Thursday, June 14, 2012

ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා)

අද උදේ ඉදන් මාර කම්මැලිය. තාම ලෙඩ නිසා මට ගෙයින් පිටට යන්න දෙන්නේද නැත. ගේ ඇතුලටම වී කරන්නටද දෙයක් නැත. උදේ ඉදන් බ්ලොග් එකට මොනවා හෝ දාන්නට සිතුවත් ලියන්න දෙයක් හිතට එන්නේද නැත. හිත පොලොවේ ගසා අව්වේ දමා වේලා ගතිමි. එවිට යන්තම් ලියන්නට දෙයක් කල්පනා විය. ඒ මට වුනු (මට කිව්වට මටම නෙවෙයි හරිය මාත් එක්ක හිටපු අනිත් උන්ට) පොඩි පොඩි සිද්ධි ටිකක්ය. හිනා වෙන්න බලාගෙන ආපු අයට හිනා ගියෙ නැත්නම් මට කරන්නට දෙයක් නැතිය. මොකද මෙතන හිනා වෙන්ට කිසිම දෙයක් නැත. එවුන් කිති කවාගෙන හෝ හිනා වෙත්වා. බැරිනම් බුදිය ගනිත්වා....


දිනය මීට අවුරුදු දෙකකට පමණ උඩදීය. උඩ කිව්වේ ඉහතදීය. ස්ථානය කොළඹ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගනයක්ය. තරුවා පොඩිකාලේ සිටම ක්‍රිකට් පිස්සාය. දන්නෝ එය දනිති. නොදන්නෝ දැන් දැන ගනිත්වා. කතා නායකයා අයියා කෙනෙක්ය. මාට්ටු වෙන නිසා නම කීමට බැරිය. කැමති අයට කැමති නමක් දා ගත හැකිය. මට කමක් නැත. නමක් නැති නිසා මම අයියා කියාම කියමි.

අයියා දක්ෂ පිතිකරුවෙක්ය. අප කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්ය. එදින පැවතියේ තුන්දින තරගයක්ය. තරගයේ ස්වභාවය අනුව අප ඉනිමකිනුත් පරදින්නට ආසන්නය. කල හැකිව තිබුනේ කඩුල්ල ආරක්ෂා කරගෙන දවස පුරා පන්දුවට පහර දීමය. මාත් සමග අනෙක් අන්තයේ රුදී සිටියේ අයියාය. දිනය නිමවෙන්නට තවත් පන්දුවාර තිහ හතලියක් ඇත. ඉතින් අප දෙදෙනාම හැකි තරම් පන්දුව නිදැල්ලේ යවමින් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට වෙහෙසුනෙමු.

අනිත් පිලේ පන්දුයවන්නන්ට කිසිම හිතක් පපුවක් නැත. පන්දුවෙන් බැරිනම් ඔවුන් වචන වලින් හෝ පහර දෙති. මේ අවස්ථාවේ මම සිටියේ පන්දු යවන අන්තයේය. පන්දු යවමින් සිටියේ මද වේග පන්දු යවන්නෙකි. මද වේග කීවාට සෑහෙන වේගෙකින් ඔහු පන්දු එවයි. අයියා පන්දුව පිළිගැනීමට සූදානමින් සිටී. පන්දුයවන්නා දිව විත් පන්දුවක් එල්ල කලේය. මොන කඩුල්ල ආරක්ෂා කර ගැනීමට හැකි වුවත් අයියාට අයියාගේ වටිනාම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. "හුක්" කියා කියවෙනවා ඇසුනි. මා බලන විට අයියා බිම පතබෑවී සිටියේය. පවු අහිංසකයාය. එවූ පන්දුව වැදී තිබුනේ ඔහුගේ බෝල් ගාඩයේය. ඉහින් කනින් දාඩිය දාලාය. ඔහුට වඩා රිදුනේ අපටය. අපිටත් නිකන් රිදෙන්නා සේ දැනේ. මම කාටත් හොරෙන් බලා අවුලක් නැති බව සැකහැර දැන ගතිමි. මට අවුලක් නැතත් අයියාට අවුලක්ය. අයියාගේ මූන දැක්ක විට පපුව හෝස් ගා යයි.

මම ලගට ගොස් කොහොමදැයි විමසුවෙමි. අවුලක් නැතැයි ඔහු කීය. ඒත් මටනම් ලොකු අවුලක් පෙනේ. අවුලක් තිබුනත් ලැජ්ජාව නිසා ඔහු අවුලක් නැති බව කීය. හෙමිහිට නැගිටගත් ඔහු බෝල් ගාඩය එලියට ගත්තේය. අහෝ ඛේදයකි. වැදුනු පාරේ තරමට බෝල් ගාඩය පුපුරලාය. ක්‍රීඩාගාරයෙන් අළුත් එකක් ගෙන්නා ගත්තෙමු. මේවනවිට අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද විනිසුරුවන්ද අසලට පැමීණ තිබේ. එක් විනිසුරුවෙක් ලංකාවේ නමගිය විනිසුරුවෙක්ය. ඔහු ලගට පැමිණ "පුතා දැන් කොහොමද?" කියා විමසීය. අයියා ප්‍රශ්ණයක් නැතැයි පැවසීය. එහෙනම් දැන් ආයෙත් පටන් ගම්මු. එහෙම කිව් විනිසුරු තෙමේ තමන්ගේ ස්ථානයට ගියේය. මාත් අයියාට පිටට තට්ටුවක් දමා අනෙක් අන්තයට ගියෙමි. අප සියල්ල සූදානම්ය. එහෙත් අයියා සූදානම් නැත. අළුත් බෝල් ගාඩයත් රුගෙන ඔහු එහෙට මෙහෙට ඇවිදියි. අම්පයර් සර් පැමිණ මගෙන් ඇයි දැයි විමසුවෙය. මම හිස වැනුවෙමි. මම හෙමිහිට අයියා ලගට කිට්ටු කලෙමි.

"මොකෝ බං අවුල ඕක දාගෙන ඉක්මනට බැට් කරපං" මම කීවෙමි.
ඔහු මොකුත් නොපවසා එහෙට මෙහෙට ඇවිදියි. මම නැවතත් "ඉක්මනට ඕක දා ගනින්කෝ" කීවෙමි
 අයියාටද මල පැන්නේය.
" උඹ මේ මගුලක් කියනවා. වැදිච්ච පාරෙ හැටියට මේක නැ%$ ඕයි. මම මේ බහිනකන් ඉන්නේ මේක දාගන්න."

****************************************************************************

මේකනම් මේ ක්‍රිකට් ගහන්නට ගොස් සිද්ධ වුනු දෙයක් නොවේය. මේක මේ ඉස්කොලෙ කාලේ දෙයක්ය.  තරුවා පාසල් ගියේ ජාතික පාසලකටය. මේ මීට අවුරුදු හතරකට පමණ උඩදීය. ඒ කාලෙයේ අපි උසස් පෙළ උසස් ලෙස ඉගන ගන්නා ගුරුවරුන්ගේ සිත් (නො)ගත් ඉතා විනීත හැඩකාර දගකාර කොල්ලෝ වීමු. අපි ඔය මැත්ස් සයන්ස් කොරන්නට ගොස් ඇන්ගත්තෝ නොවීමු. අප කලේ කොමස්ය. ඉතින් ඉස්කෝලේ කොමස් ඩේ එක් අනිත් මැත්ස් සයනස් ආර්ට්ස් එව්වන්ට පෙනෙන්නට මහ ඉහලින් සමරන්නට අප සියල්ලෝම මුල සිටම එකා මෙන්ව මහන්සි වී දාඩිය මුගුරු වැගිරුවෙමු. සැම දෙනාම කිව්වාට මුල ඉදන්ම ගේමට එන්ටර් වී සිටියේ ටික දෙනෙක්ය. අනිත් අය පැත්තකට වී සුවසේ අයිස් ගැසුවෝය. මල් කැඩුවෝය. මල් කඩනවා බැලුවෝය. හීල්ලුවෝය. වැඩ කරන්නට පැමිණ ගම කනවාට වඩා එසේ අයිස් ගැසීමත් වැඩ කරන උන්ට කරන උදව්වක්ය. තරුවානම් කාගෙත් හොද හිත දිනා ගැනීමට මේ තැන් දෙකේම සමසමව ගැවසුනෙමි.

කොමස් ඩේ එකට දිනකට කලින් සෑහෙන වැඩ තොගයක් කිරීමට තිබුණි. එනිසාම එදින ඉස්කෝලේ නැවතී අවශ්‍ය වැඩ කිරීමට අපට අවසර ලැබුණි. නමුත් අවාසනාවකට වාගේ ගෑණු ලමිස්සියන්ට ඊට අවසර නැත. ඔවුනට හවස හතර පහ වනවිට නිවසට යෑමට අණ ලැබුණි. එක අතකට උන් නැති එකද හොදය. අපට නිදහසේ අපේ වැඩක් කර ගත හැකිය.

සවස හය හත වනවිට අප සියල්ල සූදානම් කරගෙනය. නෑ නෑ කොමස් ඩේ එකේ වැඩ වලට නෙවෙයි. පොඩ්ඩක් සෙට් වෙන්න. (මේ අපිනං ඕවට නෑ ඕං) අනේ ඉතින් සුරාවෙන් සූදුවෙන් තොර අහිංසක කොල්ලා වූවාට තරුවාද මොවුන් එක්ක ගියේ නිකන් ලැබෙන බයිට් ටිකට වග කියන්නටය. කට්ටිය සෙට් වූයේ ඉස්කෝලේට අල්ලපු වත්තේ ඇති වී සී ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකේය. ඉස්කෝලේ නැටුම් කාමරය අසල ඇති තාප්පයෙන් එකා දෙන්නා පැන ග්‍රවුන්ඩ් එකට ගියෙමු. රාත්‍රී 8 පමණ වී කළුවර වැටී ඇති නිසා ලග ඉන්න කෙනාද නොපෙනේ. අවට ඇති ගෙවල් වලින් ලද ආලෝකයෙන් සෙමින් සෙමින් පැවිලියන් එකට රිංගා ගත්තෙමු. ටෝච් එකක් පත්තු කරන්නටත් බැරිය. වැඩේ මාට්ටු උනොත් කෙලින්ම කූඩුවේය.

පැයකට දෙකකට පසු කස්ටියට හොදට පදම්ය. සමහරක් සිංදු කියමින් නටයි. සමහරක් නටමින් සිංදු කියයි. (අහ් දෙකම එකයි නේද..මටත් වැඩිද මන්දා..) කට්ටිය නැවතත් ඉස්කෝලෙට එන්නට ලෑස්ති විය. කාපු කෙසේ වෙතත් බීපු තැන් වල සතා සරුපයාවත් ඉන්නට හොද නැත. අපි සත්තු සරුපයි නොවුනත් අපි ඉන්නටද හොද නැත. එනිසා යන්නට සිතුවෙමු. මල කෙලියක්ය. ආවෙ තාප්පෙන් වූවාට ආපසු යන්නට තාප්පෙට නැග ගන්නට බැරිය. නොබීපු උන් බීපු උන්ට උඩට නැග ගන්නට උදව් කරයි. සමහර උන් උඩට නැග ගත් පසු එහා පැත්තට පැණීමට බියවී ආපහු හිටපු පැත්තටම පනියි. දෙපැත්තටම ඇත්තේ එකම උස බව බිව්වාම මතක නැත. ඔය අතර දෙදෙනෙක් හොට්ට පෙරාගෙන අඩයි. උත්ට තාප්පෙට නගින්න බයවෙලාය. මෙහෙම සිටියොත් පොලීසියට හසුවෙයැයි එකෙක් කියා ඇත. කී එකයි ඇසූ එකයි දෙදෙනාම අඩයි. බොහොම අමාරුවෙන් නලවා උන් දෙදෙනාවත් උඩට නැග්ගුවෙමු. තාප්පය උඩට වී එහා පැත්තට පැණ ගැනීමට නොහැකිව සිටි එකෙක්ට ගණ දෙවි නුවණ පහල විය. ඒ අසල තිබූ ගස්ලබු ගසක් දිගේ පහලට රූටා යාමය. එකා දෙන්නා ගස්ලබු ගස දිගේ පහලට ගියෝය. අප අතර සිටි ටිකක් ඇග පත තිබූ එකෙක්ද ගහෙන් බැසීමට සෙට් විය. උගේ බරට කුඩා ගස්ලබු ගස බිමට පාත් විය. බයවුණු ඔහු ගස අතහැරියේය. ප්‍රථිපලය වූයේ පස්ස බිම ඇනීමය. පදමට වැදී සිටි ඔහුට සියල්ලට වැරදි කරවා වූයේ අහිංසක ගස්ලබු ගසය. පහරවල් දෙකෙන් ගස්ලබු ගස  දෙකට නැමී ගියේය. මේ වන විට තාප්පය උඩ සිටියේ අර අඩපු දෙදෙනාය. දැන් ඔවුන්ට බිමට බහින්නට ගස්ලබු ගසක් නැත. මුං නැවතත් අඩන්නට විය. බොහොම අමාරුවෙන් බිමට බස්සවා මොකුත් නොවුනා සේ හෙමි හෙමින් ඉස්කෝලෙට ගියෙමු.

ඉස්කෝලෙට යන විට වැඩ කරන කස්ටිය අපිටත් එක්කම වැඩ කරමින් සිටී. සම්මන්ත්‍රන ශාලාව හොදින් සරසලාය. ඉතින් පදමට වැදුනු අය ඒවා තවත් හැඩ කළෝය. ඉන්පසුව ඇරඹුනේ ගී ගයා නැටීමය. පසුවදා උත්සවයට සන්නිවේදන කටයුතු සියල්ල සූදානම්ය. කස්ටිය මයික් උඩ දාගෙන ඉස්කෝලෙම දෙවනත් වන්නට සිංදු කිව්වෝය. ටික වෙලාවකින් එතනට පැමිණියේ මුරකාරයාය. ඉතාමත් වැදගත් වචන වලින් අමතා ඔහුවත් පන්නා ගතිමු. දැන්නම් පාසලේ සිටින එක නුවණට හුරු නැත. එකා දෙන්නා හෙමින් සැරේ ඉස්කෝලෙන් මාරු විය. ඉස්කොලෙන් මාරු වුවත් කට්ටියම පාරට පැමිණ නැවත සෙටි විය. දැන් ඕනෑ කන්නය. කස්ටියටම යක්කු දහදොලොස් දෙනෙක් කන්න බඩගිනිය. සුවදායක පුවතක් කන වැටුනි. එකෙක්ගේ නැන්දා කෙනෙක්ගේ අයියාගේ මහප්පාගේ වද පුංචි අම්මාගේ දුවගේ පුතෙක්ද මොකෙද්ද එකෙක් මැරිලාය. උගේ හත්දවසේ හෝ තුන්මාසේ හෝ අවුරුද්දේ බණක්ද දානයක්ද මොකද්ද එකක් අහල පහලක ඇත. අපට මොකක් උනත් කමක් නැත. ඕනෑ බඩපැලෙන්නට නිකන් කන්නටය. හැම එකාම එහේ ගියෙමු.

ඇති වෙනකන් කෑමෙන් පසු ආපහු පාසල වෙත් හැම එකාම හෙමින් හෙමින් පැමිණියෙමු. මහපාරේ කිලෝමීටර් දෙකක් පමණ පයින් ආ යුතුය. හවස ඇඩූ එකෙක් සමග මම කතා කරමින් පැමිණියෙමි. ඌත් එක එක ඒවා කියමින් ආවේය. ටික වේලාවක් කතා කරමින් ආ නමුත් උගෙන් කිසිම පිලිතුරක් නැත. මම හැරී බැලුවෙමි. මා අසලින් ආ එකා ආගිය අතක් නැත. වෙලාව රාත්‍රී 12ද පසුවී ඇත. මේ දවස්වල බ්ලොග් ගොඩක ඉන්න මෝහිනීවත් ආවද. වෙන්ට බැරිය මම දැක්කේ නැත. කට්ටියම ආපහු ගියෙමු. ටික දුරක් යනවිට පහල කානුවකින් කෙදිරිල්ලක් ඇසේ. අපි ඒ දෙසට ගියෙමු අපේ එකා කාණුවේ වාඩිවී අඩමින් සිටී. පවු පොඩි එකාය. කාගෙ අනත් දරුවෙක්ය. බොහොම අමාරුවෙන් කාණුවෙන් ගොඩ අරන් ඌව තව යාළුවෙකුගේ ගෙදර යැව්වෙමු. ඉන්පසු අපිද ශේප් එකේ ගෙවල් වලට ගියෙමු.

පසුවදා අපි කොමස් ඩේ එකට පාසල් ආවෙමු. ඊයේ මොනවා උනාදැයි කතාවක් නැත. කස්ටිය බරටම වැඩය. ටික වෙලාවකින් එකෙක් හතිදාගෙන එයි. හොදින් ඇස් ඇර බැලුවෙමු. ඊයේ යාළුවෙකුගේ ගෙදර යවපු එකාය. (ඔව් ඔව් අර කානුවෙ වැටුණු එකාම තමා) ඇදුම් වලත් තාම එහෙන් මෙහෙන් මඩය. සපත්තුත් නැත් ඇත්තේ රබර් සෙරෙප්පුය. ඉහින් කනින් දාඩිය දාගෙන ඌ ආවේය. අපි හෙමින් කිට්ටු කලෙමු.
"මොකෝ සීන් එක."
"මාර කේස් එකනේ බං"
"ඇයි මොකෝ උනේ"
"ඊයෙ රෑ මං හිටියෙ අරූගෙ ගෙදරනේ"
"ඉතින්"
"ඉතින් ඌට ඇදේ ඉඩ මදි වෙලා බිම නිදාගත්තා. මම ඇද උඩ"
"ඉතින්"
"හිටපියකො කියනකන් ඉතින් ඉතින් ගාන්නෙ නැතුව."
"හරි හරි කියපන්කෝ."
"මට රෑ නිකන් කබරයා යන්න වගේ ආවා. (ඔව් ඔව් වමනේ දාන්න)
අරූට කතා කලාට ඌට ඇහැරුනෙත් නෑ. සද්දෙට දාන්නත් බෑ.ගෙදර අයට ඇහුනොත්
පස්සෙ මම වටපිට බලලා එතන තිබුණු රෙද්දකට හෙමිහිට වැඩේ කරලා නිදාගත්තා
අද උදේ මට සද්දයක් ඇහිලා ඇහැරලා බලන කොට අරූගෙ තාත්තා අරූට හොදටම නෙලනවා.
බැලින්නම් මම ඊයෙ අර වැඩේ කරල තියෙන්නෙ උන්ගෙ තාත්ත අද වැඩට යන්න මැදල තියපු කමිසෙට.
ඌට මොනවා උනාද දන්නෑ බං මං කෙලින්ම මෙහෙට ආවා..."

102 comments:

  1. Replies
    1. හික්ස්ස්... අයියෝ සල්ලි.. ඔක්කොමත් හරි.. අර කමිසෙ විනාසයිනෙ දෙයියනේ... නෙලලා මදි!!!!

      පලවෙනි කතාවට කිසිත් නොකියමි...^_^

      Delete
    2. ඔව් ඔව් ඔයා එක තමයි...
      ඇයි අලේ පලවෙනි එකට මොකුත් කියන්නේ නැත්තේ..එක්කෝ කමක් නෑ....

      Delete
  2. මේ ලමයින්ගේ වැඩ...
    ඉස්කෝලේ යන කාලේ කරන වැඩද..?
    කොහම උනත් පොටෝ එක දැක්ක ගමන්ම මට නම් හිනා ගිය ඉතින්......:)
    ලිවිල්ල නම සුපිරියි.....

    ReplyDelete
    Replies
    1. Tඔව් අනේ ඔයා දෙකනේ..මාරයි නේද....තැන්කිව් ඈ...

      Delete
  3. budun palla me kiyala tiyenne mama gananam newei

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා ඕං ඇත්තමයි මේ කියන්නේ උඹම තමයි.නෑ නෑ උඹ නෙවෙයිද කොහෙද...මට මතක විදිහට උඹලෑ අම්මලෑ ලොකු පුතාද කොහේ...
      අඩේ ඒත් උඹමනේ....

      Delete
  4. නෝටි ළමයි ටිකක්...... ;)

    ReplyDelete
    Replies
    1. කවුද අපිද....ඔයාලද....

      Delete
    2. මම නම් කොහොමත් නෝටි... ඒත් ඔයාල නෝටි වෙන එක හොඳම නෑ..... :P :P :P

      Delete
    3. අලේ ඉතින් අපෙත් ඒ හැටිම හොදකුත් නෑ බලාගෙන ගිහාම..... :දිව සොට්ට

      Delete
  5. adooooo tharinduwoo, uba baba wenna hadanna nam epaaa.. ubalage gedara set wechcha ewath hoda hitin daaapan harida.. :D :D
    ahhhhhh kevinda monaada ban balu wada karanne.. :D :D haiyoooooooo..

    ReplyDelete
    Replies
    1. අර අපේ ගෙදර අපේ යාළුවො ඔක්කොම සෙට් වෙලා පාඩම් කරපු එකද....:පී
      හරි හරි ඒවත් දාන්නම්කෝ...
      පවු නේද කේවින්දයා කාගේ උනත් දරුවෙක්නෙ දෙයියනේ....පවු ඈ.....

      Delete
  6. බොහොම ඉහලින්ම කොමස්ඩේ එක කොරලා නොවැ ...

    ReplyDelete
    Replies
    1. අනිවා ඉතින් අපි ආයේ කාටවත් සෙකන්ඩ් වෙන්නෙ නෑනේ...හතර හරි පහ හරි තමා..හෙන ගේමක් දෙනවා එතන රුක ගන්න...

      Delete
  7. Replies
    1. වැඩිය පහලට ගිහින් නෑ සැමා අයියේ..අන්තිමට ටිකක් විතර කලින් ඉන්නවා...

      Delete
  8. ඔය ඔය ඔය... ඇහැලියගොඩ පැත්තේ ඉස්කෝලෙක කතාවක්ද??
    හා හා බය වෙන්න දෙයක් නෑ... මොකෝ මම පින්සිපල් නෙමේ.

    ReplyDelete
    Replies
    1. අඩෝ...මාව කාපිය.. මේ මේ මේ දූපත් වැසියෝ උඹ කොහෙද බං. යකෝ රෙදි ගැලවෙනවනේ ඔහොම එළිපිටම ඇහුවාම....

      Delete
    2. හැක්,, හැක් හැක්,,, තෙපි කුමන වසරේ o/L, a/L කළෙහිද??? 2007 ද,
      බොල තරුව,, මමද වී.සී පිටියට අනන්ත වාරයක් පැන ඇත.
      අපි පනින්නේ o/L පන්ති තියන පැත්තෙන් පිටිපස්ස පාරට,, එතනින් පිට්ටනියට.

      Delete
    3. හිකිස් මරු ඈ....ඒ කියන්නේ මේ දූපත් වැසියත් අපේ ඉස්කොලෙම පොරක්ද...අඩේ මරුනේ...
      මම 2008 a/l අයියේ...මලා මේක කවුරුවත් දකියිද දන්නෑ.....මේ අයියා මොන අවුරුද්දෙද...

      Delete
    4. කියන්න අමතක උනා අපිත් ඔය තැන් දෙකෙන්ම අනන්තවත් පැනලා තියනවා....පට්ට ඈ...

      Delete
  9. හොහ් හොහ් හොහ්........ හිනා ගියා ඕයි.......... :-)))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ....හැබෑට...කොහෙද ගියෙ...ඉක්මනට ගෙන්න ගනින්....

      Delete
  10. හෙහේ ඉස්කොලේ කාලේ මරු..ශොයි මතක තියෙනවා..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...පට්ට පට පටස්.....

      Delete
  11. හිනා ගියා ඕයි... කිචි කවාගන්න ඕන උනේ නෑ..
    දෙවනි එක තමා මරුම.. පලවෙනි එකේ අය්ය කියපු වචන ගෙස් කරන්න බැරි උනා බං

    ReplyDelete
    Replies
    1. ඕං මම බුකියෙන් මැසේජ් එකක් එව්වා නොතේරුනු එක....

      Delete
    2. හැ හෑ තේරුනා තේරුනා,,, කාටවත් වෙන්නෙ නැති වැඩනේ ඌට වෙලා තියෙන්නේ.....

      Delete
    3. වෙනවා බං.. සැරට වැදුනාම

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අඩේ එච්චර සැර පාරක් වැදුනම බැහැලා තියෙන එව්වත් න*නවද... කතා දෙකම පට්ට ඈ හිනා යන එකක් නෑ කියලා හිතලා කියවන්න ගත්තට පට්ට හිනා...

    දෙවෙනි කතාවේ පොර මාරම පොරක් තමා සිකුරු හතේ මතක් වුනා....

    "මම අමාරුවෙන් බිත්තිය අල්ලගෙන අල්ලගෙන ගිහිල්ලා...."
    "ගේ ඇතුලට වමනේ කලා...."
    "මගුලක් කතා කරනවා"

    එල ඈ... තව සිද්ධි ඇති නේද??

    ReplyDelete
    Replies
    1. නැතුව බං..ලොකුවට ටච් වෙනවනේ...ඉතින් නිදාසිටින ඇත්තෝ ඇහැරෙනවා...
      මටත් මතක් උනා සිකුරු හතේ..හිකිස්..මූත් ඒ වගේ තමා....
      තව තියනවා තව කියනවා...හෙමින් සැරේ දාන්නම්කො ඈ.....තැන්කිව් ඈ.....

      Delete
  14. මට නම් වැඩිපුරම හිනා ගියේ අර තාප්පේ උඩට නැගලා නගපු පැත්තටම ආපහු පනින කතාවට...හිහි...බීපු අය ඔය වගේ මෝල් වැඩ කරනවනේ :)

    ReplyDelete
    Replies
    1. හිකිස්......මටත් මතක් වෙනකොට තාම හිනා අක්කා....

      Delete
  15. මේක තරුවාටම උන සිද්දියක් බව විස්වාසයි..

    ReplyDelete
    Replies
    1. අලේ ඉතින් ඔහොම කියන්න එපා අයියේ..මම ඉතින් ඔයාල වගේ..
      විශේෂයි :
      1. මෙය සිතුවිල්ලක් පමනි..
      2. මෙය සිතුවිල්ලක් පමනි නොවේ..
      කියලවත් දැම්මෙ නෑනෙ අයියේ...
      කේක් ඉල්ලුව කියලා ඔහොම කියන එක හරි නෑ හරිය..

      Delete
  16. ලොවෙත් නැතය.. පස්ටය... පළමුවරට මේ පැත්තේ ආවෙමි... සිරාය...

    ReplyDelete
    Replies
    1. එළ කිරිය...ආයෙත් එන්නය....

      Delete
    2. ලොවෙත් එමි... ෆලෝ පාර දැම්මේ ඒකටය...

      Delete
    3. ලොවෙත් නෑ..එළ කිරිය....දාන්න පහක්....

      Delete
  17. ක්‍රිකට් ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා පලමු කතාව නොතේරුනි....දෙවෙනි එක නම් ඊඊඊඊක්ක්ක්ක්ක්ක්ක්ක්....!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක දැනගන්න ඉතින් ක්‍රිකට් ඕනිමත් නෑ...:පී

      Delete
  18. හි හි හී හිනාගියා.. හිනාගියා මටත් අපි ඉස්කෝලේ Science Day කරපු හෙටි මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හී හී හී ඉක්මනට ගෙන්නගනින්..යන්නම යයි....

      Delete
  19. මට පෙනෙන ලෙසට තරුවාගේ පාසල ඇහැලියගොඩ පැත්තේ නගර මධ්‍යයේ ඇති ජාතික පාසලකි... මම හරිද මන්දා? මට නම් පළවෙනි කතාව පට්ට ය! බෝලයක් වැදිලාත් මෙහෙම වුණ එවුන් ගැන මම අසා නැත්!

    ReplyDelete
    Replies
    1. මේ අයියේ අපි ඉතින් ඕවා සහයෝගයෙන් බේරාගම්මුකෝ..මේ පැත්තේ එන්නකො ප්ලේන්ටියක් බීල යන්න..ඔය ඉස්කොල ගැන කතා මෙහෙම මේ ප්‍රසිද්දියෙ කියනවද අෆ්ෆා..විලිලැජ්ජාව කන්දෙකෙන් බේරෙනවනේ..මම මෙහෙම කිව්වෙ මේ මම ඔය පැත්ත පලාතකවත් නෙවෙයි ඒත් දැන් බලන්න බැරිවෙලා හරි මේ ඉස්කෝලෙ එකෙක් මේක දැක්කොත් ඌ පව්නේ..ඌත් අපි කල ඒවා කරන්න ගියොත් එහෙම. අහ් නෑ නෑ අපි අපේ ඉස්කෝලෙ කල ඒවා ඌ ඔය කියන ඉස්කෝලෙ කලොත් එහෙම..පවුනෙ නේද...අසරණ කොලු පැටව්නේ....

      Delete
    2. අහ් කියන්න බැරිවුනා..ඔය බෝල සීන් එකට ඔහොම වෙනවා..ඇයි බං නිදාගෙන ඉන්න කුම්බකරණත් ඔහොම උනොත් නැගිටින එකේ අනිත් නිදන් ඉන්න උන් ගැන කවර කතාද....

      Delete
    3. හෙළිදරව්ව! හැහ් හැහ්... තරුවාට දවල් තරු පෙනී ඇත! කොහොමද මගේ සාස්තරේ? ඒ හින්දා තමයි මම ඉස්කෝලෙ නම නොකිව්වෙ, අම්මපා පන්සලකුත් ඉස්සරහා තියාගෙන කරලා තියෙන වැඩ? ෂික්! ප්ලේන්ටියක් නම් මදි. ඊට වඩා මොනවත් දුන්නෙ නැත්තම් තව දේවල් එළියට දානවා ඉස්සරහට... මම නොකිව්වයි කියන්නෙපා හරිය?

      Delete
    4. ඈ බං අයියේ...ඇත්තටම ඔයා කොහෙද ඈ...මේ අහල පහලකවත්ද.....
      මේ විහිළුවට වගේ අහන්නේ...හැබෑට තව මොනවද අනේ ඔයා එළියට දාන්නේ....හරි හරි ටී එකක්ම බොමු එහෙනම්....

      Delete
    5. හැහ්... අහළ පහළකවත් නෙවෙයි, හැබැයි සතියකට දෙකකට සැරයක් ඔය ඉස්සරහින් යනවා එනවා! නැටුං කාමරේ ළඟ තියෙන ගේට්ටුවෙන් හොරෙන් ඉස්කෝලෙට රිංගලත් තියෙනවා. තව ඕනෙදෝ... එළියට දාන්න දේවල්ද නැත්තේ මලේ! කමක් නෑ ඔන්නෝහේ ටී එකක් බොමු!

      Delete
    6. අම්මපා....එහෙනම් මට හිතාගන්න පුළුවන් අයියා කොයි පැත්තෙද කියලා....හිකිස් කමක් නෑ යමින් ගමන් එහෙනම් ප්ලේන්ටියක් බීලම යමු.... ;)

      Delete
    7. හැහ්.... මං හිතන්නෑ. කියමු බලන්න එහෙනම් මම කොයි පළාතෙද කියලා?

      Delete
    8. හරි දාමුද ඔට්ටුවක්......ඔට්ටුයි අයියට කියන්න බෑ ඇත්තටම ඔයා කොහෙද කියලා....අනේ අම්මපා මම තව ප්ලේන්ටියක් ඔට්ටු අල්ලනවා ඔකට උත්තරේ කියන්න බෑ....

      Delete
    9. මේ කමක්නැද්ද දන්නෑ අයියේ මෙහෙම කිව්වට අර ලහිරු කරුණාරත්න කියන අයියා මාතලේ පැත්ත ගැන මොකුත්ම දන්නෑලු..කොළඹ කැම්පස් එක ගැනනම් මොකුත්ම දන්නේ නෑලු..සාක්කියට අපි ලග ෆොටෝත් නෑලු...දැන් මොකද කියන්නේ...ටී එකක් බොනවද..ප්ලේන්ටියක් බොනවද...

      Delete
  20. එල කතාදෙක. බොලෙ වැදුනම ඔහොම වෙනව කියල මං ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. වෙනවා වෙනවා...හපොයි වෙනවා....

      Delete
  21. හික්ස්......... මටනම් ඔන්න හිනා ගියා.... :D

    ReplyDelete
    Replies
    1. හිකිස්...එහෙනම් එච්චඑයි......

      Delete
  22. වෙන්ට පුලුවං වෙන්ට පුලුවං ලේදර් බොලේ නොවැ..වැදිච්ච වැදිල්ලට හිරිවැටිලා..අහවල් එක වෙන්ඩ පුලුවං මංදන්න එකේක් හිටියා ඌට ඔහොම වෙලා බොල්ගාඩ් එක පුපුරල ඒ පුපුරපු තැනට අහවල් එකේ මස අහුවෙලා කොහොමද සැප...ලේදර් ගහන එකාම තමා එකේ ආතල් එක දන්නේ නැද්ද මලේ..හිකිස්

    ReplyDelete
    Replies
    1. අර අයියා කියපු කතාවෙ එකාට සැප කනේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියේ...ඕක මටත් වෙලා තියනවා... (මේ ඕං කාටවත් කියනවා එහෙම නෙවෙයි...)

      Delete
  23. හික්ස් මටත් හිනා ගියා ඉස්කෝලෙ කාලෙ මරු වැඩනෙ කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හී හී....ආයිත් අහල පට්ට වැඩ කලේ....

      Delete
  24. හයියූ හිනාවෙලා පණ ගීන් කඬුලුට් ආව හලේ.......

    ReplyDelete
    Replies
    1. හයියූ අඩන්න එපා හලේ...ඔය කඩුලු වලට ඔය අග්නි නිවුනොත් එහෙම..උයා පවූ.....

      Delete
  25. බිව්වාට කමක් නැත! එහෙත් කබරයා දැමීම හොඳ නැත!! මමනං බොන්නේ නැත! නමුත් බොන උන් කබරයා දැමූවිට ඒවා ඉවත් කිරීමට සහභාගී වී ඇත!! එය පජාතය!! පළමු කතාව මරුය! හොඳින් පහරක් වැදුණු පසු එතරම් ආතල් එකක් ලැබුණු බව ඇසූ පළමු වතාවය!!! මගෙනං වැදුණු දෙවතාවේම හිරීවැටුණු බව පමණක් මට මතකය!!! ලිපි මරුය!! කියෙව්වේ අදය!!

    ReplyDelete
    Replies
    1. මම බොන්නේත් නැත...මම යන්නේ බයිට් කන්නටය....දෙපාරක් වැදුනයි කිව්වේ...ඒ කියන්නේ ඔබත් ක්‍රිකට ගසනවාද...එහෙනම් තවත් පට්ටය...වැදී ඇත්නම් වැදුනු විට ඇති සනීපය හොදින් දන්නවා ඇත. බොහොම ස්තූතිය. ආයෙත් එන්ටය...

      Delete
    2. ගසමි ගසමි!!! කාලාන්තරයක් ගසා , පසුව නවතා , දැන් නැවතත් වාසිටියේ ගසමි!!! සනීපය මරේ මරුය!!! ;)) මරු ලිපි ලියවෙනවා දුටු විට , අනිවා එනවාමය!!!

      Delete
    3. එළ එළ ඔහොම්මම ගසමු...මාත් ජංජාලෙ පැත්තේ ගියෙමි...ඒ පැත්තත් මරුය...පට්ටය...

      Delete
  26. කතා දෙකම මරු.
    මොනව වුනත් විකට්ටුව ආරක්ෂාකරගන්න බැරිවුන එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. හී හී පවු නේ......බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට....

      Delete
  27. යකුනේ.. හිනස්සලා මරන්නද හදන්නේ.. මටත් මෙහෙම දේ වෙලා ඇත.. ලියන්නම්කො ළඟදීම.

    ReplyDelete
    Replies
    1. හිකිස් අලේ එහෙම කරන්න හිතුවෙ නෑ....
      එළ එළ දාන්නකො ඉක්මනටම...එන්නම්කෝ ඒ පැත්තට බලන්න....

      Delete
  28. matat matak una api 10,11 wasare karapu wada.tamat a purudu nati wela ne ayya.tamat scle idagena hodata pissu natanawa.scle kale tama hodata jolykarannai,pissu natannai puluwan kale.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකනම් ඇත්ත නංගි දැන් අපරාදෙ කියලා හිතෙනවා..තව කාලයක් එහෙම ඉස්කෝලෙ යන්න තිබුනනම් කියලා හිතෙනවා....

      Delete
  29. මාත් පලවෙනි වතාවට මේ පැත්තේ ආවා ආ
    පලවෙනි කතාව ටිකක් පුදුමාකාරයි නේ? ඈ යකෝ බෝලයක් වැදිලා නැ*ග පලවෙනි එකා ඌ වෙන්න ඇති :P

    දෙවෙනි කතාවත් පට්ට ඈ මාර යෝදයෝ ටිකක්නේ තරුවගේ යාළුවො වෙලා තියෙන්නේ.සමහර ඒවා කියවද්දී මට මතක් වුනේ පිස්සන් කොටුව :)

    ReplyDelete
    Replies
    1. හිකිස්....කොහොම හරි ආවනේ...ඒ මදැයි...
      කියන්න බෑ ඉතින් අරූට බෝලෙ බොහොම සුවදායක විදිහට වැදුනද දන්නෙ නෑනේ...
      ඇත්තටම ඉස්කෝලෙ කාලෙනම් ඔය වගේ පිස්සුම තමයි කෙලියෙ...
      බොහොම ස්තූතියි ආවට..ආයෙත් ඒන්න ඈ...

      Delete
  30. හික්ස්. තාත්තා අරූව බාගෙට මරන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හිකිස්.......ඒකනම් ඇත්ත....

      Delete
  31. අර අයියා තාම ක්‍රිකට් ගහනවද ???

    ReplyDelete
    Replies
    1. ගහනවා ගහනවා තාම ගහනවා...

      Delete
  32. හපොයි තරුවෙ....ඔයාලත් කරලා තියෙන වැඩ...හිහිහීඊඊඊඊඊඊ...
    කොහොම උනත් අපෙ තරුවා රසවත් මතකයන් පිරි පාසල් සමයක් ගෙවා ඇති බව ‍නම් පැහැදිලියි...

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඒක නම් ඇත්ත අක්කා.....

      Delete
  33. සා.. සෝක් සොයා ගැනීමක් ඈ.... හය්යෙන් මක්ක හරි වැදුනම මෙවුව එක මෙවුව වෙනවද... එලද බරා.. මාත් වද්දං බලන්න ඕනෙ.. මේ... මෙවුව එක මෙවුව වෙනව විතරද එවුව වෙලා යන්නද්ද.....

    යකෝ තාප්පෙට නැගල පනින්න බයවෙලා ආයිත් ඒපැත්තටම පනින්නෙ සූස්ති ගැහුවමනෙ.... උඹල අරක්කු වලින් සූස්ති ආතල් එකද්ද ගත්තෙ.....අපිත් එකපාරක් ඔහොමවෙලා නුවර පාර මැද්දාවෙ කම්බි වැටකිං රිංගුව බං....ඒක මතක්කුනා... හුකෑස්..හිහ්..හිහ්.... සුපිරි පිරි ඉතිරි ඈ.... (කතාදෙක)

    **හුටා.. තරුවො.. ඕං මාත් කුලුඳුලේ බොට කොමෙන්ට් එකක් දැම්ම එහෙනං ඈ.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. හරි හරි වද්දගෙනම බලපන්කෝ...එතකොට එව්ව වෙලා යයිද කියලා බලාගන්න පුළුවන්නේ...
      මේ මොනවද බං සූස්ති කියන්නේ අපිත් එක්ක හිටිය එවුන් නම් මට මතක විදිහට ඔය දේවල් කලේ නැත්තේ නෑ...
      එළ ඈ..කුළුදුලේම දැන් ආවනේ..ආයෙත් එන්ඩ ඈ...

      Delete
  34. තරුට සුව පතන අතර වෑඩි වෑඩියෙන් කථා ලියන්න ලෑබේවායි ප්‍රාර්ථනා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ශානු...

      Delete
  35. පට්ට කතා ටික !!
    දැන් හොද ඇති නෙහ් ???

    ReplyDelete
    Replies
    1. හිකිස් හී හී...එළ එළ දැන් නම් හොදයි...

      Delete
  36. හිනා යනවා බං ඒ කතා දෙකටම. උඩ කතාවේ ඒ අයියාට වෙන සිද්දිය හදිස්සියෙන් කෙනෙකුට වෙන්නේ. අපේ එකෙක් සෙල්ලම් කරද්දී උඩ පනිද්දී වැටිලා ඔලුවේ යට පැත්ත වැදුනේ. අත පය හැකිලුනා ඇඟ ගැස්සී ගැස්සී. එතකොට ඒ දේ ඌටත් සිද්ද වුනා.

    ReplyDelete
    Replies
    1. හම්මටසිරි ඌට සෑහෙන්න අමාරු වෙන්න ඇති නේද...පව් අෆ්ෆා...

      Delete
    2. සිහිය නැති වුනා.

      Delete
    3. හෆ්ෆා...පව් අෆ්ෆා කාගෙ උනත් දරුවෙක්නේ...

      Delete
  37. Mewa dakala pana palayan labana pereda kiwwalu...
    Hkzz...patta aa....:D

    ReplyDelete
  38. එල එල ඈ..අයියට කූල් ඩවුන් වෙන්න හෙන වෙලාවක් ගියැයි?

    ReplyDelete
    Replies
    1. හිකිස්....ගියා නේන්නම්....සෑහෙන වෙලා ගියා...

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. 1 kathawanam patta ,,,,,,,,, hinawela marenawa eka kiyawala :D

    ReplyDelete
    Replies
    1. හා හා මැරෙන්නෙපා..මේ වැස්සේ දානෙකටවත් එන්න බෑනේ අෆ්ෆා...;)

      Delete
  41. meka dala awuruddak unath den thama mn blog kiyawanne.. meke daala thiyana iskole wisthara hariyata mn giya iskole wisthara wagemaine... o.O

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...