Monday, July 30, 2012

අනුන්ගේ Password උස්සමුදෝ.....පරෙස්සමෙන් ඈ....

හැමදාම ආදරේ ගැන ජීවිතේ ගැන අනුන්ගේ ඕප දූප ගැන කියෝ කියෝ ඉන්න මට අද නිකමට හිතුනා මම ඉගන ගන්න පැත්තෙන් පොඩි දේවල් ටිකක් අරගෙන එන්න..පොඩි හොර වැඩ ටිකක්. මාත් මේවා ඉගන ගත්තේ මේ නෙට් එකේ එහෙ මෙහෙ රවුම් ගගහා ඉන්නකොට, ඔය යාළුවන්ගෙන් අහගෙන එහෙම. මේවා බොහොම පොඩි දේවල් අනවශ්‍ය දේවල් වලට යොදාගන්නෙ නැත්නම්.. ;)

 ඉතින් වැඩේ පටන් ගන්නම්කෝ...
ආසයිද අනුන්ගේ Save කරලා තියන Password මොනවද කියලා හොයා ගන්න. Google Chrome වලින් මෙක කරන හැටි තමයි පොඩ්ඩක් පෙන්නන්න යන්නේ..හැබැයි මේකෙන් පුළුවන් Save කල එව්වා විතරයි හොඳේ.
ඉස්සෙල්ලාම කියන්නම්කො තමත් Save කල Password එකක් බලා ගන්නෙ කොහොමද කියලා.

එහෙනම් ඉතින් නමෝවිත්තියෙන්ම Google Chrome එකේ දකුණු පැත්තෙ උඩ කෙරෝලෙම තියන 



මෙන්න මේක Click කරල Settings වලට යන්න. එතකොට එයි මෙන්න මෙහෙම එකක්...


ඔතන ඔය මම 1 න් ලකුණු කරලා Password කියලා Type කරන්න. එතකොට එයි මෙන්න මේ වගේ එකක්..නැත්නම් Show Advanced Settings කියලා ඇති යට ඒක Click කරන්න..




දැන් ඔය මම 2න් ලකුණු කරලා තියන තැන තියන Manage saved password Click කරන්න... එතකොට එයි මෙන්න මේ වගේ එකක්...



දැන් ඉතින් ඔය මම රතු පාටින් කොටු කරලා තියන තැන තියන Show කියන එක Click කලාම ඔයා Save කල  Password එක ඔයාටම බලාගන්න පුළුවන්....

හරි දැන් මේ කිව්වේ තමන්ගේ ඒවා බලා ගන්න හැටිනේ....අද ප්‍රධාන කතාව කොහොමද අනුන්ගේ ඒවා බලාගන්නේ..(Password හොඳේ...)

අපි මෙහෙම Save කරන  Password  කොහේ හරි මතක තියාගන්නවත් ඇතිනේ. ඒකනේ මෙහෙම තියෙන්නේ. ඉතින් මේවා මතක තියාගන්නේ මෙන්න මෙතන..

ඉස්සෙල්ලාම (C:\) එකේ..ඒ කිව්වේ ඔයාගේ OS (Operating System) එක තියන Partition එක ඇතුලට ගිහින් ඔයාට අදාල User කෙනෙක් තෝරගන්න.
ඊට පස්සේ

C:\Users\.......\AppData\Local\Google\Chrome\User Data\Default

මෙන්න මේ Path එකට යන්න. ඔය තිත් ටිකක් දාලා තියෙන්නේ මගේ User Name එක.
ඉතින් ඔය  Default කියන Folder එක ඇතුලට ගිහාම හම්බවෙයි Web Data කියලා පුංචි File එකක්. මේක තමයි භාණ්ඩේ. ඔය Save Password ඔක්කොම තියෙන්නේ ඕකේ.. ;)
ඉතින් ඉතුරු ටිකත් කියන්න ඕනිද....නිකන් කම්මැලිකමට වගේ වෙන Computer එකක තියන මේ File එක Copy කරගෙන ඇවිල්ලා...ඔක්කොටම කලින් අපේ File එක Back Up පාරක් දාගෙන අර ගෙනාපු File එක මෙතනට Replace කරලා..මම අර කලින්ම කිව්ව විදිහට කරලා බැලුවනම් බලන්න හම්බවෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...

අපි Internet Cafe වලට එහෙම ගිහින් අපේ Password Save කරලා ඇවිල්ලා අපිට ගොඩක් ආදරේ (නො)කරන කෙනෙක් අතට මේ වගේ File එකක් හම්බ අනොත් එහෙම මොනවා වෙයිද නේද...

අපි මේ බැලුවේ Save කල Password ගන්න පුළුවන් Web Data File එක ගැනනේ..ඊට ටිකක් උඩින් තියනවා Cookies කියලා තව එකක්. Save කලත් නැතත් මෙතනින් නම් අප හිතනවටත් වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. මාත් තාම ඒ ගැන ඉගන ගනිමින් ඉන්නේ..

මේ වගේ දේවල් දාලා බැනුම් අහන්න වෙයිද මන්දා. මේක මෙහෙම දැම්මේ තමන්ගේ වාසියට තව කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හොරා කන එව්වන්ගේ යහපතට නෙවෙයි. අපි ගොඩ දෙනෙක් කරන වැරදි දේකින් එක්කෙනෙක් හරි මිදේවි කියන බලාපොරොත්තුවෙන්...

තව මේ වගේම පොඩි පොඩි ආතල් වැඩ ටිකක් තියනවා...විශේෂයෙන්ම Command Prompt එකේ පොඩි පොඩි Coding ලියලා යාළුවො බය කරන වගේ වැඩ..වැඩිය කවුරුත් එළිපිට කියලා දෙන්නෙ නැති මේ වගේ පොඩි පොඩි ඒවා වැරදි වැඩ කරන්න නෙවෙයි අපිට වරද්දන්න එන එවුන්ගෙන් බේරෙන්නත් එක්කම ඉඩ තියන විදිහට මම මේකෙ දාන්නම්කෝ.
ගිහින් එන්නම් ඈ...මේ වගේ ඒවා දාන එක ගැන පොඩි අදහසක් දීලා යන්නකො..ඈ...


80 comments:

  1. MEYA DANNA DEWAL?

    ReplyDelete
  2. මට එහා පැත්තේ එකාට කියන්ඩ ඕන විඩින් විඩේ පාස්වර්ඩ් ගහන්නේ නැතුව සේව් කරලා තියන්ඩ කියලා :)

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ...විහිළුවට වගේ කියලා බලන්නකෝ..

      Delete
  3. මල මගුලයි මෙහෙමත් පුළුවන්ද..

    ReplyDelete
    Replies
    1. ඔය පුළුවන් කියන්නේ...මම නම් දැන්නෑ...:පී

      Delete
  4. මහා හොර තඩියෙක් නේ

    ReplyDelete
  5. ට්‍රයි එකක් දෙන්නම්...

    ReplyDelete
  6. හිටු යාළුවෝ ඔක්කෝම හින්දනවා xD
    ජය !!!

    ReplyDelete
    Replies
    1. හිකිස්...මම නම් ඕවට නෑ හරිය..

      Delete
  7. මෙන්නෝ.. හොරෙක්... හැකෙක්..

    ReplyDelete
    Replies
    1. කෝ.....කොහෙද ඕකා...අල්ලපිය...

      Delete
  8. අනුංගෙ පාස්වර්ඩ් අපිට මොටෝ!

    ReplyDelete
    Replies
    1. අඩේ ඒකත් ඇත්ත නේද...කෝ මේ පෝස්ටුව දාපු එකා..

      Delete
  9. එල.. පල කිරීම ගැන සන්තෝසයි.. මේ වැඩේ දෙතුන් පාරක් කරල තියෙනවා.. ඒත් කාටවත් තාම හානියක් නං කොරල නෑ.. හිකිස්!!

    ReplyDelete
    Replies
    1. හිකිස් අම්මපා එහෙමද...එළ ඈ...

      Delete
  10. ඒක මරු වැඩේ.

    ReplyDelete
  11. inna mama kiyannam taru ayye oyage ammata meke inna ayata hora wada kiyala denawa kiyala......... :)

    ReplyDelete
    Replies
    1. අ‍ම්මේ මෙන්නෝ.......මෙන්න මෙයාට අම්මට මොනවද කියන්න තියනවලූ......අහගන්න එකයි ඇත්තේ.........මම නම් නෑ ඔව්වට...

      Delete
  12. වෙලාවට මගේ මොකුත් සේව් වෙලා නෑ....

    ReplyDelete
  13. ඕ.......................... නියමයි..දක්ෂයි ඔබ.කෝකටත් බුක්මාක් කළා........................:)

    ReplyDelete
    Replies
    1. හිකිස්...තැන්කිව් ඈ...

      Delete
  14. ස්තූතියි කියල දුන්නට...අපිත් ඕවගේ වැඩ ටික ටික දන්නව ඉතින්.....:D

    ReplyDelete
    Replies
    1. අම්මපා..ඉතින් පොඩ්ඩක් කියලා දෙන්නකෝ අෆ්ෆා...............

      Delete
  15. ඔව්ව කරන්න ගිහින් හොඳ කෑමක් සෙට් වෙන්නත් පුලුවන් කොල්ලෝ....

    ReplyDelete
    Replies
    1. අම්මපා නේද...එව්වා කියන්න බෑ...

      Delete
  16. හැක්ස් මාත් ඕක කලා පට්ටම ආතල් ඒත් ඉතිං කාගේ උනත් දේවල් වලට අපි අත පොවන එකනම් ඒ හැටි හොද වැඩක් නෙවේ

    ReplyDelete
    Replies
    1. අම්මපා...පට්ට නේද...එළ ඈ...

      Delete
  17. මමනම් මගේ කොම්පුටරෙන් මිසක් වෙන එව්වයින් කිසිම පාස්වර්ඩ් එකක් ගහන්නේ නෑ :ඩි

    ReplyDelete
  18. ඔව කැත වැඩනේ
    ඒක නෙවේ අර උඩ ඉන්න බුවා උඹහැගේ මූණට සමානයි වගේනේ පොඩි කාලේ එකක්ද?ඒහෙනම් කෝ කන් අඩි?

    ReplyDelete
    Replies
    1. අනේ...මං එච්චර ලස්සනද ඈ....

      Delete
  19. හෆ්ෆටසිලි!!! ඔය වගේ කැත වැඩ ඉතින් කරලා මිනිස්සු අමාරුවෙ දාන අයත් ඉන්නවානෙ.. දැනුවත් කිරීමට ස්තූතියි අයියෙ!!

    ReplyDelete
    Replies
    1. එළ ඇ...මේ මමනම් ඔව්ව කරන්න යන්නෑ හොදේ...

      Delete
  20. අඩේ පට්ට බං. මම කිව්වේ උඩින්ම දාලා තියෙන උඹේ පොටෝ එක ගැන. සිරාවට උඹ එදා දැක්කා වගේමයි. දත් සැට් එක එහෙම ලෙසටම ඈ....ජය....!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...මම හලි හුලතල් පාටයිනේද...

      Delete
  21. උඹ හොරකං කරන්නත් උගන්නනවා නේද? ටියුෂන් ක්ලාස් එකක් පටන් අරන් කියක් හරි හොයා ගනින් :P

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියේ...මම ඒවා උගන්නනවද...කවුද කිව්වේ...මේවා හොරු ඉගන ගනියිද නම් දන්නේ නෑ..

      Delete
  22. කතාවක් තියනවා නේ හොරෙක් දාල හොරෙක්ව අල්ලන්න කියලා. ඒ හින්දා මම නම් කියන්නේ වටිනා ලිපියක්. prevention is better than cure.

    ReplyDelete
    Replies
    1. අන්න හරි අයියේ...එළ ඈ...

      Delete
  23. මෙන්න උස්සනෝ.................... :D
    @ක්සැන්ඩර්- එකඟයි! :)
    @තරූ- ස්තූතියි! :)

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ඉස්සුවේ..පාත දාපන් දැම්මම...පොඩි එව්වොත් බලන් ඉන්නවා...
      තැන්කිව් ඈ..

      Delete
  24. හික්ස්..
    එන්.අයි.බී.ඇම් වැඩ තමා..

    ReplyDelete
    Replies
    1. අහ් අනේ මන්දා ඉතින් එව්වානම් මම දන්නෙ නැද්ද මන්දා...

      Delete
  25. Replies
    1. ඇහ්...ඒ මොකෝ අයියේ..හීනයක්වත් දැක්කද..

      Delete
  26. මම chrome පාවිච්චි කරන්නේ නැතෝ!!හූ හූ.....

    ReplyDelete
    Replies
    1. මොකක් පාවිච්චි කරත් කරන්න පුළුවනියෝ....හූ හූ...

      Delete
  27. මේක යාලුවන්ට නම් කියලා දෙන්න හොඳ නැහැ :)

    ReplyDelete
    Replies
    1. පව්නේ ඔන්න ඔහේ කියලා දෙන්න..

      Delete
  28. කරන විදිහ මතක තියාගන්ඩ ඕන කවදාහරි හොද වැඩකට ඕනවෙයි

    ReplyDelete
  29. මේක අමුතු එකෙක්ට ගියොත් විනාශයක්.අවශ්‍ය වෙලාවකට පාවිච්චිකරන්න හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. යා යා ඒකනම් ඇත්ත...පරෙස්සමෙන්..

      Delete
  30. මගේ කොම් එකේ මම කවදාවත් ලොග් අවුට් වෙන්නේ නෑනේ.... :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි අයියේ බැරිද විහිළුවට වගේ ඔයාගේ web data file එකයි cookies File එකයි මට එවන්න.. ;) ;)

      Delete
  31. මෙවැනි දේවල් වැරදි පුද්ගලයින් අතට පත් වුනොත් වෙන්නේ වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ වැඩක්. පොස්ට් එක වටිනවා නමුත් මම කිව්වේ ඕකේ අනෙක් පැත්ත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නරක එකාට අහු වුනොත් නම් බඩුම තමයි...ඒත් නොදන්න එක්කෙනෙක්ට හරි බේරෙන්නත් පුළුවන්නේ...

      Delete
  32. Make sure to backup your own Web Data file machaan..hehehee or else this you'll end up in a mess ;) ;)

    ReplyDelete
    Replies
    1. හිකිස් අනිවා අයියේ...මාත් ඕක කිව්වා උඩින්....:ඩී

      Delete
  33. අඩේ එකත් පට්ට වැඩේ. ඒත් තියන කුණු මදිවට අනුන්ගේ කුණු මොකටද බන් මට. අර අලුතෙන් දානවයි කියන එක දාන්ඩකො බලන්ඩ එහෙනම්

    ReplyDelete
    Replies
    1. හික්...ඒකත් ඇත්ත ඒත කුණු ගොඩවල් වල මැණික් තියනවලු... ;) ;)ඔන්න අනිත් ඒවයින් ටිකකුත් දැම්මා..

      Delete
  34. වටිනවා බුක්මාර්ක් එකකුත් දාගන්න ඕනේ :P

    ReplyDelete
  35. අයිටි අංශයේ අපි දැන ගත යුතු තව දේවල් පිළිබඳ ව තව දේවල් කියලා දෙන්න.සුභ ගමන්

    ReplyDelete
  36. මාගේ ලැප එකේ ඔය ෆෝල්ඩර්ස් වලට මට යන්න දෙන්නේ නැනේ.ඇක්සස් ඩිනයිඩ් කියල එනවනේ?? :(

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මෙහෙම කරලා බලන්න...

      ow do I open a file if I get an access denied message?

      If you get a message denying access when you try to open a file, here are some options you can try:

      Check the permissions of the file or of the folder the file is saved in. Here's how:

      Right-click the file or folder, and then click Properties.

      Click the Security tab.

      Under Group or user names, click your name to see the permissions you have.

      To open a file, you need to have read permission. For more information on permissions, see What are permissions?

      Check to see if the file is encrypted. Here's how:

      Right-click the file, and then click Properties.

      Click the General tab, and then click Advanced.

      If the Encrypt contents to secure data check box is selected, you need the certificate that was used to encrypt the file to open it.

      You should get the certificate from the person who created the file. For more information

      Delete
    2. තැන්ක් යු ඇ. ට්‍රයි කරලා බලන්නම්කෝ

      Delete
    3. වෙල් කම්ස් ඈ...අවුලක් උනොත් කියන්න..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...