Tuesday, June 12, 2012

දැනුණි නම් මොහොතකට.....


ලෝකෙටම එපාවී

විසිකලත් පාරටම
කුණු ගොඩටවත්
වටින්නේ නැති පමණ

නහරවල් බිද වැටුනු
අතර මග බිම වැටුනු
ලොවට නොපෙනී තිබුණු
දෑතටම පොඩි වුණු

දෙනෙත් ලග සිනාසුනු

ඉමක් සේ ලග රැදුණු
කිසිදිනක නොවැටහුණු
තනිව තනිමග රැදුණු

**
***
දැනුණි නම් මොහොතකට

**
***
සිනාසෙන හදවතම
සිතින් හඩනා තරම..!!


ප.ලි :- මීට කලින් මේක බුකියෙ දැම්මත් බ්ලොග් එකෙත් දාන්න හිතුන හින්දම තව පොඩ්ඩක් වෙනස් කරල දැම්මා..

44 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... කොමෙන්ට් එකක් එන්නෙම නෑනේ තරුවෝ....ඒ උනාට හිතේ කොනටම දැනුනා

    ReplyDelete
    Replies
    1. ඔය හොදටම ඇති මී ගොඩයෝ...බොහොම ස්තූතියි...

      Delete
  2. ඔන්න මමයි දෙවෙනියා. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. හී හී ඔයා තමයි දෙවෙනියා...
      ස්තූතියි....

      Delete
  3. ටොෆෝ එක දැක්කහම බය වුනා නෙව. සිතිවිල්ල අපූරුයි.

    ReplyDelete
  4. "මගෙ හදවත ඔබට දෙමී" කියල ඒ කාලේ සිංදුවකින් කිවුවේ මේකටයි.. (හැමෝම සීරියස් ලියන ඒක හරි නැහැනේ..)

    ReplyDelete
    Replies
    1. වෙන්ටැ නේද....
      මොකද්ද මේ සීරියස් කතාව තේරුනෙ නෑනේ...

      Delete
  5. ෆොටෝ එක නම් අමුතුයි..හේහේ..

    සංකල්පනාව නම් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හී හී බොහොම ස්තූතියි......
      ෆොටෝ එකට බය වෙන්න එපෝ......

      Delete
  6. ‍සිනාසෙන හදවතම...හිතින් හඩනා තරම...
    හ්ම්......
    ගොඩක් හදවත් වල ඔය කතාවම තියෙනවා තරුවො.....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කෝ.......

      Delete
  7. කාලෙකට කලින් කිවුවා නේ අදහස ආවේ. මොකද එතකොට අළුත් වුනේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් කිව්වට එහෙමමත් කාලෙකට කලින් නෙවෙයි...
      මේ ලගකදි ලිව්ව එකක්...

      Delete
  8. lassana adahasak ayya.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි හැමදාම වගේ මේ පැත්තට එනවට....

      Delete
  9. හ්ම්ම්ම්... හිනා වෙන තරමටම අඬන්නත් පුළුවන් නම්, ඒ හදවතටම තමා අයියෙ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි ගොඩක් අයගෙ හිත් ඔය වගේ තමා.....

      Delete
  10. මොනවා කියන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනවා හරි කියන්න....

      Delete
  11. කවිය ලස්සනයි !!
    මම් එකපාරටම බැලුවේ මොකෝ මේ හදවත ගලවලා අතට අරන් තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හදවත අතේ අයියේ....හයිකරගන්න තැනක් නැතුව ඉන්නේ....

      Delete
  12. හදවත ඉල්ලා... නොලැබුණු විටදී කියලා ප්‍රියා සූරියසේන නේද කිව්වේ? තරුවා මේ මොකෝ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හදවත ඉල්ලා නොලැබුනු විටදි එයා මොකද දන්නෑ කලේ...
      දෙන්න වගේ හදල නොදී හිටියොත් මොකද කරන්නේ...
      තව අයට දීල ආපහු ඉල්ලගන්නවලුත්නේ....

      Delete
  13. ඩ්‍රැකියුලා ගැනද අනේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ මංද අනේ මටත් තාම සුවර් නෑ මොකාද කියලා.....

      Delete
  14. කුණු ගොඩේ තීන සමහර දේවල් වටිනවා

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් නේද.....හ්ම් වටිනවා නේන්නං.....

      Delete
  15. අමුතුම කවියක් නේද ? ටිකක් විතර කුරිරුයි වගේ ...!!!

    ReplyDelete
    Replies
    1. අමුතුයි වගේද...අනේ..කුරිරු නෑ....

      Delete
  16. අපි හැමෝම හිනා වෙන ගමන් අඬනවා...
    අපූරුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම් ගොඩක් අය එහෙමයි......

      Delete
  17. ලස්සන අදහසක් තරුවෝ..

    ReplyDelete
  18. ලස්සන අදහසක් කවියෙන් . අර පිංතූරෙ නම් හදවත ගලවලා අතින් අරන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ගොඩක් අය ජීවත් වෙන්නෙ හදවත් ගලවල අතට අරන්නේ....

      Delete
  19. එලාස්.....
    පොටෝ එකනං අප්පිරියයි ඕයි.!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හාපෝ රජා හරියට මේවා දැකල නෑ වගේ....
      රජකාලෙ දඩුවම්නේ හදවත් ගලෝලා එළියට ගන්න එක....

      Delete
  20. අම්මපා වෙන ෆොටො කැල්ලක් හොයාගන්ට බැරිවෙලා නෙව...නමුත් අරුත් බර පදවැලක්

    ReplyDelete
    Replies
    1. හිකිස් හම්බුනේ නෑනේ අෆ්ෆා....බොහොම ස්තූතියි.....

      Delete
  21. අදහසනම් නියමයි කියන්න වචන නැති තරම්...අනේ පින්තූරෙ තමයි අවුල ඔබේ කැමැත්තනෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      පිංතූරෙට ගොඩක් අය අකමැතියි නේද...
      ඒත් ඔය පිංතූරෙ තියන දේ කී දෙනෙක්ට කී දෙනෙක් නම් කරනවද..
      අපි ජීවත්වෙන ලෝකෙ ඔය විදිහට අනුන්ගෙ හදවත් ගලවන කී දෙනෙක්නම් ඉන්නවද..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...