Saturday, November 10, 2012

නංගි නලලෙද...(පරණ කතා..)...!


හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි නෑ වගේ...නිකන් මොකද්දෝ අමුත්තක් වේගෙන වේගෙන එනවා... එනවා වගේ...අම්මපා මං මේ බැලුවේ මං වැඩිවියටවත් පත් උනාද කියලා...ඒත් ඒ කාලේ 9වසර සෞඛ්‍ය පොතේ තිබ්බ විදිහට එහෙම හතර පස් පාරක් එහෙම වෙන්නේ නෑලු නේද.....එක්කෝ මේ වෙන මොකක් හරි වෙන්ඩ ඇති...හඳ මෝරන කාලෙත්ලුනේ....අපි ජුගුප්සාජනක මිනිස්සු විදිහට මේ වගේ පෘතග්ජන හැඟීම් ඇති වෙන එකත් පුදුමයක්ද නේද ඈ.........

කාලෙකට පස්සේ ඇවිල්ලා ඔය මොකක් හරි කුරුටු ගාන්න හිතුවට...ඒ...මොකක්වත් හිතෙන්නේ නෑනේ අප්පා....හිත කියන පාටිෂන් එක ඩිලීට් වෙලාද මන්දා....
ඉතින් ඔහොම හිත හතා ඉන්නකොට අහම්බෙන් වගේ මෙච්චර කාලයක් කාලයේ වැලි තලාවෙන් වැසිලා තිබිච්ච මහා වටිනා දේවල් ටිකක් මම උමගක් හාරලා හොයා ගත්තා...වටිනවා කිව්වේ ඒ කාලේ වෙච්ච පුංචි පුංචි එව්වා මෙව්වා ටිකක්..ඒ කාලේ කිව්වේ මේ...කාලෙකින් ආපු හින්දත් එක්ක ඉස්කෝලේ කාලේ කරපු එව්වා ටිකක් සහ මෙව්වා ටිකක්...මාත් ඉතින් මේ ඉස්කෝලෙන් අයිත් උනේ ඉතාම නුදුරු අතීතයෙදිනේ...නුදුරූ කිව්වේ මේ....ඉතාම මෑත මේ...ඊයෙ පෙරෙයිදා වගේ වෙච්ච 08 කාලෙදිනේ...

අපි ඔය අපොස උපෙට ලියන කිට්ටුව ඉතින් ඉස්කොලේ එනවා කියන්නේ පට්ට අඩුවෙන් තමා...80% කේස් එක නොවෙන්න එන්නෙම නැති තරම්.. අපරාදේ කියන්න බෑ බෑ ඉස්කෝලෙ ආවත් අපි හොඳට හැදිච්ච දරුවො විදිහට උදේ 10න් පස්සෙනම් ඉස්කෝලේ ඇතුලේ හිටියේ බොහෝම කලාතුරකින් වගේ තමා. අනිත් වෙලාවට පනින්න තියා හිතන්නෙවත් නැති තැන් වලින් කිසි ගේමක් නැතුව පැනලා මොකුත් නොවුනා වගේ යන්න ඔය කාලෙදි හොඳ හැකියාවක් තිබ්බා.. ඔහොම පැනලා ගියාට අපි ඉතින් බොහොම හොඳ හැදිච්ච ගුණ ගරුක දරුවො විදිහට මුකුත් නරක වැඩ එහෙමනම් කෙරුවේ...නැද්ද මන්දා..ගොඩක් වෙලාවට අපි යන්නේ අපේ ගෙදර..මොකද ඒ වෙලාවට අපේ ගෙදර කවුරුත් නෑනේ.. :) සමහර දවස් වලට හොඳට පායනවනම් එහෙම ලඟ තියන ඇලක්, දොළක්, ඇල්ලක්, පීල්ලක්, කැලෑවක්, මොකක් තිබ්බත් ඒවා හොයාගෙන යන පුරුද්දක් තිබ්බා...අනේ මෙව්වා කරලා අද මෙහෙම තැනක ඉන්න එකත් මදෑ නේද....

එදා ඉස්කෝලේ නිවාඩු දෙන දවසක්ය. මේ වගේ දවසක් යනු අනිවාර්යෙන්ම මොකක් හෝ පිස්සුවක් කෙලිනවාමය..නැත්නම් වැඩකුත් නැත. ආයිත් මාසෙකට පමණ ඉස්කෝලේ එන්නේද නැත.  ඉතින් අපරාදේ කියන්න බෑ ඕනැ පිස්සුවකට අලුගුත්තේරු වැඩකට නෑ බෑ නොකියා බෙල්ල ගහලා ගියත් එකට ඉන්න කට්ටියක් ඒ කාලේ සිටියේය. මතක ඇතිනේ කඩවල් වලින් හොරෙන් කාලා මාට්ටු වෙච්චා එහෙම. ඉතින් එදත් උදේ ඉඳන්ම කට්ටිය එක එක ප්ලෑන් ගගහා හිටියා..අද මොකද කරන්නේ....කොහේ හරි යනවද...එහෙම නැත්නම් වෙන මොනවා හරි කරනවද....මොනවා කලත් ගොඩ දෙනෙක්ට එදා හවස අපේ ඉස්කෝලෙම ඉකෝන් උගන්නන සර්ගේ අමතර පන්තියටත් එන්න උවමනාව තිබුනා.. ඉතින් ඒක හින්දා මොනවා කලත් ඒක මේ ලග පාතකදිම කරලා ක්ලාස් එකටත් වෙලාවට යන්න තමයි හැමෝම කල්පනා කලේ. ඉතින් දුරක යන්නත් බැරි එකේ මේ ලග පාතකම කොහාට හරි ගිහින් සෙට් වෙන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙලා ඊට පස්සේ කොහාට හරි ගිහින් සිංදුවක් කියලා නටලා එක්සෑම් එකත් කිට්ටු එකේ මනස ටිකක් රිලැක්ස් කර ගන්න තමා කට්ටිය කල්පනා කලේ...

ඉතින් කොහොම හරි බොන නොබොන අපි ඔක්කොමලා දැන් යන්න තැනකුත් කල්පනා කර කර ඉස්කෝලෙන් එලියට ආවා...ඔක්කොටම හපන් ඉන්නේ සුදු ඇඳුමෙන්නේ...මාට්ටු උනොත් එල්ලුම් ගස් තමා..කොහොම හරි අපේ ඉස්කෝලෙට පිටිපස්සෙන් ලොකු වෙල් යායකුත් එක්ක පොඩි පොඩි කැලෑ..පොඩි ඇළ පාරවල් එහෙම තියන පැත්තක් තියනවා....දැන් ඉතින් බොන එව්වන්ට බොන්න දේකුත් එපැයි...සුදු ඇදුමින් ඉල්ලන්නයෑ ගිහිල්ලා.. කොහොම හරි දෙතුන් දෙනෙක් ගියා කවුරු හරි දන්න එකෙක්ට කියලා මොනවා හරි අරගෙන එන්නම් කියලා.. එතකම් අපි ගියා මොකක් හරි හොඳ තැනක් හොයාගෙන..කොහොමහරි අපි ඔක්කොමලා එකට ගියොත් ඒකත් හොඳ නැති හින්දා දෙතුන් දෙනා වෙන වෙනම ගිහින් හොඳ තැනක් හම්බ උනොත් අනිත් අයවත් එතනට ගෙන්න ගන්න තමයි කතා කරගත්තේ...කොහොම හරි අපි ඔහොම යනකොට හම්බ උනා ඒ පැත්තේ මිනිස්සු එහෙම ඉන්න ගෙවල් ඉවර වෙච්ච ගමන් කුඹුරු යායකුත් එක්ක තියන උණ පඳුරු වලින් වට වෙච්ච පොඩි ඇළ පාරකුත් යන තැනක්...දෙපැත්තෙන්ම ඈතට යනකම් ගෙවල් දොරවල් නෑ...උණ පඳුරු අස්සට රිංගා ගත්තොත් මොකාටවත් පේන්නෙත් නෑ..දැනුත් මතක් වෙනවා ඒ තැන..පට්ට ප්ලේස් එක.. :)

ඊට පස්සේ ඉතින් අර ගේනවායි කිව්ව බීම ජාතිත් ගෙනත් අනිත් කට්ටියවත් එකතු කරන් ෂේප් එකේ ඔතනට සෙට් උනා. තැන එච්චරම ෂුවර් නැති හින්දාත් ගොඩක් වෙලා ඉන්න බැරි හින්දත් පැය බාගයක්වත් යන්න කලින් ගෙනාපු එව්වා ඔක්කොම ටික ඉවර කලා...බිව් නොබිව් ඔක්කොමලා අඩුගානේ කොකා කොලා එක්ක බයිට් කන්නවත් ඇවිත් හිටියා. ටාර් බාර් ගාලා වැඩේ ඉවර කරගෙන මොකුත්ම දන්නේ නැති චූටි පැටව් වගේ උණ පඳුරු අස්සෙන් එළියට ආපු අපිට තියන ඊලඟ වැඩේ....දැන් කොහෙද යන්නේ.....කට්ටියට සිංදුවක් කියලා නටන්නම ඕනි...ඒත් මෙහෙම යන්න තැනකුත් නෑ....උදේ 10ට විතර ඉස්කෝලෙන් එළියට ඇවිත් මේ වැඩ ඉවර වෙනකොට දවල් 12ට විතර ඇති....දැන් මොකෑ කරන්නේ....ක්ලාස් පටන් ගන්නෙත් 3ට විතර...පැය 3ක් විතර තව වෙලාවත් තියනවා....

"ඉතින් ක්ලාස් එකටම යමන්...ගිහින් සර් එනකම් සිංදුවක් කියාගෙන ඉම්මු...අද නිවාඩු දෙන දවස හින්දා සර් මොකුත් කියන්නේ නෑ.." එකෙක්  අයිඩියාව දැම්මා...යකෝ මූට පොවන්නම ඕනි ඔහොම දෙයක් කියන්නත්...වෙන යන්න තැනකුත් නැති එකේ කස්ටියගේ ඒක මතික තීරනේ උනේ ක්ලාස් එකට යමු කියලා...ඉතන් ඊට පස්සේ අපි ඔක්කොමලා ක්ලාස් එක  තියන තැනට ගියා..මේ ක්ලාස් එක තිබ්බේ ටුව්න් එකේම පොඩ්ඩක් ඇතුවල වෙන්න පල්ලමක. කොහොම හරි ඔක්කොමලා ඇතුලට ගිහින් සංදු කිලා නටන්න පටන් ගත්තා...ටිකක් වෙලා යනකොට බීපු එව්වෑ පවර් එකටත් එක්ක ගොඩ දෙනෙක් කමිස ගලෝගෙන නටනවා...ඔය අතරේ මේ ආරංචිය දැන ගත්ත අනිත් ඉස්කෝල වල කට්ටියත් මෙතනට අවිත් දැන් සිංදු කියමින් නටනවා...ඔය වෙලාවෙම් මහා ධාරාණිපාත වර්ෂාවකුත් ඇද හැලෙන්න පටන් ගත්තා....තවත් ආතල්...සීතලත් එක්ක..කට්ටිය උඩ පැන පැන නටනවා....

කලින් ක්ලාස් ආපු ගෑණු ළමයින්ට් ඇතුලට එන්න විදිහකුත් නෑ අපි දොරවල් වහගෙනනේ..කොල්ලෙක් ආවොත් ඇතුලට ගන්නවා...ඔහොම ටික වෙලාවක් යනකොට එකෙක් පොඩ්ඩක් පැත්තකට ගිහින් පැත්තකින් ඔළුව තියාගෙන ඉන්නවා දැක්කා...ඔව් ඔව් අර ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා) කතාවේ අපේ වෙන එකෙක්ට ගෙදරත් ඉන්න නැති කල එකාම තමා... :) ඌ කොහේ ගියත් වමාරනවනේ... ;) දැන් මේක කියෝලා ඌ මොනවා කියයිද දන්නෑ.. ;)
කොහොම හරි එදත් ඉවසන් ඉන්න බැරිම තැන මූ ක්ලාස් එකේ අන්තිම පේලියේ කාපු බීපු ඔක්කොම ටික වැමෑරුවා....මල මගුලයි..දැන් මේක හෝදන්නයෑ...වෙලාවකුත් නෑ...තවටිකකින් සර් එනවා...මේක දැක්කොත් ඔක්කොම මාට්ටු...එකෙක් කොහෙන්ද මන්දා උස්සගෙන ආපු ගෝනියක් එතනට දැම්මා...දැන් ඉතින් වැඩය පේන්නේ නෑ...ඒ වෙලාවේ මොනවා උනත් කමක් නෑ කියලා හිතලා අපි සර් එන්න කිට්ටුව වැඩේ ඉවර කරලා ක්ලාස් ඉන්නැති අය ගියා අනිත් අය හිටියා...මාත් ඒ ක්ලාස් එකට ඉන්නේ නැති හින්දා ගෙදර ගියා...කොහොම හරි පස්සේ දනගත්ත විදිහට එදා සර් උගන්නන ගමනුත් දෙතුන් සැරයක්ම කව්වලු මොකෙක් හරි බල්ලෙක්වත් මේ ලගක ජරා කරලා තියනවා ඉන්න බැරි තරම් ගඳයි කියලා...හිතා ගන්න පුළුවන්නේ මුගේ බඩේ තිබිච්ච ද්‍රව්‍ය වල වටිනාකම... එදා කොහොම උනත් තව පොඩ්ඩෙන් වැඩේ අතේ මාට්ටු වෙනවා...හොඳ වෙලාවට මම කිව්වනේ අර ධාරණිපාත වර්ෂාවක් ඇද හැලුනා කියලා...එදා හවස් වෙනකොට පල්ලමක තිබිච්ච ක්ලාස් එකටත් වතුර ඇවිත්...පහුවදා වෙනකොට ඩෙස් පුටු යටවෙන්නම වතුර ඇවිත් ඒවා උඩ ගෝනියක් පාවෙවී තිබුනලු.....................


***********************************************************************

දැන් කියන්න යන කතාවනම් කෙල්ලෙකුත් සම්බන්ධ එකක්ය. ඒ වෙනකොට අපි 12 වසරට ආවා පමණය. කොහොම හරි මේ කතාවේ කතා නායකයා වඩාත්ම ප්‍රසිද්ධ බස්වල කොන්දන්ට නෙලීමටය. කොන්දෙක්ට ගහන්නට උගෙන් මූට වැරැද්දක් වෙන්න අවශ්‍යම නැත. නිකන් බැලුවත් ඇතිය...විශේෂයෙන් සීටීබී බස් වල කොන්දන් පේන්නට බැරිය...

කොහොම හරි මේ කාලේ අපේ තව කොල්ලෙක් කෙල්කෙල් පස්සෙන් ගියේය..මිශ්‍ර පාසලක් වෙච්ච අපේ ඉස්කෝලේ මෙව්වා අමුතු නැත.කොහොම හරි මූ සෑහෙන කාලයක් ඒ කෙල්ල පස්සෙන් ගියද කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. ටිකක් කට සැර කෙල්ලක් වූ ඇය මූට දෙතුන් ටිටක්ම බැණ වැදීද තිබුනි. ඉතින් දවසක් මේ කෙල්ල පස්සෙන් යන එකා සහ අර කොන්දන්ට නෙලන එකාට අර කෙල්ල ක්ලාස් ඇරී එන වෙලාවට වෙනදා වගේම කතා කරන්නට ගොස් ඇත. එදාද මේ කෙල්ල අර කොල්ලාට බැන වැදී පස්සෙන් නොයෙන ලෙස කියා ඇත...ඌට බැන්නාට මල පැන්නේ මම අර කිව් කොන්දන්ට නෙලන එකාටය ඌ ගත් කටටම අර කෙල්ලගෙන් ඇසුවේ...


"නංගි නලලෙද....?" කියාය....ඒක ටිකක් හයියෙන් ඇසූ නිසා අවට සිටි කොල්ලන්ද ඇයට සිනා සෙන්නට විය..
මා මුලින් කිව්වා මෙන් මේ කෙල්ලද ටිකක් කට සැර කෙල්ලක්ය..ගත් කටටම ඇය කීවේ...


"අපිට නලලෙනම් ප්ලාස්ටරයක් හරි ගහගන්න පුළුවන් අයියේ...ඔයාලට උනොත් ගණ දෙයියෝ වගේ ඉන්න වෙයි ...." කියාය. 

අම්මපා පොළොව පලාගෙන ගියානම් ඊට වඩා දාහකින් හොද යැයි මූට හිතෙන්නට ඇත. වචනයක්වත් නොකියා දෙදෙනා එතනින් මාරු වී ඇත. පහුවදා උදේ වන විට මුළු පාසලම වගේ සිද්ධිය දන්නේය...එදා පටන් ඇත්ත නමටත් වඩා ප්‍රසිද්ධ වූයේ කවුරුත් ඔහුව ආමන්ත්‍රනය කල ගණ දෙයියෝ යන නමය. අදටත් මගේ ෆෝන් එකෙත් ඇත්ත නම ඉස්සරහින් වරහන් ඇතුලේ ඒ නම ඇත.....

***********************************************************************

කාලෙකින් ආව හින්දා ලියන්නත් මොකුත්ම නැති හින්දා ඔහේ පරණ එව්වා ටිකක් ලියලා දැම්මා...දැන් මේ බහින්න හදන්නේ මැච් එකත් බලන ගමන්ම ඔයාලගේ එව්වා කියවන්න...හප්පේ සති දෙකක විතර එව්වා තියනවා....පුළු පුළුවන් විදිහට ඔක්කෙම කියවන්නම් ඈ...... :):):):):):):):)

64 comments:

  1. ඇහ්හ් ගණ දෙය්යෝ... විලි ලැජ්ජවේ සන්තෝසේ බෑ...

    අර කෙල්ල දැන් කොහෙද ඉන්නේ... ඉන්න තැන පොඩ්දක් කියපන් දවසකට කට හයර් එකට ඉල්ලගන්න.. මට අපේ බොසාට බනින්න ඔනේ

    ReplyDelete
    Replies
    1. හප්පට සිලි සිලි මී අයියේ....මට නම් දැන් මූණවත් මතක නෑ ඒ කෙල්ලගේ....

      Delete
  2. හොඳ වැඩේ ගණ දෙය්යාට...

    ReplyDelete
  3. ගැන දෙවි කතාව මම මීට කලින් අහලා තියෙනවා බන්.කබා සීන් එකනම් හැමතැනම එකයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඈැ......ඒ උඹ කෝමද බං ඒක කලින් ඇහුවේ....

      Delete
  4. අර කෙල්ල තමයි කෙල්ල. ගණ දෙයියෝ.. :D :D

    ReplyDelete
  5. :D එකෙන්ම එල එල දෙයියො..... :P

    ReplyDelete
  6. අර කෙල්ලගෙ කට නම් මසුරං බං.. බැදපු එකා බොහොම සතුටින් ඇති...

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කටේ ගුණසිරි බුල්ටෝ එකක් දාන්න ඕනෑය..

      Delete
    2. ඊට නරකද ජිනදාසගේ තල කැරැල්ලක් දැම්මොත්...

      Delete
    3. @සිරාගේ කාමරේ....තාම බැඳලද දන්නෑ අයියේ.. ;)
      @සරත් ලංකාප්‍රි....අයියේ මටත් දෙන්නකෝ බුල්ටෝ....

      Delete
  7. යකෝ ගැන දෙවියෝ මාරු කාර්ඩ් එකනේ. එල කියන්නේ එලම එල මචං

    ReplyDelete
    Replies
    1. හිකිස්.....ඒ උනාට ඒ දවස්වල ඕක කිව්වාම උගෙන් කටෙන් පිටවෙන වචන ටික තමා මරු..

      Delete
  8. හෆ්ෆා... හැදිච්ච ළමයින්ගෙ තරම පේනවා... :P :P හැබැයි ඒ කාලෙනම් මටත් ඔය 80% කේස් එක පේන්නම බෑ..:@

    මේකෙ පොඩි අවුලක් ඇත.. මම කිව්වානෙ ඒක.. ;)

    ReplyDelete
    Replies
    1. ඈ.....අපි හැදිච්ච අණු වතුරත් රත් කරලා බොන කොල්ලෝ හරිය...
      මටත් ඔය 80%නම් පේන්නම බෑ..
      ඒ අවුල දැන් ලිහිලා නේද.. ;)

      Delete
  9. kauda yako eda kaba dapu eka..mata mathaka widiyatanam meeyama thama kabba damme

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ බං අර උඹලගේ අම්මගේ ලොකුම කොල්ලලුනේ.....හුටා ඒත් උඹමයි නේද...

      Delete
  10. //ඩෙස් පුටු යටවෙන්නම වතුර ඇවිත් ඒවා උඩ ගෝනියක් පාවෙවී තිබුනලු...//
    ඇත්තටම මේක වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...මොකද ඒක රෙදි ගෝනියක් නෙවෙයිනේ....

      Delete
  11. අපේ උන්නං කබරයා පාර වහලා යන්නේ නෑ!! පුළුවන් තරම් ඒක උද නටලා එහෙම නැති කරලම දානවා! යකෝ අර කෙල්ලගේ කටක් නෙවෙයි තිබිලා තියෙන්නේ *** කක්!

    ReplyDelete
    Replies
    1. ඈ.........අයියට සුවර්ද අර කෙල්ලට තිබ්බේ **කක් කියලා ඈ...

      Delete
  12. අතීත කතා ලස්සනයි... :)

    ReplyDelete
  13. නියම කෙල්ලෙක්නේ :)

    ReplyDelete
    Replies
    1. මෙන්න කාන්තා නියෝජනය.....

      Delete
  14. දෙයියන්ට බයින්න එපා යකෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. අලේ මම නම් හැබැයි හැමදාම ස්කෝලේ ගියා, කවුරුත් එන්නෙ නැත්තම් අපේ සැට් එක අනිවාර්යෙන්ම ස්කෝලේ යනවා... එතකොට තමයි හොදම..

    ReplyDelete
    Replies
    1. අපිත් හමදාම ගියා....ඒත් හැමදාම ඉවර වෙනකම් හිටියේ නෑ... ;)

      Delete
  16. හිකිස්.... මට හිනා

    ReplyDelete
  17. අන්න කෙල්ලෝ, හෙහ් හෙහ්..... අපේ ගමේ දන්සලක කෙල්ලෝ කොල්ලේ වැඩ කරනකොට එක කොල්ලෙක් පිඟානක හිලක් තිබිලා ඒක කෙල්ලෙක්ට පෙන්නලා කිව්වා "නංගි මේකේ මෙතන හිලක්" කියලා, කෙල්ල හැරෙන තැපෑලෙන් කිව්වා "නෑ අයියේ හිල තියෙන්නේ ඔතන නෙමෙයි කියලා"...........කැත කතාවක් කිව්වේ නැති වුනාට ඒ කොල්ල අපෙන් මේ ආත්මෙටම හරියන්න අහගන්න තවත් හෙහ් හෙහ් හෙහ් .

    ReplyDelete
    Replies
    1. හිකිස්....අන්න කෙල්ලෝ නේද.....පව් අප්පා...උඹට ඒ වෙලාවේ ලැජ්ජා හිතුනද ඈ..

      Delete
  18. පරණ කතා වුණත් මේ දැන් වෙච්ච ඒවා වගේ.. ඉස්කොලෙ ගියාට වඩා කට්ටි පැනලනේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්........අපි ඉතින් අයියේ ඉස්කෝලේ ගමනේ උපරිම ඵල නෙළුව නොවැ.... ;)

      Delete
  19. අම්මෝ... " අහිංසක යැයි කියාපාන තරුවාගේ ඔබ නොදුටු පැත්ත " කියල මේකේ නම වෙනස් කළා නම් හරි නේ... :P :P
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ...................නොදුටු පැත්ත කිව්වා.....මං කෝමත් අහිංසකයි තමයි හරිය....

      Delete
  20. ආ මලයත් කාලෙකට පස්සේ අද ඇවිත් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ආවා අයියේ මකුළු දැල් කඩන්න....

      Delete
  21. හි හි...
    කෝමද නිකං නලලේ එල්ලං යනකොට....
    ආතල් නේ....

    ReplyDelete
    Replies
    1. ඈ....ඒක ආතල්ද...හාකෝ හාකෝ.....

      Delete
  22. අයියෝ දෙයියෝ :D

    ReplyDelete
  23. ස්කෝලේ කථා නම් කවදාවත් අමතක වෙන්නේ නෑ..

    ReplyDelete
  24. හික්ස්.... හයියෝ....හයියෝ... මේ ළමයින්ගේ වැඩ......

    ReplyDelete
    Replies
    1. කියලා වඩක් නෑ නේද...හලී චෝයි...

      Delete
  25. පිස්සු පීකුදු

    ReplyDelete
  26. ගණ වුනත් දෙයියෙක් නේ.. කියල තමා කෙල්ලට කියන්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කිව්වනම් ඊට පස්සේ ඒ කෙල්ල ඇත්තටම මොනවා කියයිද අයියේ...මේ කිව්ව එවෑ හැටියට ඌව ගණ දෙයියෙක්ම කරයිද කියන්නත් බෑ.. ;)

      Delete
  27. හයියෝ සල්ලි.... ඉස්කෝලෙන් පනින්න වැඩිය දන්නෙම නෑ වගේ... අපෙත් මිශ්‍ර පාසලක් හින්දා කොලු කෙලි කතා නම් එමටයි.. දවසක් එක කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් රණ්ඩු වුණා. එක්කෙනෙක් මගෙ යාලුවෙක්.. මගෙ යාළුවා ටිකක් මිටියි.. අර කෙල්ල එක පාරට කියපි "කොට මොඩ්ල් - ළඟ පිකප්" කියලා.... :)))

    ReplyDelete
    Replies
    1. හිකිස....පව් අප්පා උන් දෙන්නා... :)

      Delete
  28. එතකොට උඹ ඉක්කෝලෙත් ගෙහුං තියෙනවා වගේ නේද. සරා නම් කැමති ගනන් උස්සන කෙල්ලන්ට තමයි. දැන් නෙමෙයි බොල කොලු කාලේ..........!

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ ඔහොම කිව්වාම තමයි මතක් උනේ...මාත් ඉස්කෝලේ ගිහින් තියනවනේ ඇ.....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...