Saturday, August 25, 2012

අවාසනාවට....ඇත්ත කතාවක්...සුවර් එකටම කතාවක්ද මන්දා.....


"හෙලෝ"
"හෙලෝ"
"උඹ කොහෙද ඉන්නෙ"
"හොස්පිට්ල් එක ගාව මචං.මුං මට ඇතුලට යන්න දෙන්නෑ."
"දැන් කීයද වෙලාව..ම්ම්ම් අට හමාරයි. 12 වෙනකන් යන්න දෙන්නැද්ද"
"නෑ බං.මම මේ හැම ගේට් එකකටම ආව එකකින්වත් ඇතුලට යන්න දෙන්නෑ."
"උඹ උදේට කාලද??කීයටද ගෙදරින් ආවේ..?"
"බඩගිනි නෑ බං..මම හතර හමාරට විතර ආවෙ.."
"උඹ ඔය කුරුණෑගල පැත්ත දන්නෙත් නෑනෙ..ෂික් මේ වෙලාවෙ මටවත් එන්න තිබුනනම්.."
"කරදර වෙන්න එපා මචං. මට මං ගැන බලා ගත්තෑකි. මට බය මේ කෙල්ල ගැන බං. මට මොනව හරි කරලා ඇතුලට යන්න ඕනි දැන්."
"උඹ මේ වෙලාවෙ කලබල නොවී ඉදපන්කෝ..කොහොමත් දැම්ම ඇතුලට යන්න දෙන්නෑනේ. තාම ICU එකේලුද..?උඹ අක්කට කතා කලාද..?"
"කතා කලා. එයත් වැඩිපුර දෙයක් දන්නෑ. මට බයයි බං."
"උඹ බය නොවී ඉදපන්කො. අතේ සල්ලි තියනවද. එකවුක්ට් නම්බර් එකක් දීපන් මම කීයක් හරි දාන්නම්. මේ වෙලාවෙ අතේ සල්ලි ටිකක් තියාගනින්."
"තැන්ක්ස් මචන්. සල්ලි තියනවා. මට ඕනි මෙයාව බලන්න බං. මට වෙන මොකුත් ඕනි නෑ. මොකුත් තොරතුරක්වත් නෑනේ..බං ලුවියො"
"හ්ම්..දැන් ඔක්කොටම කලින් මොනවා හරි කාලා ඉදපන්. උඹත් ලෙඩ වෙලානෙ ඉන්නේ.තාම මහන්සි වෙන්නත් හොඳ නෑනේ. උඹට කලන්තයක්වත් හැදුනොත් කියන්න කෙනෙක් වත් නෑනේ. ගෙදරට මොනවා කියලද ආවේ."
"බෝඩිමට එනවා කියලා. මට අවුලක් නෑ බං. කන්න බෑ.."
"හ්ම් ඕනි දේකට මට කතාකරපන්. දැන් රෑට ඉන්නෙ කොහෙද. මම දන්නවනෙ උඹ මෙයාට සනීප වෙනකන් ගෙදර යන්නෑ කියලා."
"යාළුවෙක් ඉන්නවා නිට්ටඹුවෙ. මම එයාට කතා කලා. ඌ කිව්වා ඕනි වෙලාවක එන්න කියලා."
"කවුද යාළුවා මම දන්න කෙනෙක්ද??"
"නෑ බං fb එකේ යාළුවෙක්. මාත් අද වෙනකන් හම්බ වෙලා නෑ. "
"උඹට පිස්සුද @$% දැකපුවත් නැති එකෙක්ගෙ ගෙදර නවතින්න යන්නෙ. ඌට කරදරයක්ද දන්නෑනේ"
"එහෙම අවුලක් නෑ බං.මල්ලි කෙනෙක්. ඌ හොඳ එකා."
"හ්ම්..පරෙස්සමෙන්..ඕනි දේකට මට කතා කරපන්. මම තියනවා.."
"හ්ම්..."

හිත යකාගේ කම්මලක් වාගේය. මේ වෙලාවෙ මොනවා කරන්නද කාගෙන් අහන්නද තෙරෙන්නේ නැත. ලෙඩ්ඩු බලන්න ආපු අයද රෝහලේ මුරට ඉන්න අයද මා දිහා බලන්නේ අමුතු සතෙක් දෙස බලන ආකාරයටය. ඇත්තය. මම ඔලුව කහ කහ කල්පනා කර කර එහෙට මෙහෙට ඇවිදින විට මුං මට පිස්සුයයි සිතනවා විය හැක. උං ඕනි දෙයක් හිතාගත්තදෙන්. 
ඊයේ හවස ඉදන් මොකුත් කාලා නැති වුනාට කිසිම බඩගින්නක්ද නොදැනේ. ඔලුව පැලෙන්න වගේය. ගේට්ටුව අසල බංකුවේ ඉදගත් මට නිකම්ම වාගේ පසුගිය දින කිහිපය මතක් විය.

"මේ..."

"ම්ම්ම්ම්"
"පොඩ්ඩක් මූණ හරවන්නකෝ.."
"ෆෝන් එකෙන් මූණ පේනවද මෝඩයෝ.."
"කමක්නෑ මට පේනවා.."
"ම්ම් ඔන්න බලාගන්න.."
"හානේ...ලස්සන.."
"ඇත්තද.. පිස්සා.."
"ඉතින් කියන්නකෝ.."
"මොකද්ද"
"මට ආදරෙයිද.."
"ඔයා දන්නවනේ.."
"දන්නෑ.."
"බෑ"
"අනේ..."
"ආදරෙයි"
"කාටද"
"ඔයාට."
"ඇහුන්නෑ"
"බෑ බෑ ආයි කියන්නෑ"
"අනේ..."
"මං ආදරෙයි බං උඹට "
"ආ.....ඒපාර නම් ඇහුනා"
"ඒත්........................."
"ඔව් ඒත්....."
"ඔයා දන්නවනේ මගේ තත්වේ"
"මට තේරෙනවා..ඒත්..ඔයා මට ආදරෙයි නේද"
"ඒත්..අයියා...එයා නොවැම්බර් ලංකාවට එනවා. දැන් හැමදේම වෙලා ඉවරයි. ඔයා දන්නවනේ  ගෙවල් දෙකෙන්ම මේ ගැන දන්නවා. ඒ අය වෙඩින් එකට ලෑස්ති වෙනවා. මම මොකද කරන්නේ..මම මේක නැවැත්තුවොත් අයියා මොනව කරයිද..මට මේ පැත්තෙත් ඉන්න නැති වෙනවා.මීට ගොඩාක් කලින් මට ඔයාව තේරුම් ගන්න තිබුනනම්."
"මමද ඔයාව දාලා ගියේ. ඔයාමයි නේද ඒ කාලේ මාව දාලා ගියේ. මම ඔයාට කොච්චර ආදරේ කලාද. ඒත් ඔයා මාව දාලා ගියා. මමද වැරදි."
"මට සමාවෙන්න....ඒත්..මම වැරදි කලා..මට ඔයාව තේරුම් ගන්න බැරි වුනා.. දෙයියනේ එහෙම නොවී තිබුනනම් අද කොච්චර දේවල් වෙනස් වෙයිද..කොච්චර සතුටින් ඉන්න තිබුනද.."
"හ්ම්.......මට කාටවත් වැරැද්දක් කරන්න ඕනි නෑ.. ඒත් ඔයාම දන්නවනේ කවද හරි ඔයාට දුක් වෙන්න වෙනවා කියලා.."
"මම දන්නවා ඒක..ඒත් දැන් මම ලෑස්තියි ඒකට..මම වෙන මොනවා කරන්නද..මේ ඒක නෙවෙයි අද මෙහෙ එන්නකෝ.."
"හික්..ඕක කියන්නත් දෙයක්ද..."
"කිව්වෙ නැත්නම් ඔයා එන්නෑනේ...මේ මට එනකොට අර ෆිල්ම් එක අරන් එන්න."
"මොකද්ද"
"ඇයි අනේ මම කිව්වේ..My Girl & I" 
"හා මම ගේන්නම්කො..තව මොනවද"
"මොනවද ගේන්නේ..."
"හොර පූසියෝ පුහුල් දෝසි වලට කැමතියි කියලා මම දන්නවනේ"
"හී හී...දැන් එකයි. කීයටද එන්නේ"
"මම තුන විතර වෙනකොට එන්නම්"
"හ්ම්....බායී..බුදුසරණයි.."
"බුදුසරණයි..."


*******

ඔයා......මට ඉස්සෙල්ලම ආදරේ කියලා දුන්නේ ඔයා. ඒ...මීට අවුරුදු ගානකට කලින්..අපි දෙන්නා එකම ඉස්කෝලේ එකම පන්තියේ හිටියේ. සෑහෙන කාලයක් හිතින් ආදරේ කරලා බොහොම අමාරුවෙන් ඔයාට ඒක කියාගත්තේ..දන්නවද ඔයා මට කැමති උන දවස මට තාම හීනයක් වගේ..මතක් වෙනකොටත් ආසයි..කාලය ගෙවිලා ගියා..මගෙ තිබුණු ඒ හීන..බලාපොරොත්තු ඔක්කොම අරගෙන ඔයා යන්න ගියා. මම ගොඩක් දුක් වුනා..ඔයාට මාව තේරුම්ගන්නවන්න හැදුවත් ඒක බැරි වුනා. 

කාලය කොච්චර දේවල් වෙනස් කලාද...අපි ජීවිතේ කොච්චර දේවල් වෙනස් කරගෙනද..අවුරුදු නවයක් ගිහිල්ලත් ඔයා ගැන තිබ්බ ආදරේ වෙනසක් නෑ. මීට අවුරුදු කීපකට කලින් ඔයාව ආයිත් මුණ ගැහෙනකොට ඔයාගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා..අපි ආයිත් කතා කලා...ආයි ලං වුනා...හැම දේකටම බාදකයක් තිබුනා. ඒ අයියා. ඒ වෙනකොටත් අයියා ඔයාව එයාගෙ කරගන්න ලෑස්ති වෙලා හිටියේ. ඔයා මාව තේරුම් ගන්නකොට..මට ආදරේ කරනකොට..ඔයා වෙන කෙනෙක්ගෙ වෙන්න හිටියෙ. හ්ම්...


*******

ඊයේ හවස ඉදන් මේ වෙනකම්ම මට හීනයක් වගේ..ඔයා පෙරේදා මාවනැල්ලේ ඔයාගේ යාළුවෙක්ගෙ ගෙදර ආවේ සතියක් විතර එහෙ ඉන්න. මාස ගානක් තිස්සෙ අඩලා අඩලා බොහොම අමාරුවෙන් ඔයාව ගෙන්න ගත්තේ..අනේ එහෙම ගෙන්නා නොගත්තනම්............

"ෂෝයි ඔයක් තියනවා ගෙවල් ගාව..මම නංගිලත් එක්ක ගිහින් දැන් බලලා අවේ..දවල් වෙලා ගිහින් නාන්නද?"
"ගැඹුරුද...?බලාගෙන ඔය ඔයවල් වල බහින්නේ..පරෙස්සමෙන්"
"ගැඹුරුයිලු..ගලුත් තියනවා ගොඩක්..මම නාන්නෙ නෑ..නංගිලත් එක්ක පොඩ්ඩක් බැහැලා එන්නම්..ආ මේ..කරන්ට් නෑ හවස් වෙනකන්..ෆෝන් එකෙත් බැට්රි ලෝ..හවස් වෙනකන් මැසේජ් එකක්වත් දාන්න බැරිවෙයි.."
"හ්ම්...පරෙස්සමෙන්..කරන්ට් ආවම මට කතා කරන්න.."
"හ්ම්...මේ කන්න අඩගහනවා...මම යන්නම්..බුදුසරණයි.."
"හ්ම්..බුදුසරණයි..පරෙස්සමෙන්...."


*******

හවස හතයි වෙලාව. තාමත් ෆෝන් එක ඕෆ්..මොන මගුලක් කරනවද මන්දා..බය වෙනවා කියලා දන්නවනේ..වෙන අහන්න කෙනෙකුත් නෑ...යවපු එක මැසේජ් එකක්වත් ඩිලිවර් උනේ නෑ..අනේ ඉක්මනට ෆෝන් එක ඔන් කරන්නකෝ...

"තාම කතා කලේ නැද්ද මල්ලි"
"නෑනේ හිරු අක්කේ මම මේ බලාගෙන ඉන්නේ ෆෝන් එක ඔන් කරනකන්..."
"බය වෙන්නෙපා මල්ලියෝ එයාට කරදරයක් නැතුව ඇති."
"මට බය හිතෙනවා අක්කේ..මට අහන්න කෙනෙක්වත් නෑනේ.."
"මම මාවනැල්ල විදුලිබල මණ්ඩලේටත් ගත්තනේ. එයාලා කියනවා හැම තැනටම කරන්ට් තියනවලු. මගෙන් ප්‍රශ්ණ කෝටියක් ඇහුවා."
"මම හින්දා ඔයාටත් වදේ නෙද අක්කේ"
"පිස්සුද මල්ලි..ඕවා මොනාද. අපි ඉස්සෙල්ලා බලමුකෝ මෙයාට මොකද උනේ කියලා. ඔයා දීපු නම්බර්ස් එකක්වත් වැඩ නෑ. නැත්නම් යාළුවෙක් වගේ මට කතා කරලා දැන ගන්න තිබුනා. ඔයා බය නැතුව ඉන්නකෝ..එයා කතා කරයි." 

වෙලාව රෑ අටයි,නමයයි,දහයයි,එකොලහයි,දොලහයි,පාන්දර එකයි...ඔයාගෙන් තාමත් තොරතුරක් නෑ...මට මහ නරක දේවල් පේනවා..ඇස් ඉස්සරහා මහ අමුතු දේවල් මැවෙනවා වගේ..

"දැන් ඔයා නිදා ගන්න මල්ලි දැන් දෙකටත් කිට්ටුයි"
"මම හින්දා ඔයාලත් ඇහැරලා නේද අක්කේ..ඔයා නිදා ගන්නකෝ...මම තව ටිකකින් මාවනැල්ලට යනවා"
"පිස්සුද ඔයාට..ඔයා කොහේ යන්නද..ඔයා ගිහින් තියද එහෙ.."
"නෑ මම ගිහින් නෑ..ඒත් මට මෙහෙම බලා ඉන්න බෑ. මම දන්නැතිවුනාට මම මාවනැල්ලට යනවා.."

"Good Morning මල්ලි. ඔයා කොහෙද.."
"මම මේ මාවනැල්ලෙ යනවා කසුනි අක්කේ.."
"තාම තොරතුරක් නැද්ද මල්ලි.."
"නෑ අක්කේ මට බයයි..මට වෙන කරන්න දෙයක් නෑ..මම යනවා."
"ඔයා කලින් ගිහින් තියද මාවනැල්ලේ..."
"නෑ..අද තමයි ඉස්සෙල්ලම තනියම යන්නේ..."
"පිස්සුද ඔයාට..ඔයා ඔය ගිහින් මොනවා කරන්නද"
"මම දන්නෑ...ඒත් මට ගෙදරට වෙලා ඉන්න බෑ..මම කොහෙන් හරි මෙයාව හොයා ගන්නවා..."
"පරෙස්සමෙන් මල්ලි..මට පුළුවන්කමක් තිබුනනම් මම එනවා ඔය එක්ක.."
"පිස්සුද අක්කේ..ඕනි නෑ..මම බලන්නම්කො ගිහින්..."
"හ්ම්..පරෙස්සමෙන්..ඕනි වෙලාවක කතා කරන්න මට...."

පුදුමයි හිරු අක්කේ..කසුනි අක්කේ අද වෙනකන් ඔයාලව හැබැහින් හම්බ වෙලා නෑ...fb එකෙන් කතා කරනවා විතරයි. ඒත් ඔයාල මම වෙනුවෙන් කොච්චර දේවල් කරන්න හදවනද...මෙහෙම මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා...

"හිරු අක්කේ.."
"ඇයි මල්ලි..ඔයා දැන් කොහෙද ඉන්නේ.."
"මම දැන් මාවනැල්ල කිට්ටුව අක්කේ..අනේ මට පොඩි උදව්වක් ඕනි.."
"මොකද්ද?...කියන්න.."
"අරයගෙ අයියා බැඳපු අක්කගේ නම්බර් එක තියනවා. පොඩ්ඩක් කෝල් එකක් දීලා අහන්නකෝ..යාළුවෙක් වගේ.."
"හොදයි මල්ලි..ඔයා නම්බර් එක එවන්නකෝ.."
"තැන්කූ...."

"හෙලෝ හිරු අක්කේ ඔයා කතා කලාද"
"ඔයා දැන් කොහෙද ඉන්නෙ මල්ලි.."
"මම දැන් මාවනැල්ල ටවුන් එකේ..ඔයා කතා කලාද මොකද කිව්වේ.කියන්නකෝ..."
"මේ..මේ..මම කියන එක හොදට අහගන්න...ඔයා දැන් වහාම ආපහු ගෙදර යන්න ඕනි..වහාම මේ දැම්ම..."
"අනේ...මොනවද මේ කියන්නේ..මොකද කිව්වේ අක්කා..මට කියන්න...ඉක්මනට.."
"බෑ...ඔයා දැන් වහාම යන්න ගෙදර..මම ගිහාම කියන්නම්..."
"බෑ...මම යන්නෑ කොහෙවත්...මට කියන්න..ඉක්මනට..."
"කලබල වෙන්න එපා..මොකුත් ප්‍රශ්ණයක් ඇති කරගන්න එපා.."
"හා හා කියන්නකෝ.."
"එයා ඊයේ ඔයක නාන්න ගිහිල්ලා ගිලිලා...මාවනැල්ල හොස්පිට්ල් එකට ගෙනිහින්..එතනින් කුරුණැගලට මාරු කරලා..දැන් ICU එකේලු..."
"දෙයියනේ...අක්කේ..."
"අනේ කලබල වෙන්න එපා මල්ලි...ඔයා දැන් ගෙදර එන්න.."
"එයාට ගොඩක් අමාරුද අක්කේ..."
"අනේ දන්නෑ මල්ලියෝ...ඔයා දැන් ගෙදර එන්න....අනේ.."
"බෑ...මම මෙහෙම්මම කුරුණෑගල යනවා...මම කොහොමද ගෙදර එන්නේ..."
"අනේ මල්ලියො...දැන් මට බය ඔයා ගැන..ඔයා කලබල වෙන්න එපා..."
"නෑ අක්කේ මම ගන්නම් ඔයාට පස්සේ.."

පොලීසියේ එක්කෙනෙක්ගෙන් පාර අහගෙන යන්තම් කෑගල්ලට ආවා..දැන් මෙතනින් කුරූණෑගලට...

"හෙලෝ කසුනි අක්කේ.."
"ඔව් මල්ලි.ඔයා කොහෙද..තොරතුරක් හම්බවුනාද..."
"ඔව් අක්කේ...අරයා ඊයේ ඔයක ගිලිලා අක්කේ..දැන් කුරුණෑගල හොස්පිට්ල් එකේලු..මම මේ යන ගමන් අනේ මට තේරෙන්නෑ අක්කේ..."
"දෙයියනේ...ගොඩක් අමාරුද..මට හිතා ගන්නවත් බෑ..."
"මට තේරනේනෙත් නෑ අක්කේ.."
"ඉන්න මල්ලි මම අඳුරන එක්කෙනෙක් ඉන්නවද බලන්නම්...බය වෙන්නෙපා මල්ලියෝ...කරදරයක් වෙන්නෙ නෑ.."
"මට බයයි අක්කෙ...තැන් හතරකටම බාර වුනා අක්කේ..මම දන්නෙත් නෑ...අනේ මගේ කෙල්ලව බේරලා දෙන්න..."
"ඔයා කලබල වෙන්න එපා මල්ලි..අපි බලමු...පුළුවන් හැමදේම කරමු..."


*******

ෆෝන් එක නාද වීමෙන් පියවි සිහිය ලැබුවෙමි. දැන් දැන් රෝගීන් බැලීමට පැමිණෙන සෙනග වැඩි වෙමින් පවතී...

"ඔව් අක්කේ.."
"බය වෙන්නෙපා මල්ලි..මම ඩොක්ටර් කෙනෙක්ට කතා කලා..මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවලු හොස්පිට්ල් එකේ. එයා බලලා කිව්වා බය වෙන්න දෙයක් නෑ කියලා..උදේ සිහිය ආවලු. ඔයා බය වෙන්න එපා.."
"ඇත්තද අක්කේ..අනේ දැන් තමයි හිතට පුංචි සහනයක් ආවේ..තැන්කූ කසුනි අක්කේ.."
"දැන් මොනවා හරි කාලා ඉන්න...ඔයා ඔහොම තනියම ඉන්නකොට බය හිතෙනවා.."
"බඩගිනි නෑ අක්කේ...මට දැන් ඇතුලට යන්න ඕනි..මට අවුලක් නෑ..බය වෙන්න එපා.."

හරියටම දොලහට මිනිසුන් අතර පොරකාගෙන රෝහලට ඇතුල් වීමි. 

"ICU එක කොයි පැත්තේද..?"
"ඔතනින් ගිහින් වමට හැරෙන්න.."
"ස්තූතියි.."

ICU එකේ වීදුරුවෙන් එක සැරේම ඔයාව දකින කොට මට මාවම පාලනය කර ගැනීමට නොහැකි විය. මම ඇතුලට යාමට හැදුවෙමි.

"කොහෙද යන්නේ...??"
"අර ලෙඩාව බලන්න පුළුවන්ද..?"
"ඔහොම ඉන්න ඇතුලෙන් අහනකන්.."
"හ්ම්...යන්න පුළුවන්. සපත්තු ගලෝලා මේ ඇඳුම ඇඳගන්න."

මම සපත්තු ගලවා ලෝගුවක් වැනි එම ඇඳුම ඇඳගතිමි. 
දෙයියනේ ඔයා ඉන්න හැටි. හැම තැනින්ම එක එක උපකරණ සවි කොට ඇත. ඒ දැණුනු හැගීම මට වචනයෙන් කීමට නොහැක. ඇස් දෙක පියාගෙන ඔළුවත් පැත්තකට හරිලා ඉන්න ඇය දැක්ක ගමන් මට අනෙක් හැම දේම අමතක විය.

"සිහිය ඇවිත් තියෙන්නේ. දැන් කතා කරන්න පුළුවන්."
"තැන්ක් යූ ඩොක්ටර්."

හීනෙන් වගේ ඇහැරුණු  ඇය ක්ෂණිකව මගෙ අතින් අල්ලා ගත්තාය.

"දෙයියනේ ඔයා කොයිවෙලේද ආවේ..?"
"මම දැන් ආවේ..දැන් කොහොමද ඔයාට"
"මට මොකුත් මතක නෑ..දැන් ටිකකට කලින් සිහිය ආවේ...හැමදේම හීනයක් වගේ.."
"දැන් බය වේන්න දෙයක් නෑනෙ රත්තරන්. ඔයාට සිහිය ආවානේ..ඉක්මනට සනීප වෙයි ඔයාට."
"ඔයා කොහොමද දැන ගත්තේ..."
"දැන් ඕවා හිතන්න යන්න එපා ඔයා.."
"අම්මා හිටියේ නැද්ද්?"
"මම එනකොට කවුරුත් හිටියෙ නෑ. ඒකයි මම ඇතුලට ආවේ.."
"බලන්න මගෙ ඇග හැම තැනම බට හයි කරලා. රිදෙනවා මට."
"ඔයාට ඉක්මනට සනීප වෙයි පැටියෝ.."

"කොහොමද ඩොක්ටර් ලෙඩාගෙ තත්වේ.."
"ම්ම්..දැන්නම් බය වෙන්න දෙයක් නෑ..සිහිය ආවනේ..ඊයේ තමයි අපි හැමෝම බයෙන් හිටියේ..හෙට විතර වෝඩ් එකට මාරු කරන්න පුළුවන් වෙයි. නිව්මොනියාවට එයිද කියලා තමයි අපි බලන් ඉන්නේ..දැන් බය වෙන්න එපා.."
"තැන්ක්යූ ඩොක්ටර්.."

"ම්ම්ම්ම්...දැන් බය වෙන්න දෙයක් නෑනේ..ඔයාට ඉක්මනට ගෙදර යන්න පුළුවන් වෙයි.."
"දෙයියනේ තාත්තා.."
"කෝ..කොහෙද..."
"අර..අර බලන් ඉන්නේ අයියගේ තාත්තා..."
"හ්ම්..මම එලියට ගිහින් එයාලව ඇතුලට එවන්නම්..."

ICU එකෙන් එලියට ආ මට සිදු වූයේ එළියේ සිටි නෑදෑ හිතවතුන්ගෙන් එල්ලවූ දහසකුත් ප්‍රශ්ණ වලට උත්තර දීමටය. මම කවුද? මම කොහෙන්ද ආවේ..? කවුරුත් දන්නැතිව තියෙද්දි මම කොහොමද දැන් ගත්තේ?
ඔය ආදී වශයෙන් වූ දහසකුත් ප්‍රශ්ණ වලට උත්තර දීමට සිදුවිය. 
මා එළියට ආ පසු ඇතුලට ගියේ අයියාගේ අම්මාය. එක කාල සීමාවක් තුලදී ICU ලෙඩෙකු බැලීමට යා හැක්කේ දෙදෙනෙකුට පමණි. මමත් අයියාගේ අම්මාත් ගිය පසු එය අවසන්ය. නැවත කෙනෙකුට එම වේලාවේදී ඇතුලට යන්නට දෙන්නේ නැත.ප්‍රශ්ණයක් ඇති වූයේ මෙවිටය. ඇගේ අම්මා පිරිත් නූල් පිරිත් පැන් රුගෙන පැමිණියත් ඇතුලට යන්න දෙන්නේ නැත. සියල්ලම ඇඟිල්ල දිගුකලේ මා වෙතය. මන්ද මම ඇතුලට ගිය නිසා අම්මාට යාමට නොහැකි විය. ඇත්තය. මගේ වරදය. නමුත් මා ඒ බවක් මුලින් දන්නේ නැත. ටික වෙලාවකින් අම්මාට ඇතුලට යාමට හැකිවිය. 

එතන සිටි අය ලෙඩාට වඩා කතා කරන්නේ මා ගැනය. මට එක සැරේම එකනින් එන්නටද නොහැක. හැමෝම මා දෙස බලා සිටී. මට දැනුනේ මහත් අපහසුතාවයකි. මම අක්කා කෙනෙකුට දුරකතන ඇමතුමක් ගතිමි.

"මොකද මල්ලි උනේ. නංගිව බැලුවද..කොහොමද දැන්.."

මම මෙතන තත්වය පැහැදිලි කලෙමි.

"හැමෝම කන්න වගේ බලා ඉන්නවා අක්කේ. ඔයා පොඩ්ඩක් මාත් එක්ක මෙහෙම ලයින් එකේ ඉන්න පුළුවන් නේද.."
"හයියෝ..ඔයත් කර ගන්න ඒවා..ඉතින් එයාලා මොනවද අහන්නේ.."
"මගෙන් අරවා මේවා අහනවා..ඒක නෙවෙයි අර අයියත් මට කතා කලා
"මොනවා..කොයි අයියද....අරයගේ..."
"ඔව් එයා තමයි"
"ඔයාගෙ ෆෝන් එකටද"
"නෑ..මෙතන කාගෙ හරි එකකට අරන් මට දුන්නා කතාකරන්න කියලා..
"මොනවද ඇහුවෙ එයා.."
"මගෙ නම...මම මොකටද ආවෙ කියලා.."
"ඉතින්"
"මම නම කිව්වා...එයා මාව දන්නවා..මගෙ නම කිව්වාම එයාට තේරෙන්න ඇති."
"හයියෝ...ඔයාටත් වෙන ඒවා.."
"අක්කේ අරයගේ අම්මා මේ පැත්තට එනවා..මම පස්සෙ ගන්නම්..."
"හා මල්ලි.."

"ඔය ඇයි මේ පැත්තකට වෙලා ඉන්නේ..බලන්න අර ළමයගේ දෙමව්පියොත් ඉන්නවා. එයාලා මොනවා හිතයිද..ඔහොම ඉන්න එක හරි නෑනේ..බලන්න අර මිනිස්සු මොනවද හිතන්නේ..එන්න ඒ පැත්තට..කා එක්කද කතා කරන්නේ..එන්න එන්න එහෙට..ඔයාව අඳුන්නලා දෙන්න එයාලට.."


මාව එතනට එක්ක ගිය අම්මා සියල්ලන්ටම් මාව හඳුන්වා දුනි. මම ඔවුන් සමග ටික වෙලාවක් කතා කරමින් සිටියෙමි. නැවතත් අම්මා පැමිණ...

"අර ළමයා රට ඉදන් කතා කරනවා. දුවගේ skype එකට මේ වෙලාවේ කවුරු හරි ලොග් වෙලාලු. ඒ ඔයා කියලා එයා කියනවා.."

මොන හතරබීරි කතාවක්ද යකෝ ඒ...මම හොල්මන් වී ගියෙමි..ඇත්තය අයියා සමග කතා කිරීමට skype account එකක් හදා දුන්නේ මාය. නමුත් මම එහි password මොකුත් නොදනිමි. 

"අනේ නෑ ආන්ටි..මම මොකටද ඒකට යන්නේ..අනික මගෙ ෆෝන් එකෙන් skype යන්නත් බෑ.."
"ඒවා මම දන්නෑ..මට ඕවා තේරෙන්නෑ.."

එක අතකින් ඇත්තය. අම්මලාට ඕවා තේරෙන්නේ නැතිය. ඔවුන් තමන්ට විශ්වාසවන්තම කෙනා කියන දේ පිළිගනියි...

ටික වෙලාවක් එතන රුඳුණු මම එළියට ආවෙමි. දැන් කුමක් කරමුද....යන්න තැනකුත් නැත. බස් හෝල්ට් එකකට පැමිණ ඉඳගෙන සිටියෙමි. මේ පැත්ත පලාතේ දන්න අඳුරන කිසිවෙකු නැත. ආයිත් හවසත් බලන්න යනවද නැද්ද.....මට හිතා ගන්නට නොහැක..කාටවත් ප්‍රශ්ණයක් ඇති කිරීමටත් නොහැක. ඒත් නොබලා ඉන්නටද බැරිය. මට කරන්නට දෙයක් හිතා ගන්නට නොහැක. 
කමක් නෑ..හවසටත් යනවා...ඇතුලට යන්නැ..එළියෙ ඉඳන් බලනවා...කවුරු හරි දන්න කෙනෙක් ආවොත් මම එනවා...එතකොට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..
උදේ ඉදන් පිහිට වුණු යාළුවන්ගේ මාර්ගයෙන් හවස 4.15ට රෝගීන් බැලීමට අවසර ලැබෙන බව සොයාගතිමි. එතෙක් වෙලා බස් හෝල්ට් එකේ සිටි මම නැවත රෝහලට ආවෙමි. 

ඇය බැලීමට කිහ්‍සිවකු නැත. මම ICU එකේ වීදුරුවෙන් ඇය දෙස බලා සිටියෙමි. සවස 5.15 වන තුරුත් කිසිවෙකු නැත. 5.30 වනතුරුත් කිසිවෙකු නාවොත් ඇතුලට යමියි සිතා සිටියෙමි. ඇය දෙස බලාසිටින විට අවට ලෝකයම අමතක වෙයි. ටික වෙලාවකින් පසුපස බලන විට...
දෙයියනේ අම්මා...

"ඔයා තාම ගියෙ නැද්ද"
"නෑ ආන්ටි.."
"මොකද්ද දරුවො මේකෙ තේරුම..ඔයා මොකද්ද මේ කරන්නෙ..කාගෙන්ද මේ පලිගන්නේ..දැන් දවලුත් ප්‍රශ්ණයක් උනා...ඔයා ආයි ඇවිත්. කරුණාකරලා ප්‍රශ්ණ විතරක් ඇති කරන්නෙපා. කරුණාකරලා දැන් යන්න. "

මුළු ලෝකයම මා ඉදිරියේ කැරකෙන්නා සේය. අවට මිනිසුන් මා දෙස බලා සිටී. අමුතු සතෙක් දෙස බලනවා මෙන් පිළිකුලකින් මා දෙස බලා සිටී..මට තවත් එතන සිටිය නොහැක. මම හෙමින් හෙමින් රෝහලින් එළියට ආවෙමි. 
ජීවිතේ කවදාවත් නොදැණුනු තරම් අසරණකමකින් මගේ සිත වෙලා ගැණුනි. පාරට පැමිණි මම කුරුණෑගල නගරය පුරා ඔහේ ඇවිද්දෙමි. හිත අමුතුම හැඟීමකින් පිරී ඇත. හැම මිනිහෙක්ම මට සිනා සෙන්නා වගේය.හැම දේම් සිහිනයක් වගේය. ඊයේ ඉදන් සිදුවූ හැම සිදු වීමක්ම චිත්‍රපටියක් මෙන් මනසේ ඇඳේ. දන්න අඳුනන හැම මිනිස් රූපයක්ම මට සිනහා වෙමින් එහෙ මෙහෙ පාවෙයි.  යන්න තැනක් දන්නෙත් නැතුව මම තව පැයක් පමණ ඔහේ ඇවිද්දෙමි. 

"හෂාන් මල්ලි..මම දැන් කුරුණෑගලින් බස් එකට නගිනවා..ඔයා නිට්ටඹුව බස් ස්ටෑන්ඩ් එකට එනවද.."
"හොඳයි අයියේ මම එන්නම්..පරෙස්සමෙන්..."

ජීවිතයේ පලමු වරට මුණගැසුණු මේ මිනිසා මට සැලකුවේ තමන්ගේ සහෝදරයෙක්ට වගේය. ඇත්තටම මේ ගමනේදී මට හමූ මේ සත්පුරුෂයින් මට ඉතා අගනේය. 


*******

"ඔයා කොහෙද මල්ලියො ඉන්නනේ.."
"මේ යාළුවෙක්ගෙ ගෙදර අක්කේ"
"දැන් මොනවද අළුත්ම තොරතුරු"
"අම්මා කතා කලා මට ආයිත්.."
"නෑ...ඉතින්...මොනවද ඇහුවේ..."
"මට බැන්නා..."
"ඇයි ඒ.."
"ඊයේ මම ආපු එක වැරදිලු. මම එහෙම කරේ අරයගෙන් පලි ගන්නලු. අම්මගේ පැත්තෙනුත් එහෙම කියන එක සාධාරණයි අක්කේ..ඒත් මට එහෙම කිව්වාම දුක හිතුනා..මගෙ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනෙ නෑ..ඔයා දන්නවනේ මම ඊයේ පෙරේදා හිටිය හැටි. මට ඕනි වුනේ මෙයාට මොකද උනේ...කියලා දැන ගන්න විතරනේ.."
"ඔයා දුක්වෙන්න එපා මල්ලි. එයා මොකුත් කිව්වෙ නෑනේ ඔයාට."
"එයාට දැන ගන්න ලැබෙන්නෙත් එයා ලග ඉන්න අය කියන දේවල්නේ අක්කේ...මන්දා මොනවා වෙයිද කියලා..කොහොමහරි එයා හොඳින් සතුටින් ඉන්නවනම් එච්චරයි."
"මට තේරෙනවා මල්ලියො..කාලය හැම දේම විසඳාවි. අපි බලා ඉම්මු......"



ප.ලි-
මේක කතාවක්ද මන්දා...
ප.ප.ලි:-
ප.ප. මොකුත් නොලියමි... 

*******

62 comments:

  1. කතාවක් ද?ඇත්ත සිද්දියක්ද අයියෙ?පට්ටෙට වැදුන කතාවට...කොහොම වුනත් ආදරේ වෙනුවෙන් අපට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියල හිතනකොට පුදුමත් හිතෙනව...

    ReplyDelete
    Replies
    1. හ්ම්.....ආදරේට සෑහෙන දේවල් කරන්න පුළුවන්.....

      Delete
  2. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ, ඇත්තටම ඔයාට වුණ දෙයක්ද මේ ?

    ReplyDelete
    Replies
    1. මේවට මොනවා කියන්නද අයියේ....

      Delete
  3. :O මොනවද මල්ලියෝ මේකට කියන්නේ මම...? මේ කතාව මට අදටත් හීනයක් වගේ දෙයක්...:( මේක කියවලාවත් පලි ගැනීමක් ගැන ඇත්ත තේරුම් යනවා නම්.... ඔයාට කවදාවත්ම වරදින්නේ නැ මල්ලියෝ...:(

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවනේ හිරු අක්කො හැම දේම........

      Delete
  4. ඇත්ත කතාවක් වගේ. මට මේ ගැන කියන්න තියෙන්නේ නම් නිහඬව පසුවෙන එක හොඳයි වගේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්...මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

      Delete
  5. ඇත්තම කතාවක්ද බං තරුවෝ... මට නම් හිතෙන්නේ ඇත්ත එකක් කියලා..

    ReplyDelete
  6. etttha nove nam mehema kiyanta amaru vei.kathawa boru nam pothak liyanna gatthoth hodhaya :) kohoma unat dennama eka vage nisa allagenama hitiyot godaya

    ReplyDelete
    Replies
    1. මට තේරුන්නෑ...දෙන්නා එක වගේම කිව්වේ.....

      Delete
  7. meka aththatama sidda una deyakda ayya???ane meka godak duka hithena kathawak...........ane manda ayya.......

    ReplyDelete
    Replies
    1. මටත්...අනේ මන්දා නංගි...

      Delete
  8. "කාලය හැම දේම විසඳාවි. අපි බලා ඉම්මු......"

    ReplyDelete
    Replies
    1. සුවර්ද.....හ්ම්...බලමුකෝ...

      Delete
  9. ඇත්තටම වුනු දෙයක්ද? කවදද වුනේ? අපරාදෙ මම බදාදා දවසම උන්නෙ කුරුණැගල හොස්පිටල් එකේ. අපි බලමු නේද? ආදරේට බාධා නැත්තෙ කොහෙද? ජය..!

    ReplyDelete
    Replies
    1. මේක මාස දෙකකට විතර කලින් අයියේ...

      Delete
  10. ලව් ගැන මා කිසිවක් කියන්නේ නැත..

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒකත් හොඳයි..

      Delete
  11. ඇත්තක් වෙන්නම ඇති කතාව,,ආ‍දරේ නම් පිස්සුවක්ම තමා අප්පා..මොනා කියන්නද මන්ද.....

    ReplyDelete
    Replies
    1. හ්ම්...මොනා කියන්නද....

      Delete
  12. සංවේදි සීන් එකක් නේ. නිර්මාණය කලා නම් අපූරු නිර්මාණයක්... ඇත්තක් වගේ තමා දැනුනේ නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්...ස්තූතියි...

      Delete
  13. Kiyannata kizima deyak netha tharuwaaa......kaalaya hema detama uththara aran ewi. Balana indapan..!!!

    ReplyDelete
    Replies
    1. අපි අමාරුවේ වැටුනාම අපේ උදව්වට එන්නේ සමහර වෙලාවට අපි කවදාවත් නොදැකපු මිනිස්සු මචන්. එක බත්පත බෙදාගෙන කන එවුන් මගෑරලා යද්දී පිහිටට එන්නේ ඇහැටවත් නොදැකපු මිනිස්සු...! අන්න එතනයි මනුස්සකම.

      Delete
    2. අනිවාර්යෙන්ම මචන් වචනෙකින් හරි උඹලා දීපු උදව් මට අමතක නෑ...

      Delete
  14. ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ.. මටත් මෙහෙම සිද්ධි කීපයක්ම වෙලා තියනවා. :) ඒත් වෙලාවට අර අයියගේ චරිතේ කලේ මම. ඒ හින්දා මට අවුලක් වුනේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.....හැබැයි එහෙනම් ඔයාටත් හිතන්න ගොඩක් දේවල් තියනවා....

      Delete
  15. හ්ම්ම්ම්ම්ම්... මට දුක , මේ සිද්ධියෙදි මට අයියා වෙනුවෙන් කිසිදෙයක් කරන්න නොලැබුනු එකයි... :( :( ඒ දුක තමා තියෙන්නෙ...

    මට කියන්න කිසිම දෙයක් නෑ වෙන, කියන්න තිබ්බ ඔක්කොම මම කියලා ඉවර කලා

    ReplyDelete
    Replies
    1. අයියෝ....නංගි ඒකට මොකද....මම දන්නවා ඔයා කියන ඒවා...:)

      Delete
  16. අනේ මන්ද..? මොකක් කියන්නද කියලා හිතා ගන්ට බෑනේ..:(
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  17. ප.ලි & ප.ප.ලි නැතුවට මේ කතාවේ "මම" කවුද කියල කියවපු හැමෝම දන්නවා...

    ReplyDelete
  18. හ්ම් මමත් කුරුණෑගල තමා තරුවෝ. අනේ මන්දා බන් මට පට්ට දුකයි. මාරෙටම දැනුනා !!!!! ජය ලැබෙන්න කියලා බොක්කෙන්ම හදවතින්ම පතනවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්....

      Delete
  19. ඇත්තම කතාවක් කියල හිතෙනව.කාලයට ඉඩ දෙන්න.හිතට වහල් වෙන්න එපා ගොඩක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...හිතට වහල් වෙන්න හොඳ නෑ තමයි...

      Delete
  20. හ්ම්ම් ඇත්ත කතාවක් වගේ නේද? නැත්නම් මෙහෙම ලියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්............................................................................................................................................

      Delete
  21. ඇත්ත කතාවද ? එහෙමනම් මේ වගේ දේකට යන්න තවත් හොඳ මිතුරෙක්වත් ඉන්න ඕන.. නැත්නම් තමුන්ට තමුන්වත් නැතිවෙයි..

    ReplyDelete
    Replies
    1. මටත් උනේ ඒකමද මන්දා...ඒත් ඒ වෙලාවේ............

      Delete
  22. ඇත්ත කතාවක් වගේ.දැන්වත් කතාව සුභ පැත්තකට හැරිලා නැද්ද?.....

    ReplyDelete
    Replies
    1. ම්ම් හ්ම්...තාම නෑ..

      Delete
  23. මේක ඇත්ත කතාවක් ද කොල්ලෝ?? මොනා වුනත් හිතට තදින්ම වැදුනා....

    ReplyDelete
  24. දෙවතාවක්ම කියෙව්වා ,එච්චරට ලස්සනයි ...

    ReplyDelete
  25. ගොඩක් දුක හිතුනා....

    ReplyDelete
    Replies
    1. හ්ම්.......................................

      Delete
  26. ඇත්ටම මුහුණදෙන්න සිදුවුණු කතාවක් වගේ දැනෙනවා. මොකද නිර්මාණාත්මක අදහසට ටිකක් වෙනස් සැබෑ සිද්ධියක් වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...........දැනෙන දේ හරි...

      Delete
  27. මේක ඇත්තම කතාවක්ද..ගොතපු එකක්ද..?

    මොනව වුනත් සිරාම කතාවක්. ඇත්ත කතාවක්නම් සියල්ල සතුටින් විසඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....

      Delete
  28. හ්ම්ම්ම්.... ආදරේදි ඔයිට වඩා දෙවල් කරන්න වෙනවා. ආදරේදි දරාගන්න හරි අමරැයි දුක. කාටම හරි කියන්න හිතෙනවා. අසරණවෙනවා හොදටම.
    ඇත්ත කතාවක් වගේ :|

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මීට වඩා ගොඩක් දේවල් කරන්න වෙනවා....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...