Wednesday, August 8, 2012

තේරවිල්ලක්....(කුණුහබ්බයක්ද මන්දා........)

අද අරගෙන ආවේ පොඩි වෙනස් දෙයක්...තේරවිලි ටිකක්...පුළුවන්නම් තෝරපල්ලකෝ....මටත් මේවා මේ අන්තර් ජංජාලෙන්මයි හම්බවුනේ..

ඔන්න මුලින්ම කියන්නේ කැත හිත් වලින් බැලීම සපුරා තහනම්...මම තාම සුට්ටි කොලු පැට්ටා....මම ඔය නරක දේවල් දන්නෑ...

ඉස්සෙල්ලම තේරවිලි ටික දාල ඉන්නම්කෝ....


1.) 
අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන...
හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන...

හා...පෝ......මූනෙ හැටි...ඔන්න අනිත් එව්වා...


2.)
පොත්ත කොලවන්
මදය රන්වන්
අහෝ මේකිගෙ බඩේ දරුවන්...


3.)
පොත්ත කැඩුවා රැවුල දුටින්
රැවුල කැඩුවා ඇටේ දුටින්
ඇටේ කැඩුවා පොල්ල දුටින්...


4.)
උල් දෙකයි හිල් දෙකයි...රෙද්ද අස්සෙම රිංගන්නේ...


5.)
නංගිට තියනවා මල්ලිට නෑ...
නන්දසේනට දෙපැත්තෙන් තියනවා...
සමනලයට මැද්දෙන් තියනවා...


6.)
රෙද්ද අස්සෙ පූට්ටුව...


7.)
සුපුන් සඳක් වැනි... මැදින් හිලක් ඇති... 
දෙක තුන හිටලයි බස්සන්නේ...
පස්සට ගහලා...බඩ මිරිකාලා...
රෑටයි මාගෙන් වැඩ ගන්නේ...

8.)
ඉස්සරහින් උලක්...පිටිපස්සෙන් හිලක්...

9.)
පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර...
වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර...
හොල්ලා දෙතුන් විටයක් ඉද ඇද්ද වර...
පොල්ල අගින් එතකොට වෑහෙයි වතුර...


10.)
එක කෙලින් වෙනකොට...දෙක සමාන වෙනවා...


11.)
ලන්ඩ ලන්ඩ ටික ටික උඩ එයි දන්ඩ...
දන්ඩ මැදින් කලලේ වැල් ලා ගන්ඩ...
පැදුරේ වැටුණු විට පණ නැති වෙයි දන්ඩ...
මෙතුන් පදේ නුවණින් තෝරා දෙන්ඩ...


12.)
රෑට ගහනවා...උදේට පිටකරනවා....


ඉවරයි.....තව ඕනිද....??? 
හාපෝ..........මුන්ගේ තියන කැත හිත...බලන්නෙම මහා...වල්...විදිහට...
දැන් මේවට උත්තර දෙන ඇත්තනට ඇත්තියන්ට මොනවද ඕනි.....?????
මම දෙන්නම් හොඳවයින් හොඳ අලුත්ම...ලොක්ක..එක්කෝ ඔනි නෑ...මම මොනවා හරි දෙන්නම්කෝ...ඉස්සෙල්ලා තෝරලා හිටපල්ලකෝ........!!!!!!!!!

79 comments:

  1. හික්ස්.. අද කමෙන්ට්ස් කීයක් හම්බු වෙයිද දන්නේ.. අනේ මම නම් ඔවා මුකුත්ම දන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නේද....බලමුකෝ...

      Delete
  2. ශා.. මන් එක වෙලා අද.. ජය වේවා.. :D

    ReplyDelete
  3. කතුර , වරක , ඉඳි කටුව එහෙමනම් තියනවා....

    ඒ උනාට මට මේවා කියවද්දී මතක් වෙන්නෙම වෙන එව්ව

    ReplyDelete
    Replies
    1. වරක??වරකා නෑනේ...අනිත්වනම් තියනවා තමයි...ඒත් කොයිවද???

      Delete
  4. ගොඩක් ඒවා දන්නවා..

    ඒ කෙසේ වෙතත් පට්ටම පට්ට පෝස්ට් එකක්..

    පෙනවද අපේ බසේ රස..

    ReplyDelete
    Replies
    1. යා යා බසේ රස වෑහේ නේ....!!

      Delete
  5. හපොයි මාර තේරවිලිනේ ..
    2. වරකා ද..?
    අනික් මෙව්වා නම් දන්නේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. නෑනේ...2-පැපොල් නේ...:පී

      Delete
  6. අර 7 වෙනි එක නම් ටෝච් එක..අනිත් ඒවා නම් මොනාද මන්දා..

    ReplyDelete
    Replies
    1. ආ.....ඒ කිව්ව එක නම් හරි....හැබැයි තෑග්ග නෑ හොඳේ...

      Delete
  7. මට නම් මේවාට දෙන්න තියෙන උත්තර 18+ ඒවා

    ReplyDelete
    Replies
    1. ෂිකේයියා...මෙයා හරියට වල් වෙලා....

      Delete
  8. උත්තර ටික දන්නවා දන්නවා වගේ..
    බලමුකෝ උත්තර දැම්මම..

    ReplyDelete
    Replies
    1. කෝ වැඩක් නෑනේ...දන්නවට කිව්වෙ නෑනේ...

      Delete
  9. හෆොයි තරු..

    1. පෑන
    2.වරකා ද දූරියන්ද (මන්දා මතක නැත)
    3.බඩ ඉරිඟු
    4. කතුර (වෙන්න ඇති)
    5. "න" යන්න
    6.කුඩය
    7.-------
    8.ඉදිකට්ට
    9.ආඬියා ලිඳ
    10. --------
    11. තරාදිය
    12. පැට්‍රොමැච් ලාම්පුව

    හෆොයි මීට වඩානම් එපා තේරවිලි දෙන්න.. නෙට් එකෙන්ම ගත්තයි කිව්ව නිසා මං දැක්කා නෙට් එකේ තව තියෙනවා.. :D
    බොහොමයක් තේරුම් සොයා දුන් ගූගල් දෙවියාට මාගේ ප්‍රණාමය..!!! :D :D

    ReplyDelete
    Replies
    1. 1.) හරී...
      2.) වැරදී...හැබැයි වරකත් ගන්න පුළුවන් වගේ..
      3.) හරී...
      4.) හරී...
      5.) හරී...
      6.) හරී...
      7.) වැරදී...
      8.) හරී...
      9.) හරී...
      10.) වැරදී...
      11.) හරී...
      12.) හරී...

      මාර කේස් එකනේ...ගොඩක් ඒවා හරී...බලමු කවුරු හරි ඔක්කොම කියයිද කියලා..

      Delete
  10. දෙක තුනක් දන්නවා.2 වරකා 5. න

    ReplyDelete
    Replies
    1. හරිනේ...කිව්ව ඒවා හරි...හැබැයි 2 පැපොල් වලටත් කියනවා..

      Delete
  11. උත්තර සෙට් එක !!!


    2. ගස්ලබු
    3. බඩ ඉරිඟු
    4. කතුර
    5. 'න' යන්න

    7. ටෝච් එක

    10. තරාදිය


    අනිත් ඒවා නම් දන්නේ නෑ... මම් පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි !!!

    ReplyDelete
    Replies
    1. 2.) හරී...
      3.) හරී...
      4.) හරී...
      5.) හරී...
      7.) හරී...
      10.) හරී...
      කිව්ව ඒවනම් හරියෝ...

      Delete
  12. 2 නම් අහලා තියනවා උත්තරේ මතක නෑ
    3 ට උත්තරේ නම් බඩ ඉරිගු කරල
    5 ට උත්තරේ "න"

    ReplyDelete
    Replies
    1. 3.) හරී...
      5.) හරී...
      ඒත් තෑගි නැතෝ..

      Delete
  13. 2. කොමඩු
    4. කතුර
    8. ඉදිකටුව
    12. පෙට්‍රල් මැක්ස් එක

    ReplyDelete
    Replies
    1. 2.) වැරදී...
      4.) හරී...
      8.) හරී...
      12.) හරී...

      Delete
  14. කවුද බන් මේවා හදපු ගොබිලා :D

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවෙයි...අහල බලන්න කාගෙන් හරි..

      Delete
  15. 1 = තොටියා.


    4 = ඉන පටිය.
    5 = "න" යන්න.

    7 = හුලන්ගහන ලාම්පුව (ලන්තෑරුම)
    9 = නළ ළිඳ

    ReplyDelete
    Replies
    1. 1.) වැරදී...
      4.) වැරදී...
      5.) හරී...
      7.) වැරදී...
      9.) ආඬියා ළිඳයි නල ලිදයි කයන්නේ එකමද....??මට මතක නෑනේ..එකමනම් ඔයා හරී... නැතන්ම්...නැත්නම් දන්වනේ නේද...

      Delete
  16. අපිට තේරෙන්නේ නෑ මේ හරුප ඉතින්.. උඹම කියහං..

    ReplyDelete
    Replies
    1. ඇහ්....පුදුමයි...වෙන දෙයක්වත් හිතුනෙ නැද්ද අෆ්ෆා...

      Delete
  17. කවුරුහරි තෙරුවාම එක කියවනවා බන්.. කම්මැලියි හිතන්න..

    ReplyDelete
    Replies
    1. ඔන්න කට්ටිය කියලෝ......

      Delete
  18. ලොක්කා කාඩ් එකක් නම් එපා..........

    ReplyDelete
    Replies
    1. ෂික් විතරක්....මම ගැන එහෙමද හිත්නේ....

      Delete
  19. අපේ කට්ටිය උත්තර කොපි කරන්න දන්නෙම නැති නිසා කමෙන්ට් මෝඩරේට් කලෝ....සොරි ඈ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා..මම ඊයේ රෑත් ඇවිත් බැලුවා..ඔක්කෝම අන්ත්ස්ධාන වෙලා.. හික්ස්.. :p

      Delete
    2. ඕං...දැන් දැම්මා ඔක්කොම එව්වා...

      Delete
  20. 2 කොස් ගෙඩිය...
    5 න යන්න...
    7 ටෝච් එක ඈ..

    ReplyDelete
    Replies
    1. 2.) හරි කියමුකෝ..
      5.) හරී...
      7.) හරී...

      Delete
  21. ඕ..ඔබම තෝරා කියන්න :)

    ReplyDelete
  22. 5- න‘ යන්න

    පස්සෙ උත්තර දැම්මම කල්පනා කරනවා බං.. කම්මැලි :ඩී

    ReplyDelete
    Replies
    1. 5.) හරී...
      හාපෝ..තියන කම්මැලිකම...

      Delete
  23. 2)පොත්ත කොලවන් - මදය රන්වන්
    අහෝ මේකිගෙ බඩේ දරුවන් = වරකා ගෙඩිය

    8)ඉස්සරහින් උලක්-පිටිපස්සෙන් හිලක් = ඉඳිකට්ට

    10) එක කෙලින් වෙනකොට-දෙක සමාන වෙනව = තරාදිය

    අනිත්වා නම් හදිස්සියේ මතක් වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. 2.) හරි කියමුකෝ..
      8.) හරී...
      10.) හරී...

      Delete
  24. චොයි තෙරවිලි ටික

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අයියට විතරයි තේරුනේ...

      Delete
  25. මටනම් සේරම කුනු හම්බ වගේ තමා තේරෙන්නෙ ,
    7 උත්තරේ කොට්ටෙද?

    ReplyDelete
    Replies
    1. හයියූ.....කිව්ව එකත් වැරදියි... :පී

      Delete
  26. 2) පොල් මල
    3) බඩ ඉරිඟු කරල
    5) න යන්න
    අනික්වා නම් හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. 2.) වැරදී...
      3.) හරී...
      5.) හරී...

      Delete
  27. #$$%^%&%@#@@$#$%()&*^&%^%%%`@#$^$%^%^&&&^**&($%^&

    ReplyDelete
    Replies
    1. ?#%&#%&#%&*#*$(%(&()*)_*)_^**$^@%!!^*)*(_(_&#$%#)$@%@))

      Delete
  28. 5) න යන්න....

    එච්චරයි දන්නේ.....

    ReplyDelete
    Replies
    1. ආ....කිව්ව එකත්.......යන්තන් හරී..

      Delete
  29. මචා ඔක්කොම දන්නෙ නෑ. දන්න ටික දාන්නම් බලන්න හරිද කියල.
    …1) නල ලිඳ
    …3) ඉරිඟු කරල
    …5) න යන්න
    …8) ඉදිකටුව
    …10) ආඬියා ලිඳ ද බං

    ReplyDelete
    Replies
    1. 1.) වැරදී...
      3.) හරී...
      5.) හරී...
      8.) හරී...
      10.) වැරදී...

      Delete
  30. 1 නොදනී
    2 නොදනී
    3 නොදනී
    4 නොදනී
    5 නොදනී
    6 නොදනී
    7 ටෝච් එක
    8 නොදනී
    9 නොදනී
    10 නොදනී
    11 නොදනී
    12 නොදනී

    ReplyDelete
    Replies
    1. ෂා...මරුනේ....:පී
      7.) හරී...

      Delete
  31. හෆ්ෆා.... මාර දුෂ්ඨයි ඔයා.. :/ :/ :/ මහම මහ කැතයි හොදේ!!! කොප්පා ගහගන්න තියෙන චාන්ස් එක නැති කලානෙ...:/

    තෝරන්නෙම නෑ තේරවිලි ටික!! :/ :P :P :D

    ReplyDelete
    Replies
    1. කාටද අෆ්ෆා මෙච්චර බනින්නේ...පවූ...එයා...

      Delete
  32. ane matanam 2k,3k wage tama thoranna puluwan une.........itiri ewanam danne natha taru ayye.......

    ReplyDelete
  33. 2. වරකා ගෙඩිය
    3. බඩ ඉරිඟු කරල
    5. 'න' යන්න
    7. ටෝර්ච් එක

    අනිත් තේරවිලි ටිකනම් චීයා.... :පි

    ReplyDelete
    Replies
    1. 2.) හරී...
      3.) හරී...
      5.) හරී...
      7.) හරී...
      අනිත් එව්වා.) චෝ....යී...

      Delete
  34. මම නම් මේවා දැක්කෙත් නෑ, දන්නෙත් නෑ ඔන්න! මම හොඳ ළමයෙක්!

    ReplyDelete
    Replies
    1. අනෝ....මං කියන්නෑ....ඉතින්...

      Delete
  35. මෝඩරේට් කරපුවා දැම්මෝ....දැන් බලමු කවුද දිනුවෙ කියලා...

    ReplyDelete
  36. ඔන්න උත්තර ටික......

    1.)පෑන
    2.)පැපොල්/ගස්ලබු ගෙඩිය
    3.)බඩ ඉරිඟු
    4.)කතුර
    5.)'න'යන්න
    6.)කුඩය
    7.)ටෝච් එක/විදුලි පන්දම
    8.)ඉඳිකටුව
    9.)ආඬියා ළිඳ
    10.)තරාදිය
    11.)මේකත් තරාදියමයි
    12.)පැට්‍රොල්මැච් එක

    ReplyDelete
    Replies
    1. මෙන්න අද ජයග්‍රාහකයා...නිවැරදිව සියළුම තේරවිලි තෝරා අද ජයගන්නේ.....

      හත්තිලව්වයි....ඒ...මමමනේ...

      Delete
    2. පුහ්.. මෙයාම දාලා මෙයාම තෝරලා මෙයාම ජයග්‍රාහකයා වෙලා.. :p

      Delete
    3. මේ.....විනිසුරුගෙ තීරණ අවසාන තීරණ හරිද...
      (දැන් අහන්න එහෙම එපා කවුද විනිසුරු කියලා..ඒවා ඔට්ටු නෑ..)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...