Friday, March 22, 2013

ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!!




උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ  කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද අවුස්සමි.

සමහර කුණු ඇවිස්සුවාම ගඳය. තවත් සමහර එව්වා අවුස්සන්න කලින්ම ගඳය. එව්වා ඇවිස්සුවත් නෑ වගේය. ඔන්න ඔහේ ඔය දෙජාතියම අද අවුස්සන්නේය. මේවට අදාල උන් නම් බොහෝ දුරට මෙව්වා නොබැලුවත් ඈතින් සිට දන්නා උන් නම් මේවා කියවනවාමය. උන් මේවා අදාල ඇත්තන්ට සහ ඇත්තියන්ට නොපෙන්නනවානම් මාගේ සරීර සවුක්කය ඇතුළු අංගෝපාංග වලට බෙහෙවින්ම ගුණ දායකය. මෙච්චර කාලයක් කොල්ලන්ට වෙච්ච එව්වා මෙව්වා විතරක් කිව්වාට අද කෙල්ලන්ට උන මෙව්වත් ලියන්නේය. මේ දැක්වූවාවූ අටුවා ටීකා ටිප්පනි සහ වැල් පෙනෙල වලට පසුව මේ කියන්නේ ඒ එව්වා මෙව්වා ටිකය.


මේ සිද්දිය වන කාලේ අපි අපොස ඌපෙට බැති සිතින් සෙනෙහෙ සිතින් ඉත සිතින් සූදානමක් තියා එහෙම එකක් තියනවාදවත් නොදන්න උසස්පෙල අයියලාය. මේ කතාවේ වැඩ්ඩා ඒ කාලේ උසස්පෙලට අපේ පාසලට අළුතෙන් පැමිණි 'ස' යන්නෙන් නම පටන් ගත්තා අත් දෙක පට්ට දිග නිසා 'දිගතා' යන සුරතල් නාමයෙන් ඇමතූ එකෙක්ය.අනිත් නම් මෙහෙම ප්‍රසිද්දියේ කියන්න ඇති විලි ලැජ්ජාව නිසාම ලත් තැනම ලොප් කරමි. (අඩේ මූ මේක දැක්කොත් අනිවා මාව මරයිද දන්නෑ )
ඒ කාලයේ මූට කෙල්ලෙක් සිටියේ නැත. දන්නා තරමින් ඉඳලත් නැත. ඒ කොච්චර උනත් ඕනැ කම තිබුනේය. (කොච්චර ඕනැකම තියනවද කියනවනම් දන්න විදිහට අපේ කට්ටියගෙන් ඉස්සෙල්ලම කසාදයක් කරගත්තේ මූය. මූ බැඳලා දැන් අවුරුදු දෙකක් විතර වනවාය) කොහොම හරි මූ ඒකාලේ අපේ පන්තියේ තවත් කොල්ලෙක්ට උගේ අක්කා කෙනෙක් දම්මවා පොඩි බයිට් එකක් දී තිබුනේය. පොඩි කිව්වට පොඩිමත් නැත. ඌ ටිකක් බයිට් වී තිබුනේය. ඒ නිසාම දිගතාටත් හොද වැඩක් කරමියි ඌ තැන තැන කිය කිය හිටියේය.

කොහොම හරි මෙහෙම ටික දවසක් යන විට හදිසියේම පාන්දර දිගතා කඩාගෙන බිදගෙන ඉස්කෝලෙට පැමිණ වැදගත් දෙයක් කියන්න තියන බව කිව්වේය. අපිත් පැනගෙන කතාව දැන ගැනීමට ගියෙමු..

"අඩේ මට කෙල්ලෙක් සෙට් උනා බං"
"ඇහ්"
"ඇහ් නෙවෙයි බොල. සිරාවට"
"ඉතින් කොහොමද සෙට් උනේ කියපන් විස්තර"
"ඊයේ සෙට් උනේ. රෝන් නම්බර් එකක්. මාත් එක්ක එලිවෙකම්ම චැට් කලා බං "
"ඈ...බයිටක්ද දන්නෑ.."
"නැහ් මං හිතන්නෑ. ඒකි ගැන ගොඩක් ඒවා කිව්වා බං."

ඒත් ඇත්තටමඒ චැට් කලේ එදා දිගතා අතින්ම බයිට් වූ අනෙකා බව ඒ වන විට දිගතා හැර මුළු පන්තියම දැන සිටියහ. කොච්චර උනත් එකට ඉන්න එකා හින්දා මූට මේක කියලත් බැරිය නොකියත් බැරිය. ඒ නිසාම අපි හතර පස් දෙනෙක් කිව්වේම මේක බයිටක් වෙන්න ඇති තෝ පරෙස්සමෙන් කියලය. ඒත් මූට අපි කියන කිසිම දෙයක් සුවර් නැත. හැමදාම ඉස්කෝලේ ආපු ගමන් මූ කරන්නේ ඊට කලින්දා චැට් කල සියල්ලම අප ඉදිරියේ වැමෑරීමය. එහෙත් සැබැවින්ම් අපි රිවිෂන් ක්ලාස් ගියා වගේය. මොකද අනිත් එකා ඊට කලින් මූ චැට් කල හැම දේම් හැමෝටම පෙන්නා අවසානය. කරන්න දෙයක් නැති කමට දිගතා රස කර කර කියන දේවලුත් අපි අසා සිටියෙමු. පව්ය. කාගේ උනත් දරුවෙක්ය. අඩුගානේ කට හඬ අහනකම්වත් සීරියස් නොවී ඉඳපන් කිව්වාට මූ ගන්න ගන්නේ නැත. ඌ කියන්නේ තොපිලට මෙහෙම එකක් සෙට් උනානම් ඒත් මෙහෙම්මම තමයි කියලය. ඔහොම දවසක් දෙකක් ගිය විට අනිත් එකා උගේ අක්කා කෙනෙක් දම්මලා විනාඩියක් පමණ කතා කරවලාය. කතා කලා කිව්වට හා හ්ම් කිව්වා විතරලුය. ඒත් දිගතාට එය හොඳටම සෑහේය. මූ පහුවදා ඉස්කෝලේ ආවේ පේරාදෙණිය මල් වත්තම ඉහේ පුප්පගෙනය. අහෝ දුකකි ඉරකි තිතකි ඛේදයකි ඡේදයකි කියන්නේ මේවාටය. මූට අත්වෙන ඉරනම දත කට පියන් ඉන්න එක යාළුකමටද මොකද්ද එකට හරි නැත ඒත් මුගේ හැටියට මෙහෙමවත් පාඩමක් ඉගැන්නුවේ නැත්නම් කවදා හරි ඔයාට වඩා ලොකු දෙයක් වෙන්නට පුළුවන.

ඔක්කොමත් හරි අහගෙන ඉන්න අමාරුම මූ උදේ ඉඳන් හවස්වෙනකම් ඊට කලින් දවසේ කතා කරපුවා නැවත වැමෑරීමය. කොච්චර උනත් බයිටක් බව දැන දැන අපිට එය රසවිඳීමට නොහැක. මේ යන විදිහට දිගටම ගියොත් මේක බයිටක් බව දැන ගත්ත දාට මූ සුවර් වහ බොනවාය. ඇත්තම කිව්වොත් එහෙම බයක්ද ඒ වන විට ඇතිවී තිබුණි. ඇත්තටම ඒ වන විට මේ සිදුවීමට සතියක්වත් වී නැතත් මූ එච්චරටම සීරියස් වී තිබුනි.

සතියකට කිට්ටු කාලයක් වන විටනම් මේක ඉක්මනටම නැවැත්වීම කෝකටත් හොඳ බව කාටත් තේරුණි. ඒත් එහෙම එක සැරේම නවත්තන්නටත් බැරිය. පිළියමක් කල්පනා කල උන්ට කල්පනා වූයේ සුපුරුදු පිළියමක්ය. එනම් අයියාට මාට්ටු කිරීමය.
සිදූවීම පටන් ගත් දිනට හරියටම සතියකට පසු සිද්දිය අයියාට මාට්ටු විය. අයියා ලෙසට අපේම එකෙක් දිගතාට කතා කොට පලු යන්න බැන්නේය. වහාම මේ දැම්ම අදම මේ සම්බන්ධය නවත්වන්යැයිද කීවේය. සම්පූර්ණ කතාවම රෙකෝඩ් විය. අවුරුදු හතරක් පහක් ගත වුවත් මේ මොහොතේත් ඒ රෙකෝඩ් ටික මාගේ රාජකීය හාඩ් ඩිස්කයේ ඇත. මේ ලියන වෙලාවෙත් මම එය නැවත ඇසුවෙමි. අඩන්නදැයි හිනා වෙන්නදැයි මට නොවැටහේ. කියවන උන්ට හරිම තේරුමක් දෙන්නට එය මෙයට ඇමිණිය යුතු උවත් සාදාචාර අහවල් එකට හොඳ නති නිසා එය නොකරමි. කොහොම උනත් අහිංසක පොඩි එකා නහුතෙට බය වී තිබුණි.

පහුවදාට උදේ විය. දිගතා ඇරෙන්න හැමෝම සිද්දිය දන්නවාය. ඌ එනකම් ඉන්නේ අනිත් උනුත් දන්න බව කියන්නටය. වෙනදට ඉස්කෝලේ පටන් ගෙන පීරියඩ් තුන හතරක් ගිය උන් එදා ඉස්කෝලේ පටන් ගන්න පැයගානකට කලින් වැඩලාය. අපේ උන්ට මේහෙම එකක් දවසට නින්ද යන්නේත් නැතිය. ටිකකින් දිගතා අවේය. මූණ නිකන් බුල් ඩොසරේකට අහුවෙච්ච කජු ලෙල්ලක් හදිස්සියේ වැරදිලා අනුබව කලා සේය.

"මොකෝ බං මූණ එල්ලගෙන" පන්තියට එන්නත් කලින්ම එකෙක් ඇසුවේය.
ඒකට උත්තර නොදීම ටික වෙලාවකින් අපි ලගට පැමිණ
"මාර කේස් එකනේ බං.."
කේස් එකේ මාර බව හොදින්ම දැන සිටියත් අපිත් ඇයි මොකෝ කියා ඇසුවෙමු.
"අරක අයියට මාට්ටු වෙලා බං. මට ඊයේ අයියා කතා කරලා බැන්නා.නැවැත්තුවේ නැත්නම් මාව මරනවා කිව්වා."
කොහොම උනත් දිගතට කියන්න හැකි උනේ එපමණය. පන්තියේම සිටි කොල්ලෝ ඌව වට කර ගත්හ. කොල්ලෝ පමණක් නොව පන්තියේ සිටි කෙල්ලෝ දෙතුන් දෙනෙක්ද ඔළුව දැම්මාය.
"අඩෝ තෝ බයිට් උනා නේද..තෝ දන්නවද බොල ඒ කතා කලේ අපිමයි කියලා...තෝ හැමදාම අපිට ඇවිත් අරක කිව්වා මේක කිව්වා කියද්දි අපි දන්නවා බොල හැම දේම...  "
ඔය ආදී වශයෙන් හැමෝම කියවද්දි දිගතාගේ මූණේ ස්වබාවය දුටුවානම් පිළිකුල් බාවනාව එවලේම වැඩෙනවාය.
කොච්චර උනත් වැඩිය බයිට් කරන්නත් බැරිය. වැඩිය කිව්වට මේ වෙච්ච ටික හොඳටම ප්‍රමාණවත්ය. ඊට පසු අපි ඉතින් ඌව සැනසුවෙමු. මෙහෙම දේවල් වෙන කොට මීට වඩා කල්පනා කරන්න යැයි කීවෙමු. කොච්චර උනත් ඌ හොඳ එකා නිසාම කා එක්කවත් තරහා උනේ නැත. පසුවදාත් ඉස්කෝලේ ආවත් වෙනදට වඩා වෙනසක් පෙනුනි. දිගතා ඇවිදින්නේ අමාරුවෙනි.
"මොකෝ බං උනේ."
"වැටුනා බං"
"ඒ මොකක් කරන්න ගිහින්ද"
"ඊයේ අප්සට් එකට මම තනියම හවස බයිසකලේ ගිහින් බිව්වා බං. එද්දි බයිසිකලේ පෙරලුනා...."
අයියෝ මනීය. පොඩි එකාට හිත රීදී බෝතලේ පිහිට පතා ඇත. ඒත් දුක මූ ලැජ්ජාවක් නැතුව ඒකත් අපිටම කිව්ව එකය. එක්කෝ කමක් නැත එත් එක්කෝ කමතුත් ඇත ;)

***************************************************************************************


හැමදාම කොල්ලන්ට වෙච්ච එව්වා මෙව්වම කිව්ව එකේ අද කෙල්ලන්ට වෙච්ච මෙව්වා එකකුත් කියන්නම් ඈ...මේක මේ ඔලෙවල් කරන්නත් කලින්..මතක විදිහට 11වසරෙදිද කොහෙද (10 දිද මන්දා) වෙච්ච මෙව්ව එකක්. අපේ ඉස්කෝලේ ඉතින් මිශ්‍ර පාසලක් හින්දම යාළුවෝ විදිහට කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම වෙනසක් නැතුව හිටියා. ඔය අතරිනුත් මාත් එක්ක ලගින්ම කොල්ලෝ ටික දෙනෙකුත් කෙල්ලෝ ටික දෙනෙකුත් හිටියා. ඕනි අලුගුත්තේරු අවලම් පජාත හුරතල් වැඩකට බේදෙකින් තොරව අපි හැමෝම සහභාගි උනා. ඔහොම හිටිය අපේ සෙට් එකේ මගේ ලගම හොඳම යාළුවෙක් විදිහට හිටිය ඕනි මගුලකට මලදානෙකට එකට ගිය ඒත් අද වෙනකොට තරහා වෙලා නැති උනාට උන්නද මලාදවත් දන්නැති තරමට ඈතකින් ඉන්න මගේ බොක්කේ ෆිට් යෙහෙලයකට වෙච්ච මෙව්වා එකක් තමා මේක.

යාළුව උනත් ඉතින් ඇත්ත කියන්න එපැයි ;) ඒ කාලේ ඉඳන් මෙයාට කොල්ලන්ගේ ඇල්ම බැල්මෙ නම් කිසි අඩුවක් තිබ්බේ නෑ. කොච්චර උනත් දෙයියනේ කියලා ටොයිලට් එකට ගියත් පස්සෙන් යාළුවෙන්න අහ අහ එන කොල්ලෝ ටිකක් ඉස්කෝලේ හිටියා. ඒ හින්දමද මන්දා යාළු වෙච්ච කොල්ලෙක් උනත් වැඩි කාලයක්නම් හිටියේ නෑ. ඔය පස්සෙන් එන හැම කොල්ලම ඉස්සෙල්ලම ෆිට් වෙන්නේ අපි එක්ක. මොකද එතකොට වැඩේ ලේසියි කියලා දන්නවා. ඒ හින්දා ඒ කාලේ මෙයාගෙන් යාළුවෙන්න ආපු යාළු උනු බූට් කාපු හැම කොල්ලම අපෙත් ෆිට් එකක්. කොච්චර උනත් කාගේ උනත් හොට පැටලෙන වෙලාවකුත් එනවනේ ;)
ඔන්න එක කාලයක් අපිට වඩා අවුරුද්දක් වැඩිමාල් අපේ ඉස්කෝලෙම අයියා කෙනෙක් එක්ක මෙයාගේ පොඩි හුට්ටප්පරයක් තිබ්බා. කොච්චර උනත් කිසි අවලං හිතක් නැතුව අපිත් බොක්කෙන්ම බකප් එක දුන්නා. අපේ යාළුවනේ...කොල්ලත් ඉතින් අවුලක් නෑ අපිටත් සලකනවා ;)  අපිත් ඉතින් එහෙම්මම තමා. ඔන්න ඔහොම.. ඔහොම.. ඔහොම.. මාස දෙක තුනක් යද්දි උසස් පෙල් ශිෂ්‍ය නායක අයියෙකුත් ගේමට බැස්සා. ඒ කිව්වේ මේ යාළුවෙන්න පස්සෙන් ආවා. අනේ මන්දා ඉතින් එහෙම එකෙක් පස්සෙන් එද්දි අරූට බූට ද මන්දා. ;) අපේ තිබිච්ච අවලම් කමටද මන්දා යාළු වෙච්ච එකා ඇවිල්ලා ශිෂ්‍ය නායකයා පස්සෙන් එන එකට බනින්නෙත් අපිත් එක්ක ශිෂ්‍ය නායකයා ඇවිත් යාළුවෙන්න උදව් ඉල්ලන්නෙත් අපන්මයි. අපි පව් අප්පා. දෙපැත්තෙන්ම තැලෙනවා. මල නොතලා කොහොම රොන් ගන්නද මන්දා....

ඔහොම.. ඔහොම.. යද්දි එක දවසක් මම ඉස්කොලේ එද්දි අනේ අනිච්චං අර අපිට වඩා අවුරුද්දක් වැඩිමාල් එකා බලු වෙලා ශිෂ්‍ය නායකයා පොර වෙලා. තේරෙන්ඩ ඇතිනේ කිව්ව එක ;) ඒ කොහොම උනත් ඒක ආරංචි උන ගමන් අර බලු වෙච්ච අයියා කඩාගෙන බිඳගෙන ආවේ අත පුරෝගෙන මල අතේ තියන් ඒ තරම් දයානුකම්පාවකින් තොර විරහා වේදනාවකින්. අනේ ඉතින් අපිට නම් ඔව්වා පුරුදු අත්දැකීම් අප්පා. මාස දෙක තුනකට සැරයක් ඔහොම සීන් එකක් වෙනවමනේ... අපි කෝමත් ඔය වෙලාවට උදේට දුක් වෙච්ච එකත් එක්ක දුක බෙදාගෙන හවසට අනිකා එක්ක සතුට බෙදා ගන්න  හරි හුරතල් කොල්ලො.  ඒත් මේ පාර බෑ..මූ මල බිමින් තියන්නෙම නෑ...ඉස්කෝලෙ පටන් ගන්න හින්දා මූ බැන බැන ගියේ මේ පාර තමා ඕකි පාඩමක් ඉගන ගන්නේ කියලමයි. එව්වත් ඉතින් පුරුදු දේවල් අප්පා. හැම එකාම ඕක කියනවා. අපිත් අහගෙන හූමිටි තියනවා. ඉන්ටවල් එකවෙද්දි මොකාටවත් මතක නෑ. 


කොහොම හරි ඉතින් එදා ඉස්කොලෙත් ඇරුනා. වෙනදට අපි කට්ටිය එකට ගෙදර ගියාට එදා කෙල්ලෝ ටික ගියා කොල්ලෝ ටික ඉස්කෝලේ මොහොකට හරි හිටියා. ඉස්කෝලේ ඇරිලා පැය බාගෙකට විතර පස්සේ අපිත් ගෙදර යන්න කියලා ලෑස්ති වෙනකොටම එකෙක් දාඩිය පෙරාගෙන කඩාගෙන බාඳගෙන එනවා. හුටා ..බැලුවාම අර උදේ මල අතේ තියන් නැටුව අයියා. 

"දුන්නා අරකිට. ආයි නෑ මේ පාර තමා පාඩමක් ඉගන ගන්නේ" මූ ඈත ඉඳන්ම කෑ ගහගෙන අපේ පැත්තට එනවා.
"ඈ...අයි මොකද උනේ...??" අපිත් දැන ගන්න එපැයිනේද ;)
"මම කිව්වේ ඕකි මේ සරේ තමා පාඩමක් ඉගන ගන්නේ කියලා. දැන් හරි. මුලු ටවුමම ඉස්සරහා දුන්නා. දැන් හරි මගේ කේන්තියත් ඉවරයි දැන්.."
"මොකද්ද බං උනේ කියහංකෝ..යකෝ අපේ උනත් ප්‍රෙෂර් නගිනවනේ මෙහෙම වෙච්ච දේ නොකියා එක තැන අට ගහනකොට.."
"මම හවස ගියා ඒකි එක්ක කතා කරන්න. යනකොට මේකි ඉන්නවා අර ශිෂ්‍ය නායක පට්ටම ගහපු එකත් එක්ක මුකුළු කර කර බස් හෝල්ට් එකේ. උඹලා දන්නවනේ මට මල පැන්නොත්..සාක්කුවේ තිබුනා බිත්තරයක් මම ඇදලා ඇරියා ඒකිට බිත්තරෙන්. අරූටත් වදින්න ඇති.පොඩ්ඩක් බලපන් ගිහින්"
"හුටා....මොකක්....."

හත්තිලව්වට ගහපු කලාපර ආසියා තුරුම්පු ආසියා කැපුවා කිව්වලු...අපිත් ජෙට් ඇන්ජින් ගහලා වගේ පිපිරීම සිදු වූ ඉස්තානයට සියළු කැමරා මයික් ඇතුළුව සැපත් උනා. අහෝ ඛේදයකි ඉරි තුන හතරකි අපි විනාඩි දෙක තුනක් ප්‍රමාදයි මේ දැන් ආපු බසයේ නාට්‍ය ශිල්පීන් ගමන් කල බව සිද්ධිය ඇසින් දුටුවන් අප මාධ්‍යයට අදහස් දැක්වූවා. වට් ටු ඩූ ඉතින් අපි එතන තිබූ නඩු බාන්ඩ ලෙස සැලකෙන බිත්තර කටු තුන හතරක් අඩි සලකුණු සහ බිත්තර සාරු පස්චාත් මරණ පරීක්ෂනේට අරගෙන ආවා. යානයේ බ්ලැක් බොක්ස් එක හෙව්වත් පෙට්ටිය ඒ වෙද්දිත් අතුරුදහන් බව අප මාණ්ඩලික ප්‍රාෙද්ශීය වාර්තා කරු පැමිණ අපට කට උත්තරයක් දුන්නා.... ;) ;)

(හත්තිලව්වේ මේවා අදාල ඇත්ති දැක්කොත් මට මොනවා කියයිද දන්නෑ...;) එක්කො කමක්නෑ මෙව්වා ඉතින් යාළු ෆිට් එක වැඩි කමටමද මන්දා අවුස්සන්න හිතෙන කුණුනේ ;) )

***************************************************************************************

කතා ඉවරයි..මේ දාන්නේ අපට මේ හැමදේකටම අනුග්‍රහය දැක්වූ..මම කලින් පොස්ටුවෙත් දැක්වූ පරිදිමඅප අනුග්‍රාහක බවතුන්ගේ විශේෂ නිවේදනයකටයි...
මේකයි වැඩේ ඇඟේ කොහේදෝ මන්දා තියන කැසිල්ලකටද මන්දා පොඩි වැඩක් පටන් ගත්තා. ඒ කිව්වේ මේ වෙබ් ඩිසයිනින් ලෝගෝ ඩිසයින් එතකොට ඇවිල්ලා...අහ්ග්‍රැෆික් ඩිසයින් ඊ මාකටින් වගේ මෙව්වා එකක් ඈ.. ඔය පහලින් තියන එක ඔබපුවාම වැඩි විස්තර බලාගන්නත් එක්කම මගේ සයිට් එකට ගිහෑකි ඈ..ඉතින් ගිහින් බලලා කාට හරි සයිට් එකක් හදා ගන්න එහෙම ඕනිනම් මාව අමතන්න ඈ... :)
තාම ඉතින් වැඩිය මොකුත් නෑ පටන් ගත්තා විතරනේ. තාම ගොඩක් එව්වා අන්ඩර්ර් ද කන්ස්ට්‍රක්ෂන් ඈ......


42 comments:

  1. අද ඉතින් ඉස්කොලෙගැන සෝයි කතාවක් ගියානේ.....

    අනේද කියන්නෙ මෙයාලනම්..............

    (දැන්..“ඒකනෙ බලන්න චෝයි නේද,හරි හුරතල් අප්ප“ වගේ මොනාහරි කිව්වොත් උස්සනව කන්දෙකෙන්)

    ReplyDelete
    Replies
    1. ඈ.....ලන්න කොච්චර චෝයි හුරතල් කොල්ලොද කියලා...කියන්න එපා කිව්වත් ඇත්ත ඉතින් කියන්නම එපැයි නේද ඈ....

      Delete
  2. පට්ට ආතල්නෙ අරං තියෙන්නෙ ඕයි..

    ReplyDelete
    Replies
    1. ඇ.....සිරාවට ඈ....මතක් වෙද්දි ඇඩෙනවා තනි ඇහැට ;)

      Delete
  3. මොනවා උනත් මල්ලියේ දිගතා පව් බන් අහිංසකයෙක්

    ReplyDelete
    Replies
    1. හිකිස්.....ඒ උනාට ඒකෙන් ඌ සෑහෙන්න දේවල් ඉගන ගත්තා...

      Delete
  4. හික්ස්.. හිනා උනාට මොකෝ හැබැයි අර කොලුව නම් පව් කියලා මටත් හිතෙනවා.
    මං මේ කල්පනා කොරේ කුණු අදින්න ගිහින් තරුවා කුණු නායිද මන්දා..

    ReplyDelete
    Replies
    1. අඩේ මටත් ඕකම හිතුනා හැබැයි...මම නෑවොත් ආයි නෑමක් නැති වෙන්නම නායිද මන්දා මෙහෙම ගිහින් :( :( මං පව් අප්පා

      Delete
  5. මුනුත් කරලා තියෙන වැඩ.... ;) ;)

    ReplyDelete
  6. හොඳ වැඩේ නරක කෙල්ලොන්ට.

    ReplyDelete
    Replies
    1. ඈ...නරක කෙල්ලෝ....මම දන්නෑනේ එහෙම අයව... ;)

      Delete
  7. අඩේ පට්ට කතාව බන්.... ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව බොලේ... අපිත් ඔය වගේ පිස්සු වඩ කරා....

    සොදුරුම සමය.....

    ReplyDelete
    Replies
    1. හිකිස්....සිරාවට....බට් වට් ටු ඩූ...මතක් කර කර ඉන්නවා ඇරෙන්න

      Delete
  8. අපි නම් ඉස්කෝලේ ගිය කාලේ මදි නොකියන්න ගුටි කැවා විතරයි.

    ReplyDelete
    Replies
    1. සැක්....පව් අප්පා ඔයාලා...ගුටි කෑවා විතරමද ඇ.... :ඩී

      Delete
  9. ඒ කාලේ බිත්තර ලාබද බන්..........

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති. මං හිතන්නේ දන්න අඳුරන කිකිළියෙක්ගේ බිත්තරයක් වෙන්ටැ ;)

      Delete
  10. අපරාදෙ බිත්තරේ. ඔම්ලට් එකක් දැම්ම නම් ඊට වටිනවා....

    ReplyDelete
    Replies
    1. මේකත් නිකන් ඔම්ලට් එකක් දැම්ම වගේමයි අප්පා ;)

      Delete
  11. අනේ අනේ ඒකනෙ අපි මිශ්‍ර පාසල් වලට නොගියෙ..

    ReplyDelete
    Replies
    1. සැක් අපරාදේ නේද.....
      අපි වගේ ආතල් ගන්න නැතිවෙන්නේ ඒක හින්දා තමා

      Delete
  12. බොටත් වැදියන් මේ වගේ මඩ දෙගුණ වෙලා :v

    ReplyDelete
    Replies
    1. සැක් ගෑනුත් එක්ක බෑ කියන්නේ ඕකනේ...මං වගේ අහිංසකයෙක් දිහා බලන් කිව්ව හිතක් පපුවක් නැති කතාව විතරක් :( :(

      Delete
  13. චික්... කක්කි ලමයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පල ඩෝ කක්කි නෙවෙයි බිත්තර බබාලා

      Delete
  14. පළවෙනි බයිට නියමයි තරැ අයියේ ;)

    ReplyDelete
    Replies
    1. ඈ......මේ නිකමට වගේ අහන්නේ...කෙල්ලට බිත්තරේ ගහපු එක නිමය නැද්ද ඈ... :පී ;)

      Delete
  15. මට ඔක්කටම වඩා ආසා හිතුනේ අර තියන තරූ අය්යගේ පින්තූරෙට.. :P

    ReplyDelete
    Replies
    1. ආ....මේ අර දකුණු පැත්තේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ තියන එකනේ..... මං ඉතින් කෝමත් චෝයිනේ..ඒක හින්දචා වෙන්ටැ ;)

      Delete
  16. ටිකක් හොදට හිනා වුනා.පාසැල් කාලය හරිම සුනදරයි ..ආයිමත් යන්න තියෙනවනම් කොචචර හොදද

    ReplyDelete
    Replies
    1. ඈ.....ආයෙත් යන්න බෑලු නේද.....

      Delete
  17. මං හිතුවේ අර කෙල්ලට ඇසිඩ් පාරක් ගහල තමයි කියලා. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඈ............සැක් බොලාගේ තියන අවලම් අසික්කිත පාජාත හිතට තමා ඔහොම හිතෙන්නේ...අපි එහෙම නරක ළමයි නෙවෙයි බොල. කොච්චර උනත් හලි චෝයි..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...