Sunday, March 24, 2013

උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...!




අපේ ගෙදර පූසි සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම 
ඒකි පැනලා හා කිව්වා
පුරු පුරු ගගා මගේ ලඟටම වෙලා හිටියා
වටේ ඉන්න පූසෝ ගැන
උං උඹ ගැන හිතන එව්වා
උං උඹට කියන එව්වා 
උඹ මාත් එක්ක කතා කලා
ඔහොම හිටිය උඹ එක සැරේ වෙනස් උනේ
වෙන පූසෙක් හින්දා කියලා 
මං හීනෙන්වත් හිතුවේ නෑ
එක එක පූසෝ උඹේ ලගට එද්දි
මං කිව්වාම පරෙස්සමෙන් කියලා
උඹ කිව්වා "මගේ ජීවිතේ විනාස කරන්න එපා" කියලා
හත්තිලව්වයි කියලා මං පැත්තකට උනා
එක පූසෙක්ගෙන් පාඩමක් ඉගන ගත්තාම
උඹ මං ලගට ආවා
"ආයිත් ඉස්සර වගේ ඉම්මු.."
උඹේ ඒ වචන වලට
කියන්න දේවල් කොච්චර හිතට ආවත්
පිටවුනේ හා කියලා
ටික දවසකින් ආයිත් උඹ 
ඈත් වෙද්දි මං බලාගෙන හිටියේ;
කොහේ ගියත් වැරදුන දාට එන බව දන්න හින්දා..
මං බලා හිටියේ වරදිනකම් නෙවෙයි උනාට;
එනකම් හැමදාම බලන් හිටියා
වැරදෙන හැම සැරේම මාව හොයන් එන එක 
පූසියෙක් වෙච්ච උඹට දැන්
පුරුද්දක් වෙලා
දාලා යන හැම සැරේම වැරදිලා එනකම් 
බලන් ඉන්න එක
මටත් නිකම්ම පුරුදු වෙලා
මොන දේ උනත් හොයන් එන්න
මං ඉන්න හින්දමද මන්දා
දැන් ටික දවසකින් උඹ ආගිය අතක් නෑ
මං හිතන්නේ උඹේ ග්‍රහයා මාරු වෙලා ඇති
රාහු කාලේ පැන්නාම උඹ එනකම්
මං බලා ඉන්නවා
**
***
****
එක අතකට උඹ හරි තමා...
මට අපේ ගෙදර කොල්ලා 
කිව්වේ මේක...
චුයිංගම් එකක් කියන්නේ
කාලා හපේ විසි කරන එකක් මිසක්
කෑවට පස්සේ කොට්ටේ යට තියන් 
නිදාගන්න දෙයක් නෙවෙයි

මීට,
අපේ ගෙදර පූසා..




51 comments:

  1. අනේ මං මෙව්වට මොකූ.............ත් කියන්නෑ......

    මං මටම බෝම්බයක් දාගෙන මැරෙනව සැපයි ඊට වඩා......!

    ReplyDelete
    Replies
    1. පූසි නෙමේ මෝඩ........අනේතිං කියන්නෑ මං...
      ගර්............

      Delete
    2. අදේ අම්මපා අග්නියෝ,, ඔය බෝම්බෙ ගහපිය මමත් ඉන්න වෙලවකම :/

      Delete
    3. @අග්නි...ඈ......බෝම්බෙ දාගන්න වෙලාවට කියන්න ඈ...

      @ශම්මි... එක සැරේ මල ගෙවල් දෙකක් වැඩියි බොල..

      Delete
  2. හෑ.හෆොයි...පුසන්ගේ ගෑනු සත්තු ඔහොමමයි...දිඟ බැරි වෙන්න බෑ....

    ReplyDelete
    Replies
    1. හැම ගෑණු සතාම මෙහෙමද බං අයියේ......

      Delete
  3. ඔයා වගේම පූසෙක් ^_^

    ReplyDelete
    Replies
    1. සුවර්ද ඌ මං වගේමයි කියලා ඈ...

      Delete
  4. පව් අප්පා... පූසා.

    ReplyDelete
  5. පූසියෝ නැතුවත් බෑ බං පූසෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ පූසට කෙල උනේ....

      Delete
  6. අපිට කොහෙන්ද බං පූසෝ පුසියෝ.... ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොක්කුද බං ඉන්නේ ඈ...

      Delete
  7. කිරි සුදු එකෙක් !

    ReplyDelete
  8. ඉවසපං පූසෝ..

    ReplyDelete
  9. රෑට රෑට අර කියන සිංදුව ‍රැප් කරපන් පූසෝ.. ඒක අහලා මල පැනලයි ඉන්නේ මං.. පූසි ගිය එක පුදුමයක්යැ..

    ReplyDelete
    Replies
    1. ඈ...............කොයි සිංදුවද අයියේ...

      Delete
  10. ජරා පූසී... ඕකිව වැද්දගන්නෙපා හතරමායිමේ...........

    ReplyDelete
    Replies
    1. ඈ....ඔය කිව්වට පූසා එහෙම කරයිද ආයිත් ආවාම....

      Delete
  11. පුසියෝ ඔහොම්මමයි....අපේ ගෙදර පුසත් ආගිය අතක් නෑ බං ....කොහේ හරි යන පුසියෙක්ට දපනේ වැටිලා ඇති

    ReplyDelete
    Replies
    1. ඈ....ඒනම් ඌත් උඹ වගේම පූසෙක් වෙන්ටැ....

      Delete
  12. සෙහ්.... පුසෝ හැදුවම ඕහොම්මමයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද කිව්වේ....

      Delete
  13. hmm hmm..antima tiken okkoma pahadiliyi. :/ pusage oya purudda wahama amaruwen hari athariya nam pusata hodak wenawa wagema pusita thamanta jewithe hoda padamak igana ganiwi antimediwath..meta wada dewal kiwoth mage age le rath wenawa witharai :/ :@

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්....ඔයා දන්නවනේ අක්කේ.....
      ඒත් පූසා වෙනස් වෙයි ද ???????????? පූසි කෙසේ වෙතත්.....

      Delete
  14. චිප් චිප් පූසා

    ReplyDelete
    Replies
    1. ඈ....පව් බොල කාගේ උනත් පූසෙක්නේ...

      Delete
  15. පුසංට මම ආසම නැ

    ReplyDelete
    Replies
    1. මාත් නෑ...මං ආසම පූසියන්ට ;)

      Delete
  16. දැන් කවුද ඔය පූසි ?

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ උඩ.....මෝඩ පූසි...

      Delete
  17. පූසන්ට පණ ඇවිත්. ඇත්තට ඌ මේක දන්නවනම් වහකාල මැරේවි

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අයියේ පූසි කෙසේ වෙතත් පූසා නම් දන්නවා....ඌ වහ කයිද දන්නෑ.... (කෝමෙත් මෙහෙම යද්දි ;) )

      Delete
  18. උඩින්ම ඉන්න පුසාගේ ෆොටෝ එක ලස්සනයි.

    ReplyDelete
  19. මොනවා කියන්නද මන්දා මලේ... ඉවසන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්......බබලමු පූසා කොච්චර කල් ඉවසයිද කියලා..... :)

      Delete
  20. මචන් පුදුම නිර්මාණයක්..
    උබ වගේම මෝඩ පූසෙක් තමයි මාත්..
    අපියි මෝඩ ..පූසියෝ නෙවේ බන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්......උඹත් මේ පූසා වගේමද.....එහෙනම් ඉතින් ආයේ අමුත.ුවෙන් කියන්න දෙයක් නෑනේ... :) ඉවසපන් පූසෝ....

      Delete

    2. අඩෝ මේ පූසි ගස්සනවා නේද ?
      මම පස්සේ දැක්කේ...

      Delete
    3. ආඩම්බරකාර පූසියෝ කොහොමත් ගස්සනවනේ ෂාන් :) :) ඒකට බලන්නකෝ අන්තිමට ඉන්න පූසා... :)

      Delete
    4. යකෝ ඒ ටික දැක්කෙත් දැන්..හැබෑටම මගේ ඇස් දෙකට
      මොනවා වෙලාද ?පින්තූරත් අපිට කොලොප්පන් කරනවා වගේ...

      හැබැයි රජෝ මම දෙනවා හිතුණොත් පූසිගේ අම්මටත්
      එක්ක උණ හැදෙන්න හොඳ ගඩොල් පාරක්..දැන් දැන්
      මගේ ආවේගය වැඩි..මට හිතුණොත් අම්මප කුඩු කරනවා..

      Delete
    5. හා හා කාම් අප් ඇන්ඩ් ඩවුන්.... :)
      පූසියෝ ඔක්කොම ඔය අන්තිමට ඉන්නවා වගේ ඉන්න පූසොන්ට කොලොප්පම් කරනවා බං :(
      ගොඩක් පූසියන්ටයි උන්ගේ අම්මලටයි අර ලගටම ඇවිත් සද්දයක් දැම්මාම එක තැන උඩපැනෙනවා වගේ දේවල් විතරයි බං පුරුදු.... ;)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...