Saturday, September 15, 2012

අනුන්ගේ Password උස්සමුදෝ...... - 2


හප්පා....පස්ට කම්මැලියි...කම්මැලියි කියන්නේ කම්මැලිකම කන්දෙකෙන් බේරෙනවා...ඒක හින්දම ගේනාවා අයිත් මම ඉගන ගන්න පැත්තේ එව්වා ටිකක්. මේව්වා මෙහෙම කියලා දෙන එක හරිද මන්දා. එක්කෝ මොකෝ නේද. මොකෝ මෙව්වා යනකොට ගෙනියනවෑ. කලින් සැරේ මම අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි කියන්න ගිහින් සමහරුන්ගෙන් බැනුනුත් ඇහුවා ඔව්වා කියන්න එපා කියලා.. ඒ උනාට අපි සැලෙනවද සහෝදර සහෝදරියනි. නෑ අපි සැලෙන්නේ නෑ.. අපිව සලන්ඩ බෑ. හැබැයි පුතේ තොපිලා මේව්වා වැරදියට පාවිච්චි කලොත් මටත් හෙනගහනවා. මට හෙන ගහනවට උඹලා කැමතිද...නෑ...බහුතරය අත ඉස්සුවෙ නෑ කියලා..එහෙනම් මෙව්වා මේ පොඩි ආතල් වැඩ වලට විතරක් ගන්න මතක තියාගනිව්. අනික මෙව්වා මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගත්තාමවත් මෙව්වා නොවෙන්ඩ පරෙස්සම් වෙයව්.මම කලිනුත් කිව්වා පිහියකින් අඹ කපන්ඩත් පුළුවන් බෙලි කපන්ඩත් පුළුවන්. එහෙමයි කියලා අපිට පිහි තහනම් කරන්ඩ පුළුවන්ද මාගේ සහෝදර සහෝදරියනි. බෑ..අපිට පිහි නැතුව බෑ. එහෙනම් උඹල අතර ඉන්න එලොවටත් මෙලොවටත් නැති කොන්ද පණ නැති ලැජ්ජා නහර අහවල් එකෙන් කපා ඇති හරි ජාතකයක් නැති එව්වෝ මෙව්වා අරගෙන කවුරුහරි අහිංසකයෙක්ට ගිනි ගෙඩියක් දුන්නොත් ඌට හෙන ගහනවා. එහෙමයි කියලා මම මෙව්වා කියලා නොදී ඉන්නවද නෑ මම එහෙම කරන්නෑ මම කියලා දෙනවා. ඉගන ගන්න උන් ඉගනගත්තාවේ අනිත් උන් ඕමි ගහපුවාවේ.. ඔයිකේ...ඒ උනාට අද දරුණු එව්වනම් නෙවෙයි ඕං....අපිට උදව් වෙන එව්වා එක්ක අරවා මෙව්වා ටිකකුත් ඈ.. එහෙනම් මගේ කතාව මෙතනින් අවසානයි..මෙතනින් එහාට වැඩ විතරයි..මට ජය වේවා...

අද වැඩිය කතා නෑ. පිස්සු කෙලිලි නෑ..  කොහෙන්ද පටන් ගන්නේ...ම්ම්ම්ම්ම්ම් මුලින්ම පොඩි එව්වගෙන්....

1.) Desktop එකේ Right Click කර Command Prompt එක ගැනීම....

Code ලියන එව්වට අරවට මෙව්වට හැම මඟුලකටම දානෙකටම ගොඩක් වෙලාවට ඕනි වෙන මේ Command Prompt එක කොහොමද අපි ඕපන් කරගන්නේ. එක්කෝ Desktop Icon එකක් හදාගන්නවා. නැත්නම් Task bar එකට පින් කරගන්නවා. නැත්නම් Start ගිහින් cmd හරි Command Prompt හරි Type කරලා ගන්නවා. නැත්නම් Start Menu එකට දා ගන්නවා..

ඔය විකාර නැතුව Desktop එකේ Right Click කරලා ඕක ගන්න හැටි දන්නවද..මෙහෙමයි නිකන් අපි Right Click කලාට එහෙම මඟුලක් එන්නෙ නෑනේ..එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි..
Shift+Right Click
ඔච්චරයි. එතකොට ලා..ස්සනට ඇවිත් ඇති Open Command Window Here කියලා. බඩුම තමයි  ඕ ක Click කලාම Command Prompt එක Open වෙනවා විතරක් නෙවෙයි අනිත් විදිහට cmd එක ගත්තාම කෙලින්ම User එකටනෙ ගිහින් තියෙන්නේ. මේකෙදි කෙලින්ම Desktop එකට ඇවිත් තියනවා. අපිට cd අරවා මෙව්වා ගහලා Desktop එකට එන්න ඕනි නෑ. මේකෙදි විතරක් නෙවෙයි HDD එකේ ඕනිම Partition එකකදි මේ විදිහට Right Click කරලා ගත්තොත් කෙලින්ම ඒ Partition එකට cmd එකත් ඇවිල්ලා ඇති. Partition විතරක් නෙවෙයා ඕනිම Folder එකක් මේ විදිහට  Shift+Right Click කරලා cmd එක ගත්තොත් කෙලින්ම ඒ Folder එකට ලොකේට් වෙනවා.....ට්‍රයි කරලම බලන්ඩකෝ...

2.) කාගේ හරි Save කල Password එකක් Asterisk Key විදිහට තියෙද්දි ඒ මොකද්ද කියලා බලාගම්මු..

මේක නම් බොහොම පුංචි වැඩක්. ගොඩක් අය Fb ආවාම හරි තමන්ගේ Mail එකට ආවාම හරි ඕක Save කරලා දානවනේ. මගේ කලින් පෝස්ටුවෙනම් කිව්වා එව්වා බලාගන්න හැටි. මේ කියන්නේ තව විදිහක්. අපි හිතමු අපි Fb එකට එනකොට මෙන්න මෙහෙම තිබුනා කියලා.


අපේ අය ලේසියට ඕවා ඔහොම Save කරලා යනවනේ. ආපු ගමන් Enter කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔහොම එකක් දැක්කොත් කරන්න තියෙන්නේ...දැන් මේ Password එක මොකද්ද කියලා දැනගත්තනම් වැඩේ ගොඩනේ. Mail එක තියනවනේ. එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය Password එක Select  කරන්න. Right Click කරන්න. එතකොට Open වෙන එකේ තියනවා අන්තිමටම Inspect element කියලා. ඔන්න ඕක Click කරන්න. එතකොට යටින් අළුතෙන් එකක් Open වෙයි මේ html කෝඩ් ටිකක්. ඒකේ Select වෙලා තියෙයි Password කියලා එකක්. ඒ කියනනේ එතනින් තමයි අර Password එක Type කල කැන ලියන එව්වා අකුරු වගේ පේන්න එපා කියලා ලියලා තියෙන්නේ. 

ඔන්න ඔහොම. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි ඔය Select වෙලා තියන එකේ Password කියන එක උඩ Click කරලා ඒක Type කියලා වෙනස් කරන්න.
දැන් නිකමට වගේ මේක Enter කරලා උඩ බලන්න අර Password එකට මොකද උනේ කියලා. ඒක මෙන්න මේ වගේ තියේවි.



ම්ම්ම්ම්ම්...දැන් ඉතින් ඕක Fb විතරක් නෙවෙයි ඕනි මගුලකට හරි. පොඩි සිම්පල් එකක් හොඳේ...

3.) Facebook එකේ ඉන්නකොට ඕනි වෙන Shortcuts කීපයක් ඔන්න...


Chrome        Firefox                  Facebook


Alt+m           Shift+Alt+m           New Message
Alt+0            Shift+Alt+0            Help Center
Alt+1            Shift+Alt+1            Home Page
Alt+2            Shift+Alt+2            Profile Page
Alt+3            Shift+Alt+3            Manage Friend List
Alt+4            Shift+Alt+4            Message List
Alt+5            Shift+Alt+5            Notification Page
Alt+6            Shift+Alt+6            Account Settings
Alt+7            Shift+Alt+7            Privacy Settings
Alt+8            Shift+Alt+8            Facebook Fan Page
Alt+9            Shift+Alt+9            Facebook Terms
Alt+?            Shift+Alt+?              Search Box


4.) අන්තිමට Computer එක Turn Off හරි On කල හරි වෙලාව දැන ගන්න...

කවුරු හරි අපි නැති වෙලාවේ අපේ Computer එකට log වෙලා මේක අවුල් කලොත් මල පනිනවා නේද. අනික අපිට නොකියා හිටියොත්. නැති කෙනෙක් හරි හදිස්සියකට හරි Computer එකක් පාවිච්චි කලාට කිසිම අවුලක් නෑ. ඒත් නොකියා හිටියොත් මල. ඊටත් වඩා File අවුල් කලොත්. එහෙනම් මේ කියන විදිහෙන් පුළුවන් අපේ Computer එක අන්තිමට විතරක් නෙවෙයි මීට දවස් ගානකට කලිනුත් On කල Off කල වෙලාවල් දැනගන්න. ඔයිකේ..එහෙනම් බලමු මේක කරන හැටි. 

ඉස්සෙල්ලාම Start ගිහින් ඒකේ event viewer කියලා Type කරලා Enter කරන්න. xp වලදි නම් run එක අරන් eventvwr.msc කිලා type කරලා Enter කරන්න. දැන් ලා..ස්සනට එයි Event Viewer කියලා එකක්.
ඕකේ ගොඩක් දේවල් තියනවා. අපිට ඕනි දේ කරගන්නනම් ඕකේ දකුණු පැත්තේ තියනවා Windows Logs කියලා එකක්. ඒක Click කරන්න. ඔයිකේ..ඉතින් ඊට පස්සේ ජම්බො ජොලියක් කාලා..(හුටා ට්‍රැක් පැන්නා) සොලි. ඉතින් ඊට පස්සෙ ඒකේ ඇති System කියලා එකක්. ඒකත් Click කරන්න. එතකොට එයි මෙන්න මේ වගේ මඟුලක්.

ඔන්න ඔහොම එන එකේ ඔය මම අංක 1න් ලකුණු කරලා තියන එකේ Eventlog කියන එක තෝරගන්න.අංක 2න් 6005 & 6006 තෝරගන්න. මේවයින් 6005න් ඔයාගේ Computer එක Start කල වෙලාවලුත් 6006න් Computer එක Off කල වෙලාවලුත් ලේසියෙන්ම බලාගන්න පුළුවන්...

 හම්මෝ ඔය මදෑ...දෙන්න නම් තව එව්වා ටිකක් තියනවා...මොකද්ද මොකද්ද වගේ...ඒ ටික හෙමින් දෙන්නම්කෝ..යන්න කලින් හැබැයි තව එව්වා ටිකක් සදන්නම්. ඕනි නම් මෙව්වා බාගන්න. මේව මාත් නෙට් එකෙන් එහෙම්ම කොපි කර ගත්ත එව්වා. ඕනි නම් බා ගන්න..ඔයිකේ.....

5.)  සියළුම cmd code ටික...ඕනිදෝ...

8.) Viruzzz වලින් බේරෙන්න ක්‍රම ටිකක්...

හප්පේ...ඇති....පට්ට මහන්සියි...දැන්නම්....අද මහා ලොකු එව්වනම් නෙවෙයි කිව්වේ..ඕනි කස්ටියට වැඩ ගන්න පුළුවන්..හිතුනොත් ටික දවසකින් තව මේ වගේ එව්වා මෙව්වා ටිකක් දෙන්නම්කෝ ඈ...

65 comments:

  1. අන්න පනුච්චි ඇනගෙන...
    උදව්වක් දෙන්න බලහං තරුවෝ...

    ReplyDelete
    Replies
    1. ඇහ්..එහෙමද...පුළුවන් දෙයක්නම් කරලා දෙන්නම් මචං. අවුල මොකද්ද කියලා කියන්න කියපං..

      Delete
    2. මම නෙමෙයි යාලුවෙක්ට තරූ.. මේ තැරිය තමයි ලින්ක් එක දුන්නේ.. අනිත් පොස්ට් එකේ කොමෙන්ට් එකක් මේකේ දැම්මේ කතාව යන්නේ මෙතන නිසයි
      C:\Users\.......\AppData\Local\Google\Chrome\User Data\Default
      මෙහෙම ගිහින් Web Data කියන ෆයිල් එක හම්බුනා කියමුකෝ.. දැන් කොහොමද එකේ තියෙන PW ටික හොයා ගන්නේ :O

      Delete
    3. මෙහෙමයි ඔයාගේ ඒ web data file එකේ තියන pw බලාගන්නේ chrome එකෙන් මම අර උඩින්ම් කියලා තියන විදිහට. මේක වැදගත් වෙන්නේ වෙන කෙනෙක්ගේ com එකක තියන pw බලා ගන්න. ඔයා වෙන කෙනෙක්ගේ ඔය file එක අරගෙන ආවොත් ඉස්සෙල්ලම ඔයාගේ web data file එක වෙන කොහාට හරි backup කරගෙන අළුතෙන් ගෙනාව file එක එතනට දාලා chrome එක open කරලා ඒකේ settings වලට ගිහින් එතනිනි manage password ගිහාම අර web data file එකේ save කරලා තියන password පෙන්නනවා. ඒක ඉස්සරහා click කරලා show password දුනනාම ඒක අස්සේ තියන් එව්වා එලියට එනවා. අවුලක්නම් කියන්න....

      Delete
    4. ආ.. මේක මට නෙමෙයි යාලුවෙක්ට.. එයාගේ බ්ලොග් එකේ PW ඒක මතක නෑ ලු . ලොග් වෙන්න විදියක් නැතුව ඉන්නවා. දන්නා සෙල්ලම් ටික මාත් දැම්ම. මුකුත් කරන්න බෑ... ස්තුතියි තරුවෝ.. බලමුකෝ...

      Delete
    5. ආ...රූ ගෙ කේස් එකනේ...මාත් බැලුවා ඒකට කරන්න දෙයක්නම් ටිකක් අමාරුයි....

      Delete
  2. එල මචො හබැයි පුතො ඔවා ඔහොම ප්‍රසිද්දියෙ කියන එකට මගෙ නම් වැඩි මනාපයක් නැ.....
    අයුතු ප්‍රරොයොජන ගන්න අයට මෙක ඉනිමගක් බන්''''''''''

    ReplyDelete
    Replies
    1. යා යා මම ඒක දන්නවා බං...ඒත් එහෙමයි කියලා මේකෙන් ප්‍රෙයා්ජනයක් ගන්න උන්ට නොදී ඉන්නයෑ...දෙපැත්තක් තියනවා මචං..

      Delete
  3. මරු වැඩ කෑලි ටිකක් නේ.. අර පාස්වර්ඩ් සීන් එක නම් සිරා !

    ඒක නෙමේ මේ බ්ලොග් එක පට්ට ස්ලෝ වෙලා. හැට පැයක් යනවා. ඒ මදිවට ස්ක්‍රිප්ට් එකක් ස්ටොප් කරන්ඩත් අහනවා. පොඩ්ඩක් සරල කරන්ඩෝ !!!

    ReplyDelete
    Replies
    1. එල ඈ..ටැන්කූ...මේ ඒක නෙවෙයි අයියේ..මම මේක ස්පීඩ් කරන්න පුළුවන් හැම මඟුලම කලානේ...තාම ස්ලෝද...අඩේ මාර කේස් එක කියන්නේ මට කිසිම අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ...දැන් ඉතුරු වෙලා තියෙන්නේ පෝස්ට් ඩිලීටු කරන්න තමා..

      Delete
    2. අයියේ ඔය ලෙඩේ මේකේ තිබුනා ඉස්සර...ඒත් මම හැදුවා....මම මේ ආයිත් බැලුවා මට පේන්න කිසි අවුලක් නෑනේ...එලටම ලෝඩ් වෙනවා...මෙතන හොදට සිග්නල් තියන හින්දද මන්දා...

      Delete
  4. ඒ මචං උඹ වින්ටෝරියස්ද මොකක්ද එකේ වැඩලු නේද මේ දවස් වල?

    ReplyDelete
    Replies
    1. හිකිස් යා යා මචං...ක්‍රිකට් ඉතින් ඇගේ කෑල්ලක් වගේනෙ...ක්‍රිකට් කොහෙද මාත් එතන....

      Delete
  5. මරු මරු.. වැදගත් යමක්..

    ReplyDelete
  6. මැෂින් එක ඔන් ඕෆ් කල එක දැනගන්න විදිහ නම් නියමයි.
    බුක් මාක් එකකුත් දාගත්තා.
    ජය!

    ReplyDelete
  7. එල එල.. වටින ලිපියක්..

    ReplyDelete
  8. හොඳා හොඳා! ගිනි නරියගෙ අඩෝන් එකකුත් තියෙනවා firebug කියලා මේ වගේ!

    ReplyDelete
    Replies
    1. ගිනි නරිවගේ ඇඩෝන් එකක් තියනවා අයියේ ඒක වෛරස් ගාඩ් වලට අහු වෙන්නෙත් නෑ...හිස්ට්‍රු ක්ලියර් කලාට නැතිවෙන්නෙත් නෑ ඒකෙන් අපි කී බෝඩ් එකෙන් ටයිප් කල හැම දේම බලා ගන්න පුළුවන්..ඒක මෙතන දැම්මනම් මාව අනිවා සුදු වෑන් එකකින් උස්සනවා...ඒක තියන කොම්පියුටර් එකක පාස්වර්ඩ් එහෙම උස්සනවා කියන්නේ ඇස් දෙක පියන් කරන්න පුළුවන් වැඩක්...

      Delete
  9. හොඳයි හොඳයි...ජය වේවා..

    ReplyDelete
  10. වැදගත් යමක්. personal app එකකට ලින්ක් කරගත්තා.

    ReplyDelete
  11. මේක ප්‍රසිද්ධියේ නොලීවනම් හොඳයි. සමහර වෙලාවක වැරදි කෙනෙක් අත්හදා බැලුවොත් මොකද වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් ටිකක් බයානක එකයි මෙතන තියෙන්නේ....හ්ම් දෙපැත්තක් තියනවා හැම දේකම....

      Delete
  12. ඔහෙත් ඕනේ නැති වැඩමයි කොරන්නේ..
    දෙන ඉතින් මොකෝ කරන්නේ.. සුපිරියි.
    අනිත් දවසේ මෙහෙම එකක් කලොත් කන්දෙක අල්ල ගෙන දණ ගහන් ඉන්න දෙනවා මිදුලේ පැය දෙකක්..

    ReplyDelete
    Replies
    1. හිකිස්.........අම්මෝ......බයේ බෑ......

      Delete
  13. ෂා මාර වටිනවා අයියේ.අර කොමාන්ඩ් ප්‍රොම්ප්ට් කේස් එකනම් එලකිරි වගේ වැඩ අනික්වා හිමින් සැරේ කරන්න කොපියක් දාගත්තා හොඳේ... සෑහෙන්න කාලෙකින් දැක්කේ කොහොමද ඉතින් ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. අම්මටසිලි සිලි ගැමි මල්ලි කාලෙකින් මේ පැත්තේ...මම නමස් ඔහේ ඉන්නවා....කාලෙකින් ඔයාගෙ කතාවත් කියෙව්වා අද එල ඈ....

      Delete
  14. බ්ලොග් එක ඕපන් වෙන්න හෙන වෙලාවක් යනෝ...

    ReplyDelete
    Replies
    1. මේ මාර කේස් එකනේ මම ඕක හැදුවා....ඒත් තාම එහෙමද....මේ මට කිසි අවුලක් නෑනේ ටාර් ගාලා ලෝඩ් වෙනවා...බලමු ආයිත්...

      Delete
  15. අර කමාන්ඩ් ප්‍රොම්ට් එක ගන්න වැඩෙයි ඉවෙන්ට් වීවර් එක ගන්න වැඩෙයි එක්ස්පී වල වැඩ නෑනේ........ උදව්වක් කරන්නකෝ තරුවෝ.......

    ReplyDelete
    Replies
    1. මචං cmd case එකනම් මාත් xp වල පොඩ්ඩක් බලලා කියන්න ඕනි..මම ඒක ඒකෙදි කරලා නෑ..මම බලලා කියන්නම්..
      අනිකනම් මම උඩත් කිව්වා.. run එක අරන් eventvwr.mcs කියලා type කරලා enter කරන්න...

      Delete
    2. හුටා මෙතන මට වැරදිලා සොරි ප්‍රින්ටින් මිස්ටේක් eventvwr.mcs නෙවෙයි...eventvwr.msc

      Delete
  16. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්මම්ම්ම්ම්මම්

      Delete
  17. ඔවුවා වැඩක් නැහැමට Blue screen death එකට බෙහෙතක් කියපන්..

    ReplyDelete
    Replies
    1. මරණයේ නිල් තිරය...දැන් මොකෑ උනේ හරියටම...

      Delete
  18. හිකිස්‌...,,, අර මැෂින් එක ඔන්/ඕෆ් කරපු වෙලාවල් බලන එක නම් හරිම ශෝක්... ම්ම්ම් දැන් නම් අර ස්ක්‍රීන් ෂොට් වල තියෙන විදියට එෆ්.බී ලොග් වෙන්න නරකයි වගේ නේ?

    ReplyDelete
    Replies
    1. අම්මපා ෂෝක්ද ඈ...යා යා ඒ විදිහට ලොග් වෙන එක නරකයි තමා..

      Delete
  19. හප්පේ.. පින්සිද්ධ වෙච්චාවේ!!!
    එවුනාට පිහියෙන් අඹ කපන්නෙ නැතුව බෙල්ල කපන කෙනෙක්ට අහුවුනොත් තමා ලෙඩේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මෙව්වා පිං තකාමත් කරන එව්වා නෙවෙයි ;) ;)
      තැන්කූ ඈ...

      Delete
  20. බොහොම වැදගත් ලිපියක්http://anuharshi.blogspot.com

    ReplyDelete
  21. තරැවො ඔයා දන්නවද nokia Lumia 610 phone එකට skype Install කරන හැටි. දන්නවනමි කියන්නකො.

    ReplyDelete
    Replies
    1. අහ්...මම කරල ම් නෑ මචං පුළුවන්ද බැරිද දන්නෙත් නෑ..පොඩ්ඩක් හොයලා කියන්නම් ඈ..

      Delete
  22. Free PDF Password Remover Tools http://www.pdfpasswordremover.
    tk - PDF Unlocker - Unlock Any Secured PDF File For Free.
    The best PDF Password Removal Software For Free Download

    Thanks a lot for sharing this with all of us you really understand what you are speaking
    about! Bookmarked. Kindly also talk over
    with my website =). We can have a link exchange contract between us

    ReplyDelete
  23. Pretty nice post. I just stumbled upon your weblog and wished to say that I
    have truly enjoyed surfing around your blog posts. After all I will be subscribing to your
    rss feed and I hope you write again soon!

    Feel free to visit my blog post

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...