Saturday, October 20, 2012

ජීවත් වීමද........කරවීමද........??


උඹ මොකටද ජීවත් වෙන්නේ...?
කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.
එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ  මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.

ඇත්ත අපි ඔහේ ජීවත් වන්නෙමු. කොහොම හරි බඩගිනි වෙලාවට මොනවා හරි කන්නෙමු. අනිත් ඒවත් ඒ වගේම කර ගන්නෙමු.ඉතින් ජීවත් වෙන්න මේ ඇතිය. මොකද බොහෝ අය ඉන්නේ කන්නටය.
ජිවිතේ සමහර කාල වල හදවතට සමීප වන්නන් ඇගේ අතේ පයේ තියන හැම මඟුලම දාලා අල්ලා බැද තබා ගන්නෙමු. නිකන් හරි යන්න හැදුවොත් හොට්ට පෙරාගෙන අඩන්නෙමු. ජීවිතේ හැටිය. අපි කැමති , අපි ආසා කරන දේ ආදරේ කරන අය හැමදාම ලගන්ම තියා ගන්නය. එහෙම බැරි වෙන හැම වෙලේම අඩන්න පටන් ගන්නෙමු.

ඒත් සමහර අය අපිට ලංවන්නේ හොඳට වගේම සමහරු ජීවිතෙන් ඈත් වන්නේද හොඳටම විය හැකිය. කෙනෙක් තව කෙනෙක්ගෙන ඈත් වූ පලියට මෙච්චර කල් එකට ඉදලා දැන් අමතකයි පැවසීම හොඳ නැත. මොකද ඒ කෙනො එසේ කරන්නේ තමාගේම යහපතටද වන්නට පුළුවන. ඒත් මේ හැම දේකම දෙපැත්තක් ඇත්තේය. එය  නිවැරදිව දකින්නාට කිසිම දේකින් නොවැටී ඉන්නට පුළුවන. වැටුනත් තාවකාලිකය.

එත් අද මේ පෝස්ටුවෙන් ලොකුවට මොකුත් කියන්නට නොගියත් මම කියන්නට යන්නේ මෙන්න මේ ටිකය. මේක තේරුම් ගන්නන් සිටින තාක් කල් මේ ලෝකය ලස්සනට පවතිනවා ඇත.



56 comments:

  1. ජීවත් කරවන්නත් ජීවත් වෙලා ඉමු නේද ....
    ඇත්ත කතාව..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඉස්සෙල්ලම ජීවත් වෙමු....

      Delete
  2. ලොක්කෝ හදටයැ කවි ලියන්නේ. මාතලං ගේ පස්ට සින්ඩියෙන් ආවේ.

    ReplyDelete
    Replies
    1. මොන හඳක්ද අයියා ;)
      එල ඈ

      Delete
  3. අනේ මන්දා....
    මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා කියලා හිතෙන වෙලාවට මාත් කල්පනා කරනවා මොන මඟුලටද එහෙනං ජීවත් වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්....හැමෝම වගේ එහෙම තමයි...

      Delete
  4. සමහර අය අපිට ලංවන්නේ හොඳට වගේම සමහරු ජීවිතෙන් ඈත් වන්නේද හොඳටම විය හැකිය:)
    ඒක ඇත්ත :)

    ReplyDelete
  5. ඇත්ත කතාව..

    //සමහර අය අපිට ලංවන්නේ හොඳට වගේම සමහරු ජීවිතෙන් ඈත් වන්නේද හොඳටම විය හැකිය.// මේක ඇත්ත බව දන්නවා වුනත්.................

    ReplyDelete
    Replies
    1. ඔව් වුනත්............................?

      Delete
  6. ඉතින් අපි ඉපදෙන නිසාම නේ මැරෙන්නේ :)

    ReplyDelete
  7. ඇත්තටම අපි ඉපදෙන්නෙ අපේ උවමනාවට නොවේ... අපි අපව උපද්දවන්න යැයි කියා කාගෙන් හෝ ඉල්ලීමක් කරද නැතිය... කිසියම් ක්‍රියාවලියක ප්‍ර‍තිඵලයක් ලෙස ඉපදුනු පසු ඔපපාතිකව පහළ වූ උන් මෙන් ජීවත් වන්නන්ද සිටියත් තමන්ගේ ජීවිතය ඵලදායී කර ගැනීම තමා සතු වගකීමකි...

    කොලුවො වෙලාවක කාමරේ පැත්තෙ වරෙං බෙලි මල් කෝප්පයක් බීලා යන්න...

    ReplyDelete
    Replies
    1. ආවා ආවා ඒ පැත්තේ...කෝ බෙලි මල් නම් තිබුනෙ නෑ....

      Delete
  8. සහතික ඇත්ත කතාවනම්..

    ReplyDelete
  9. /සමහර අය අපිට ලංවන්නේ හොඳට වගේම සමහරු ජීවිතෙන් ඈත් වන්නේද හොඳටම විය හැකිය/ ඒ කතාව නම් සහතික ඇත්ත..
    අපුරු පද පෙළක් තරූ.. :D

    ReplyDelete
  10. කෙනෙක් ඔබගේ ජීවිතයෙන් ඈතට යන්න උත්සාහ දරයිනම්, දුක් නොවී ඔහුට/ඇයට යන්නට ඉඩ හරින්න,.
    මන්ද ඔහුගේ ඇයගේ නික්ම යාම ඔබට අදට වඩා හෙට ප්‍රබලව දැනෙන නිසා. ඒක නිසා මචන් බැඳීම් ඇති වෙන්න වෙන්න දුක වඩුක වැඩියි. ජීවත් වීම යනු ජීවත්වීමම පමණක් නොවේ. උඹ කියන කතාව සිරා බං

    ReplyDelete
    Replies
    1. ඒත් බැඳීම් නැතුව මේ ලෝකේ මේ විදිහට ඉන්න තමා අමාරු..

      Delete
  11. කතාව හරි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. හ්ම්ම්..පිලිගන්නවා සහෝ!

    ReplyDelete
  13. මොකද මේ හැමෝම ජීවත් වෙන එක ගැන කතා වෙන්නෙ මේ දවස් වල??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...ඇයි දන්නෑ නේද.....

      Delete
  14. සමහරු ජීවිතේ විඳිනවා. සමහරු විඳවනවා..

    ReplyDelete
  15. :) ඇත්ත, ජීවිතේ දුක සතුට හැම දේටම හොඳින් මුහුණ දෙන්න පුලුවන්නම්, එතකොටයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.

    ReplyDelete
  16. සිත්තමීත් දැන් ජීවත් වන්නාට ජීවත්වෙන නිසා මුකුත්ම කියන්නේ නැත...

    ReplyDelete
  17. උපන්නාට මේ ලොව වැනෙනවා විනා... කියලා අහවල් එකකුත් තියෙනවා නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලොකු කතාවක් තියනවා....

      Delete
  18. මගේ උගත් මිත්තරයා වෙලාවකට දර්ශන වාදියෙක් වෙනවා නේ. කොහොම උනත් යාළුවා මගේ අදහසනම් මේකයි. අපි මේ ලෝකෙට එන්නේ අපේ කැමැත්තෙන්මද නැතුවද කියලා නම් මම දන්නේ නෑ. කොහොම උනත් ආවට පස්සේ අපට පැවරෙන වගකීම් සමුදායක්ම තියෙනවා. මේවා අපි අතින් ඉෂ්ඨ විය යුතුමයි. සමහරෙකුට ඒදේවල් කරන්න පුළුවන් වෙනවා, සමහරෙකුට බැරි වෙනවා. ඉතින් ඔහොම බැරි අවස්ථාවක් ඇවිත් නහය ලඟට ගැලුවහමත් යමෙකුට දර්ශනවාදී අදහස් පහලවෙනවා. අන්න එහෙම වෙලාවට ඇතැමෙක් ඔවැනි දේවලින් තමන්ගේ වෙහෙස නිවාගන්න, ගැටළුවලින් අහකට යන්න උත්සාහ කරනවා. මට දැනෙන විදිහට ඒක අර නියරෙ වැ‍ටුන රුපියල් පහ ලයිට් කනුව යට හෙවුවා වගේ වැඩක්. උපන්න වෙනුවට ජීවත් වීම අනුමත කල නොහැක. එසේ සිතනා කෙනෙක් වේනම් ඔහු හෝ ඇය ගෙදරට ගමට රටට මෙන්ම ලොවටද බරකි.

    හෙල වීරිය ඇතත් සිතේ
    පියකරු බව ඇතත් වතේ
    දහදිය නොම හැලෙන ගතේ
    ඔබ පොලවට බරකි පුතේ.....

    අදාල මිතුරාට dude මහතාගේ කියමනෙහි ගැඹුරු අරුත වටහා දීමට උත්සාහ කරලා බැළුවොත් නරකද.....?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මේ කතාව මම පිලිගන්නවා..ඒත් අන්තිමට අර මිතුරාට වටහා දෙන්න කිව්ව එක සැරේම පැහැදිලි මදි වුනා වගේ...බලමසු ආයිත් කියෝලා..

      Delete
  19. hmmmmmmmmmmmmmmmmm

    ReplyDelete
  20. ජිවිතයට අත්දැකිම් ලැබෙන තරමට තමයි මනුෂ්‍යයෙකුට ජිවිතයේ අරුත දැනෙන්නේ.ම‍ගේ අත්දැකිම් තමයි මගේ එකම ගුරුවරයා.
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
  21. අව්‍යාජ්‍ය කතාවක් තරුවෝ.. සිරාවට, අද ලෝකේ ගොඩ දෙනෙක් හිතන්නේ නැති දෙයක් ඔය. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්්ම යා යා ....ටැන්කූ..

      Delete
  22. බලාගෙන ගියාම ඒකෙත් ඇත්තක් තියෙනව

    ReplyDelete
  23. ජීවත් වෙනවා කියලා තමන්ට වගේම අනිත් අයටත් දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. ඒ වගේමයි එහෙම කෙනෙක් ජීවත් වුණා කියලා අනාගතයෙත් මතක තියෙන්න ඕනේ. හැබැයි හොඳ විදිහට

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...