්ගයේ විවිධ කැසිලි වර්ග බොහෝ ඇත.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔය තියෙන්නේ පොඩ්ඩයි..

      Delete
  16. Replies
    1. ඔව් පේන්නැද්ද අන්තිම පින්තූරේ ඔය දමාගෙන....

      Delete
  17. හැහ්??? මටත් නිකන් කට කහනවා වගේ මේක කියෝලා... :P :p

    ReplyDelete
    Replies
    1. ඈ ඔක්කෝටම කලින් කහගෙන ඉන්න එහෙනම්...

      Delete
  18. කස කස්තානය වගේ... හැමෝම කසනවානේ :P

    ReplyDelete
  19. ලෙසටම කසලා තියෙනවා ඈ... මේක බලල මටත් නිකං කසනවා කසනවා වගේ ඈ...

    ReplyDelete
    Replies
    1. ඈ කාට හරි කිව්වනම් කහලා දෙයිනේ

      Delete
  20. Hello! I could have sworn I've been to this blog before but after reading through some of the post I realized it's
    new to me. Nonetheless, I'm definitely glad I found it and I'll be bookmarking and checking back
    frequently!

    my webpage; hao123

    ReplyDelete
  21. මොනවා නැතත් ඇත්තම කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඈ අමූලික ගල් පැලෙන ඇත්ත නේද

      Delete
  22. මෙහෙමත් කැසිල්ලක්... :D

    ReplyDelete
  23. සැක්... අනේ හැබෑට මේමත් කැසිල්ලක්... කියල කියන්න කටට ආවට කියන්න බෑනේ... වෙලාවකට කට කහනවා... වෙලාවකට පිට කහනවා... අනේ මන්ද... !!!

    ReplyDelete
  24. Appreciate the recommendation. Will try it out.


    My web blog sian

    ReplyDelete
  25. Thanks for ones marvelous posting! I definitely enjoyed reading it, you
    may be a great author.I will ensure that I bookmark your blog and definitely will come back very
    soon. I want to encourage that you continue your great work, have a nice afternoon!


    Here is my web blog: hao123

    ReplyDelete
  26. has seen better than his share related signature shoes.
    Nike Air Max LTD has launched a complete two-generation to come together people's needs. The company's popularity has decreased but many adult
    men and women still love the shoe. Nike Sportswear out with 2011 new Air flow Max Liquid Super.


    my website :: nike soccer shoes

    ReplyDelete
  27. (The closest current Bulova is probably Edition 96B015.

    But yet what matters is definitely you are all set to relax also watch
    TV tv program online. Additionally, they be certain that it really is
    provided for free from any dust, dirt or moisture.
    Ever had the opportunity to help watch your treasured TV show the internet?
    http://mbel.kaist.ac.kr/zbxe/?mid=guest&page=1&document_srl=40578

    ReplyDelete
  28. The t-shirts look great with jeans, and the nightshirts
    are only the thing for a chilly night! Partner cannot help despite the fact that be excited around snapback caps.

    Solvents or squirt cleaners should stop used.

    Products and solutions don have a superb domain name, about how
    are people gonna be remember you? http://www2.ic-net.or.jp/~mogu/bbs1/fantasy.cgi

    ReplyDelete
  29. My comfy Irish Grandfather shirts and covers are
    suitable relating to everyone in the family! Your soft claws arrive in different
    sizes and colours. Or might have use one unique top chimney limit covering all the flues, which could be the common practice.
    Lastly, please follow the manufacturer's instructions for check out batteries.
    http://www.avchatbr.com/index.php?do=/profile-25209/info/

    ReplyDelete
  30. This fall must-have fashion accessory can elegant long ebony gloves.
    Each the much took pleasure in as opposed with as well for the reason that primary Theory.
    So that is why there is a job called Tory Burch Coupon Code.
    When carrying Beverly Hillsides Polo Club Handbags, you are actually
    gripping fashion. http://www.needkita.com/blogs/entry/Tory-Burch-Shoes-Conversion-Hermes-Handbag

    ReplyDelete
  31. The brand name amongst Jordan is plenty of to buy generally sneaker.

    Talk about Flat shoes with regard to particular, beautiful generous, gorgeous color.
    And this occurrence made the contemporary times look a a lot more
    colorful but payday loans no faxing comfy. Buy rain and as well as winter boots
    a great size or step 2 bigger. http://ann.weblike.jp/cgi-bin/aska/aska.cgi

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...