Wednesday, January 16, 2013

හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....)



මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. වැඩිය කතා නැතුව එහෙනම් පට්ට්ටාන් ගම්මු. 


1.) බ්ලොග් එක බැකප් කරගන්න...

මේක ගැන මම මීට කලිනුත් තන් තැන් වල කියලා තියනවා. ඔය බ්ලොගර් අයියලා හිටපු ගමන් අපිට කෙලෝනවනේ. ලියපු බ්ලොග් එක අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් පෝස්ට් ආගිය අතක් නැති වෙනවා. එහෙම දෙයක් උනාම තමන් මෙච්චර මහන්සියෙන් ලිව්ව දේවල් නැතිවෙනකොට උණ්ඩුකපුච්චෙටම දැනෙන හැගීම කොයිවගේද කියලා තේරෙනවනේ. ඉතින් අවදානමට පෙර සූදානම කියලා මෙන්න මේකෙන් අපේ බ්ලොග්බොලොක්කේ බැකප් කරගන්න පුළුවන්...

Blogbackupr

2.) ටොරන්ට් ඉක්මනින් බාන්න...

මේකනම් වැඩියෙන්ම ඕනි වෙන්නේ ඔය ෆිල්ම් ගේම් එහෙම රෑ නිදාමරාගෙන බොහොම ඇප කැප වෙලා බාගන්න ට්‍රයි කොරන කස්ටියට. මොකද ඔය ගොඩක් ෆිල්ම් ගේම්ස් සල්ලි දීලා ගන්නවට වැඩිය ඉතින් අපි ගොඩ දෙනෙක් කරන්නේ ටොරන්ට් වලින් බා ගන්න එකනේ. ඒත් ඔය ටොරන්ට් බාද්දි තියන ලොකුම අවුලක් තමයි ඒකේ ස්පීඩ් එක අඩු වෙන එක. මොකද ඕකේ ස්පීඩ් එකට අපේ නෙට් ස්පීඩ් එකට වඩා බලපානවනේ ඕකේ සීඩර්ස්ලා ගාන එහෙම. ඊටපස්සේ බන්ඩ්විත් අරක මේක වැඩි කරන්න ඕනි. එහෙම කරලත් ස්ලෝ වෙනවා. එතකොට එපා වෙනවා. දුක හිතෙනවා. මද කිපෙනවා..තව ගොඩක් එව්වා වෙනවනේ. ඉතින් එහෙම නැතුව ඕනිම ටොරන්ට් ෆයිල් එකක් ඩරෙක්ට් අපිට තියන ඩවුන්ලෝඩරේකින් බාගන්න විදිහක් තියනවා. ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම අපි වෙනදා වගේම බාගන්න ඕනි ටොරන්ට් එක මොකද්ද කියලා හොයාගෙන ටොරන්ට් ලින්ක් එක බාගන්න ඕනි. වෙනදා වගේම. එතකොට පොඩි ෆයිල් එකක් ඩවුන් වෙනවනේ. ඉස්සර ඕක ඩබල් ක්ලික් කලාමනේ ටොරන්ට් එක බෑවෙන්න පටන්න්නේ. අන්න ඒ චූට්ටං ෆයිල් එක බාගෙන යන්න මෙන්න මේ සයිට් එකට..
zbigz

ඔන්න ඕකට ගිහාම ඕකේ උඩම ඇති අප්ලෝඩ් ටොරන්ට් ෆයිල් කියලා. අන්න එතනට අර අපි ඩවුන් කල ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කලාම ටිකකින් අපිට අපි බාන්න ඕනි ෆිල්ම් එක හෝ මොකේ හරි නියම mb/gb ගාන තියන ෆයිල් එකක් පෙන්නනවා. ඒක ක්ලික් කල ගමන් අපිට බාගන්න ඕනි මොකක් හරි එක අපේ තියන ඩවුන්ලෝඩරේකින් ඩිරෙක්ට් බෑවෙනවා. උදාහරනෙකට IDM තියනම් ඒකෙන් බෑවෙනවා. අපේ නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අනුව ඕකේ ස්පීඩ් එකවෙනස්වෙනවා. කැමතිනම් ඔය සයිට් එකේ ෆ්‍රී අකවුන්ට් එකක් හදා ගන්නත් පුළුවන්..

3.) URL එකකින් වෛරස් චෙක් කරගන්න...

අපේ ගොඩක් අය විශේෂයෙන් මාළු බාන කට්ටිය ඒ කිව්වේ මේ හැක් කරන විදිහක් එහෙම අය ගොඩක් වෙලාවට ලින්ක් එවනවනේ අනේ මේක ක්ලික් කරන්න කියලා. ඊට අමතරවත් අන්තර්ජංජාලයේ තියනවා එක එක විදිහේ වෛරස් අන්තර්ගත සයිට්. අන්න ඒවට යන්න කලින් තමන්ට එහෙම පොඩි බයක් තියනවනම්. නැත්නම් සුවර් නැත්නම් මෙන්න මේ සයිට් එකට ගිහින් අදාල ලින්ක් එක දීලා ස්කෑන් කලාම ඒ සයිට් එකේ හෝ මොකේ හරි වෛරස් තියද කියලා හොයාත්තෑකි. හැබැයි මේක 100%ක්ම් හරියනවද කියලනම් මම දන්නෑ. සමහරවිට මේකටත් අහුනොවෙන දේවල් තියෙන්න පුළුළුන්. ඒත් මොකුත්ම නැතුවට වඩා මේකත් හොදයි. ඔන්න යන්න පහලින්..

Urlvoid

4.) හොදම වෛරස් ගාඩ් ගොඩකින් ෆයිල් ස්කෑන් කර ගන්න...

ගොඩක් වෙලාවට අපි ගාව තියෙන්නේ වෛරස්ගාඩ් එකක් හෝ දෙකක්නේ. සමහර ෆයිල් තියනවා එක වෛරස් ගාඩ් එකකින් මේක වෛරස් එකක් කියලා කියද්දි වෙන එකකින් කියනාවා කිසි අවුලක් නෑ කියලා. අහිංසක අපි අනාත වෙනවා. අන්න එහෙම වෙලාවට මේ වගේ සයිට් එකකට ගිහින් අපිට ස්කෑන් කරන්න ඕනි ෆයිල් එක අප්ලෝඩ් කලාම ලෝකේ හොදයි කියන ගෙගාඩක් වෛරස් ගාඩ් වලින් ඒ ෆයිල් එක ස්කෑන් කරලා එක එක වෛරස් ගාඩ් එක මේ ෆයිල් එක ගැන කියන දේවල් වෙන වෙනම පේනනවා. කරගෙනම බලන්නකෝ...

Virustotal

5.) හොරෙන් මේල් යවන්න...

හොද එව්වා ටිකක් කියද්දි පොඩ්ඩක් හොර එව්වත් කියන්නම එපැයි නේද..නැත්නම් නිකන් මොකද්ද මොකද්ද වගේ. හොර වැඩ කිව්වට ඉතින් ඇත්තටම මේක අස්සේ මේ මොකද්ද වෙන්නේ කියලා නොදැන මේක පට්ට සයිට් එකනේ දෙන්නම් බැටේ කියලා නරක වැඩට යොදාගත්තොත්නම් ඉතින් කොච්චර හොරෙන් යැව්වත් යැව්වේ කොහෙන්ද එන්නේ කොහොමද කියලත් හොයාන්න පුළුවන්. මම දැන් නොකිව්වට.. ;) ඒ හින්දා මේවා යාළුවෙක්දෙන්නෙක් බය කරන්න විතරක් තියාගන්න එක හොඳයි. මේකයි වෙන්නේ. මේ සයිට් එකෙන් පුළුවන් ඇනෝනිමස් e-mail යවන්න . මේ වගේ ගොඩක් සයිට් තිබුනත් මේක ටිකක් අනිත් ඒවට වඩා ඉස්සරහින් තියනවා. 

Silentsender

6.) බලන්න දෙන්නෑ කියපුවා බලන්න...

මේකනම් ටිකක් ප්‍රසිද්ද සයිට් එකක්. කෙටියෙන්ම කියනවනම් යන්න නොදී බ්ලොක් කරලා තියන සයිට් වලට යන්න පුළුවන් මේකෙන් කිසිම අවුලක් නැතුව. පොඩ්ඩක් එපා වෙන්නේ ඇඩ් වැඩියි. එහෙම ඇඩ් නැතුව තමන්ගෙම කියලා ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න හැටි පස්සේ කියන්නම්. එතකොට නම් කිසිම අවුලක් නැතුව ඕනිම සයිට් එකකට පරක්කුවක් නැතුව යන්න පුළුවන්. දැනට මේවෑන් ගිහින් බලන්නකෝ...

 1- Hidemyass

 2- 123hideip

7.) ෆ්‍රී SMS කැමති කෙනෙක්ගේ නමකින් යවන්න...

මේකෙන්නම් මාත් සෑහෙන්න වැඩ අරන් තියනවා. මේවගේ කොච්චර සයිට් තිබ්බත් ඒ හැම එකටම වඩා මේක ඉස්සරහින් තියනවා. මෙන්න මේකයි වෙන්නේ. මේ සයිට් එකට ගිහින් ෆ්‍රී අකවුන්ට් එකක් හදා ගගත්තම අපිට පුළුවන් ලෝකේ ඕනි තැනක කෙනෙක්ගේ ෆෝන් එකකට SMS යවන්න. ඒ විතරක් නෙවෙයි ඒ මැසේජ් එකේ යැව්වේ කවුද කියන එකට කැමති නමක් හෝ අංකයක් දෙන්න. ඉතන් අපි දන්නවනම් වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ සේව් කරලා තියන කෙනෙක්ගේ නමක්. අපිට පුළුවන් ඒ කෙනා එවන විදිහටම මැසේජ් එකක් එවන්න. දැක්ක ගමන් බය හිතෙන්න. ඕනි දෙයක්... ;) ඕකට රිප්ලයි කරන්න බෑ.  අර අවුරුද්දට ප්‍රසිඩන්ට් එවන මැසේජ් වගේ තමයි. එව්ව නම්බර් එකක් නෑ. අහසින් කඩා වැටුනා වගේ. ඔන්න එහෙනම් වැඩේ කරන් බලන්න...

Smsglobal

එහෙනම් අදට ඇති. අපි යන්නයි කියලා. ඒත් යන්න කලින් තව කියන්න දෙයක් තියනවා. මේක මේ ටික දවසක ඉදන් කියන්න කියලා හිටියත් විබාග වැඩයි අරකයි මේකයි එක්ක කියන්න වෙලාවක් තිබුනේ නෑ. 

මේ තරූගේ ලෝකය කියන්නේ මගේ බ්ලොග් එක. එක ගියන්නේ තරුවා කියලා මොකෙද්ද එකෙක් උනාට ඌ කවුද මොනවද කරන්නේ කොහෙද ඉන්නේ වගේ ඕනි දෙයක් ඕනි කෙනෙක්ට හොයාගන්න පුළුවන්. මගේ FB ප්‍රොෆයිල් එකට යන්න මෙතනම පෙන්නලා තියනවා. ඒ හින්දා මට කියලා අනන්‍යතවයක් තියනවා. ඒ වගේම මේකට එන ඕනිම කෙනෙක්ට තමන් කැමති දෙයක් කියන්න නිදහස දීලත් තියනවා. ජීවිතේට මම කාගෙවත් කමෙන්ට් එකක් ඩිලීට් කරලා නෑ. එකම එකක මෝඩරේට් කරලා තියනවා ඒ මගේ යෙහෙලියකගේ එකක්. ඒකත් එයා දන්නවා. මම ඉතින් කාගෙවත් කුණු අවුස්සන්නැති හින්දා මේකේ එහෙම කුණුහරුප එහෙම කියලත් නෑ තාම. හැබැයි එහෙම කිව්වොත්නම් සමහරවිට මට ඒකේ ස්වබාවය අනුව ඩිලීට් කරන්න වෙයි. ඒත් මෙච්චර කාලෙකට නොවුනු ඒ  දේ ඉස්සරහටත් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.
අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ. හැම කෙනාගෙම වැරදි තියනවා. වැරද්දක් කරන එකට වඩා දරුණුයි කියන්නේ වැරුද්ද දැක දැක කට පියන් ඉන්න එක. මගේ මේ බොලොගේ කතන්දර, කවි, කම්පීතර් වැඩ. හොරකන් කරන හැටි. හිනා යන ඒවා. පරණ සිද්දි. මට වෙච්ච එව්වා සහ මම මේ සමාජයේ වෙනවයි කියලා හොයාගත්ත සමහර වැරදි ක්‍රියා ගැන මම ලියපුව තියනවා. මේවා ලියලා මම කිසිම දවසක මේකට කමෙන්ට් කරන කෙනෙක්ගෙන් සා මරු...නියමයි වගේ දේවල් විතරක් බලාපොරොත්තු වෙලා නෑ. ඒක හින්දා දකින වැරුද්දක් මගේ මූණටම කියනවනම් ඒක වැරුද්දක් නොවෙයි වගේ පේන තැනකදි මට සාධාරණීකරණය කරන්නත් වැරුද්දක් කියලා තේරුනොත් එවගෙම හදා ගන්නත් මම ඕනි වෙලාවක ලෑස්තියි.

දැන් මේක කියන්න හේතු උණ ප්‍රධානම දේ තමයි මම ගැන වෙන තැන්වල විවේචනය කරනවා දැකීම. මේක කියවන හැමෝගෙන්ම ඉල්ලන්නේ මේවා කියෝලා මං ගැන හිතෙන හොද හෝ නරක..මෙතන කියන්න. මම ඒවා බ්ලොක් කරන්නේ නෑ. ඒත් කියාගන්න බැරුව හිතේ පුරෝගෙන ගිහින් වෙන තැන්වල අත අරින්න එපා. අපි හැමෝම මිනිස්සු හින්දා මං හිතනවා අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ටටා බායි ඈ...විබාගෙන් පස්සේ ආයි එන්නම්....ඔය කිව්වට ඉක්මනින්ම එන්නත් ඉඩ තියනවා... ;) 




50 comments:

  1. අප්පට සිලි නියමාාායි........හොර පූස...

    ReplyDelete
  2. හප්පච්චි, මෙයා හොයන් එන් එව්වා... අර SMS වැඩේ නම් මලු ඇ..

    ReplyDelete
    Replies
    1. හිකිස් දැන් කාවද බය කලේ...සාදිරිසවද ;)

      Delete
  3. වැඩේ මරු.මරේ මරු. අපි නම් ඉතින් දෙයක් කාල වෙන දෙයක් බාලගෙන ඉන්න නිසා අපිටත් නෑ තරහ කාරයෝ.

    ඇවිත් යන්න හතරවරම්

    ReplyDelete
    Replies
    1. ඈ...හිකිස්...දන්න තරමින්නම් මටත් නෑ :D

      Delete
  4. SMS වැඩේ මාරු .මම හොයා හොයා හිටියේ.කලි පාවිච්චි කරපු එක වැඩ නැහැ.

    ReplyDelete
    Replies
    1. හිකිස් හොර වැඩක්කිව්වොත් ඕනි එකක් නේද ;)

      Delete
  5. Replies
    1. අනෝ...ඔයනම් බය උනේම නැහැයිලුනේ නේද....

      Delete
  6. ඔය පාඩම් කරන හැටි ද ආ...
    ඒ මරු ඈ.. ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කිව්වේ තෝ පාඩම් කරනවනම් විබාගෙට කලින් දවසේ විතරක් කරපිය කියලා.. ;)
      ආ..එසේම වේවා ඈ..

      Delete
  7. අර බ්ලොග් බේරන කෑල්ල නම් මට ඕනෑ එකක්.. බොහොම පින්

    ReplyDelete
    Replies
    1. හික්...ඕකට පිං මොකටද අයියේ...ටැන්කිව් ඈ

      Delete
  8. ඔන්න බුක්මාර්ක් කරා. හොර වැඩත් තියෙනවා නෙව...

    ReplyDelete
  9. එළකිරි ...ස්තුතියි තරු ..:)

    ReplyDelete
  10. පංකාදු පොස්ට් එකක් මලේ

    ReplyDelete
  11. සෑහෙන්න වටින තොරතුරු ටිකක් බන්...ස්තූතියි...

    ReplyDelete
  12. Replies
    1. කෝ....කොහෙද...අල්ලපිය... :ඕ

      Delete
  13. තාක්ෂනයත් එක්ක වඩි ඇයි හොන්දයියක් නෑ.. ඒත් ටොරන්ට් සප් එකනම් වටිනවා

    ReplyDelete
  14. කව්ද බං උබ ගැන විවේචනේ කරලා තියෙන්නේ..
    ඇඩෝ මේ අපේ ඇන්.අයි.බී.ඇං කොල්ලෙක් ඈ..
    සද්ද දාලා අහුවෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඈ.....හිකිස් එව්වා වැඩක් නෑ බං :)
      :D :D

      Delete
  15. blog backup එක කරන හැටි හරියට තේරුනේ නෑ :( sms එක නම් ගොඩේ ගොඩ.. තැංකූ..

    ReplyDelete
    Replies
    1. ඈ......පෞද්ගලිකව අමතන්න නැත්නම් අවුල් තැන මෙතන කියන්න විසදලා දෙන්නම්..

      Delete
  16. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  17. හෑ..මමනම් කොහෙවත් දැක්කේ නෑ ඔයාව විවේචනේ කොරලා තියනවා..හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ඈ....නැද්ද...හිකිස්..මාත් වෙන කෙනෙක් කිව්වාම දැක්කේ :)

      Delete
  18. කාලෙකින් ලිව්ව උනත් වටිනවා......ඉක්මණින් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඈ..මේ අබාග සහ මැච් අස්සේ වෙලාව තමා අතුරුදහන් වෙලාතියෙන්නේ :(

      Delete
  19. sms වැඩෙයි ටොරන්ට් වැඩෙයි නම් මරු වගේ ඈ...... තැන්කූ....

    ReplyDelete
  20. තරුව ලියපු වටිනාම ලිපිය මේක වෙන්නැති.අර හොර වැඩ හින්දා වටිනාකම ගොඩක් වැඩි වුණා.

    ReplyDelete
    Replies
    1. ඈ...හිකිස්.....ඒමත් එකක්ද :)

      Delete
  21. ගොඩාක් වැදගත් ස්තුතියි

    ReplyDelete
  22. මගුල් විභාග කොහෙද තරූ තියෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. මේ අපිට තිබ්බේ අක්කේ :( :(

      Delete
  23. අයියා අර ප්රී එස් එම් එස් යැවුවා වගේ නෙවෙයි ඒකට යුරෝ ගානක් ගෙන්න ඕනි කියලා වැටෙනවානේ. අපි පෝන් නම්බර් එකකින් වැරිෆයි කරන නිසා අවුලක් වෙයිද ඒවා ගෙවන්නෙ නැති කොට ? ප්ලීස් රිප්ලයි මී

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් වෙරිෆයි කලා කියලා අවුලක් නෑ. යුරෝ ගානක් ඕනි කියන්නේ ෆ්‍රී දෙන sms ටික ඉවර උනාට පස්සෙ .ව ගන්නවනම්. සිම් ගොඩක් තියනම් ඒකත් අවුලක් නෑ. අකවුන්ට් වැඩි කරගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...