Thursday, December 13, 2012

හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)



මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.


1.) අනුන්ගේ එව්වා හොරෙන් බලමු....

හොරෙන් බලමු කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවද දන්නෑ. මම මේ ඔය ගොල්ලෝ හිතුව විදිහෙ එකක් නෙවෙයි කිව්වේ. වෙනම ජාතියේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ. හරියටම මේ වෙලාවේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera එකක මේ වෙලාවේ මොනවා පේනවා ඇත්ද. ඒ ගොල්ලන්ට ඒ පේන දේවල් ටික අපේ ඩෙක්ස්ටොප් එකේ ඉඳන් අපිට බලන්න බැරිද. ආන් ඒ වගේ කේස් එකක් තමයි මම මේ ෆයිල් කරන්න යන්නේ. මුලින්ම වැඩේ කරලා ඉම්මුකෝ. 

  1. පියවර :- යන්න ගූග්ල් දෙයියන්නාන්සේ ගාවට. එහෙම නැත්නම් www.google.lk
  2. පියවර :- ඒකේ Search bar එකේ මෙන්න මේ කොඩ් එක ටයිප් කරන්න.

    intitle:axis intitle:"video server"   දැන් Enter කරන්න.
  3. පියවර :- ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ එකක්.



දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම අංක 1 , 2 විදිහට ලකුණු කරලා තියන වගේ එව්වා ගොඩාරියක් හම්බ වෙයි. අන්න ඒවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera වල හරියටම මේ වෙලාවේ පේන දේවල් ඔයාට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන් වෙයි..මෙන්න මේ වගේ....





තව එකක්. intitle:axis intitle:"video server"මෙන්න මේකේ පැරාමීටර් වෙනස් කලොත් එහෙම මොනවා වෙයිද මම දන්නැ. සමහරවිට මොනවා පෙනෙයිද දන්නෑ. ඒ හින්දා ඔය දීපු එක විතරක් කලා නම් ඇති. ;)

2.) කොම්පීතරේ කතා කරෝමු.

මෙන්න මේකයි කරන්න යන්නේ. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ. පට්ට ලේසියි වැඩේ.

  1. පියවර :- Notepad එකක් Open කර ගන්න.
  2. පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.

    Dim Message, Speak
    Message=InputBox("Enter Your Text","Speak")
    Set Speak=CreateObject("sapi.spvoice")
    Speak.Speak Message
  3. ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි *.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න. 
  4. දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
  5. දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..




3.) තමන්ටම කියලා Diary එකක් හදා ගම්මු. 

අද කියලා තියන ලේසිම වැඩේද මන්දා.
Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.
.LOG
දැන් ඕක Save කර ගන්න. 
දැන් ඔය Notepad එක ඕපන් කරන හැමවෙලේම මේ වෙලාවේ කම්පියුටර් එකේ තියන වෙලාවයි දිනෙයි Notepad එකේ පේන්න තියනවා. ඔයාලට හිතෙන දෙයක් ඒකේ ලියලා Save කරන්න පුළුවන්. ආයිත් සැරයක් Open කලොත් ඒ Open කල වෙලාවේ දිනෙයි වෙලාවයි වැටෙනවා. උත්සහ කරලා බලන්න.

4.) කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.

මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් ඕක අර කලින් වගේම .vbs file එකක් විදිහට save කර ගන්න.
එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි. 

දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති  wscript.exe කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)

අම්මෝ..........අදට ඇති නේද...ඇඟිලි රිදෙනවා ඒකයි.. :) 

68 comments:

  1. අම්මපා හොයන් එන දේවල් මෙයාලා..අර කම්පීතරේ කතා කරවන එක නම් මරු .. :D

    ReplyDelete
    Replies
    1. හිකිස් කරලා බලන්නකෝ....
      යා යා ඔයා අද එකලු...මට තෑග්ගක් දෙන්න දැන්... :)

      Delete
  2. අම්මපා.ඒවා නම් පට්ට. මරේ මරු. සෑහෙන කාලෙකට පස්සේ ෆට්ට පොස්ට් එකක් දාල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්....වැඩක් අරන් බලන්නකෝ....

      Delete
  3. මේක සෝක් බ්ලොග් එකක්නේ. :)))
    මචන් මට පොඩි හෙල්ප් එක ඕනි,
    අර දකුණු පත්තෙ තියන(උඹෙ බ්ලොගේ) එෆ් බී ගැජට් දෙක එල්ල ගන්න කියල දියන්කෝ
    පුලුවන් නම් ඉන්බොx කරපන්
    තෑන්ක්ස් :)

    http://www.facebook.com/permalink.php?story_fbid=220295254771912&id=100003743169594&comment_id=858501&ref=notif&notif_t=feed_comment#!/profile.php?id=100003743169594

    ReplyDelete
    Replies
    1. මගේ එෆ්බී එකට ඇඩ් වෙයන් මම කියලා දෙන්නම්...

      Delete
  4. මේක සෝක් බ්ලොග් එකක්නේ. :)))
    මචන් මට පොඩි හෙල්ප් එක ඕනි,
    අර දකුණු පත්තෙ තියන(උඹෙ බ්ලොගේ) එෆ් බී ගැජට් දෙක එල්ල ගන්න කියල දියන්කෝ
    පුලුවන් නම් ඉන්බොx කරපන්
    තෑන්ක්ස් :)

    http://www.facebook.com/permalink.php?story_fbid=220295254771912&id=100003743169594&comment_id=858501&ref=notif&notif_t=feed_comment#!/profile.php?id=100003743169594

    ReplyDelete
    Replies
    1. මට රික්වෙස්ට් එකක් දාපන්. බ්ලොග් එකේ පැත්තක ඇති මගේ එෆ් බී එක..

      Delete
  5. මට නම් ඇල්ලුවේ සිකුරිටි කැමරා සීන් එක විතරයි අද

    ReplyDelete
    Replies
    1. හොර වැඩක් කිව්වොත් ඒක විතරයි හිතට අල්ලන්නේ... ;)

      Delete
  6. අපි ඇවිත් ගියෝ

    ReplyDelete
  7. එල කැමරා සීන් එකට මාත් එන්ටර් උනා.අර කී බෝඩ් ලයිට් කේස් එක දාගෙන මම කලින් වැඩේ අවුල් උනා.දැන් ඉතින් ජනේල 8 හින්දා ඕවා වැඩ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ජනෙල් 8න්නම් තාම ඔය මොකුත් කරලා නෑ...තාම ජනෙල් 7නේ....

      Delete
  8. ලයිට් කේස් එකනං සිරා...

    ReplyDelete
  9. මමත් කළා ඩයරියයි.. කතා කරන එකයි... ෂෝයි...!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්....ටැන්කූ ටැන්කු...

      Delete
  10. සෙකුරිටි කැමරා වැඩේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. ඈ.....මම නම් දන්නෑ එව්වා.....

      Delete
  11. උඩම තියන dork එකනං ඵට්ටයි සහෝ ..

    ReplyDelete
  12. අල්ලන් යයිද දන් නැ පෙන්ටගනයෙන්වත් ඇවිල්ලා ත්‍රස්තවාදයෙක් කියලා නේද

    ReplyDelete
  13. Replies
    1. ඈ..................................හාකෝ.... :)

      Delete
  14. ලයිට් කේස් එකනම් පට්ට ඈ

    ReplyDelete
  15. හොඳ වැඩ ටිකක් මලේ VBS files. :D

    ReplyDelete
    Replies
    1. හිකිස්....යා යා වීබීඑස් තමා... ;)

      Delete
  16. how to get southern expressway web cam?

    ReplyDelete
  17. මෙයත් මාර එවුව තමයි හොයන් එන්නේ... නත්තල් තෑගීද මේ, ආ තරූ?
    හී....
    ඔක්කොම ටික සෝයි අනේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ.........නත්තලට....හිකිස්...දන්නෑ.... :):):):)

      Delete
  18. අඩෝ කී බෝඩ් වැඩේ කරලා බලන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. අඩෝ....කරලා බලන්නකෝ ඈ......

      Delete
  19. උඹ ගෙනාවොත් මේවගේ එව්ව තමයි.අත්හදා බලන්න ඕනේ නිවාඩුවක් ආ ගමන්.

    ReplyDelete
    Replies
    1. ඈ....හිකිස්...හාකෝ හාකෝ කරලා බලන්නකෝ....

      Delete
  20. අර සිකුරුටි කැමර් සීන් එකේ පැරාමීටර් වෙනස් කරන්න ඕන කොටස මොකක්ද ? :D

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් දන්නෑ ඔව්වා..මං තාම පොඩි එකා... ;)

      Delete
  21. එල එල..! බලමු වැඩක් ගන්න..

    ReplyDelete
  22. මේ ඔක්කොටම වඩා අර මුලින් දාලා තියෙන ඔයාගේ පින්තූරේ නම් හරිම සෝයි.. :D

    ReplyDelete
    Replies
    1. අනේ සොලි ඈ..නොකියම ඔයාගේ ෆොටෝ මේකේ දැම්මට...

      Delete
  23. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  24. අඩෝ පට්ට පට පට... තව දාපං....

    ReplyDelete
  25. ඒ මරු හලෝ....ස්තුතියි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ඈ......හිකිස්......එලස්...හ්ම්ම් :)

      Delete
  26. අනුන්ගෙ ඒවා හොරෙන් බලන එක නම් හලිම නාකයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මම නම් ඕවා කරන්නෑ..අපි හලි හොද ළමයි...

      Delete
  27. හෆ්ෆා...හොර වැඩමයි පුරුදු කොරන්නෙ... හික්ස්ස්.. ;)

    ReplyDelete
    Replies
    1. පුරුදු කලාට මොකටද ඕවා පුරුදු වෙන්නේ....

      Delete
  28. මටත් අද තමයි .. මේක අහුවුනේ .....

    ReplyDelete
    Replies
    1. ඈ.......අද හරි අහුඋනානේ... :)

      Delete
  29. කතා කරන වැඩේ මාරු එත් හැබැයි ටිකක් වේගෙන් නේ කතා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඒකනම් එහෙමද කොහෙද තමයි...

      Delete
  30. අනුන්ගේ ඒවා මෙයා හොරෙන් බලනවා මදිවට අහිංසක අපිටත් ඒවා කියා දෙනවා...... කිව්වා හින්ද නොබලත් බෑ ඉතිං.....හික්.....

    හොද වැඩ කෑලි ටිකක්.... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඔන්න ඔහේ කිව්ව හින්දවත් බලන්න....

      Delete
  31. එළ වැඩ කෑලි ටිකක් නෙව.. ජය

    ReplyDelete
  32. පට්ට වැ‍ඩ කෑලි ටික...

    ReplyDelete
  33. This is an excellent post I seen thanks to share it. It is really what I wanted to see hope in future you will continue for sharing such a excellent post. USA -visum online

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...