Saturday, October 6, 2012

ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...


ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.


උදෑසණ හිරු කිරණින් පිබිදෙමින් තිබූ තුත්තිරි ගස් වල මල් වෙනදාටත් වැඩියෙන් පිපෙන්නට වෙර දරන්ට විය. අලුත උපන් වහු පැටවකු වල්ගය උස්සාගෙන එලෝ මෙලෝ නැතුව හතර අතේ දිව ගියේ මේ සිදුවූ සැබෑ වෙනස වටහා ගැනීමට නොහැකිවය...දිවා රෑ මාරු වූ වවුලෙකු කෑම සොයාගෙන උදෑසනම ඇවිද ගියේ තාමත් රෑ කියා සිතාගෙනය. උරුලෑවියක සමග පෙම් කෙලමින් සිටි උරුලෑවෙකුට සිය පෙම්වතිය පවා අමතක වූයේ මල් වැස්සක් සමග උදාවූ දේදුන්නක් දැකීමෙනි. මුළු ලෝකයම සිසාරා හාමා ගිය සිහිල් සුලං රැල්ලෙන් කුල්මත් වූ ගැඩවිලෙකු පොලොව හාරගෙන හාරගෙන ගියේ ඇතිවූ පට්ට ආතල් එක වාවාගත නොහැකිවය. නාසා ආයතනයේ පවා තිබූ සන්නිවේදන උපකරණ වල සටහන් වූයේ ලෝකයේ කොහේ හෝ කොනක , ගල් පර්වතයක , වන දුර්ඝයක , සත්තු වත්තක , පිස්සන් කොටුවක කුමක් නමුත් අසිරිමත් සිදුවීමක් සිද්ධ වූ බවයි. 


ලෝකයේ බලවත් රටවල් පවා සමුළු සාකච්චා පැවැත්වූයේ මේ නව වෙනස කුමක්ද යන්න සෙවීමටය. ජාවා සුමාත්‍රා පැත්තේ සිටි ගල් ඉබ්බන් තම කටු කරා ඇදුනේ අදනම් සුනාමියක් එනවායැයි ඔට්ටු තබමිනි. ලෝකයේ දස අත විසිරී පැතිරී සිටි හුදී ජනයා රොක් වෙවී පොර කකා බත් නොකා ඇදී ආවේ සිත්තුල ඇතිවූ පහන් සංවේගය දුරු කරවාගෙන සිත් සතුටින් විසිර යාමටය. අයාලේ ගිය වැස්සියකට සිය සහකරුවා හමු වූයේ මේ නව යුගයේ ප්‍රථම සුබ කටයුත්ත ලෙසය. කිමද මේ අරුමේ මට නොහැගේ සුදු මැණිකේ කියන්නා වාගේ එහෙන් මෙහෙන් පැමිණි චිම්පන්සින් බලා සිටියේ අලේ වල්ලල්ලෑ එල්ලෙන්න වැල් නෑ කියන්නා සේය. අපි අහුවෙයි ඔව්වට අපි ටිංකිරිත් නාගෙන කන්නේ කියන බකමූණන් එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුලු වසා නොදොඩා නොබලා සිටියේ ඇති වූ ිලිලැජ්ජාව කෙසේ වසාගනිමිදැයි කල්පනා කරමිනි.

ඉතින් ලෝකයේ සිදුවූ මේ සිදුවූ සියලු විපර්යාසයන් සිදුවූයේ ඒ සොඳුරු දිනයේ සිටය. ඒ සොඳුරු සිදුවීමේ සිටය. කුමක්ද ඒ සිදුවීම..මෙච්චර වැල් වටාරම් මොලේ කොලොප්පන් වෙන සුදුවීම් මැද සිදුවූ ඒ අති බිහිසුනු හද නලවන හලි හුලතල් මවිල් කෙලින් වෙන සිදුවීම කුමක්ද..?? එය නම් මෙයට හරියටම අවුරුදු 23ක් වැනි ඉතාමත් නුදුරු අතීතයේ නොඑසේනම් එකදාස් නමසිය අසු නමයේ අද වගේ දවසක සිදුවූවා යැයි මහා වංශයේ, ගුත්තිල කාව්‍යයේ,එදා හෙලදිවේ, දණ්ඩ නීති සංග්‍රහයේ පවා ලියවී ඇති තරුවා නොහොත් මා නම් ඒ දැවැන්ත පුරුස රත්නයේ මෙලොවට ආගමනයයි. ඉතින් ඒ සොඳුරු මොහොතේ උදාව වෙනුවෙන් මං ගානේ ඔයාලා හැමෝටම...

**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**



වාං පාටියක්.........!!!!

හුරේයා...මට ජය වේවා..............!!!

චියර්ස්ස්ස්ස්ස්සස්ස්ස්ස්සස්ස්ස්ස්ස්!!!


ප.ලි:-

බොහොම කාලෙකින් මේ පැත්තට ආවේ.තරුවා මේ දවස් වල පස්ටස් වෙන්ඩ බිසීලුනේ ඈ..වර්ල්ඩ් කප් එකෙන් පස්සේම එන්නම් ආයිත්. මේ දවස්වල කියවන්න බැරි වෙච්ච බ්ලොක් ගැන එහෙම සාතිසය කණාටුවත් එක්කම සමාව ඉල්ලනවා ඕං පුළුවන් විදිහකින් හැම එකටම එන්නම් ඈ...එහෙනම් මට සුභ උපන්දිනයක් වේවා ඈ...



61 comments:

  1. සුබම සුබ උපන් දිනයක් වේවා මල්ලි ඔයාට!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ඈ...හෆ්ෆා මෙව්වට රිප්ලයි දාන්න මෙච්චර පරක්කු උනාට සොලි ඈ.....

      Delete
  2. සුභම සුභ උපන්දිනයක් තරුවෝ... ඔන්න මේ තුන්වෙනි පාර ඈ...
    :) :) ජයෙන් ජයම වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හලේ බොහොම ස්තූතියි ඈ......

      Delete
  3. වසන්තයක්ම උදා වෙවා මගෙනුත් උනුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  4. ඔන්න දෙවනි සැරෙටත් සුබ පතනවා මලයෝ! වෙච්ච දෙට දැන් මක් කොරන්නද නේද ඈ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද මාර හොඳ දෙයක්නෙ වෙලා තියෙන්නේ....ටැන්කූ ඈ..

      Delete
  5. හැපී උපන් ඩේ එකක් වේවා

    ReplyDelete
  6. Replies
    1. අහ් එසේම වේවා අයියා...යමු යමු රවුම් දෙක තුනක්ම යමු...

      Delete
  7. සුභම සුභ මෙව්වා එකක් වේවා තරු මල්ලියෝ....!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අක්කෝ.....

      Delete
  8. සුභ උපන් දිනයක් ඉලන්දාරියා. දැන් විසිතුනක් ඈ....!!
    ඒ කියන්නේ ලොකු පොරක්...!!!

    ම්ම්ම්....හ්..........මක්කැයි කොරන්නේ....?
    හරි දෙන්නද ආජා තුජිකෝ කෑල්ලක් හප හප ඉන්න...?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ලොකු පොරක් උනත් තාම පොඩි එකා අෆ්ෆා...
      අර දෙන්නම් කිව්ව කෑල්ල රහයිද අයිාය්...අපි තාම පොඩියිනේ...

      Delete
  9. අම්මද බොල හැපි හැපිම බර්ත් ඩේ වේවා !

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි සිලි ටැන්කූ වේවා...

      Delete
  10. සුබම සුබ උපන්දිනක් වේවා..!!

    ReplyDelete
  11. හැපී හැපී බර්ත්ඩේ එකක් වේවා !!! තරුවෝ...

    ReplyDelete
  12. සුබ උපන් දිනයක්ම‍වේවා. මේවා ලියන්න තව තවත් දිරි ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වේවා.....

      Delete
  13. සුභ ම සුභ උපන් දිනයක් අයියා.. !!

    ඔන්න ඕකට තමයි ලු කියන්නෙ අයියා ධනාත්මක චින්තනය කියල.. දැනට අවුරුදු 23කට කලින් සිඳු වෙච්ච අර වගේ දුක් බර සිද්දියක් යහපත් විදියට දකින්න හදන විදිය.. : p

    …ඒ ඇරඹුන කුජීත යුගය සතුට සාමය හා නිරෝගී සුවය සහිතව තව දීර්ඝ කාලයක් පවතීවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි නේද බලන්න කොච්චර ලස්සන යුගයක්ද උදා වෙලා තියෙන්නේ කවුරු මොකට ආස්චර්ය කිව්වත් ඇත්තම ආස්චරයය මේකනොවැ...නේද...

      Delete
  14. සුභ උපන් දිනයක් වේවා....!!!

    දුක තමයි නේ... දැං නාකියි නොවැ.. හි හි...

    ReplyDelete
    Replies
    1. නාකිය....:ඕ :ඕ....මේ හුරතල් මූණ බලන්ද දෙයියනේ එහෙම කතාවක් කිව්වේ.....

      Delete
  15. ඇඩෝව් තරුවා...
    හෙට කේක් ගෙනෙං ග්‍රවුන්ඩ් එකට හරිය...
    හැපි බර්ත් ඩේ වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇඩෝව් තරුවා ඔය හෙට දවස දැන් අතීතයට මුසු වී අවසානයි..මම හැමෝටම වාං පාටියක් දුන්නා ඇයි උඹට හම්බඋනේ නැතෙයි...

      Delete
  16. සුභ උපන්දිනක් වේවා තරුවෝ!!!

    ReplyDelete
  17. සුබ උපන් දිනයක් වේවා තරුවෝ. අපිට පාන් එපා. කෝ කේක්...? අපරාදෙ එදා දවස ආවෙ නැත්තං කොච්චර හොදද... :P ජය..!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද ඒ දවස කොච්චරනම් සුන්දරද නේද....

      Delete
  18. සුබ උපන් දිනයක් හලී!!! 3වෙනි සැරේනෙ.. ;) පරක්කු වුනාට ගනන් ගන්නෙපා අලී??

    ReplyDelete
    Replies
    1. අලි අලි...මේව්වට රිප්ලයි දාන්න මාත් අම්බානක පරක්කුයි...සොලි අලී...

      Delete
  19. පට්ට රචනාව තරුවෝ, කියල වැඩක් නෑ. පට්ටම පට්ට උපන්දිනයක් වේවා කිව්වා ඈ....

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ වේවා ඈ......

      Delete
  20. ඔන්න දෙවැනි සැරේටත් උපන්දිනය සුභම වේවා! :)

    ReplyDelete
  21. අපෝ මෙයාගේ උපන් දිනේ ගැන ද මෙච්ච්ර පුරසාරම..කේ කේ ,,හැපී බර්ත්ඩේ ආයෙමත් :)

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද පිදිය යුත්තා පුදන්න ඕනි කියලා...ඒකයි මේ.....ටැන්කු ඈ...

      Delete
  22. මට මතක් වුණේ බුදු හාමුදුරුවන්ගෙයි ජේසු තුමාගෙයි උප්පත්ති කතා දෙක. හි හි හි .සුබ උපන්දිනයක් වේවා එහෙනම්!!!!

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ එහෙනම් මෙහෙම කතාවක් ඇහුවොත් මාවත.මතක් වෙයි ඈ....

      Delete
  23. අවතාරුත් දවස් දෙකක් ලේට් ඈ
    ඒත් තරු විසිවෙන හැපි බර්ත් ඩේ එකක්

    ReplyDelete
    Replies
    1. අම්මපා අපරාදෙ නේද....ටැන්කූ ඈ...

      Delete
  24. එන්න පරක්කු උනානේ.. කමක් නෑ..
    සුභ උපන්දිනයක් කිවුවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒකට මොකද...තැන්කූ ඈ...

      Delete
  25. පමාවෙලාආවාට සමාවෙලා මගේ සුබපැතුමත් පිළිගන්නවද ?

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද පිලිගන්නවා නේන්නම්....ටැන්කූ ඈ..

      Delete
  26. අපොයි සුබ පතන්න කල් ගියා වැඩි
    එවුනාට සුබ පැතුම් පිලිගන්න.
    හොද වෙලාවට පාං වාටි කන්න හිටියෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. කල් වැඩි නෑ අලේ...අපරාදෙ නේද හිටියනම් වාටියක් කන්න තිබුනා...

      Delete
  27. අඩ්ඩේ සුභ උපන්දිනයක් වේවා.. නෑ නෑ සුභ උපන්දින 23ක්ම වේවා පහුගිය ඒවාටත් එක්කම.වාං පාටිය ලස්සනයි ඈ... හැබැයි ඉතින් කවුදෝ කියලා තියෙනවා පාං නැත්තං කේක් කාපල්ලා කියලා.... කේක් දීපල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. කවුද අර පාන් නැතුව කේක් කන්න කියපු ගොබිලා....හොයලා දීපන් ඕකව.....ඕකට කියලා පාං ගෙඩියක් පුච්චා ගන්න...
      ටැන්කූ ඈ සුභ පැතුමට...

      Delete
  28. සුභම සුභ උපන් දිනයක් වේවා තරුවෝ

    ReplyDelete
  29. Slot machines in Minnesota - JTHub
    Welcome to Jammy Monkey and you can play your 동두천 출장샵 favorite 서울특별 출장샵 slot machines with this awesome site. We 안동 출장안마 have a variety of table games like roulette, blackjack, 남원 출장마사지 craps 김제 출장안마 and

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...