Tuesday, September 4, 2012

ඇද්ද තොට...................!!!!!




ගෙනා සව් කඩදාසි
හැඩකලා
නුඹේ ගත
ටිකින් ටික
නිමවුනා
නුඹ තවත්
ලස්සනට
පලමු වර නුඹ
උඩට
යැව්ව දින
ඇස් දෙකට
ආව ඒ කඳුළු බිඳු
දුරු කලා
මහන්සිය
සියුම් ආඩම්බරය 
වෙලා ගති
මගේ සිත
නුඹ සුලඟ
හා එක්ව
දඟකලා 
අහස් කුස
නුඹ හිතුවෙ
සුලඟ නුඹ
ගෙනයාවි තව 
ඉහල
මටත් සරදම්
කර
නූල කඩන්
ගිය නුඹ
දන්නෙ නැහැ
නුඹ නිසා
හැඬුව තරමක්
මසිත
දුටුවා නුඹ
අද උදේ
ලයිට් කනුවක් උඩදි
ඉරටු පමණයි 
තිබුනේ
උන්නා නුඹ
අසරණව....



60 comments:

  1. Smashing Creation :))))))))

    ReplyDelete
    Replies
    1. අම්මපා...........තැන්කිව් ඈ..........

      Delete
  2. තරුව ඇත්තටම සරුංගලයක් ගැනද මේ ලිව්වේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ තොප්පිය ෆිට් අය දා ගත්තට අවුලක් නෑ..

      Delete
  3. යටි කුට්ටු අදහසක් ඇතැයි හැගේ තරැ අයියේ..... හික් හික්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++
      මටත් ඔය ටික හිතුන..

      Delete
    2. යටි කූට්ටු...අනේ මේ මම මම ඔව්වට නෑ හරිය...මම තාම අහිංසක පොඩි කොලු පැටියා...

      Delete
    3. ආ.................මෙන්න මෙයාටත් ඒකම හිතිලා..............

      Delete
  4. නූල කඩන් ගිය ගොඩක් අයට උනේ ඕක තමා ...

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද කිව්වේ ඈ...

      Delete
  5. සරුංගලයක් ගැන විතරක්ම නොවේද කොහෙද...

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව මොකක් ගැන වගේද...

      Delete
  6. ම්ම් .. ලොකු තේරුමක් තියෙනවා..ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. ම්ම්මම්ම්ම්ම්ම්....වෙන්ටැ වෙන්ටැ....

      Delete
  7. ඉරටු ටික එක්කෝ ඔහේ තිබ්බදෙන් තරුවෝ....!..ආයේ ගෙනත් සරුංගලයක් හදන්න ට්‍රයි කලත් ඒක අර තරම් උඩ යන එකක් නෑ බන්

    ReplyDelete
    Replies
    1. උඩ ගියත් ආයිත් නූල ඩන් යයි මචං......

      Delete
  8. සරුංගල් ඉතින් ඔහොම තමා නූල කඩාගෙන නෙව..
    මුලදි නම් හිතුනේ නෑ සරුංගලයක් ගැන කියන්නේ කියලා...හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....උඩ යන ඔක්කොම එහෙමයි...........

      Delete
  9. පට්ට මචං
    දෙපැත්ත කැපෙන්න ලියලා තියෙනවා,ගොඩක් උඩ ගිය මිනිස්සුන්ට තමන් එතනට ආවේ කොහොමද කියලා අන්තිමට අමතක වෙනවා...,.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං.....රැදෙන්නෙ කොහෙද කියලා නොදන්න හැමෝටම ඔහොම වෙනවා......

      Delete
  10. සරුංගල් කියන්නේ ඉතින් .. එක්කෝ ඕන නෑ.කවිය නම් ඉතින් පට්ට.පොඩ්ඩක් රාමුවෙන් එළියත් පේනවා වගේ.

    ReplyDelete
    Replies
    1. රාමුවෙන් එළියෙ ගැනත්...එක්කො ඕනි නෑ නේද...

      Delete
  11. මම මොකුත් කියන්නෙම නෑ මයි...

    ReplyDelete
  12. නූල කඩා ගන්න එපා කියන්නේ ඕකලු...

    ReplyDelete
    Replies
    1. මම නම් කඩා ගත්තේ නෑ...උඹ කඩා ගත්තද...?

      Delete
  13. හොඳ වැඩේ නූල කඩාගත්තට...

    ReplyDelete
  14. වැඩි දුර යන්න තමන්ම නූල කඩාගෙන යන සරුංගලුයි...
    නූල ඉබේ කැඩිලා යන සරුංගලයකටයි දෙකටම වෙන්නේ ඕකමයි..
    ඒ උනාට එක අසාධාරණයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්...කිව්ව කතාවේ හිතන්න සෑහෙන දේවල් තියනවා නේද...........

      Delete
  15. ජිවිතේ සරුංගලයක් නම් නුල කියන්නේ විනය.. නුල කැඩුණු සරුංගලයක් කවදාවත් තව තවත් උඩ යන්නේ නෑ.. එක්කෝ බිම වැටෙනවා.. නැතිනම් කොහේ හරි රැඳිලා විනාස වෙලා යනවා...
    ඒක නිසා නුල කඩා ගන්න එපා... හොඳේ

    ReplyDelete
    Replies
    1. හ්ම්......නූලනම් කඩා ගන්නෙම නෑ....(ඔය කිව්වට අනේ මන්දා....)

      Delete
  16. ආ... උඹත් කඩා ගත්තා එහෙනම් ඈ.........!

    ReplyDelete
    Replies
    1. පිස්සුද...මේ මම නෙවෙයි........

      Delete
  17. උඩ යන සියල්ල බිමට කවදා හෝ කඩා වැටේ

    ReplyDelete
    Replies
    1. ම්ම්මම්ම්ම....යා යා.......ඉට්ස් ටූ.....

      Delete
  18. හුටා නූල කඩා ගත්තද...

    ReplyDelete
  19. madai neda taru ayya?

    ReplyDelete
  20. සමහරු නූල කැඩිච්ච සරුංගලයක් වගේ තමයි
    අර්ථවත් කවියක්...

    ReplyDelete
  21. සරුංලගයක් ගැන නොව මේ ලියා ඇත්තේ කාපු පට්ට බූට් එකක් ගැනය

    ReplyDelete
    Replies
    1. තියන බූට් දෙකත් පට්ට ගැසී ඇත....බඩගින්නටවත් මේක නම් කන්න නොහැක...ගත් දා සිට නොසෝදා ඇති නිසා අභ්‍යන්තරයේද ඇත්තේ රස නහර පිනා යන සුවදකි..අවැසිනම් ඔබට කන්නට දෙමි...

      Delete
  22. කාට හරි හොදට බැනලා තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. කවුද..............මමද......................අලේ මන්දා...මම දන්නෑ..........

      Delete
  23. අපූරුයි යාලු :)

    ReplyDelete
  24. පිස්සුද ඒ කොළ නැතුව
    හිටියේ මම නෙවෙයි
    මම ගහක රැඳිලා ඉන්නකොට
    වීර අයියා කෙනෙක් ගස් නැග
    මා බේරාගෙන දැන්
    උඩ යවනවා
    ඊරිසියාද තරුවෝ ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියේ බොට
      මොකට ඊරිසියා වෙන්නද
      දනිමි සරුංගලේ
      තරම අපූරුව
      දවසක කියාවි
      අර වීර අයියාද
      අහෝ ඛේදයකි
      ඉරකි තිතකි
      දුක් ගින්නකි
      රීකන්ඩිෂන් නූලද
      කඩන් ගියා ඈ
      අද හවස............................

      Delete
  25. මට වෙන දෙයක් මැවී පෙනෙන්නේ කිම? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ තොගේ තියන අවලං වලත්ත හුරතල් කුපාඩි අලුග්ත්තේරු අකලංක පූජනීය ප්‍රේමනීය ලොමුඩැහැ ගැන්වෙන ජුගුප්සාජනක අහල් එක වෙන මොකද්ද එක හින්දනේ...

      Delete
  26. සරුංගලයට එහා ගිය කවියක්..

    ReplyDelete
  27. රෝන්දේ ගියාම ඔහොම තමා

    ReplyDelete
  28. හොඳ උපමාවක්..සුබ පැතුම් අපෙනුත් :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...