Tuesday, July 10, 2012

ගස්සා පස්ස ඇය යන එන අපූරුව.....


ගස්සා පස්ස ඇය යන එන   අපූරුව
දකිනා දනන් කුල්මත් වන  අපූරුව
සැලෙනා රන තිසර පිනවන දනන්  මුව
මැවිලා පෙනෙයි අජරාමර නිවන්   සුව

නාභිය වටේ සැලෙනා පොඩි   ගෙජ්ජියකී
තොල් වල රතට නා දළු පරදිනු   නිසැකී
සැමටම පෙනෙන්නට අත රුදි   ෆෝනයකී
අංකය ලබා දෙනවා නම්    සැනසුමකී

හමුවුනෙ මැයව මට පසුගිය   කාලයක
යොමුවී සිටින විට බුකියේ   මෙහෙයුමක
ලංවී සිතට මා ඇගෙ මිතුරිය   ලෙසක
දුටුවෙමි සොදුරු බව ඇය වන්   යුවතියක

අම්පාරටත් තව ඈතලු ඈ   උන්නේ
යුද්ධය නිසා කදවුරකලු   පසුවන්නේ
දුටුවන් මන බදින රූ සපුවක්   ලැබුනේ
හමුදා අයියා කෙනෙකුයි ඇගෙ සිත   ගන්නේ

නව දිවියකට සැම ආසිරි   ලැබගන්නේ
සිතගත් කුමරු සමගින් දිවි   අරඹන්නේ
දිවියේ අළුත් පිටුවකි මේ   පෙරලෙන්නේ
සිනහව සතුට  සැම පැත්තෙම   වෑහෙන්නේ

දින සති මාස ගෙවෙමින් කාලය   යන්නේ
අවාසනාවකි පසු පස   පැමිණෙන්නේ
 යුද්ධය නිසා ඔහු අද ඔත්පල   වන්නේ
දරුවන් දෙදෙන හා ඇය අසරණ   වෙන්නේ

දරුවන් දෙදෙන පාසල් යා යුතු   හින්දා
සැමියා රැක බලා ගත යුතු වන   හින්දා
මිතුරිය ඇගේ රැකියාවක් දුන්   හින්දා
කොළඔට ඇය එනවා කරනට වෙන නැති  හින්දා

කොළඹට පැමිණ දුක් විදිනට  සිදුවන්නේ
යන එන තැනක් නොමැතිව ඇය   පසුවන්නේ
ඇයගේ රූ සපුව ගැන තතු   පැතිරෙන්නේ
ගණිකා මඩම ඇගෙ නව නිවහන   වෙන්නේ

සොයනා සතයක්ම ඇගෙ නිවසට යනවා
දරුවන් හොදින් නිති පාසැල්   පැමිණෙනවා
සැමියා සුවෙන් හා සතුටින්   පසුවෙනවා
උන් සිහි කරන් ඇය තම කය   විකුණනවා

ගෙදර යද්දි බුරියේ මැද ගෙජ්ජි  නැතී
ජීන්ස් ගලෝලා සාරිට දවට  ගතී
හිතේ දුකක් තිබුනත් එය ගණන්  නැතී
මුවේ සිනා මල් වරුසා ගණන්   ඇතී

ප.ලි :- මෙය  ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..) පොස්ටුව ලියද්දී හමුවූ තවත් කාන්තාවකගේ සත්‍ය කතාවකි.....


                                                http://syndi.buzzradio.lk/


50 comments:

  1. දිරිය කාන්තාවක්.... පව් අසරණී

    ReplyDelete
  2. :( අවාසනාවක හැටි.. :(

    ReplyDelete
  3. හ්ම් හ්ම්
    බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  4. ගොඩක් ඔය වගේ සීන් අස්සෙ තියෙන්නෙ ඔය වගේ කතාවක්ලු..
    ලස්සනයි කවි ටික..
    ජයවේවා!!!!!

    ReplyDelete
  5. බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  6. ada minissu ganikawo ganikawo kiyala ka gahuwata unge jeewitheta ebila baluwoth thiyenne oya wage seen thama.

    ReplyDelete
    Replies
    1. ඔව් අවතාරයෝ ඒ අයගේ ඇතුලාත්තය දන්නෙ එයාලා විතරයි..

      Delete
  7. මොනා උනත් කට්ටිය සතුටුන්නේ...........!!!

    ReplyDelete
  8. ජීවිතේ වෙන කරන්නම දෙයක් නැති තැන...එහෙමයි කියල අවසර දෙනව නෙමෙයි නමුත් ඒ ජීවිත ඇතුලෙ තියෙන දුක...ඒක නොදකින සමාජය...

    කථාව කවියට හදන්න ලස්සනට පද ගලපලා නියමයි තරුවා...

    ReplyDelete
    Replies
    1. හ්ම් අපි නොදකින යතාර්තය...
      බොහොම ස්තූතියි...

      Delete
  9. paw neda taru ayya eyala. :(

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි..බට් දැන් වට් ටු ඩූ..

      Delete
  10. මේක ලස්සන කවි පේලියක් විතරක්ම වුනා නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්...එහෙම්මම උනා නම්......

      Delete
  11. ජය තරු.. නොපෙනෙන පැත්තක්..

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්ම්ම්.....පවු!!! අනේ මංදා... මෙහෙම දේවල් ඉතින් වෙනවානෙ..

    ReplyDelete
  13. ජීවිත වල තවත් එක යථාර්ථයක් ...........

    ReplyDelete
  14. අයියෝ මොනා කියන්නද මන්දා

    ReplyDelete
  15. ඒ කාන්තාවට හිමිවිය යුත්තේ ගැරහුම්ද නැත්තම් පැසසුම්ද ? උත්තරේ දෙන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. අපි නොදන්න තව කොච්චර දේවල් මේ රටේ ලෝකේ හැංගිලා ඇත්ද.
    තරුවා ඒ කතාව නියමට කවියක් කරලා. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...සෑහෙන වතුර බොන්න ඕනි ප්‍රශ්ණයක් නේද....
      තැන්කිව් ඈ....

      Delete
  16. ඔය වගේ අයට කියන නමක් තියනවා... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. ගණිකා/කැරෝකේ කියන රස්සාවල ඉන්න අයගේ ඇතුලත කතාව ඔයවගේ තමා ....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ගොඩක් දුරට....

      Delete
  18. අවාසනාවට ඇත්ත කතාවක්....

    ReplyDelete
  19. ඇයි බං එහෙම රස්සාවකට එන්නේ හමුදාවෙන් දෙනවා නේ දීමනාවක්. බිරිඳ ඒ හැටි අසරණ වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඒක ඇත්ත අයියේ..ඒත් මෙතන ඊට වඩා ප්‍රශ්ණ තියනවා මම හිතන්නේ..පුද්ගලික දේවල්...

      Delete
  20. ඔය හැම දේම කරන්නේ බඩවියත රැකගන්න නෙව. දිරිය කාන්තාවක් !
    හැබැයි මේ රස්සාවෙන් ඉක්මනටම සමු ගන්න තියෙනවා නම් ඒක ගොඩක් හොදයි !

    ReplyDelete
    Replies
    1. දැන් එයාල ඉන්නෙ වලේ වැටුණු මිනිහා වල කටින්ම ගොඩ එන්න ඕනි වගේ තැනක...

      Delete
  21. කියන්න දෙයක් හිතා ගන්න බෑ තරුවෝ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒක තමා අයියේ...

      Delete
  22. අවාසනාවට සත්‍ය කතාවක්...

    ReplyDelete
  23. හරිම පව් තරූ...ඔයා ලස්සනට කවි ලියනවා මල්ලී....අගෙයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...