Friday, July 20, 2012

දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි)..




16 - 18 :-

අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට උම්මා එකක් දෙනවාද?.. මම ඇස් දෙක පියාගෙනම ඉන්නවා...ඔයා හැමදාම මාව ආදරෙන් බලා ගන්නවා නේද...මම මුළු දවසම ඔයාගෙ ලගට වෙලා ඉන්නවා. ඔයත් මගෙ ලගටම වෙලා ඉන්න. මම ඔයාගෙ අතේ එල්ලිලා ඔයත් එක්ක හැම තැනම යනවා...එතකොට අනිත් කෙල්ලන්ගේ ඊරිසියාවෙන් රතුවෙන මූණු...අනේ මට ඇත්තටම මැවිලා පේනවා වගේ...මුළු ලෝකෙම විරුද්ද උනත් මම ඔයා ලගට එනවමයි...ඔයා මාත් එක්ක ඉන්නකොට මම මොකාටවත් බය නෑ...අපි අපේම කියලා ලස්සන චූටි ගෙදරක පදිංචි වෙමු...මට ලොකු ගෙවල් ඕනි නෑ..අපි දෙන්නට නිදහසේ ඉන්න තිබුනොත් ඇති...මට ඔයා වගේම හුරතල් කොලු පැටියෙක් ඕනි..අනේ මට ලැජ්ජයි වගේ...මට මැවිලා පේනවා ලොකු බඩකුත් උස්සගෙන ඔයාගේ අතේ එල්ලිලා යන හැටි...හී හී...ඉතින් ඉක්මනටම මගේ මේ හීනෙ හැබෑ කරනවා නේද මහත්තයෝ...


18 - 23 :-

කොල්ලනම් ටිකක් හොදයි වගේ.....ම්ම්ම්ම්ම්...ඒත් තව ටිකක් බලමුකෝ...තව ටිකක් ආවාවේ පස්සෙන්...මම නිකන් එයාට සෙකන්ඩ් වෙන්න ඕනි නෑ...බලමුකෝ මොනවද කරන්නෙ කියලා...මට පව් කියලත් හිතෙනවා අනේ...මම යන යන තැන ඇඹලයා වගේ පස්සෙන් එනවා...එක්කො කමක් නෑ...ආවාවෙකො ඔහොම...

හප්පේ මුගේ අලි එක...හිතන්න ඇති මට කොල්ලෙක්ට ඉන්නෙ මූ විතරයි කියලා...ඒකනේ මට පේන්නම වෙන කෙල්ලෙක්ගෙ කරට අත දාගෙන ගියේ...හ්ම්...ඉන්නවකො මාත් උඹට පේන්නම ඔයිට වඩා ගොඩා..ක් හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක යන්නම්කෝ ඉක්මනටම...මේ දවස් වල එහෙන් මෙහෙන් ඇහැ දාන එකා දිහා මාත් පොඩ්ඩක් බලන්න ඕනි. ඌ හිතයි මම ඌට කැමතියි කියලා...මූට පේන්න ඌව පස්සෙන් ගෙන්න ගත්තොත් මූටත් තෙරෙයි මට කව ඕනි තරම් කොල්ලො ඉන්නවා කියලා...හික්...අද පොඩ්ඩක් හිනා වෙලා බලන්න ඔනි...මට ආසයි එතකොට කොල්ලගෙ මූණට එන පෙම් හිනාව දකින්න...අනිත් කෙල්ලන්ටත් ඊරිසියා හිතෙයි...ඒත දැන්ම නම් යාළු වෙන්නෙ නෑ...තාම මට හොදටම හොද කෙනාව ලැබුනෙ නෑනේ...අනේ මගෙ අර හීනෙ වගේ...බලමුකො හීනත් කවදහරි හැබෑ වෙයිනෙ...මේ දෙකයි පණහෙ කොල්ලො මට මොකටද...

23 - 27 :-

කොච්චර හොද උනත් වැඩක් නෑ...ටිකක් පොෂ් පාටට ඉන්න ඕනි...ආදරේ විතරක් තිබිලත් ජීවත් වෙන්න බෑනේ...හොද රස්සාවක් තියෙන්න ඕනි...හොද වාහනයක් තියෙන්න ඕනි...ලස්සන ගෙයක් තියෙන්න ඕනි...හොද වාහනේක යන එන මට ඕනි හැම දේම දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි...මාව හොදටම තේරුම් ගන්න...මට නිදහසේ ඉන්න දෙන...මට ගොඩක් ආදරේ කරන...මුළු ලෝකෙම මං කරගත්ත කෙනෙක් ඕනි...මාසෙකට මට යන වියදම කිසිම අමාරුවක් නැතිව දරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි...නැත්තම් බෑ...මේ හැම දේම තියන කෙනෙක් කවද මාව හොයාගෙන එයිද මංදා...එත් ඉතින් එහෙම ආවෙ නෑ කියලා මට මේ කොහෙවත් යන එකෙක් බඳින්නද...

මගේ යාළුවනම් බැන්දා...අනේ චෝයි කොලු පැටියා...හරි හුරතල්...මටත් හරි ආසයි ඒ වගේ පොඩි එකෙක් හුරතල් කරන්න...ඒත් මගේ ෆිගර් එක මේන්ටේන් කරන්නත් ඕනි...හික්...මාත් හිතන දේවල්...තාම කොල්ලෙක්වත් නෑ හරියට...බලමුකො තව ටිකක්...මාත් ඇන්ටනාව දාගෙනනෙ ඉන්නේ...

27 - 32 :-

මේ ගෙදර අයගෙන් තියෙන්නෙ මල වදයක්නේ...මුංට ඕනි මාව කාගෙ හරි කරේ ගහන්න...එහෙම හදිස්සියෙන් මගුල් හොයන්න පුළුවන්ද...බැන්දට පස්සෙ මමනේ ඒ මිනිහත් එක්ක ඉන්න ඕනි...මොකද මට මගුල් හොයන එවුන් එකෙක්වත් ඊට පස්සෙ එනවද...මම එපැයි ඔක්කොම බලා ගන්න...

අනික මේ කපුවො හොයන මිනිස්සු එක්ක ඉන්න පුළුවන්ද...හැටි විතරක්...පාරෙ බැහැල යන්න පුළුවන්ද...කටක් ඇරලා මගේ යාළුවන්ට මේ මගෙ හස්බන්ඩ් කියලා පෙන්නන පුළුවන්ද...උං මට හිනා වෙයි...හාපෝ...මට මතක් වෙනකොටත් ලැජ්ජයි...
කපුවො හොයන හැම මිනිහම...එක්කො කුදුයි...එක්කෝ ඔළුවෙ කෙස් නෑ...නැත්නම් කොන්ද පණ නෑ...සමහරු මගෙ ලගට ආවාම බයේ වෙවුලනවා...උන් ජීවිතේට කෙල්ලෙක් එක්ක කතා කරලා නෑ වගේ...මෙහෙම උන් එක්ක පවුල් කෑවැහැකිද...තව සමහරුන්ට සුළු වැරුද්දකින් දරුවො ඉන්නවලු...එහෙම නැත්නම් කසාද දෙක තුනක් කඩාගත්ත අය...එහෙම එකෙක් බැන්දොත් මගෙ කසාදෙත් කැඩෙනවා...කපුවො කියනවා මගෙ වයසට හොයන්න පුළුවන් මෙහෙම අයලු...මේකත් වයසක්ද අනේ...ඔය ඕනි තරම් මට වඩා වයසට ගිහින් මැරි කරලා සන්තෝසෙන් ඉන්න අය ඉන්නේ...බලමුකො තව ටිකක් හොයලා මට ගැලපෙනම කෙනා හම්බවෙයි.....

32 - 39 :-

අම්මලත් වයසයි දැන් හොදටම...පව් එයාලත් ආසා ඇති මුණුපුරෙක්ගෙ මිණිපිරියකගෙ මූණ බලන්න...මට හැමදාම කියනවා අනේ දුවේ මගෙ ඇස් දෙක පියවෙන්න කලින් එකලාසයක් වෙයන්...නැත්නම් මට මැරිලවත් සැනසීමක් නෑ කියලා...අම්මලගේ ආසාව ඉෂ්ඨ කරන්න ඕනි කොහොම හරි...නැත්නම් මටත් පව් පිරෙනවා...ඒත් කොහොමද අනේ මෙහෙම නාකි මනුස්සයෙක් බඳින්න හිත හදාගන්නේ...

මට මේ ලගදි හම්බවුනා ඒ කාලෙ මගෙ පස්සෙන් ආපු කොල්ලෙක්...දැන්නම් ඌ කොල්ලෙක් නෙවෙයි...ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක්...වයිෆ් එක්ක බඩු ගන්න ඇවිත් හිටියා...සීදේවි කොළු පැටව් දෙන්නා...මම හිතන්නෙ ලොකු එකා දැන් හය හත වසර වගේ ඇති...පොඩි එකානම් දැන් මොන්ටිසෝරි මයෙ හිතේ...ඒ කාලේ මේ මනුස්සයා මගෙ පස්සෙන් කොච්චරකල් ආවද...එයාගෙ වැරැද්දක් තිබුනෙ නෑ...ඒත් මට එහෙම එක සැරේම කැමති වෙන්න හිතුනෙ නෑ...ඒක මගෙ තත්වෙට හරි නෑනේ...මට මතකයි මෙයා ඒ කාලෙ මම පන්ති යනකොට හරි වෙන කොහේ හරි යනකොට හරි මගෙ පස්සෙන් ආපු හැටි...සමහරදාට මම එනකන් පැය ගණන් බලා ඉන්නවලු...ඒ කාලෙ නම් මම ඒකට හරි කැමතියි...මට කොච්චර ආදරෙයි කිය කිය පස්සෙන් ආවද මූ...මට දැනුත් හිනා...

දැන් මට 40ටත් කිට්ටුයි...මනමාලයෝ බලන්න එන සැරයක් ගානේ මට දැන් කොන්ඩෙ ඩයි කරලම එපා වෙලා...මේ සැරේ නම් මොකා ආවත් මම කැමති වෙනවා...කලින් බැඳපු එකෙක් උනත් කමක් නෑ...මාත් තව නාකි උනොත් මෙහෙමවත් මනමාලයෙක් හොයනවා බොරු............


ප.ලි :-

අද උදේ මට අපේ අක්ක කෙනෙක් එයාගෙ යාළුවෙක්ට වුණු මේ වගේ කතාවක් කිව්වා. ඒක ඇහුවාම තමයි මෙහෙම එකක් ලියන්න හිතුනේ. මේක ඉතින් මේ අපි අතර ඉන්න සමහරුන්ටත් අදාලයිනොවැ නේද... ;) 
මේ හැමෝටම කිව්ව එකක් නෙවෙයි හොදේ...තොප්පිය වැරදියට දාගෙන මාව කන්න එයිද දන්නෙ නෑනේ...

68 comments:

  1. hahaaaahaaaaaaaaaa:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ReplyDelete
  2. කතාව සහතික ඇත්ත මල්ලි !!
    මේ වගේ දෙයක් කියවලාවත් කෙල්ලෝ තේරුං ගන්නවා නම්....

    මල්ලි පොඩි කාලයක් වහන් වෙලා ඉදින් !!
    දැනටමත් බවලත්තු පස්සෙන් එලවන් එනවද දන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා අයියෙ දැන්නම් පොඩ්ඩක් ශේප් වෙලා ඉන්න එක හොදයි වගේ...

      Delete
  3. කතාවනම් සහතික ඇත්ත මචෝ කිව්වත් වගේ පරිස්සමින් හිටින් එකපාර පාරේ යනකොට ඇගට පනින්න ඉඩ තියනවා. ජය .

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔව් නේද මේ කෙල්ලෝ සුවර් නෑනේ...

      Delete
  4. සහතික ඇත්ත කතාව අයියේ... මුල් ටික කියවද්දි නම් මොනාදෝ වෙනවා වගේ මාර ප්‍රේමණීය හැඟීම් ටිකක් සිරාවටම ලියලා තියෙනවා... අත්දැකීමෙන්ම කියලා වගේ ඈ...

    ඔන්න ඕක තමා වෙන්නේ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුනාම... මට මතක් වෙන්නේ අර ගුරුවරයෙක් කියපු කතාවක්."ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරගෙන එන්න හැබැයි ආපහු හැරෙන්නේ නැතිව"

    හරි වයස පැන්නාම කෙල්ලන්ට හිතෙන්නේ දැන්නම් ඕන මල යකෙක් කියලා තමා....

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කතාවනම් අනේ මන්දා අෆ්ෆා...එක්කො එව්වා ඕනි නෑ...
      තැන්කිව් ඈ...

      Delete
  5. ඔහෙ හිටු...!! දුවන්න එපා..කඩනව අඬු..!!

    ReplyDelete
    Replies
    1. ඇයි මේ....ඔයාට තරහා ගියාද කිරිල්ලියේ....ඔයා මොකට මේ අහක යන තොප්පි දා ගන්නවද මන්දා...

      Delete
  6. adanam taru ayya iwarai...... :) kirilli akkagen guti kala tama nawatinne.sadu sadu sa....du. :))

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි නේද කාට හරි ගහන්න පන්නනකොට හැමෝම ගහන එකා පැත්තේ....ගුටිකන අසරණයට කවුරුත් නෑ... :පී

      Delete
  7. සුපිරි. ඊලඟ පරාසයත් දාන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඊලග පරාසේ නේද....එහෙම අය ගැන තමයි මම අර "නැන්දාට වෙඩිමක්" පෝස්ටුවෙ දැම්මේ...

      Delete
  8. කෝ මේ තරුවා,අද මම....

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මොකද ගේමද...අපි බය නෑ හරිය....:ඩී...:දිව දොට්ට

      Delete
  9. ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....:@ තිත්තයි කියවගෙන යද්දි..:P

    ReplyDelete
    Replies
    1. බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ඇත්ත තිත්තයි නේද නංගි..අනේ මන්දා ඔයත් තොප්පිය දාගත්තද...කෝ බලන්න ගානට සයිස් එක ගැලපෙනවද...:දිව දොට්ට්

      Delete
  10. මං කියෙවුවෙ නැහැ,, මං කෙල්ලක් නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ දෙ...එක්කෝ කමක් නෑ...

      Delete
  11. ඔය තියෙන්නෙ ලෙසටම දේවල් ලියලා. අර කිව්වා වගෙ ටිකක් වහන් වෙලා හිටු.

    ReplyDelete
    Replies
    1. හිකිස්...දැන්ටම වහන් වෙන්ට වෙයි වගේ...

      Delete
  12. මට පෙන්නේ මේකට කලින් කමෙන්ට් දාපු ගෑනු පරාන ටික තොප්පි බලෙන් දාගෙන වගේ. හික් හික් !!.



    අන්තිමට ගෙදරටම නාකි වෙලා හුල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ ? තරුවා පට්ට අයිඩියාවක්.

    ReplyDelete
    Replies
    1. හී හී...ඒකනම් ඇත්ත බලාගෙන මේ තොප්පිය බලාගෙන ගිහාම ගොඩක් අයට ගැලපිලානේ...අනේ මන්දා...

      Delete
  13. හි හි හි හි...... :) කාලෙන් කාලෙට එකේක දේවල් හිතෙනවා තමා.. :)

    ReplyDelete
  14. මැක්සා බොල.. :D

    ReplyDelete
  15. නියමයි බං කෙල්ලෝ හිතන ඉන්නේ කොල්ලෝ එයාලගේ පස්සෙන් ඇවිත් වඳ වැටෙන්න ඕනේ කියල එහෙම හිතන කෙල්ලොන්ට වෙන්නේ ඇන්ටිලා වගේ හුල්ල හුල්ල ඉන්න.

    මේක මේ හැමෝටම නෙවෙයි කිවුවේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා බං අයියේ..ඒකනම් ඇත්ත....හැමෝටම නොකිව්වට හැමෝම තොප්පිය දා ගන්නවනේ අෆ්ෆා....

      Delete
  16. මේ අවුරුදු 23 -27 කැල්ළ නම් බොරුනේ... පොෂ් කොල්ලෝ හොයා හොයා යන්නේ හුගක් වෙලාවට දැන් කෙල්ලෝ නෙවෙයි කොල්ලොයි....:/
    ඔහොම හිත හිත හිටියොත් ඕක තමා වෙන්නේ ඉතින්...:D

    ReplyDelete
    Replies
    1. //පොෂ් කොල්ලො හොය හොය යන්නේ හුගක් වෙලාවට දැන් කෙල්ලෝ නෙවෙයි කොල්ලොයි//
      හත්තිලව්වයි අක්කේ මේක මේ වෙනම කතා කරන්න ඕනි මාතෘකාවක්නේ...කොල්ලො හොයාගෙන කොල්ලො යනනම් ඒක මේ ගේ කුරුළු සීන් එකක්නේ අෆ්ෆා...

      Delete
  17. හිකෑස්..
    ඔන්න මේක බලලවත් ඔය ගෑස් අඩු කර ගං..
    නියම පෝස්ට් එක තරුවෝ..
    ජයවේවා ඈ..
    කිව්වත් වගේ ටිකක් වහං වෙලා හිටු..

    ReplyDelete
    Replies
    1. එළ ඈ...මාත් මේ බිත්තර කටුවක් හොයවා හැන්ගෙන්න....

      Delete
  18. නොබැද ඉන්න එක ඔය ඔක්කොටම වඩා හොදයි බන්

    ReplyDelete
    Replies
    1. අම්මපා...ඒකත් එහෙමද...

      Delete
  19. බය නැද්ද බං උබට ? හිකිස්..

    කොච්චර වයසට ගියත් කාන්තා පිරිමි දෙපක්ෂයම තරුණ විදිහට ඉන්නවනම්. ශක්තිමත්ව.. මේ සමාජය ලස්සන වෙයි. එක එකාට ඉරිසියා කරන එක අඩුවෙයි..

    ජය මචං !

    ReplyDelete
    Replies
    1. හිකිස්...අනේ මංදා මේ කෙල්ලො මෙනවා කරයිද කියලා මට... ;)
      අන්තිමට කිව්ව කතාවනම් සහතික ඇත්ත අයියේ..

      Delete
  20. ආදරේ විතරක් තිබිල සල්ලි නැතුවත් බෑ සල්ලි විතරක් තිබිල ආදරේ නැතුවත් බෑ...ඔය පොෂ් කියන කථාවටනම් මම කැමතිත් නෑ මට අදාලත් නෑ මටනම් පළවෙනි දේ ආදරේ ඊට පස්සෙ දෙන්නෙක් එකතු වුණාම මොනවද කරන්න බැරි...

    නමුත් එක වහලක් යටට වෙන්න කලින් ජීවිතේ දිහා යථාර්තවාදී ඇසකින් බලල ආදරෙත් එක්ක අනාගතේ සැලසුම් කරනවනම් මම හිතන්නෙ නෑ කාටවත් වරදියි කියල හැබැයි දෙයක් සල්ලි පස්සෙයි පොෂ් එක පස්සෙයි වැටෙන ගැහැණු අයට විතරක් නෙමෙයි පිරිමි අයටත් ජීවිතේ වරදිනව වරදිනව වරදිනවමයි...

    ලස්සන පෝස්ට් එකක් හිනා වෙවී බැලුවට යාථාර්තයකුත් දැක්ක නිසයි කමෙන්ට් එක දිග වුනේ...

    ReplyDelete
    Replies
    1. සිත්තමීගෙ තකාවට සම්පූර්ණයෙන් එකගයි...මම මේ කිව්වේ හැමෝම ගැන නෙවෙයි...සම'හරක් ගැන.... ;)

      Delete
  21. මමනන් බැලුවේ නෑ ඈ,., අතිශයින්ම කෙල්ලන්ට පමන්යි කිවුවනේ,., මොනාද අප්පේ මේකේ තිබ්බේ :D

    ReplyDelete
    Replies
    1. එහෙමද මම හිතුවෙ නම දැක්කාම ඔක්කොටම කලින් මේක බලයි කියලා... ;) ;)

      Delete
  22. ඕක වෙන්නෙ නැති ඇද හොයන්න ගියාම! තමන් හොදට හිතන්න ඕනි! ඒත් 100%ක් හොද උං හොයන්න ගියාම තමයි ඔහොම වෙන්නේ!!සිරා කතාව !

    ReplyDelete
  23. ඇති යාන්තං ඒ උන්දැ‍ට 40 දී වත් ඇත්ත තේරුණා.. හිකිස්. :)

    ReplyDelete
  24. අමූලික ගල් පැලෙන ඇත්ත :D

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ මුලත් නෑ...

      Delete
  25. කෝ බං එතකොට 16ට උඩින් එව්වා .ඒක අද රටේ සමාජ ප්‍රශ්නයක් ඈ

    ReplyDelete
    Replies
    1. එවුන් ගැන වෙනම ලියන්න ඕනි...

      Delete
  26. කට ඇරහන් ටොපියක් දාන්න.... :)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕන්න දැම්මා....ලොසින්ජරයක්...හිරකරගන්නවා එහෙම නෙවෙයි....

      Delete
  27. කියන්න වදනුත් නැ....

    ReplyDelete
  28. මම මේගැන වෙන මුකුත් ලියන්නේ නෑ. ඒත් මේවගේ විවාහයක් කරගන්න බැරිවුන අය සමාජයේ අනනත්වත් ඉන්නවා. එතකොට ඒ අය ගැන පොඩි කණගාටුවක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. කීයටවත් මම මේ එහෙම අයට හිනාවුනානම් නෙවෙයි..මට අහන්න ලැබුණු දේ සමාජයේ කීප දෙනෙක් අදාල කරගෙන ලිව්වා විතරයි...බොහොම ස්තූතියි..

      Delete
  29. මොලේ මෝරනකොට වෙන දේවල්....
    පව් නේද?
    තරුවෝ මේ කියන දේවල් නම් ඇත්තයි...හිහි

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකනම් ඇත්ත අක්කෝ...

      Delete
  30. දැන් තරුවට කීයද? වයස...

    ReplyDelete
    Replies
    1. අනේ තාම පොඩි හුරුබුහුටි කොලු පැටියා අක්කේ...බලන්නකො ඔය පැත්තෙන් ඇති මගෙ වයස...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...