Sunday, June 24, 2012

මෙන්න "Fun Page" ෆුල් ෆන්.....

මේ දින වල රාත්‍රිය ඉතා දිගුය. ඊට හේතුව මට නින්ද නොයාමය. හේතුවක් කීමටද නොදනී. හිත මලකඩ කා ඇති සෙයකි. අහෝ ඛේදයකි. ඊයේ රාත්‍රියද එසේමය. නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති සෙයකි. මෙසේ නිදිවර්ජිතව රැය පහන් කල ඊයේ රාත්‍රියේදී මගේ නෙත ගැටුනේ මගේ කාමරයේ තිබූ පරන බෑග් තඩියක්ය. පාසල් කාලයේදී අපේ අම්මාගේ අධි ආරක්ෂිත කලාපයෙන් වහන් කල යුතු බොහෝ දෑ තිබුනේ මෙහිය.

නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති මේ රාත්‍රියේදී මට සිතුනේ මේ බෑගය ඇද බැලීමටය. මුලින්ම හමු වූයේ O/L කරන කාලේ නිර්මාණය කල Teen Book එකක් සහ Autograph එකක්ය. Teen Book  කියන විට මතක් වූයේ අපේ හිතූ නංගිගේ මෙන්න මේ පෝස්ටුවය. පහල ලින්කුවෙන් කැමති අයට බැලීමට හැකිය.
-TEEN Books , Autographs සහ මම -

මේ වෙලාවේ මම Teen Book ගැන කතා නොකරමි. මා මතකය අවධි කරන්නේ මේ Autograph වල අවසාන පිටු කිහිපය නොහොත් Fun Page ගැනය. A/L කාලයට වඩා වැඩිපුර මා සිත් ගත්තේ O/L කාලයය. ඊට හේතු රාශියකි. කියන්නට ලැජ්ජයි..මෙතනින් ඉදිරියට තිබෙන්නේ O/L අවසාන කාලයේ මගේ Autograph  එකක තිබූ Fun Page කිහිපය ගැනය. 

මෙම පිටුව පටන් ගෙන තිබුනේ මගේ අනාගතය වෙනුවෙන් සියළුම යහළු යෙහෙලියන්ගේ හද පතුලෙන්ම නැගුණු සුභ පැතුමකින්ය. එය මෙසේය.

"ගොඩ මඩ දෙකම සරු කරනා එකම  සතා
මී හරකෙක් වේවා ඔබෙ පලමු  පුතා
රෑ යාමේ හූ කියනා එකම  සතා
වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."


බලන්න කොච්චර ආදරණිය ප්‍රාර්ථනාවක්ද කියලා. මෙහෙම යාළුවොනේ මට හිටියේ අම්මපා....
ඊලගට ඇත්තේ මෙවැනි ඔටෝ වලින් වැඩක් නෑ කියාය. මෙය ලිව්වේ කෙල්ලෙක්නම් ඇය සොයාගැනීම ඉතා අගනේය. එය මෙසේය.

"ඔටෝ මොටද බං
මොටෝ රියක් ගං
ඒකේ නැගල බං
අපි දෙන්නම යං"


අනේ ඉතින් මෙහෙම යන්න තිබ්බනම්...
මී ලගට ඇත්තේ මාව දුටු විට මගේ යහළුවන්ට ඇතිවූ හැගීමය.

"ආදරේ හිතෙනවා දැක්කම
එළුවෙක් වාගේ ලස්සනයි..
පොඩ්ඩක් ඉන්න සුදෝ මම
තණකොල ගේනවා ඇත්තමයි"


ෂෝක් නේද....
ඉන් පසු ඇත්තේ මගේ යහළුවෙකුට ඇත්තටම සිදු වූ දෙයක්ය.

"නින්දෙන් සෙව්වා මා පැදුරේ
සිරියා..නෑ මා ලග සිටියේ...
ලං වී බැලුවා හිලෙන් දොරේ
ගුණපාලයි සිරියයි මැද මිදුලේ... "


පව් නේද....
මෙයද ඇත්තටම සිදුවූවක්ලු.

"ඔබ එනවා බලා
මට වමනේ ගියා
අමු ඉගුරු සොයා
පොල රවුමෙ ගියා"


ඔන්න ඔහොමයිලු උනේ..
මාගේ සුමිහිරි නාදයෙන් කන් පිනා ගිය මගේ යෙහෙලියක් ලියා ඇත්තේ...

"අමතක උනත් සීගිරියේ සිංහ කට...
අමතක වෙන්නෙ නෑ තරිදුගේ හැකර කට.."

කොච්චර ආදරණීයද.....
මීලගට ඇත්තේ මං බදින දාට මුං කරන දේවල්ය...

"ඩෙංකුටුබෙර ගහන දාට
වෙඩින් කේක කපන දාට
....බබා බදින දාට
අපි එන්නම් කේක කන්න"

"මා වැනි බිලින්දා
වර වර ලගට කැන්දා
තරිදුගේ නැන්දා
කවුරු වේදෝ අනේ මංදා.."
"(වේවිදෝ ___ගේ අම්මා)"


ඔය හිස් තැනට තියන නම ඔනිනම් කිව්වෑකි. ඒත් ඒ නමේ අයිතිකාරිත් මේක බලන හින්දා ඕනි නෑ..;)
මීලගට ඇත්තේ වැදගත් ඔවදන් කිහිපයකි.

"තරිදු,
        LOVE is අනියතං
        BOOT is නියතං"

"o/l ජාතිං සංසාරං
සම්මානං අති දුර්ලභං
මන්ත්‍රී නං සරණං නැත්නං
රස්සා නං අනියතං"

"සියළු Science කාරයෝ
නැසෙන සුළුය
නොපමාව Art
කරන්න....."

"අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති
ගණන් හදන්නැති ඒ කාලේ
කැම්පස් යන්නට ලකුණක් මදි ඇති
ඒකයි තවමත් මහපාරේ...."

"එල්ලේන සියල්ල
වම්බටු නොවේ..."

දැන් ලියන්නේ මගේ හොදම යහළුවෙක්ගේ ඒකායන ප්‍රාර්ථනාවය...

"මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
ඈ එනවා මා යනවා ඈ හමුවන්න
ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
අනේ සර් වේලාසන class අරින්න...."


බලන්න කොච්චර අහිංසක ප්‍රාර්ථනාවක්ද......
මෙන්න තවත් පුංචි කතා ටිකක්.....

"අම්මේ...අන්න
KISS මාමා එනවා
පොඩ්ඩක් හිටින් දුවේ
මං මූණ හෝදගෙන එනකං"

"සද මිදුලට එනවා...........
එහෙනං නීල් ආම්ස්ට්‍රෝං හදට ගියේ
මොන අහවල් එහෙකටද"


"ඇවිළුණු ගිනි දැල්
නිවි නිවි යාද්දී
ඈ මට හමු වූවා..........

ඈ බොල කොල්ලෝ..
තෝ හොයාගත්තේ පිච්චිච්ච ගෑනියෙක්ද?%$^%$^"


මගේ යෙහෙලියකට අවුරුදු ගානක් තිස්සේ සිතේ තිබූ ප්‍රශ්ණයක් ඇය මගෙන් ඇසුවේ මෙසේය...

"කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
ලෙල්ලද කන්නේ...
උඹෙ අම්මට උඹ විතරද
ගොනෙකුට ඉන්නේ...."


ෂික්..මට තාම බැරි උනනේ මේකට උත්තරයක් දෙන්න...
මගේ මේ ඔටෝ එක දුටු මගේ සමීපතමයෙක් මෙසේ එහි සැමරුමක් තැබුවේය...

"අනේ රිලා මොටෝ..
තොට මොකටද ඔටෝ.."


මෙය නම් මගෙ පස්සෙන් ආපු කෙල්ලෙක් ලිව්ව එකක්ය...(වැරදුනාද මංදා)

"දිගට දිගේ දිග කලිසම ඇන්දාට...
මැණික් කටුව ගල watch එක බැන්දාට...
ඇසක් ගසා I Love You කිව්වාට...
අපි රැවටෙයි උඹලා වැනි කොල්ලන්ට...
(රැවටෙන අයත් ඉන්නවනේ)"

ඉහත කවියේ වඩාත් වැදගත් වරහන් ඇතුලේ තියන කොටසය...
දැන් ඇත්තේ තේරවිල්ලක්ය....මෙය කියවන අයටද හැකිනම් තේරිය හැක.

"දොඩම් සේ දැක්කා
තැඹිලි සේ වික්කා...
දිනක වට්ටක්කා
වැලක එල්ලී තිබෙනු දැක්කා..."

මෙය ලියා ඇත්තේ නම් ඒ  දිනවල සිටම හදවතට සමීප වූ කෙනෙක්ය..(ඊ.............ලැජ්ජාවේ බෑ)

"සයුරේ රළ සේ
අහසේ තරුසේ
මිතුදම් පවතී
ලොව සැමදා...."


ඉතින් මේ Fun Page ඉවර වන්නේ එය ඉවර බව මුළුමහත් ජනී ජනයාට සැල කිරීමෙනි. එය මෙසේය...

"ගීයක් ගයයි බකමූණයි උගෙ නෝනයි....
සමරු පොතේ පිටු මෙතනින් අවසානයි..."

"රෑ තිස්සේ හූ කියනා නරියෝ නරියෝ...
සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝ..."

************************************************************************
මම O/L කලේ 2005  වසරේය. (බලන්ඩකො ඉතින් තාම පොඩි කොලු පැටියෙක්නෙ මූ..)
සමරු පොත කියවන විට ඇවිස්සුනේ පරණ මතකයන්ය. සමරුපොතේ ලියා ඇති විදිහටම සමහරු අදටත් මගේ දුකට සැපට සිටියත් අප සහෝදරයන් වගේයැයි කී අය අද ආගිය අතක් නැත. එය ලෝක ස්වභාවයය.. මෙය කියවන අයටත් එසේ විය හැක. එදා ආදරේ කල අය අද ලග නැත. එදා ආදරේ නොකල අය අද ආදරේ කරයි. හොදින්ම තේරුම් ගත්ත අය දැන් හොයාගන්නට නැත. පැත්තක සිටි අය ජීවිතයට ලං වෙලාය. කාලය මැව් වෙනසක අරුමේ කියා සිතෙන්නේ මෙවිටය. ජීවිතේ හැටිය..ජීවනවා කියන්නේ මෙයටය...හ්ම්....!!! 




67 comments:

  1. පට්ට ටෝක්ස් ටික නේ බං තරුවා අය්යේ :ඩ්

    ReplyDelete
  2. hari lassanai ayya liyala tiyena ewa.hina wela wadi kamata kadulut awa asdeken...mewa scle kale hari lassana matakayan neda ayya?

    ReplyDelete
    Replies
    1. හිකිස්...හා හා දැන් කදුළු පිහද ගන්න..

      Delete
  3. ඔටෝ එකයි, ෆොටෝ ටිකයි තමා සුන්දර මතකයන් මතක් කරන්නෙ. මටත් ඉස්සර දවස් ටික මතක් උනා.

    ReplyDelete
  4. අපිට මොටෝ අනුන්ගෙ ඔටෝ

    ReplyDelete
  5. හරිම සුන්දර මතකයක් තරුවො......
    හිහි...නමේ අයිතිකාරි...???? කවුද අප්පා ඒ....
    ඔහොම තමයි මල්ලි ජීවිතය වෙනස් වෙනවා....අපි කැමති වුනත් නැතත්...සමහර දේ ඈත් වෙලා යනවා....

    ReplyDelete
    Replies
    1. හිකිස්...නමේ අයිතිකාරි නේද....ම්ම්ම්...

      Delete
  6. ඒ කාලේ මාර ෆන් කාලයක් නෙව !!
    ඔය ඔටෝ එකෙන්ම තේරුම් ගන්න පුලුවන් නෙ !

    ඒක නෙමේ රෑට රෑට නින්ද යන්නේ නැත්තේ හිත එකලාසයක් නැති උනාමලු. ඒ කියන්නේ විසඳගන්න බැරි ප්‍රශ්නයක් වගේ හිතේ තිබ්බහම ලු. ඒක හැබෑවක් දෑ ???

    ReplyDelete
    Replies
    1. මේ අයියේ ඔයා ඔය අන්තිම ටික කිව්වෙ ඔයාගෙම අත්දැකීමෙන්ද ඈ...

      Delete
  7. අඩෝ පට්ට ඈ....

    ඒ උඹට වඩා මම පොඩී ඈ... මම සාපෙ කලේ 2007 :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එළ ඈ...මම දන්නවා උඹ හෙන පොඩි රජෙක් කියලා...

      Delete
  8. ලස්සන මතකයන් ගොඩක් මතක් වුනා.....

    ReplyDelete
  9. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්....:D

    හෆ්ෆා.. ලැජ්ජාවේ සංතෝසේ බැරුවා.. අපිත් ලිව්වා ඉස්සර කොල්ලොන්ගේ ඉස්කෝල වලට කවි හදලා.. එව්වානම් ජොලි!! ඉතින් ඕක ඒ ඉස්කෝලෙක කොල්ලෙක් දැක්කොත් අපිට බැනලා පිලිතුරු කවියකුත් ඔතනම ලියනවා.. අපිට ඉතින් මාරම හැපී... ඒ කාලෙ එහෙමනෙ..;)

    //වල් නරියෙක් වේවා ඔබේ දෙවෙනි පුතා..//

    ෆට්ට කවියක්.. මම ඕකනම් ඇහුවාමයි.. අනිත්වානම් අහලා දැකලා තියෙනවා...;)

    ඔන්න ඒ ප්‍රාර්ථනාව ඉස්ඨ වුනොත් මමනම් නෑ තරූ අයියෙ!!!! :P :P

    හූ.... සත්තු වත්තක් ගෙදරම දාගන්න පුලුවන්..;)

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් සත්තු වත්තට යනවා කියල අපේ ගෙවල් පැත්තේ එන්න බැරියැ නේද... :පී

      Delete
  10. මෙන්න මෙයත් පරණ කුණු ගොඩක් අවුස්සලා...;)
    අම්මෝ මේක කියෙව්වමා මටත් මතක උනේ අපේ O/L කාලේ කරපු පිස්සු වැඩ...
    මටත් ඔය පරණ දේවල් අදින්න ගිහං ලගදි පිස්සු තද වෙලා හිටියානේ ඒවා අපහු කියවන්න මාත් එලියට අරන් තිබ්බා...
    ඔය නින්ද නොයන ලෙඩේ නම් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..;)

    ReplyDelete
    Replies
    1. තාමඅර ලෙඩේනම් එහෙම්මමයි අක්කෝ...:(

      Delete
  11. ටත් මෙවැනිම සමරු පොතක් තිබුණා..... සමරු පොත කියවනකොට අමුතුම හැගීමකින් සිත පිනා යනවා ඒ වගේම ලොකු දුකකුත් දෙනෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දෙකම දැනෙනවා...

      Delete
  12. පස්ට පස්ට! ඒ කාලෙට ආයෙත් යන්න ඇත්නම්....

    ReplyDelete
  13. හපොයි තරිදුගේ ඔටෝ එකත් සීගිරියේ කැටපත් පවුර වගේ නේ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අක්කෙ වැඩිම වෙනසක් නෑ...:පී

      Delete
  14. මේ කොලුවත් මගේ වයසේ නොවැ :D

    ReplyDelete
    Replies
    1. අලේ අම්මපා ඒක නොවැ...ඒ විතරක්යැ එකමමාසෙ එකම දවසෙ නොවැ...

      Delete
  15. ඔය හා සමාන ඔටෝ එකක් මටත් තියෙනව.....^_^

    ReplyDelete
  16. මේවා කොහොම නම් අමතක කරන්නද මලයා... ඉස්සර මොන මොන දේවල් ලිවුවද ඔටෝ වල... :)

    ReplyDelete
  17. ඒ උඹට වඩා මම පොඩි එකා ඈ.මං සාපෙ කොරෙ උඹට පස්සෙ..

    මුකක් වුනත් ඒ කාලෙ නම් මරු නේ! :D

    ReplyDelete
  18. ඔටො කෙසේ වෙතත් උඹ අර අන්තිමට ලියල තියෙන අකුරු කැලි ටිකනම් හරියට හරි....

    ජිවිතේ සොඳුරු වියේ සෙනේහයේ කුසුම් පිපේ....

    සබඳ අපි කඳු නොවෙමු...

    වියතක් හරහට සාය පළාලා දඟ යුග පෙන්නා යනවිටදි...............
    මගේ කොලුකම කොස් කොටන්නදො අම්මේ............ (සුළඟ වගේ ඇවිදින්.)

    ReplyDelete
  19. ලස්සන කවිකාරයො ටිකක්නෙ තරූට ඉදල තියෙන්නේ...

    ගොඩමඩ දෙකම සරු කරනා එකම සතා....කවියට නම් සිත් ඇදිල ගියා එවැනි ඒකායන ප්‍රාර්ථනා සිත්තුල තබා නොගත් යාළුවෝ ගොඩක් ඉදල නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ....මරු යාළුවො නේද.....

      Delete
  20. ඕකෙ ලියල කුරුටු ගී සහ කවිනේ..

    හැබෑවටම එහෙම කාලයකුත් අපි හැමෝටම තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි හැමෝටම වගේ තිබුනනේ..

      Delete
  21. වසර ආවසානේ මගේ පොතේ කොළ ඉවරයි. ලියන්න දෙන හැමෝම පිටු ඉරාගෙන කෙල්ලොන්ට ලිවුම් ලියනවා.

    සමහර කවිනම් අදම තමා ඉස්සෙල්ලම ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. හිකිස් අපෙත් ඔහොම තමයි අයියේ...

      Delete
  22. hahaaaaa api nam hethuwa dannawaa :P

    ReplyDelete
  23. ෂෝයි මතකයන් ටික!! :)

    ReplyDelete
  24. පට්ට වදන් ටිකක් මේවා දකිද්දී මට මගේ ගැන අපරාදේ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි දුක හිතෙන්නේ...?????

      Delete
  25. ඔච්චර එකට ලඟින් ඉඳලත් තරූ මට කියන්නෙ නැතිව හොරෙන් සමරු පොතේ පිටු පෙරලුව නේද? ඔය වගේ ලස්සන මතකයන් අවුස්සනකොට අහල පහල ඉන්න අපිට කියන්න ඕන නේද මO අහන්නෙ?

    ඇත්තමයි. තරූගෙ යාලුවො හරි ලස්සනට ආදරෙන් ආමන්ත්‍රනය කරල තියෙනවනෙ. ඕව තමයි ඉතිO දව්සක අපි හැමෝහෙම පාලුමකන්න ඉතිරිවෙන්නෙ.

    අදයි මන් තරූ ලඟටම ආවෙ. දැන් ඉතිO අපිට එකට ඉන්න බැරියැ දිගටම නේද?

    ReplyDelete
    Replies
    1. එකනේ මෙච්චර කල් කොහෙද හිටියෙ..හරි හි දැන්වත් ලගින් ඉම්මුකෝ....

      Delete
  26. adow meeyo... ube auto eke man mookawath liyala nadda bn??? uba mara katha talk ekak dunne A/L kale hoda nahe kiyalla.... a kale karapuwa ubata amathaka wela wage.. kev

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒවා අමතක නැ...මම කිව්වේ වැඩිය කැමති අපොස සාපෙ කාලෙට කියලා හරිය...

      Delete
  27. haffaa apith liyuwaa samaru poth.. matak weddith hinaa yanawaa ihi :))

    ReplyDelete
  28. හයියෝ මට තිබ්බේ නෑනේ ඒ කාලේ ඔය ඔටෝ පිස්සුව.... :(

    ReplyDelete
  29. ඔටෝ කියන්නෙ පිස්සුම පිස්සු ලෝකයක් නේද? ඉවර වෙන්න ලං වෙලා පාඩම් කරන එක පැත්තකින් තියල අපි පි‍ටු ගණන් යාළුවන්ගෙ ඔටෝ වල ලිවුවා. ඇත්තමයි ශෝයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...මාත් එහෙමයි ඒ කාලේ...

      Delete
  30. මමත් ඔටෝ එකක් ඒ දවස්වල අරගෙන ගිහින් මුලින්ම කෙල්ලෙක්ට දුන්නා ඔයා ලියන්න කියලා..ඒ කෙල්ල ඔටෝ එක අරගෙන ගියා ගියාමයි ආයෙත් ගෙනාවේ නැහැ..ඔන්න අපිට වෙන වැඩ .. නැත්නම් මගේ ඔටෝ එකේ ඒවත් ලියන්න තිබුනා..හිකිස්‌

    ReplyDelete
  31. harima shook mara fan ekak gatha athamai thanks lot

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...