Sunday, December 9, 2012

අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!


කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ඇති මම කාලෙකට කලින් ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.. කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකේ මම කතා කලේ Facebook එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි වලින් සිදුවුණ එක්තරා ආකාරයක ලිංගික සූරාකෑමක් එහෙමත් නැත්නම් සයිබර් අපරාධයක් වගේ දෙයක් ගැන. ඉතින් ඔය ගැන කරුණු හොයපු කාලේ මාව තවත් නොහිතපුම පැත්තකට ඇදිලා ගියා. කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මට ඕනි උනේ මම දැන් කිව්ව තවත් වෙනස්ම පැත්ත ගැන අධ්‍යයනය කරන්න. ඉස්සෙල්ලට වඩා සෑහෙන කාලයක් ගියා මට මේ ගැන තොරතුරු හොයන්න. ඒකට විශේෂම හේතුව උනේ මට හම්බ උණු අය විශේෂ වීම සහ එයාලගෙන් තොරතුරු ගන්න කලින් එයාලා ගැන වෙනම තොරතුරු ටිකක් හොයන්න කාලය ගත වීම. කලින් කතාව විශේෂයෙන් කෙල්ලන්ට එහෙම නැත්නම් කාන්තාවන් වැඩිපුර ඉලක්ක කරලා කතා කලාට මේ කතාව නම් වැඩිපුරම ඉලක්ක වෙන්නේ කොල්ලන්ට හැබැයි මේකේ අවදානම කෙල්ලන්ටත් නැත්තෙම නෑ. හරි වැඩිය අරවා මේවා කතා ඕනි නෑ හොයාගත්ත එව්වා ටික ඉක්මනටම මෙව්වා කරලා කියන්නම්.


මිනිස්සු වෙච්ච අපි මේ ලෝකේ ජීවත් වෙනකොට සමාජ සම්මත හදාගෙන ඉන්නවා. ඒ සම්මතය බිදෙන අවස්ථාවෙදි ඒ කියන්නේ මේ ලොකේ බහුතරයට වෙනස් වෙන අවස්ථාවෙදි ඒකට කියන්නේ විකෘති තාවයක් එහෙම නැත්නම් වෙන්න ඕනි නැති දෙයක් වගේ. සරලව කිව්වොත් මේ ලොකේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදාගෙන ඉන්නවා. ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි විදිහට. ඒත් ඔය අතර කලාතුරකින් හම්බවෙන් ඔය කොට්ඨාශ දෙකටම නැති පුද්ගලයෙක් එහෙම නැත්නම් නපුංසක කෙනෙක් ගැන හැමෝම නෙමෙයි සමහරක් බලන්නේ මේ ලොකේ නොවිය යුතු දෙයක් සිද්ද උනා වගේ හැගීමකින්. ඒකේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. දන් හිතෙයි මම මේ කතා කරන්නේ නපුංසක කට්ටියක් ගැන කියලා. නෑ එහෙමත් නෙවෙයි. මම මේ කතා කරන්නේ නපුංසක අය ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ විද්‍යාවෙදි Transvestism එහෙමත් නනැත්නම් Transsexualism ඒත් නැත්නම් Cross-Dressing  තවත් සරලව කියනවනම් තමන්ට ප්‍රතිවිරුද්ද ලිංගයේ ඇඳුම් ඇඳීමට සහ විරුද්ද ලිංගිකයෙක් ලෙස හැසිරීමට ඇති කැමත්තයි. වැඩිදුර තොරතුරු පහත ලිංකු වලින් හොයාගත්තෑකි.

Transsexualism

Cross-dressing

මානසික වෛද්‍යවරු කියන විදිහට මේ මානසික රෝගී තත්වය වැඩිපුරම තියෙන්නේ පිරිමින්ට. ඒ කියන්නේ කාන්තාවන්ටත් නැතුවා නෙවෙයි. මේ රෝගීන්ට තියන ලොකුම පීඩාවනම් තමන් උපතින් ලැබුණු ලිංගික කොට්ඨාශයට ඇති අකමැත්තයි. උදාහරණයකට මෙවැනි මානසික තත්වක් ඇති පිරිමියෙක් සේ ඉපදුන අය තමන් පිරිමියෙක් වීම ගැන බොහෝ සෙයින් කම්පාවට පත් වෙයි. කොහොම හරි කාන්කාවක් විය යුතුයි කියන මානසිකත්වයේ සිටියි. ඒ නිසාම කාන්තාවන්ගේ ඇඳුම් අඳියි. ඒ විදිහට හැසිරෙයි. ලෝකයේ සෑම රටකම ප්‍රථිශතයක් වශයෙන් අඩු උනත් මෙවැනි මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කරුණ මේ පුංචි ශ්‍රී ලංකාවටත් පොදුයි. ඉතින් දැන් කාට හරි හිතෙයි මං මේ මිනිස්සුන්ගේ මානසික රෝගී තත්වයක් (මේකට රෝගී තත්වයක් කියන එක හරියටම හරිද කියලනම් මම දන්නෑ. මොකද මම වෛද්‍යවරයෙක් නෙවෙයිනේ. ඒ හින්දා මේක යම් මානසික තත්වයක් කියලා කියන්නම්.) ගැන කතා කරන්න හදනවා කියලා. නෑ එහෙම දේකුත් නෙවෙයි. එහෙම අය හිටියට එයාලගේ ආසාවල් වෙනස් උනාට ඒක කාටවත් හානියක් නෙවෙයිනේ. ඒත් මම මේ කියන්න යන්නේ මම අර කලින් කිව්ව කොට්ඨාශයට අයිති එතනින් එහාටත් ගිය විකෘති ලිංගික ආසාවන් තියන ඒ වගේම තමන්ගේ ඒ හැගීම් වලට ආසාවන් වලට තව තව අය ඇදලා ගන්න උත්සහ කරන Facebook කියන සමාජ ජාල වෙබ් අඩවියෙන් මේ ශ්‍රී ලංකාවේ සිද්ද වෙන තවත් එක සයිබර් අපරාධයක් ගැන.

FAKE PROFILE... Facebook වෙබ් අඩවිය පවසන විදිහට සියළුම Facebook Account වලින් 8.7% එහෙමත් නැත්නම් මිලියන 83ක් Fake Profile. මම මේ දාන ලිංක් එකෙන් සාමාන්‍යයෙන් කොහොමද  Fake Account එකක් හොයාගන්නේ කියලා දල අදහසක් දෙයි.

10-ways-to-detect-a-fake-facebook-account

How to Reveal a Fake Facebook Account

ඒ මං කිව්වේ මං කියන්න යන කරුණට අමතර කරුණක්. මොකද මේ Facebook වගේ තැන් වලින් තමන්ගේ පහත් අසාවන් ඉටු කර ගන්න එන ගොඩක් අය ඉන්නේ මේ වගේ  Fake Account  වලින්. මේ තොරතුරු හොයන්න මටත් මේ වගේ  Fake Account 3ක් විතර පවත්වාගෙන යන්න සිද්ද උනා. මං මේ ලිපියට ඕනිම කරන තොරතුරු තියන චැට් හිස්ට්‍රි තියන  Fake Account 2ක්ම මේ වෙනකොට Block කරලා. ඒ හින්දම මට මේවා ඔප්පු කරන්න ඕනි වෙන Screen shot ටිකක් ගන්න හිටියත් ආයිත් අර  Fake Account active කර ගන්නැතුව ඒක ටිකක් කර ගන්න අමාරුයි. ඒත් ඒක කරගත්තොත් මම පස්සෙදි හරි ඒ Screen shot ටික මේකට Update කරන්නම්.

මේ මානසිකත්වය තියන බොහෝ දෙනෙකුට තියන හැගීමක් තමයි තමන් තනි වෙලා වගේ හිතෙන එක. ඒ කියන්නේ එයාට එයාගේ දේවල් කියාගන්න තේරුම් කරවන්න තව කෙනෙක් එහෙම නැත්නම් තව විශ්වාසවන්ත කෙනෙක් නෑ වගේ දැනීම. මේ හැඟීම වැඩිපුර දැනෙන්න දැනෙන්න ඒ කෙනාට ඕනි වෙන්නේ තමන් වගේ තව අය ඉන්නවා දකින්න තියන ආසාව. විශේෂයෙන්ම තමන්ගේ ආසාවන් සන්තර්පනය කරලා දෙන පිරිසක් තමන්ට හදා ගැනීම. ආයිත් කියන්නේ මේ මම කියන්නේ මේ මානසිකත්වය තියන හැමෝම ගැන නෙවෙයි එයිනුත් බොහොම සුළු පිරිසක් ගැන. මේ සමාජයට හානි කරන අය ගැන. මේ ගොල්ලෝ මේ හැඟීම් එලියට දාගන්න ක්‍රම කීපයක් තියනවා.

1.) තමන්  Cross-Dresser කෙනෙක් , මම කැමතියි මං වගේ අය එක්ක ඉන්න කැමති අය හොයාගන්න කියන දේ එළිපිටම කියලා ඒ දේට කැමති අය විශේෂයෙන් පිරිමි පාර්ශවය තමන් වෙත ගෙන්නා ගැනීම.

2.) තමන් කෙල්ලෙක් විදිහට ඇඳගෙන ගත්ත ෆොටෝ විඩියෝ...විශේෂයෙන් මූණ නෙපෙනෙන්න වගේ දේවල් පාවිච්චි කරලා තමන් කෙල්ලෙක් බව අනෙකාට ඒත්තු ගන්නවලා තමන් ලගට ගෙන්නා ගැනීම.

3.) කණ්ඩායම් වශයෙන් සහයෝගීව ඒත් ඒ බව නොපෙන්වා සාමාන්‍ය පුද්ගලයින්ව මේ ආකාරයේ මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් බවට පෙළඹවීමට උත්සහ කිරීම.

එම කරුණු 3න් මම දැන් කියන්න යන්නේ ඔය අන්තිම කරුණ ගැන. මොකද මුල් කරුණු දෙකටම ඇදෙන පුද්ගලයිනුත් තමන් මේ කරන දේ ගැන හොඳාකාරවම දැනගෙන එතනට යන අය. ඒ හින්දා ඒ ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඒ හින්දා මම කතා කරන්නේ මේ 3 වෙනි කරුණ ගැන.

කොහොමද මේක වෙන්නේ...මට හොයාගන්න පුළුවන් වෙච්ච දේවලින් මම දැනගත්තේ මේ විදිහට. (ඒත් මට හොයාගන්න බැරි උණු තව දේවල් මේ තුල තියද කියන්න මම හරියටම දන්නේ නැහැ.)
මේ අය බොහෝ වෙලාවට ඉන්නේ සාමාන්‍ය කෙල්ලෙක් වගේ...ඒත් නැත්නම් සාමාන්‍ය කොල්ලෙක් වගේ. ඒත් නැත්නම් තමන්ගෙම කෙල්ලෙක් වගේ ගත්ත ෆොටෝ දාගෙන. දැන් අපි හිතමු මේ වගේ කෙනෙක්ගේ Profile එකකට ඇත්තටම සාමාන්‍ය කොල්ලෙක් add කරගත්තා කියලා. ඉතින් ඊට පස්සේපටන් ගන්නේ බොහොම හෙමින් මේ අළුතෙන් හම්බ වුණු කොල්ලා මොන වගේ කෙනෙක්ද කියන එක සෙවීම. අපි හිතමු මේ කෙනා බොහෙම සාමාන්‍ය හැගීම් දැනීම් තියෙන සාමාන්‍ය මනුස්සයෙක් කියලා. දැන් කොහොමද මෙයාව අර වගේ අසාමාන්‍ය ඇබ්බැහිවීම් වලට ඇදලා ගන්නේ. මම කිව්වනේ මේ ගොල්ලෝ ඉන්නේ කණ්ඩායම් වශයෙන් කියලා. මෙයාලගේ ආසාවන්, අරමුණු එක වගේ. මේ ගොල්ලන්ගේ තියනවා එයාලගෙම කියන සංවේදී කතා ලිස්ට් එකක් සහ ලිංගිකත්වය පිළිබදව එයාලට දැනෙන දේවල් ගැන ලියවුනු වෙනම ලිපි සහ සංවාද කිහිපයක්. ඊලගට කෙරෙන්නේ මේ ලිපි සංවාද වගේ දේවල් අර මේ පිළිබදව කිසිම දෙයක් නොදන්න කෙනාගේ ඔළුවට දාන එක. මේකත් කෙරෙන්නේ බොහොම සූක්ෂමව කල්පනාකාරීව සහ බොහොම සෙමෙන්. මේ කාලෙදි කිසිම විදිහකින් ඒ කෙනාට අයුතු යෝජනාවක්වත් කිසිම සැක හිතෙන දෙයක් කියන්නේ නෑ. මේ කාලය සම්පූර්ණයෙන්ම ගන්නෙ ඒ කොල්ලගේ තියන මානසිකත්වයේ සාමාන්‍ය ලිංගික හැගීම් වෙනස් කරන්න. මේක හරියන අයත් ඉන්නවා වරදින අයත් ඉන්නවා. දැන් ඊලගට...මේ විදිහට යම්තාක් දුරකට මනස විකෘති උනපුද්ගලයෙක්ට ඊලගට ඔවුන් කරන්නේ ඔවුන්ගේ අත්දැකීම් පැවසිම. මං කලින් කිව්වා වගේම මේකත් ඉතාම පරෙස්සමෙන් වගේම කල්පනාවන් කරන දෙයක්. මොවුන්ට තියන අමාරුම කාරනේ ඔය පලවෙනි කොටස ඉටුකර ගැනීම. ඒක සාර්ථකනම් දෙවෙනි තුන්වෙනි පියවරවල් ලේසියි. ඔය විදිහට එයාලගේ අත්දැකීම් කීමෙන් බලාපොරොත්තු වෙන්නේ අර සාමාන්‍ය අර්ධ වශයෙන් මේ පැත්තට නැඹුරු උනු පුද්ගලයාට මේ අමුතු ආසාවල් ගැන තව ආසාවක් ඇති කිරීම. ඒ මට්ටමට ගත්තට පස්සෙ ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නෑ ඒ මනුස්සයටත් ඕනි වෙන්නේ අර කණ්ඩායමට ඕනි ආකාරයටම හැසිරෙන්න. මට කතා කරන්න හම්බවුනු අයගෙන් කීප දෙනෙක්ම මේ ආකාරයට සාමානය විදිහට ඉපදිලා සාමාන්‍ය හැගීම්ම තිබුනු ඒත් Facebook වැනි තැන් වලින් එක සැරේම තමන්ගේ ජීවිතේට කඩාපාත් උණු පුද්ගලයෝ හින්දා මේ විදිහට ඈත් වෙන්න බැරි තරමටම අස්වාභාවික චර්යා වලට හුරු වුනු අය. ඒ අය ගොඩක් වෙලාවට ලැජ්ජාව හින්දම සමාජයෙන් වහන් වෙලා ඉන්නවා වගේම ඒ දේවල් හින්දා මානසිකවත් සෑහෙන්න දුක් විඳිනවා. ඒත් ඒ දේවල් කියාගන්න කෙනෙක් නෑ. ඕනෑම මානසික රෝගයකට බෙහෙත් ගන්න පුළුවන් උනත් ඒ තැන් වලට යොමුකරවන්න තරම් කෙනෙක් අතදෙන්න කෙනෙක් නැතුව තමන්ගේ හැඟීම් එක්කම තනි වෙලා ඉන්න අය.

ජීවිතේ කියන නාටයයෙදි අපිට හම්බ වෙන චරිත විවධාකාරයි. ඒ චරිත එක්ක රඟපාන්න වෙන කොටසත් විවිධාකාරයි. ඒත් වඩා වැදගත් වෙන්නේ අපේ අනන්‍යතාවට අපේ ආත්මයට හානියක් නොවෙන විදිහට ඒ චරිත කලමනාකරණය කර ගැනීමයි. විශේෂයෙන් ලිංගිකත්වය කියන මාතෘකාව එලිපිට කතා නොකරන ජීවිතයේ ඒක සාමාන්‍ය කොටසක් වුණු මේ දේට සුවිශේෂීත්වයක් වැනි හැඟීමක් දෙන ලංකාව වැනි සමාජයක බොහෝ දෙනෙකුගේ බොහෝ දෙනෙකුගේ දැනුම තමන්ට අහන්න දකින්න ලැබෙන දෙයින් එහාට යන්නෑ. එවැනි අවස්ථාවල එක සැරේම තමන්ගේ ජීවිතයට මෙවැනි අත්දැකීමක් ලැබුනොත් ඒ ඇතිවන කුතුහලය නිසාම වැරදි මාර්ගයට වැටුනු ඒකට වැටුනට පස්සේ සමාජෙට මුහුණ දෙන්න බැහැයි කියන මානසිකත්වයක් තමන් විසින්ම ගොඩනගාගෙන මානසික අවපීඩන විලට ගොදුරු උන ඕනෑතරම් පුද්ගලයින් මේ සමාජයේ පේන්න සහ නොපෙනෙන්න ඉන්නවා. 

ජීවිතේ ගොඩක් දේවල් අපිට තේරුම් යන්නේ තමන් ලබන අත්දැකීම් වලින්. කෙනෙක් කිව්ව පලියට දැක්ක පලියට නොතේරුනු ගොඩක් දේවල් අත්දැකීමක් ලබපුදවසක තේරෙන්න පටන් ගන්නවා. ඒත් ජීවිතේ හැමදෙයක්ම අත්දැකීමකින් පස්සෙම තේරුම් ගන්න බලා හිටියොත් තමන්ට ජීවිතේ හදාගන්න බැරි තරමටම වරදිනකම් කිසිකෙනෙක්ට තේරෙන්නෑ. ඒ නිසා වඩා වැදගත් වන්නේ යමක් වෙන්න කලින් එය තේරීමටත් වඩා එය තේරුම් ගැනීමයි...



49 comments:

  1. ජීවිතේ ගොඩක් දේවල් අපිට තේරුම් යන්නේ තමන් ලබන අත්දැකීම් වලින්. කෙනෙක් කිව්ව පලියට දැක්ක පලියට නොතේරුනු ගොඩක් දේවල් අත්දැකීමක් ලබපුදවසක තේරෙන්න පටන් ගන්න

    එහෙම් එහෙම්

    ReplyDelete
    Replies
    1. හිකිස්...අත්දැකීමෙන්ද අයියේ තිව්වේ..... ;)

      Delete
  2. බොහොම සංවාදාත්මක ඉසව්වකට යා හැකි අගනා පෝස්ටුවක්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. ඔයාගේ ලින්ක්ස් ටික මට ලොකු උදව්වක් උනා අද... අර ‌බොරු එකවුන්ට් හොයා ගන්න හැටි තියෙන එක.. හි හි...

    ඇත්ත.. ම‌ම නම් ෆේස් බුක් එක පාවිච්චි කරන එක අතෑරලම දාලා තියෙන්නේ දැං නං.. ඒක මහ විකාරයක්....

    ReplyDelete
    Replies
    1. උදව්වක් උනානම් ඒ ඇති. මටත් ඕනි එච්චරයි. ස්තූතියි අක්කේ...

      Delete
  4. හ්ම්ම්ම්... හ්ම්ම්ම්....
    // ජීවිතේ හැමදෙයක්ම අත්දැකීමකින් පස්සෙම තේරුම් ගන්න බලා හිටියොත් තමන්ට ජීවිතේ හදාගන්න බැරි තරමටම වරදිනකම් කිසිකෙනෙක්ට තේරෙන්නෑ. ඒ නිසා වඩා වැදගත් වන්නේ යමක් වෙන්න කලින් එය තේරීමටත් වඩා එය තේරුම් ගැනීමයි...//

    ඇත්ත.. අත්දැකීම් කියන්නෙ අපේම ඒවා නොවෙන්න පූලුවන් ඒත්, නරක යමක් වෙන්න කලින් පරිස්සම් වෙන එක ගුණයි!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නංගි. දෙයක් වෙන්න කලින් දැනෙන ඉව ගොඩක් වැදගත්...

      Delete
  5. මේවට අහුවෙන්නේ වැඩි හරියක් තරුණ අය. ඒ අයගෙනුත් අවු:14 ත් 22ත් අතර අය. මොකද සමාජය ගැන ලොකු අත්දැකීමක් නැති, හොරෙන් කතා කල යුතු මාතෘකා ගැන අවධියෙන් ඉන්න වයසක් ඒක. පොස්ට් එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. මොකද ඒ වයසෙදි කුතුහලය ගොඩක් වැඩියි. විශේෂයෙන්ම වැඩිය එළිපිට කතා නොකරන මාතෘකා ගැන...

      Delete
  6. වටිනා පොස්ට් එකක් කියල හිතෙනවා. මොකද මේ වගේ දේවල් ගැන විවෘතව කතා බහ කරනවා අඩුයිනේ.... හැමෝම කල්පනාවෙන් වැඩ කරනවා නම් හරි....

    ඔය මුණු පොතේ ෆේක් අකවුන්ට්ස් සෑහෙන තියෙනවා තමා. තමන් දන්නා කියන කට්ටියව විතරක් Add කර ගත්ත නම් ඉවරනේ. මගේ එකේ නම් ඉන්නේ මම දන්නා අය විතරයි. එතකොට ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තමන් ආපු වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවනම් ප්‍රශ්ණ අඩුයි. ඒත් හැමදේම ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා..

      Delete
  7. අඩේ!මේ වගේ කස්ටිය මටත් බුකියේ සෙට් වෙලා තියනවා! මමනං සීන් එක තේරුන ගමන් බ්ලොක් කරලා දානවා!

    ReplyDelete
    Replies
    1. ඈ.......උඹේ නාඩි බිඳ වැටුන්නෑනේ... ;)

      Delete
  8. නියමයි.මේවා ගැන ඇත්තටම වැඩි දැනුමක් තිබුනේ නෑ..
    තැන්කු වේවා..!!

    ReplyDelete
    Replies
    1. හිකිස්...යූ ආර් වල් කම් ඈ...නංගි.. :)

      Delete
  9. මමනම් නොදන්නා කට්ටියව ඇඩ් කරගන්නේ නෑ මගේ ඇත්ත අකවුන්ට් එකට.

    ReplyDelete
  10. අපේ පලවෙනි අවුරුද්දේ අපේ බැචාලා සෙට් එක එක්ක මමත් මූණු පොතේ රිසර්ච් එකක් කළා ඇඬේනවා. අපේ ලංකාවෙත් ඉන්නවා ඔය වගේ අදොස් ඩයල් අපි සෑහෙන්න ගානක් ප්‍රොෆයිල් බ්ලොක් කරවල තියෙනවා. සෑහෙන්න වයිරස් යවල තියෙනවා. අන්තිමට උනේ උන්ගේ සෙට් එකක් මගේයි තව දෙන්නේක්ගෙයි එකවුන්ට් බ්ලොක් කරවපු එක. සෑහෙන්න හොඳ පොස්ටුවක් මලේ. මටනම් කියන්න තියෙන්න ඕකට මෝල් අමාරුව කියල විතරයි සිංහලෙන්ම.

    ReplyDelete
    Replies
    1. මටත් මේ අහුවෙච්ච උන්ගේ ප්‍රොෆයිල් බ්ලොක් කරන්න ගියානම් එහෙම මම තාම බ්ලොක් කරනවා. ඒ තරම් ඔය වගේ කට්ටිය වැහි වැහැලා. බොහොම ස්තූතියි අයියේ..

      Delete
  11. මමත් මෙහෙම දෙවල් අත්දෙකිමෙන් දන්නවා ..... එක හරිද වැරදිද කියන්න නම් මං දන් නැ....

    ReplyDelete
    Replies
    1. ඈ....................අත්දැකීමෙන් කිව්වේ... ;)

      Delete
  12. ඒ ඔයා මාලයිනේ...මම නම් ඩිඇක්ටිවේට් කොරලා.. ඒ නැතත්.. පවුලේ අයයි,ෂුවර්ම අයගේ ෂුවර්ම අයයි අරනේන ඇඩ් කොරන්නෙ නෑ..රික්වෙස්ට් නම් 140ක්ද කොහෙද තියනවා..

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඒක හොඳයි. ලස්සනට හිනා වෙලා ලඟට එන උන් මොන වගේ උන්ද කියලා එක සැරේම කියන්න අමාරුනේ...

      Delete
  13. පුළුල් මාතෘකාවක්. මමත් ඔය ගැන සෑහෙන්න හොයලා බලලා තියෙනවා වගේ ම සෑහෙන අත්දැකීමුත් තියෙනවා. හොඳ ලිපියක් මලේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.....

      Delete
  14. මම නම් ෆේස් බුක් එකට රික්වෙස්ට් දාපු එවුන් ඇඩ් කරගන්නවා ඕනේ එකෙක්,..අපිට දැනගන්න පුළුවන්නේ සතා කවුද මිනිහා කවුද කියලා....අවුල් වගේ නම් බ්ලොක් කරලා දානවා. දවසක් මටත් ඔහොම ඩයල් එකක් සෙට් වුනා, මේකා මගේ නම්බර් එක ඉල්ලුවා රික්වෙස්ට් එක කන්ඵර්ම් කරපු ගමන් හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපරාදේ නම්බර් එක දෙන්න නේද තිබුනේ.... ;) :පී

      Delete
  15. සිරා.. ඵට්ටේට වටිනවා සහෝ

    ReplyDelete
  16. මම පුද්ගලයන්ගේ ලිංගික අපගමන ගැන පෝස්ට් එකක් ලිව්වා. මේ තියෙන්නේ ඒ පෝස්ට් එකේ පාරලිංගිකත්වය ගැන ලියපු ටික.

    //මානසික ලිංගිකත්වය කියන්නේ කෙනෙක්ගේ තමන්ගේ ලිංගිකත්වය ගැන තියෙන ආකල්පය. දරුවෙකුට මේ අවබෝධය ඇතිවෙන්නේ ඉපදිලා අවුරුදු 2½ ඉදලා 4 විතර වෙනකම් කාලයේදි.
    බොහෝදුරට පුද්ගලයකුගේ කායික ලිංගිකත්වය සහ මානසික ලිංගිකත්වය සමානයි. නමුත් සෑම 10000ටම එක්කෙනෙක් තමන්ගේ කායික ලිංගිකත්වයට වඩා වෙනස් මානසික ලිංගිකත්වයක් දරනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්නම් තමන් ගැහැණු කෙනෙක් කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒකට කියන්නේ 'පාරලිංගිකත්වය' කියලා. (Transgender)//

    ඒ වගේම ලිංගික අක්‍රමතාවයක් විදියටත් විරුද්ධ ලිංගිකයන්ගේ ඇදුම් අදිනවා.
    //• පාරවේශනත්වය (Transvestism) - මේ අක්‍රමතාවයෙන් පෙළෙන අය කරන දේ තමයි විරුද්ධ ලිංගයේ අයගේ ඇඳුම් ඇඳලා ලිංගික තෘප්තියක් ලැබීම. විශේෂයෙන් මේ අයත් කාන්තා යට ඇඳුම් වගේ දේවල් තමන් ඇඳගෙන තෘප්තිමත් වෙනවා.//

    මේ වගේ කෙනෙක් දැක්කොත් ගහලා එලවනවාට වඩා ප්‍රතිකාර වලට යොමුකරනවානම් තමයි වඩා හොඳ. හැබැයි ප්‍රතිකාර කියලා පත්තරේ ලොකු අකුරින් දාන වෙළෙන්දන්ටනම් අහුවෙන්න එපා. පිලිගත් රෝහලකට යන්න. දැන් හැම මහරෝහලකම වගේ මානසික වෛද්‍යවරුන් ඉන්නවා. ඒ අය ඔයාට උදව්කරයි.
    පාරලිංගික අයට අවශ්‍යනම් විරුද්ධ ලිංගික කෙනෙක් වෙන්න ඒකටත් අවස්ථාව තියෙනවා. ඒ වගේම පාරවේශවත්වයට නම් ප්‍රතිකාර අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් අයියගේ අදහසට මාත් එකගයි.ඒක එක්තරා ආකාරයක මානසික රොගී තත්වයක්නේ..
      ඉතින් ප්‍රතිකාර වලට ඒ අයව යොමු කරන එක බොහොම වැදගත්.කරුණු කාරණා තේරුම් කර දිමෙන් හෝ උපක්‍රමශීලීව එවැන්නන් ප්‍රතිකාර වලට යොමු කරල ඒ අයවත් සාමාන්‍ය සමාජයට ගන්නවානම් ඒක ලොකු පිනක්....

      Delete
  17. ඔක්කොමත් හරි අයියේ.. // ඒ අය ඔයාට උදව්කරයි.// අන්න ඒ කෑල්ලට බඩ පපුව දාලා ගියා...තාම හොයාගන්න නෑ ඒවා....ඇයි බං හත්තිලව්වේ අයියේ මං ගැන එහෙම හිතුවේ.. මම මේ පෝස්ට් එකට කරුණු හෙව්වා විතරනේ අෆ්ෆා....
    ඒ උනාට ඔයාගේ උපදෙස් ටික ඒවා ඕනි අයට මාර වටිනවා...බොහොම ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. අයියෝ ෂල්ලි. මේ මම කොපි පේස්ට් කරපු එකක් මල්ලි. මගෙ බ්ලොග් එකෙන්. ඉතින් ඒකෙ තිබුන එක ඒ විදියටම දැම්මා. සොරි හොදේ...

      Delete
    2. හිකිස්...කම්ක් නෑ ඉතින් දැන් මොනවා කරන්නද.. ;) :)

      Delete
  18. "ජීවිතේ ගොඩක් දේවල් අපිට තේරුම් යන්නේ තමන් ලබන අත්දැකීම් වලින්. කෙනෙක් කිව්ව පලියට දැක්ක පලියට නොතේරුනු ගොඩක් දේවල් අත්දැකීමක් ලබපුදවසක තේරෙන්න පටන් ගන්නවා. ඒත් ජීවිතේ හැමදෙයක්ම අත්දැකීමකින් පස්සෙම තේරුම් ගන්න බලා හිටියොත් තමන්ට ජීවිතේ හදාගන්න බැරි තරමටම වරදිනකම් කිසිකෙනෙක්ට තේරෙන්නෑ. ඒ නිසා වඩා වැදගත් වන්නේ යමක් වෙන්න කලින් එය තේරීමටත් වඩා එය තේරුම් ගැනීමයි..."

    හරියටම හරි...
    හැම දේකදිම වැදගත් වෙන්නෙ ඉදිරිය,අනාගතය ගැන සිතා,කටයුතු කිරීමයි.
    මුණු පොත කියන සයිබර් සමාජයේ විතරක් නොවේ සැබෑ ලෝකෙත් සුපරීක්ෂාකාරීව ජිවත් උනොත් වෙන්න තියන ව්‍යසන,අපරාධ බොහෝ දුරට අඩු කර ගන්න හැකි වේවි !!!
    මෙවන් දේ පිලිබදව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්...
    බොහොමත්ම ස්තුතියි මෙවන් ලිපියක් පල කිරීමට !!!
    ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න කියලා ඔය කවුදෝ මන්දා කිව්වලුනේ....බොහොම ස්තූතියි ඔබේ අදහසටත්..

      Delete
  19. උඹ මාර පොස්ට් නේ දාන්නේ ඉඳල හිටලා ආවත්.

    ReplyDelete
    Replies
    1. ඈ............එහෙමත් එකක්ද අයියේ.... :)

      Delete
  20. මටත් මූණු පොතේ කොලු කාරයො රාශියක් හමුවෙලා තියෙනවා... සමහරුන්ට් බේත් ගන්න පුලුවන් තැන කිව්වා... අනිත් උන් හොද කුණු හබ්බ අහගත්තා...

    වටිනා කථාබහක් මලේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්....සිරා අයියා සිරාවට වැඩේ දීලා වගේ... :) තැන්කිව් ඈ...

      Delete
  21. හැදෙනවානම් හැදෙන්නත් නැහැදෙනවානම් නැහැදෙන්නත් අවස්ථාව ලැබෙනවා මේ ෆේස් බුක් හරහා.ඇත්තටම තමාගේ ලිමිට් එක දැනගෙන මිතුරන් තෝරා ගන්නවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න පුළුවන් වෙයි..කතාව වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..බොහොම ස්තූතියි...

      Delete
  22. අන්තිමටම ආවත් ඉතාමත් වැදගත් කාගෙත් අවදානය යොමුවිය යුතු පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ආපු එක වටිනවනේ අයියේ...බොහොම ස්තූතියි... :)

      Delete
  23. හිතන්න දේවල් ගොඩක් තියනවා ඇත්තටම..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...