Thursday, December 13, 2012

හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)



මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.

Sunday, December 9, 2012

අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!


කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ඇති මම කාලෙකට කලින් ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.. කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකේ මම කතා කලේ Facebook එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි වලින් සිදුවුණ එක්තරා ආකාරයක ලිංගික සූරාකෑමක් එහෙමත් නැත්නම් සයිබර් අපරාධයක් වගේ දෙයක් ගැන. ඉතින් ඔය ගැන කරුණු හොයපු කාලේ මාව තවත් නොහිතපුම පැත්තකට ඇදිලා ගියා. කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මට ඕනි උනේ මම දැන් කිව්ව තවත් වෙනස්ම පැත්ත ගැන අධ්‍යයනය කරන්න. ඉස්සෙල්ලට වඩා සෑහෙන කාලයක් ගියා මට මේ ගැන තොරතුරු හොයන්න. ඒකට විශේෂම හේතුව උනේ මට හම්බ උණු අය විශේෂ වීම සහ එයාලගෙන් තොරතුරු ගන්න කලින් එයාලා ගැන වෙනම තොරතුරු ටිකක් හොයන්න කාලය ගත වීම. කලින් කතාව විශේෂයෙන් කෙල්ලන්ට එහෙම නැත්නම් කාන්තාවන් වැඩිපුර ඉලක්ක කරලා කතා කලාට මේ කතාව නම් වැඩිපුරම ඉලක්ක වෙන්නේ කොල්ලන්ට හැබැයි මේකේ අවදානම කෙල්ලන්ටත් නැත්තෙම නෑ. හරි වැඩිය අරවා මේවා කතා ඕනි නෑ හොයාගත්ත එව්වා ටික ඉක්මනටම මෙව්වා කරලා කියන්නම්.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...