Monday, April 8, 2013

මොලේ කුරුවල් එවුන්ට...-4




ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කියලා
කවුදෝ මන්දා කිව්වට
ඇත්තටම ගී ලියන්න පුළුවන් උනේ
ඔය නෙත් අහිමි වූ දාද කියලා
නිකමට හිතෙනවා
බැඳීම් නැති තරමට
ජීවිතේ සුන්දරයි කියන උන්
බැඳීම් පසු පස හඹා යන්නේ
හරියට නිකන්
පූසෙක් පස්සේ මීයෝ
පන්නවා වගේලු
මීයා කිව්වාම මතක් උනේ
මේ දවස් වල මීයෝ
දගලන්නෙම
අනුන්ගේ වතු වල
පොල් බෑ කන්නලු
මාට්ටු උනාම කියන්නේ
නිකන් කුරුවල් වෙන එකේ
පැහිලද බලන්න ආව කියලලු
ඔව් ඉතින්
ළිඳ මගේ නම් මං ළිඳේ නම්
කාටවත් ඇයි දුක්
වේදනා කිව්වට
ළිඳේ ඉන්න ගෙම්බෙක්ට නම්
ළිඳේ අයිතිකාරයා උනත් උගේ තැනට
එන එක මහා පුරස්නයක්ලු
ඔය ඔක්කොම ඔහොම වෙද්දි
මම මේ එලෝ මෙලෝ
නැතුව
කල්පනා කලේ හැබෑට
මේකි කවදා මාව
තේරුම් ගනියිද කියලා


ප.ලි:-


දැන් හිතුනනේ මොන %#^ක්ද කියලා.එහෙම තමා මේ හඳ මෝරලා බැහැගෙන යන කාලෙලුනේ. ඒ උනාට හිතන්නකෝ ඔය කියෙව්ව තැන් කීයක තම තමන් ජීවත් වෙනවද කියලා.ඊට පස්සේ කියෝපු නැති උන් ඔය යට තියන එව්වත් බලලා තව කුරුවල් කරගන්න ඈ..

1.)මොලේ කුරුවල් එවුන්ට - 01 
2.)මොලේ කුරුවල් එවුන්ට - 02
3.)මොලේ කුරුවල් එවුන්ට - 03





37 comments:

  1. ඔයා කවද්ද හැබෑට තේරුම් ගන්නෙ ......????

    ReplyDelete
    Replies
    1. එව්වා සුවර් නෑ..මාත් මේ එහෙම එකක් වෙනකම් තමා බලන් ඉන්නේ..එයා කවද්ද තේරුම් ගන්නේ කියලා...

      Delete
  2. මඤ්ඤාං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. කාලයත් එක්ක තේරුම් යාවි හරියටම

    ReplyDelete
  4. හ්ම්ම් ඔව් බන් ලිඳ උඹේ තමා!!

    ReplyDelete
    Replies
    1. ආ...ඒක තමා එතකොට උඹද ගෙම්බා

      Delete
  5. මේ පහළ ඉන්න ගෑල්ලමයා බීලද ?? O.o

    ReplyDelete
    Replies
    1. දන්නෑ. මංඇහුවා එයාගෙන්. ඒකි අහපි ඕක කිව්ව කෙනා බිලද කියලා..
      හැබෑට ඔයා බීලද ඈ..

      Delete
  6. උඹද බිල තියෙන්නේ මමද?.

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට සොලි ඈ...
      මං හිතන්නේ මම වතුර බීලා

      Delete
  7. උඹව තේරුම් ගන්න බැරි වේවි මේ යන විදිහට අපිට..

    ReplyDelete
  8. තව ඔය වගේ දෙක තුනක් ලිවුවෙත් තේරුම් ගැනිල්ල කෙසේ වෙතත් අංගොඩ නවත්තන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ එහේ ඉදන් තමා ලිව්වේ.. :)

      Delete
  9. මටත් හිතෙන්නේ ටහ්රුවැව යවන්න වෙයි සල්මල් උයන පුරහල බස් එකේ :P

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයාලගේ ගෙදර එනඩ වෙන්නැති අයියේ ;)

      Delete
  10. වෙන්නෙ නැති දේවල් ගැන විස්සෝප වෙලා වැඩක් නෑ තරුවෝ. .. එන එන හැටියට ගහ උලුවස්සා..

    ReplyDelete
    Replies
    1. අනිවා ඒකනම් අමූලික ගල්පැලෙන ඇත්ත අයියේ..

      Delete
  11. පයිත්තියන් උඹටද මටද බං..

    මෙහෙම කුරුවල් කරන එක පජාත වැඩේ ඈ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ දැන් උඹට. මට කෝමත් එහෙමනේ

      Delete
  12. අනේ මේ ඔක්කොම ඕක බලාගන්නනේ ...

    ReplyDelete
  13. ඇයි කලින් දැකලා නැද්ද.......හික්ස්

    හැබැයි රජෝ මහරගම තිබ්බ ත්‍රිවිල් එකකත් ඔය පදේ ලියලා තිබ්බනේව

    // ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා...//

    ReplyDelete
    Replies
    1. හුටා එහෙම එහෙකත් තිබ්බද ඈ....

      Delete
  14. මලයට ඉඳහිටලා දාර්ශනික සිතුවිලිත් පහල වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි සිලි ඉඳලා හිටලමත් නෙවෙයි ඉතින් ;)

      Delete
  15. මගේ මොලේත් කුරුවල් බව මට සාධාරණ සැකයක් ඇතිවෙලා තිබ්බා. අද තමයි ඒක තහවුරු වුනේ.

    ReplyDelete
  16. හි..හී ඉවසන්න ඉවසන්න

    ReplyDelete
  17. හරිම ලස්සන කතාව මම කීප සැරයක් කියෙව්වා. මම මේ වගේ ලස්සන ලිපි කියවන්න මාරම ආසයි අනේ. අනේ ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි ගැන කමෙන්ට් දාලා ගුණ දොස් විවේචනය කරලා මාව ධෛර්යමත් කරන්න ඇවිල්ලා යන්න එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අනෝ උයා පව්... @මේකිට ...හිතමින්..

      Delete
  18. හුටා අයියේ පරක්කු උනාට සොලි ඈ... ලැබුවාවූ අළුත් අවුරුද්දයි වෙසක් එකයි ලබන්නාවූ පොසොන් එකයි නත්තලයි ආයි අළුත් අවුරුද්දයි ඔක්කොම සුබ වේවා ඈ..

    ReplyDelete
  19. ඇහ්...එසේම වේවා...පරක්කු උනාට සොලි වේවා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...