Wednesday, February 13, 2013

මොලේ කුරුවල් එවුන්ට...-3



සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...
කෙල්ලෙක් නැති මට
ලෑල්ල සැපයි කියලා
හූල්ලන එවුන්
වැලාගේ දවසට
සව්දිය පුරන්නෙ
මේ අවුරුද්දෙත්
පොකට් එක 
බේරුනා කියලලු...
කන්දක් නැග්ගොත්
පල්ලමක් සුවර් කිව්වට
ගොඩක් වෙලාවට
පල්ලමක් තියෙන්නේ
කන්ද නැගලා ආපහු
හැරුනොත් විතරලු...
ලෝකය රඟමඩලකි
අපි එහි නළුවෝ වෙමු
කියන උන්
සැරින් සැරේ 
වෙස් මාරුකරන්නේ
ජීවිතේ කියන්නේ
නාට්ටියක් හින්දලු...
ඔය ඔක්කෝමත් එක්ක
මම මේ දහ අතේ
කල්පනා කලේ
ජීවිතේ කවියක්
ආදරේ එහි
සොඳුරුතම වදනක්
කියන් උන්
අනිත් අයගේ
සොඳුරුතම වදන
මකලා දාන්නේ
කවිය තවත්
අර්ථවත් කරවන්නලු ද
කියලා...  


ප.ලි :- වරෙන්කෝ දැන් මේක කියෝලා කලින් ඒවට වගේම මොන #%&^ක්ද කියලා අහගෙන. මටත් ඒකම හිතෙන එකේ බොට එහෙම නොහිතුනොත් පුදුමයිනේ. ඕෆ් රෝඩ් සිරිපා කරුණා කරලා කකුල් දෙක මාව ඩිවෝස් කරලා ඉන්න මේ වගේ දවසක මගේ කුරුවල් වෙච්ච මොලේ තවත් මොකක් හරි වෙලාද කොහෙද...

කියෙව්වේ නැති එවුන්ට...

1.) මොලේ කුරුවල් එවුන්ට.....!!

2.) මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)





54 comments:

  1. අඩේ, බොලාගේ හොද වෙලාවට මට කතාව තේරුණා...නැතිනම් අර කිව්ව විදියටහ අහනවා මම :D

    ReplyDelete
    Replies
    1. ඇහ්...එහෙනම් හොඳ වෙලාවට තේරුනේ....

      Delete
    2. මේක අතිවිශ්ඨයි...
      හරිම නිර්මාණශීලීයි..
      හොද ගවේෂණශීළී ලිපියක්...

      අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න..
      මං කෙරුවාව ලියන තරියා

      Delete
  2. මොන !@$@#%$&^*&^(& ද යකෝ. හයිකුවක් වගේ... නෑ නෑ බං හොදයි මේක.

    ReplyDelete
    Replies
    1. අම්මපා.....හාකෝ..හොඳයිනම් කමක් නෑ ඉතින්... :)

      Delete
  3. කොහෙන්ද බං මේ උඩ තියන පිංතුරේ හොයා ගත්තේ පස්ටයිනේ..

    ReplyDelete
    Replies
    1. ඇහ්...ගූග්ල් දෙයියන්නාන්සේ ඇරෙන්න මට වෙන මොකා ඔව්වා හොයලා දෙන්නද අයියේ.

      Delete
  4. මගෙත් මොලේ කුරුවල් උනා නේ තරූ ඒක කියවලා. :D

    ReplyDelete
    Replies
    1. හිකිස්....මං හිතුවේ අක්කේ තිබිච්ච එක පොඩ්ඩක් වැඩිවුනා විතරයි කියලා.... ;)

      Delete
  5. මගෙ ඉතින් කුරුවල් වෙන්න දෙයක් නෑනේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව....මොලයක් නැතුව අහවල් එක කුරුවල් වෙන්නයෑ නේද....
      උඹ ඇත්තක් කිව්වමද කොහෙද...

      Delete
  6. උඹේ කථාව ඇත්ත කොලුවො...බලන් ඉන්න උන් හිතාගෙන ඉන්නෙ මී අඹයක් කනවා කියලා...කන එකා තමයි දන්නෙ ඇඹුල් අඹයක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඈ....හ්ම්ම් මං කිව්ව කතාවේ එක කොටසකදි ඔය කතාව ඇත්ත....

      Delete
  7. තුන් වෙනියාගේ තමා බන් මොලේ කුරුවල්.

    ReplyDelete
    Replies
    1. තුන් වෙනියට කිව්වේ බං....තේරුන්නෑනේ..

      Delete
  8. හික් හික් වැලාගෙ දවස අලුත් නමක්....

    ReplyDelete
  9. තවම හිතනවා මචං.

    පෙරලුන පිට හොඳයි කියනවා කියන්නේ මේකට නේද?..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් සමහරු එහෙමත් කියලා හිත හදාගන්නවලු...

      Delete
  10. ශෝයි අලි පු% උඩ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඈ.....උඹට ආසා හිතුනද අලි පු%^*ට ;)
      පව් බං. ඌට ඉන්න දීපන්.... ;)

      Delete
  11. කුරුවල්ම වෙලා ගියා බං!

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් අමුතුවෙන් වෙන්න දෙයක් තියද.....?

      Delete
  12. හිකිස්‌............,,, කාලෙකට පස්සෙ මේ බ්ලොග් එකට ඇවිත් මාව අන්ද මන්ද වුණා වගේ... අලුත් වෙලා... ලස්සන වෙලා.... (බ්ලොග් එක ඈ...)

    ReplyDelete
    Replies
    1. ඈ.....සැක් බ්ලොග් එක විතරද.... :( :(

      Delete
  13. මේක බැලුවා කියලා අමුතුවෙන් කුරුවල් වෙන්න දෙයක් නෑ අනේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් ඇත්ත කතාව අක්කේ... :)

      Delete
  14. අනේ... මන්දා..... තේරුනේ නැත්තෙමත් නෑලු.....

    ReplyDelete
    Replies
    1. නැත්තෙමත් නැත්නම් කමකුත් නඋලු...

      Delete
  15. හොද වෙලාවට මට තේරුණා...

    ReplyDelete
    Replies
    1. නොතේරී කොහොමද මොලේ කුරුවල් එවුන්ට තේරෙන්නම් එපැයි.... ;)

      Delete
  16. පවු.. තරුවාට සුදුසු කෙලි පැටියෙක් හම්බවේවා කියල මේ වැල දවසෙවත් පතමු..

    ReplyDelete
    Replies
    1. ඈ................හප්පටසිලි අයියේ මම එහෙම එකක් කිව්වෑ.....

      Delete

  17. රූප ටිකයි කවියයි එල බන් ..
    හිනා ගියා මට නම්...

    ReplyDelete
    Replies
    1. ඇහ් එහෙමද...ටැන්කිව් ඈ

      Delete
  18. අනේ බන් මේක මටත් තෙරුනනානේ,......

    ReplyDelete
  19. අමුතුවෙන් කුරුවල් වෙන්න දෙයක් නෑ බං ඉතින්.

    වටපිටාවේ හැමතැනම ඉන්නේ ඔය කියනවා වගේ එවුන් වෙච්චි කොට වෙන මොන කතාද.

    ඔෆ්ෆ් රෝඩ් යනකොට මම කිව්වා...

    ReplyDelete
    Replies
    1. ඇහ්....හික්ස් උඹලවනේ ඉතින් ආස්සරේ කරන්නේ නේද ;)

      Delete
  20. අරම කිවුව නිසාද මන්දා :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  21. ගමන සෑහෙන්න දැනිලා වගේ... කොහෙන්ද ගියෙ? මොලේ නම් කුරුවල් කරන්න ලේසි වෙන එකක් නෑ මගේ, ඒක already!

    ReplyDelete
    Replies
    1. අපි කුරුවිට පැත්තෙන්ලු ගියේ :)

      Delete
  22. හික්ස්ස්.. අරම කියලා තියෙන හින්දාම මට තේරුණාලු හොදෙ!!! :D

    ReplyDelete
  23. මොන මගුලක් වෙලාද මූට????

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ. පව් නේද පොඩි එකා :)

      Delete
  24. I'm extremely impressed with your writing skills and also with the layout on your blog. Is this a paid theme or did you modify it yourself? Either way keep up the excellent quality writing, it's rare to
    see a nice blog like this one today.

    my web blog :: play minecraft for free
    My website - play minecraft for free

    ReplyDelete
  25. මොලේ කුරුවල් නැති උන්ට මුකුත් නැද්ද අප්පා........?

    ReplyDelete
    Replies
    1. ආ...උංට දාන ඒවා උඹලට තේරෙන්නැති හින්දා දැම්මේ නෑ

      Delete

  26. සෑහෙන කාලෙකට පස්සෙ ආවෙ ආව ගමන් ඔලුව නිකන් මෙව්වා උනා..කියපු ටික තේරුනත් වගෙ නෑත් වගෙ

    ReplyDelete
    Replies
    1. ආයේ ඕකේ අමුතුවෙන් මෙව්ව වෙන්න දේකුත් නෑනේ නේද:)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...