Sunday, September 9, 2012

හොරෙක් සමග පජාත වුනෙමි... (සංවේදීතාවයන් දරා ගැනීමට නොහැකි අය කියවීමෙන් වලකින්න...)


පරිසරය අදුරු සාගරයේ ගිලී කිමිදී නොපෙනී ගියේය.. වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන් මාගේ සවන් යුග පිබිදී කැලඹි ගියේය.. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කියා සිතෙන විට ආදර සීනුව දොර ලග නද දෙන්නට විය.. සිතුවිලි දෝරෙ ගලා මනස කැලඹී වියලී යද්දී මා සූදානම් වෙන්නේ ඒ පට්ට පජාති ,ඇග ලොමු ඩැහැ ගැන්වෙන, අතිශය ශෘංඝාරාත්මක, ජුගුප්සාජනක සුළු සන්ධර්බයක් තුල ප්‍රපංචියක් ඇතිවීමෙන් හටගත්තා වූ ඒ අකාල සන්ධ්‍යාවේ මට සිදුවූ අතිශය හැගුම්බර සිද්ධි දාමයක් ඔබේ දෙපා මුල අතුරා සුණු විසුනු කර දැමීමටය.


මොන මගුලක්ද ඕයි කෙටියෙම්ම කිව්වොත් හැමදාම අනුන්ට වෙච්ච එව්වා ලියන එකේ මෙන්න මට වෙච්ච මෙව්වා ටිකක්. මේවා කියෝලා මං ගැන සානුකම්පිත හැගීමෙන් ඔබගේ රස නහර පිනා යාවි නම් මට කමා වුව මැනවි. වරදක් කලත් සිතකින් නොවේ..

ඒ එදාය..මේ මෙදාය..නැත මෙදා අදාල නැත. අදාල එදාය. එදා වර්ෂ 2005ක් වූ අගෝස්තු මස තවත් එක් සුන්දර විශ්මය ජනක දිනයකි. මං තරුවා ඒ කාලේ අපොස සාපෙටවත් මුහුණ අත පය දී නැති අවිහිංසක හිච්චි කොලු පැටියාය. හරියට හය හතර නොතේරෙන හුරතල් සමනල වයසේ කටේ කිරි සුවඳවත් නොගිය ඒ පුංචි පැන්චා කාලයේ මට මෙහෙම සිදු විය.

ඒකාලේ මට කොම්පීතරයක් තියා මෙලෝ අටමගලයක් නැත. එහෙම වුනා කියලා අපි සැලුණාද සහෝදර සහෝදරවරියනි. නැත අප සැලුනේ නැත. අපිට උලත් එකයි පිලත් එකයිය. ඔය කිව්වාට අපට පිලක් තිබුනේ නැත. තිබුනේ උලක් පමණය. ඒ උනාට සතුටින් කල් ගෙව්වෙමු. අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගත්තෙමු තරමින් වියතක්. ඒ කාලේ ඔය ෆිල්ම් එකක් දෙකක් බලන්නට පුංචි වීසීඩී කට්ටක් අපේ ගෙදර තිබුනේය. මම ඉතින් හැම අටමංගල්ලයම බලන්නේ ඕකෙන්ය. ඒ කිව්වේ ලස්සන වැදගත් ෆිල්ම් අරවා මෙව්වාය. ඒ කාලේ අපිව නරක් කරන්නට සමහර ඈයෝ දෙන එව්වාද මම අතරින් පතර තනි ඇහෙන් බලන්නේ ඕකෙන්ය. මේකාලේ වාගේ හිඩ්න් ෆයිල්ස් පාස්වර්ඩ් දාපු පාටිෂන් නැති ඒ කාලේ අතිශය වැදගත් සීඩී අතරින් පතර හැංගී තිබුනේය. අනේ මම ඔව්වාට නැත. මම තාමත් ඒ අහිංසක කොල්ලාමය. අපිව වැරදි මාර්ගයට යොමු කරන්නට හැදුවාට අපි ගියේ නැත. අපි අනිත් අයව යවා පැත්තකට වී සිටියෙමු. ඉතින් මේ එදා සිද්ධියය.

පාසල් ඇරී මා අපගේ පුංචි පැල්පතට එන විට අපගේ ගෙදර කවුරුත් නැත. අපේ අම්මා එතකොටත් ඉස්කෝලේය. තාත්තා එන්නේ සතියකට සැරයකි. මම දොර අසලට යන විටම මට ඒ බිහිසුනු හඩ ඇසුණි. මොකද්ද ඒ........කවුරුන් හෝ දුවවා වැනි හඩකි. මම බය වුනාද හිතවතුනි. නැත මම බය නැත. මක් නිසාද ඒ අපේ පූස් සෙට් එක සෙල්ලම් කරන හඩ යැයි මට සිතුනි. මම හෙමින් හෙමින්..හෙමින් හෙමින් ඉදිරිපස දොර හැරියෙමි.

යම් වෙනසක සුවදක් මගේ නාස් පුඩු සිසාරා පැතිරී ගියේ. මොකක් නමුත් සිදුවී ඇත. කිමද මේ අරුමේ..මට නොහැගේ ප්‍රිය සොඳුරේ..මම හෙමින් හෙමින් අවට සිසාරා නෙත් යැව්වෙමි. කුමක්ද සිදුවී ඇත්තේ..... ඉස්සරහා  කැබිනෙට්ටුව උඩ තිබූ ටීවී එක එතනම ඇත. නමුත් අහෝ ඛේදයකි වීසීඩී ප්ලෙයරය නැත. එයට කුමක් වීද. මගේ පපුව දඩිං බිඩං ඩෝං ගෑවේය. ඊයේ රාත්තිරියේ එය තුල තිබුනේ අතිශය වැදගත් සිඩී රාජයෙක්ය. සුවර් එකටම මෙය අද උදෑසන අම්මාට අසුවී ඇත. ගෙදර බත් සලාකය අහිමි වන හැටි මාගේ දෑස ඉදිරියේ මැවී  පෙනී ගියේය. සියොලඟ සලිත වී සුළු දිය..අහ් නෑ එහෙම උනේ නෑ.. මේස පුටු බිම විසිරී ඇත. කැබිනෙට්ටුව උඩ තිබූ දෑද බිම විසිරී ඇත. මම කොයිකටත් කියා කාමරයක් තුලට ගියෙමි. මල #$^ක්ය. කාමරේ අල්මාරිය බිම පෙරලී ඇත. ඇඳේ මෙට්ටයද කෑලි කෑලි වලට ඉරී ඇත. මේ නම් අපේ අම්මාගේ වැඩක් නොවේය. ඒ කියන්නේ මම මාට්ටු නැත. ඇගට ලේ ටිකක් ඉනුවේය. ඉනූ ලේද නැවත සිඳී ගියේය. මොකද්ද මේ වී ඇත්තේ...සුවර් එකටම හොරෙක් පැන ඇත. ආයිත් පපුව දක් දක් ගාන්නට විය. හොරෙක් ආවානම් දැන් කෝ ඌ. සමහරවිට ඌ වෙන තැනක හැංගී ඇත. මම හෙමින් හෙමින් මගේ කාමරයට ගියෙමි ඒකෙනම් වෙනසක් වී නැත. මං තරුවා ඒ කාලේ කාරාටේ ආදිය එහෙන් මෙහෙන් උගනිමින් සිටි කාලයකි. මේ නම් ඒ ඉගනීමෙන් වැඩක් ගැනීමට ඇති හොදම අවස්ථාවකි. මම පුරුදු වෙන්න ගෙනා නන්චක්කුවක් බිත්තියේ එල්ලා තිබුනි. හෙමින් හෙමින් එයත් රැගෙන මම කාමරයෙන් එලියට ආවෙමි. මේ කොහේ හෝ ඌ හැංගී ඉන්නවානම් මම ඌ සම්බෝල කරමි. මෙසේ සිතා මම නන්චක්කුවත් රැගෙන කාමරයෙන් කාමරයට ගියෙමි. මගේ කාමරේ ඇරෙන්නට හැම කාමරයකම බඩු පොලොවේ විසිරී ඇත. ඇඳවල මෙට්ට කෑලි වලට කැපී ගොසිනි. පුටු වල කුෂන් වලටද සිදුවී තිබුනේ ඒ සන්තෑසියමය.

මම කුස්සියට එනවිට එහි දොර සම්පූර්ණයෙන්ම ඇර තිබුනි. බෙඩ් ෂීට් එකක්ද බිම වැටී තිබුනි. කවුරුන් හෝ හදිසියෙන් දුව ගිය සෙයක්ද තිබුණි. ගෙය තුල කිසිවෙකු නැති බව දැනගැනීමෙන් පසු මම එළියට ආවෙමි. හොද වෙලාවට ඌ හිටියෙ නැත්තේ. නැත්නම් මම පෙන්නනවා මගෙ වැඩ..ඔහොම කිව්වාට ඌ නොහිටියේ මගේ වෙලාවටද මන්දාය. කොහොම හරි ඌ නැත. මම ආයිත් ගේ වටේ ගියෙමි. කාමරයේ ජනේලයක් කඩා ඇත. මම ෂර්ලොක් හොම්ස් වූයෙමි. ඒත් වොට්සන් නැත. එහෙන් මෙහෙන් හෙව්වත් අඩි සලකුණක්වත් හොයා ගන්නට නොහැකි විය. දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියා සිතුනි. ගෙවල් ලඟ අපේ ලොකු අම්මා සිටී. මම එහෙට ගොස් සිද්ධිය පැවසුවෙමි. ඈද ක්ෂණයෙන් දිව ආවාද. කරන්නට තිබෙන්නේ පොලීසියට කීමය. එවිටම අපේ අම්මාද පැමිණියාය. පොලීසියට කීමෙන් පසු මද වේලාවකින් පොලීසිය පැමිණියහ.

අපේ ඇගිලි සලකුණුද ගෙන පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පැවතුනි. මාගේ නම් ඒකායන ප්‍රාර්ථනාව වූයේ අහෝ දෙවියනේ මේ හොරාවනම් ජීවිතේට අසු වෙන්න එපා කියාය. එහෙම අසු උනොත් ඕක අස්සේ තිබූ දෑ මූ වමාරනවා සුවර්ය. ඊට වඩා මාව ඌ දරුකමට හදාගන්න ගන්න එක යහපතකි. හොඳ වෙලාවට අද වෙනතුරු ඌ අහු උනේ නැත. එදා මට ඇහුනේ සමහර විට ඌ දිවයන ශබ්ධය වන්නට පුළුවන.

*********************************************************************************

මේ තවත් හොර සීන් එකක්ය. එදාද අපේ ගෙදරට හොරු පැන්නේය. එදානම් එකෙක් නොව දෙන්නෙක්ම සිටියහ. ගෙදර සිටියේද මා පමණකි. මං තරුවා ඒකාලේ කරාටේ ඉගන ගැනීම කල බව කලින්ද කීවෙමි. ගහගන්න බැරි එක වෙනම කතාවක්ය. ඒත් ඒවා කලෙමි.

එදා උන්ගේ අවාසනාවට උන් ආවේ මං ගෙදර සිටි දිනකය. එකෙක් නොව දෙන්නෙක්ය. මම කාමරයේ ඉන්න විට මොකෙක් හෝ ගෙට ඇතුල් වන ශබ්ධය මට ඇසුනි. මමද කොයිකටත් කියා පොඩ්ඩක් සද්ද නැතුව මේ කුමක් වන්නේදැයි බැලුවෙමි. එන පොට නම් හොද නැත. වැඩි වෙලා බලා සිටීමද ඇගට ගුන නැත. මම කාමරයෙන් එලියට ආවෙමි.

එවිටම එක හොරෙක් පිටි පස්සෙන් පැමිණ මාව අල්ලා ගත්තේය. මම ඌට ගැහුවෙමි. ඌත් මට ගැහුවේය. මාත් ගැහුවෙමි. ඌ මට ගැහුවේය. මට ඌ ගැහුවේය. එවිටම අනිත් හොරාද මගේ ඉස්සරහට ආවේය. උගේ අතේ පිහියක්ය. ඌ මට පිහියෙන් අනින්ට පැන්නේය. මගේ අත් පිටුපසට කර අල්ලා ගෙන ඇත. දන්නා වැඩ කෑලි සියල්ල මතක් කර ගතිමි. උඩ පැන උගේ මූණ හරහා යන්නට මාරාන්තික පහරක් එල්ල කලෙමි.

දඩ බඩාස්..........ගෑවේය.....
"මොනවද තෝ කරන්නේ..." ඒ අපේ මව් තුමියගේ සුවබර කට හඩය. මා ගැසූ පහරට අසල තිබූ ටේබල් ෆෑනය බිම වැටී සුනු විසුණු වී ගොසින්ය.....
හොඳ වෙලාවට ඒක හීනයක් උනේ නැත්නම් අද හොරාගේ මල ගේ තමයි.....මට සිතුනි......

91 comments:

  1. ඇඟ මයිල් ස්මයිල් උනා

    ReplyDelete
  2. අම්බෝ මගේ ප්‍රෙෂරුත් වැඩි උනාද මන්දා...
    ටයිටලේ කියල තියෙන දේ පිලි පැද්දේ නැතිවට හොඳ පාඩම් !
    ඒක නෙමේ හොඳ වෙලවට මේක හීනයක් උනේ ! :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද නැත්නම් අහිංසක හොරා අද ජීවතුන් අතර නෑනේ.. ;)

      Delete
  3. තාපොඩ්ඩෙන් මගෙ හුස්මත් හරවෙනව හලේ......

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ දැන් එහෙම උනේ නෑනේ...

      Delete
  4. අම්මෝ තරුවෝ අර වල් භූත නැතුව මෙන්න මේ වගේ ඒවා ලියනවකෝ..
    මම හිතුවෙම ඇත්තටම හොරු ආවා කියලා.. මම කියන්න හැදුවේ බලන් හිටහන් ඊළඟට ඉන්කම් ටැක්ස් එකෙනුත් පනිවි කියල..
    එකම ගේ මෙච්චර හොරු කඩන්න කොච්චර සල්ලියක් තියෙන්න ඕනෙද..?
    ඒ මාරු පොස්ට් ඒක හොඳේ.. අම්මෝ තාම මයිල් කෙලින් වෙලා

    ReplyDelete
    Replies
    1. හිකිස්....එල ඈ.....ටැන්කූ වේවා

      Delete
  5. අපි පොඩි කාළේ අපේ වහලේ උඩ ඉඳලා හොරෙක් අල්ලා ගත්තේය. වටේ පිටේ ඔක්කෝම ඌට නෙලලා පොලිසියට කෝල් කරමු කීවේය. හොරාගේ වෙලාවට ඒ කාළේ කෝල් එකක් ගන්න හැතැක්ම ගානක් යන්න ඕනේය. තාත්තා ඌට සල්ලිත් දී පිටත් කළේය. ඉන් පසු ඌ තාත්තාට දැක්ක තැන සලකනවාය. පසු කාලයේ ඌ අපේ නගර සභාවේ ලොක්කා උනේය. අපේ ලේන් එකට තාර දමා ලයිට් කණු දෙකක්ම දමා දුන්නේය.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් උඹලගේ ගෙවල් පැත්තේ උන් මාර බුද්ධිමත්

      Delete
    2. @ මාතලන්..දැන් බලන්න එදා තාත්තා ඌට යන්න දුන්නෙ නැත්නම් අද පාරෙ තාරත් නෑ ලයිට් කණු දෙකකුත් නෑනේ නේද...අඩේ ඒකත් මරුනේ...මීට පස්සෙ හොරෙක් අහුවුනොත් කන්ඩ බොන්ඩ දීලා සලකන්න ඕනි..

      Delete
    3. @ අටම්පහුර...ඡන්දෙ දීපු අය නේද....නැත්නම් අද ලයිට් නෑනේ....තාරත් නෑ..

      Delete
  6. Patta oiii.. :D :D
    api nodannaweee ubage CD jill mart e kalee...
    e kaleee apee main supplier tamai ada mehema me blog ekak karan inne.. hahaha :D :D anee ban tharinduwoo.. :P

    ReplyDelete
    Replies
    1. මේ..පිස්සුද බං මේ ඔව්වා මෙතන කියන්නේ...අඩෝ මගෙ නැතිවෙච්ච චරිතේ තවත් නැතිවෙනවනේ ඕයි..

      Delete
  7. හොරු සමග හෙළුවෙන් වෙනවා අර ප්ලේයර් එක උස්සපු එක අහු උනා නම් :)
    වෙලාවට යට ටික හීනයක්‌ නොවුනේ,ඇත්තක් උනා නම් අපිට ඇද මෙතන කමෙන්ට් කරන්න බ්ලොග් එකක් නෑ නෙ :)

    ReplyDelete
    Replies
    1. ඒක අහු වුනාම හොරුත් හෙලුවෙන්ද දන්නෑ නේද..... ;)
      ඒක නම් ඇත්ත ඒක හීනයක් නොවුනනම් මං අද අරුං දෙන්නව මරලා හිරේනෙ නේද...එතකොට කොහෙන්ද තරූගෙ ලෝකයක්..

      Delete
    2. හි හි ඔව් මචං ;)

      Delete
  8. හොඳ රචනා ශෛලියකි.

    ReplyDelete
  9. මේ මගේ මයිල් කෙලිං වෙලා...

    ReplyDelete
    Replies
    1. @ තරියා... කෝ පේන එව්වනම් නෑ වගේ...

      Delete
    2. @ චමී...මටත් හිතෙන් අපිට පේන එව්වා නෙවෙයි...;)

      Delete
  10. කෝ අර උබට කලිසමේ කක්කා උන කෑල්ල ලියලා නෑනේ

    ReplyDelete
    Replies
    1. මේ අයියේ...පිස්සුද අනේ..හිතුවද මං බය වුනා කියලා..(රහසින්...-මේ පිස්සු කෙලින්ඩ එපා ඔව්වා කියලා)

      Delete
  11. ඇත්තම කියනවනම් මල්ලි අපේ මේ ලක් දීපය කියන්නෙ ඉස්සර මහා සම්මත රාජ කාලෙටත් ඈත කාලේ ඉඳන්ම හොඳ හොඳ වීරයෝ බිහි කරපු රටක්. අනේ දෙයියනේ තාමත් ඒ වීර ලේ තැනක දෙකක සැඟවිලා තියෙනවා කියලා ඇස් පනා පිට පේන කොට හොටු හූරලා දාන්න ටිෂූ එකක්වත් ලඟ පාතක නෑනේ......!

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි අයියේ සන්තෝසයි...මේ කඳුළු මගේ දෑසින් රූටා බිමට වැටිලා බිම දිගේ ගලාගෙන ගොස් ගඟට වැටිලා ගඟ දිගේ ගලාගෙන ගොස් මුහුදට වැටිලා මුහුදු රුල්ල ඔස්සේ ඔරුවක නැග යනවා..ඇත්තමයි අයියේ මට මං ගැනම මහ ජුගුප්සාජනක ආඩම්බරයක් දැනෙනවා අයියගේ වචන වලට..මෙන්නමං ගානෙ ටිෂූ එකක්...ඔය ටික හූරලා දාන්න..

      Delete
  12. හොද වෙලාවට නේද හීනයක් වුනේ.. :D

    ReplyDelete
    Replies
    1. නැත්නම් හොරා පවූ...............................

      Delete
  13. හොද වෙලාවට හීනේ උනේ.. නැත්නම් බලන තිබ්බ මේකට වෙන දේ..

    ReplyDelete
    Replies
    1. හොරාට නේද...ඔව් ඔව් එහෙනම් උගෙ අවසානෙ තමයි....

      Delete
  14. හොරා ගිහිල්ලා අර සී ඩි එක බලන්න ඇති

    ReplyDelete
    Replies
    1. මට ඊරිසියාවෙ බෑ...මටවත් හරියට බලන්න උනේ නෑ තනි ඇහෙන්වත්...

      Delete
  15. මරු තරු...මේක හීනයක්‌ නොවුනානම් මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් හොරා සෙත්තපෝච්චි..ආයෙ දෙකක් නෑ..මං හරි දරුණුයි මෙහෙම හිටියට..

      Delete
  16. ADVICE: wisesa cd narabimen pasuwa kisimawitakat ewa player 1 thulama itiri nokaranna.. (ewani awasta gananawakatama muhuna pa amaruwen diwi galawagat pudgalayek :-D

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ම කිව්ව හින්දා තරයේ සිතට ගමි..බට් ඉති් දැන්නම් ඔව්වා නෑ...දැන් ඊට වඩා ක්‍රම සහ විදි තියනවා නොවැ...

      Delete
  17. හොද වෙලාවට ඒක හීනයක් උනේ..නැත්නම් දැන් උබ මැරුණු තැන්වල ගස් පැලවෙලා ගෙඩිත් ඇවිත් ..

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයි බං හෙනම් හොරා මැරිලා වලලපු තැන හිටෝපු අඹගහකින් අඹයක් කකා අපිට ඕමියක් ගහන්න තිබ්බා...

      Delete
  18. අපරාදේ අම්ම නාවා නම අපිට හීනෙන් උඹේ මළගෙදර එන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් හොරාගෙ මලගේ තමයි...මාත් එක්ක සෙල්ලම් බෑ හරිය..

      Delete
  19. කොයි රටේද බොල වවුලෝ කුන්චනාද කරන්නේ??

    ReplyDelete
    Replies
    1. ඔය ඒ කාලේ මම හිටිය රටේ එහෙම උනයි කියන්නෙ අයියේ...මම නම් දන්නෑ ඕං...

      Delete
  20. අපරාදේ බං ෆෑන් එක
    ඒක කුඩේ කුඩුද? :)

    පට්ට වචන සෙට් එක ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ෆෑන් එකේ කෑලිත් නෑලු....එල ඈ.....

      Delete
  21. වෙලාවට, නැත්තම් හොරා පුරුදු වෙනවා විසීඩී ප්ලේයර් එක ඇතුළේ තියෙන වීසීඩී එක විතරක් හැමදාම හොරකම් කරන්න........

    ReplyDelete
    Replies
    1. අඩේ අයියට විතරයි තේරුනේ...මටවත් ඕක කල්පනා උනේ නෑ නොවැ..

      Delete
  22. හීන නිසා හොඳයි..
    මුල ටික නම් හිනා කාල මැරෙනවා :)

    වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන්- හී හී :) :)
    නියමයි!
    ජය!

    ReplyDelete
    Replies
    1. හිකිස්...හීනයක් නිසා හොරාට හොදයි..උගේ ජීවිතේ බේරුනා...ටැංකූ ඈ....

      Delete
  23. අපොයි මෙහෙමත් කතවක් එල එල

    ReplyDelete
  24. වෙලාවට හොරා විසිඩී ප්ලේයර් එකත් එක්ක අහුවුනේ නැත්තේ. අහුවුණා නම් තරුවට කියන්න තිබුණා බලන්නකො මේ ටිකට මූ බලලා තියෙන එක. මේ හොරා හරිම නරක එකෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්නේද...ෂික් අපරාදෙ අහු නොවුනේ..නැත්නම් ඔහොම කියලා ෂේප් වෙන්න තිබ්බා....

      Delete
  25. ලියපු භාෂාවනම් සිත් ගන්නවා ..අන්තිම කතාව නම් හීනයක් ම වුනේ එක හොඳයි,නැත්තං ඔයා කොච්චර බිසී වෙනවද මීඩියා වලට මුහුණ දීලා:)

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාට විතරයි තේරුනේ...හොරාගෙ වෙලාවට ඒක හීනයක්ම උනේ...

      Delete
  26. අනේ අපොයි තරූ අයියේ හොරා කන්න තරම් මොනාද ගේ ඇතුලේ තිබුණේ ඈ...??අනිත් එක අර නන්චක්කුව කියන්නේ මොකක්ද අලේ?

    මේ දැන් ඔයා නිදියද්දී ලැප් එක එහෙම ළඟ පාත නෑ නේද? නැත්නම් හීනෙන් ඒකටත් දෙයි සම්බෝල වෙන්න... :))

    ReplyDelete
    Replies
    1. ආ...මේ නන්චක්කුන කියන්නෙ පොඩි ආයුධයක්නේ..පොඩි කිව්වට ඉතින් දන්න එකාට ඕනි දෙයක කරන්න පුළුවන්...
      හොඳ වෙලාවට දොයියන ලග ලැප නෑ....

      Delete
  27. අඩේ!උඹව ජේමිස් බණ්ඩා ෆිල්ම් වලට ගන්න තරම් වටිනා කියන චරිතයකි!!!

    ReplyDelete
    Replies
    1. ආ...එහෙමත් පුළුවන්ද......මටත් අරං දියන්කෝ බං ඔය බන්ඩා චරිතයක්...

      Delete
  28. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... මට හිනා යනවා හෆ්ෆා.. නවත්තගන්න බෑ.... :D ශෝයි කතාව...

    දැන් දැන් අයියා ලියන ශෛලියනම් මාර ශෝක්.. !!! :D

    -හිතුවක්කාරී(හිතූ) -

    ReplyDelete
    Replies
    1. අම්මපා...එච්චර හිනා ගියාද ඈ....හිකිස්...හාකෝ හාකෝ...

      Delete
  29. ඔය වගේ වටින එව්වා ප්ලේයර්ස් වල බලන එක මමනම් අනුමත කරන්නේ නෑ. ලංකාවේ ඉතින් හිටපු ගමන් කරන්ට් එක යනවනේ. ඔහොම එකක් බල බල ඉන්න කොට කරන්ය් එක ගියොත් බඩු පැකට් වෙනවනේ..

    බලන් යන කොට තරුවත් හොඳ වැඩ කාරයෙක් නේද..?

    ReplyDelete
    Replies
    1. මමත් දැම්ම හොර කතාවක්. මී පැටියට වෙච්ච දෙයක්..

      http://meepatiya.blogspot.com/2012/09/blog-post_11.html

      Delete
    2. හිකිස්...අම්මපා එහෙමද ඈ..............
      ඔන්න ඒ පැත්තෙත් ආවෝ.........

      Delete
    3. තෑන්ක්ස් ඒ පැත්තේ ආවට.

      Delete
  30. අඩේ තරුවෝ අදනම් පටේ පට්ට ආ......එලේ එල.... (මොනවද බන් අර උලක් පමණයි තිබ්බේ කිව්වේ පොල් උලද ?)

    ReplyDelete
    Replies
    1. මේ.....එක්කෝ එව්වා ඕනි නෑ නේද.....පොලුත් පුළුවන් වෙයිනේද...

      Delete
  31. තරුවා ගේ ඩීවිඩි එක හම්බවුනානම්....o.O

    ReplyDelete
    Replies
    1. අර දයානන්ද අයියා කිව්වා වගේ මූ ඒ ඩිංගට බලපු ඒවා කියලා ෂේප් වෙනවා....
      (රහසින්-ඔය කිව්වට ඒ වෙලාවට ඔය මොන එකක්වත් ඔළුවට එන්නෑ...)

      Delete

  32. අම්මයි කියලා හිතලා ඇ‍ඟේ ලේ වතුර වෙලා ඉඳලා, හොරෙක් කියලා දැනගත්තාම ආපහු වතුර ලේ වෙච්ච එකෙන්ම සෑහෙන දේවල් කියවෙනවා තරුවා! :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. යා යා යා.....සෑහෙන දේවල් කියවෙනවා නේන්නම්...

      Delete
  33. අලේ මල්දල්ලෑ තරුවාට වෙන දේවල්. මමත් හිතුවෙ දෙවෙනි කතාවත් ඇත්ත කියලා.

    ReplyDelete
    Replies
    1. ඈ බං අයියේ දිවට මොකෑ උනේ....අන්දරේට උන එකේ සෙකන්ඩ් වර්ෂන් එකද ඈ....... :ද

      Delete
  34. මේ දැන් හීනෙන් ඇවිදින ගමන්ද ගැහුවේ?

    ReplyDelete
    Replies
    1. දන්නෑ....මට ඇහැරෙනකොට ඔක්කොම වෙලා හොරා..අහ් නෑ ෆෑන් එකේ අවසන් කටයුතුනේ....

      Delete
  35. හොඳ වෙලාවට ප්ලේයර් එක හම්බුණේ නැත්තේ.නැත්තම් අද තරුවාගේ මළගම අවසන් වී බොහෝ කල්ය.

    ReplyDelete
    Replies
    1. ඒ..බලාගෙන ගිහාම ඒකත් ඇත්තනෙ බං...

      Delete
  36. හි හි..ඔයාගේ කකුල යහතින් නේද තරුවෝ ..අර ෆෑන් එකේ වැදුන..

    ReplyDelete
    Replies
    1. අහ් කකුල නේද.....බලමු....ආ..මේ හොඳට තියෙන්නේ...කිසි අවුලක් නෑ.. ;_

      Delete
  37. වෙලාවට හීනයක්‌ උනේ නැත්නම් තරුවෙක් නැහැ හොයා ගන්න අද ....

    ReplyDelete
    Replies
    1. තරුවෙක් නෙවෙයි බං හීනයක් නොවුනනම් අද හොරෙක් නෑ හොරකං කරන්න... ;)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...