Friday, July 6, 2012

චූදිතයා....

නොමියෙන මිනිසුන්
අතර
මියෙන මිනිසෙක්
ලෙසට
චූදිතයා වීමි
මම
නොකල වරදට
විදින


ලොවක්  එරෙහිව
ඇවිත්
ශාප ලද අද
දිනය
ලොවම හඩගා
කියයි
වරදකරු බව
මමම


වියරු  වූ සිනා
කැන්
මතුවෙමින් හැම
දෙසින්
අවි අමෝරා
නැගෙයි
නසන්නට හැම
දෙනම


උසාවිය නිහඩ
ඇයි
නොමැති සේ ලය
මඩල
තීන්දුව දෙන්න
ඔබ
ඔබට වැටහෙන
ලෙසට


යන්තමින් නැගිට
ගමි
නෙත් හෙලා ඔබ
වෙතම
සිනහවකි මුව
ඇත්තෙ
පුරුදු විලසින්
අදද


ඔබට හැකිවේවි
අද
නසන්නට මගේ
ගත
නමුත් හැකිදෝ
ඔබට
නසන්නට මිනිස්
කම

54 comments:

  1. හරිම ලස්සනයි තරුවා....ඇත්තටම මාතෘකාව අනුව පද ගැලපීමනම් නියමයි...

    ReplyDelete
  2. චුදිතයාගේ ෆොටෝ එක නම් චුන් එකේ ඉන්නවා වගේ වැරදිකාරයා වුනත් නැතත්..හෙහේ..

    ලස්සනයි තරු පද ටික නම්..

    ReplyDelete
    Replies
    1. හිකිස් අපි ඉතින් නැව ගිළුනත් බෑන් චූන් නේ...
      මේ ඒක නෙවෙයි කෝ හිතුවක්කාර සිත...මම ආවේ මේ සතියකින් විතර මොකො උනේ ඒකට...ඒක නෑනේ...අවුලක්ද මොකක් හරි..

      Delete
  3. ඇත්ත ඇත්ත... චූදිතයා නම් එල්ලන්නෝන තමයි. මමත් එකඟයි! ඵල ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒත් චූදිතයා නිවැරදිකරුනම්...උසාවිය නිහඩනම්...ඒත් එල්ලන්න ඕනිද...

      Delete
  4. koheda taru ayye mechchara dawas gihin hitiye....... ayya pada tika lassanata liyala tiyenawa.ayeth ennamko me patte hode........

    ReplyDelete
    Replies
    1. පොඩි කරදර වගයක් උනා නංගි...ඒ හින්දමයි මෙහෙම දේකුත් ලිව්වේ...බොහොම ස්තූතියි ආවට...ආයිත් එන්නකෝ...

      Delete
  5. එල කිරි. මට එක පාරටම මතක්වුනේ මේක

    ReplyDelete
    Replies
    1. සදගේ ඔය ලින්ක් එකේ සින්දුව අහලා මගේ ඇස් 2ට කදුළු ආවා...
      හුගක් ස්තුතියි සද ආපහු ඒ සින්දුව මතක කලාට...:)

      Delete
    2. සෑහෙන්න දුක හිතෙන ගීතයක්...

      Delete
    3. @ සද... නියම සින්දුව...

      Delete
    4. @ හිරු... ඔව් අක්කෝ මගේත්..

      Delete
  6. කියන්න ෙදයක් නෑ කවිය ලස්සනට මනාව ලියල තිෙයනවා

    ReplyDelete
  7. ///උසාවිය නිහඩ ඇයි..? ///
    මටත් තියන ලොකුම ප්‍රශ්නේ එකයි මල්ලියෝ..උසාවිය ඇස් බැදන් හිටියත් ඇත්ත තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ..
    නිවැරදිකාරයෙක් උසාවියේ චුදිතයෙක් කරන එක සාධාරණද කියන එක තමන් ගත්තු තීන්දුවේ ඇත්ත නැත්ත තේරුණා දවසට තේරුම යාවි..ඒත් එදාට හුගක් පරක්කු ඇති...
    නිවරදිකරුවෙක් උනු චුදිතයෙක්ට දැනෙන හැගීම ගැන හොද අත්දැකීමක් තියන නිසා ඒ ගැන කතා කරන්න වචන නැ මට..
    හුගක් ලස්සන කවි ටික මල්ලියෝ...:)
    වැරදි අදහසක් මගේ කොමෙන්ට් එකේ තියනවා නම් සමා වෙන්න හොදේ...

    ReplyDelete
    Replies
    1. ඔයා වැරදි නෑ අක්කෝ..හරියටම හරි..ඔයත් දන්නවනෙ මෙහෙම ලියන්න හේතුව...වගේම ඒ වෙලාවට දැනෙන හැගෙන දේ...

      Delete
  8. මම දකින විදියට මරණ දඬුවම ලබා නොදෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ ඒ සමයේ නිවැරදිකරුවන් මේ විදියට දඬුවමට ලක්වීම වෙන්න පුළුවන්.... අදහසක් විතරයි හැබැයි.දැන් දකින දේවල් හැටියට අර පොඩි ලමයිව විනාස කරන එවුන්ව නම් එල්ලන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒක නම් ඇත්ත ගැමියෝ....

      Delete
  9. ලස්සනයි තරුවෝ එල එල

    ReplyDelete
  10. අන්තිම ටික නම් පට්ටයි තරුවා අය්යේ
    නියමයි!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් තැන්කිව් ඈ...

      Delete
  11. සිරකරුවෝ මනුෂ්යෝය

    ReplyDelete
    Replies
    1. ඕක තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද...

      Delete
  12. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කමක් නැද්ද....එහෙනම් අවුලක් නෑ...:පී

      Delete
  13. කවුද දැන් චූදිතයා :)

    ReplyDelete
    Replies
    1. මාත් මේ කල්පනා කරනවා අක්කේ..මමද කොහෙද...

      Delete
  14. නියමයි මලයා.. කවිය උපරිමයි.. පුදුමයි උඹට මෙහෙම දෙයක් හිතුනා.. :)

    ReplyDelete
    Replies
    1. එළ ඈ...ඇයි අෆ්ෆා අපිට මෙව්වා හිතෙන්න තහනම්ද... ;)

      Delete
  15. මට වැලිකඩමතක්උනා.

    ReplyDelete
  16. හරිම අර්ථවත් කවියක් මල්ලී....
    නොකළ වරදකට විදවන එක තරම් අමාරු දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.....
    හ්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  17. ලස්සනටම ලියල තරුවෝ.. පළවෙනි පාරම බට ලයිට් වෙලා ගියා මොකද්ද මේ ලියල තියෙන්නේ කියලා.. පස්සෙ තමයි තේරුනේ වරදක් නැති වරද කරුවෙක් කියලා... මොනව කරන්නද බං නීතියෙ ඇස් බැඳලනේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පලවෙනි පාර බට ලයිට් උනාට අන්තිමේදි තේරුනානේ...

      Delete
  18. කතාව සහතික ඇත්ත.
    මිනිස්කම නසන්නට බෑ !!

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ ඇත්ත කවදහරි එලියට එනවා..

      Delete
  19. හරිම ලස්සන කවිය ..

    ReplyDelete
  20. වෙනසක් තියෙන කවියල්. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්...තැන්කූ තැන්කූ..

      Delete
  21. අර්ථය/කවිය දෙකම හොදයි... ජය!

    ReplyDelete
    Replies
    1. ම්ම් බොහොම ස්තූතියි..

      Delete
  22. අපුරු අදහස අපුරු කවි ටික.. චුදිතයෝ නිවැරදි කරුවෝ වී නිවැරදි කරුවෝ චුදිතයෝ වෙන කාලයක..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...