Thursday, May 24, 2012

ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!!

ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.

ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ මට මල වදයක් වූයේ ඒ හින්දාය. මම කොහේ ගියත් කවුරුන් හෝ පස්සෙන් එයි. මම උන්ට ආදරේ නැතත් උන් මට ආදරේය. උදේ නැගිට්ට ගමන් "පුතා නැගිට්ටද" අහගෙන කට්ටිය පෝලිමේ එයි. ටික වෙලාවකින් මාව උස්සගෙන මූන හෝදවන්න එක්කගෙන යයි. මම බෙරිහන්දෙද්දී බත් ගුලි කටේ ඔබයි.

මම කදුළු පෙර පෙර ඒවා ගිල්ලෙමි. තව විකාර කෝටියකි. අහෝ දුකකි ඉරකි තිතකි කියා මට සිතුනි. මේ ආදරය නම් මලම වදයක්ය. ආසාවට මැටි ටිකක් අල්ලන්නට නැත. උස්සගෙන ගොස් අත් සෝදවයි. මේ කාලේ මෙච්චර මැටි වැඩ කරන්නේ ඒ කාලේ ඒවා නොකල නිසාදැයි විටෙක සිතෙයි. විහිළුවටවත් හචිමක් යවන්න බැරිය. හැරෙන තැපෑලෙන් මා සිටින්නේ ඉස්පිරිතාලයේය. මම බොහෝ විට ඈනුමක් යවන්නටද බිය වීමි. සුවර් නැත, ඊලග මොහොතේ මා සිටින්නේ ඉස්පිරිතාලයේ විය හැකිය. මගේ හුලතල් මොලේට ඒ කාලේ සිතුනේ එසේය. 

මගේ ජීවිතේ සුන්දරම කාලය ඒ කාලයය. අම්මගෙ අතේ එල්ලී එහෙ මෙහෙ ගිය මම අද හැම තැනම යන්නේ තනියමය. පාලු මකාගන්න කෙල්ලෙක්වත් නැත. ඉන්න උන් ඉන්නේ තමන්ගේ වාසියටය. මම ආදරේනම් උනුත් ආදරේය. සමහරක් මම ආදරේ කලත් ආදරේ කරන්නේ නැත. මේ කාලේ වැරදීමකින් පාක් එකකට ගියොත් බීච් එකකට ගියොත් ආදරේ වැහි වැහැලාය. හැම ජෝඩුවක්ම කුඩ ඉහලන් ඉන්නේ ආදර වැස්සට තෙමෙයි කියා බයේ වෙන්නට ඇතිය. දුර ඈතක සිට පැමිණියෙකුට හදිසියේ නවාතැන් ගැනීමට තැනක් නැත. සියලු නවාතැන් පොලවල් ආදරයෙන් පිරී ඉතිරී ගොස්ය. ඔවුන් පවසන්නේ ඔවුන් ආදරේ උපරිම තෘප්තියේ ඵල වැල නෙලන බවය.

අද ආදරේ යනු ආසාවය. තමන්ගේ වැඩේ කෙරෙන තුරු හැමෝම අප ලග සිටී. ඉන්පසු උන්නද මලාද බලන්නටවත් කෙනෙක් නැත. හැම ආදරයකම සීමා මායිම් ඇත. බොහෝ අය අප ලගට එන්නේ ආදරේ බෝඩ් ලෑල්ල පපුවේ ගසාගෙනය. ඒත් බෝඩ් ලෑල්ලට යටින් ඇත්තේ උන්ගේ ආත්මාර්තකාමී අරමුණුය. ඒවා ඉටුකරගත් පසු බෝඩ් ලෑල්ල ගලවා දමා උන් යන්ට යති. අපට සිදුවන්නේ හූල්ලන්ටය. අතරින් පතර සැබෑ ආදර නැතුවාමද නොවේ. එහෙත් ඊට වඩා ලේසියෙන් කලුනික සොයාගත හැක. අයියෝ සල්ලි කියා සිතෙන්නේ මෙවිටය. සල්ලි දෙයියන්ගේ මල්ලි වුවත් ආදරය කාගෙ මල්ලීදැයි නොදනිමි. බැරි වෙලාවත් ඌ මගේ මල්ලී උනානම් මම දනියි කරන දේ.

අද ආදරේ හැම තැනම වෙන්දේසි වේ. අපට අවශ්‍ය වූ විට පාවිච්චි කර විසි කල හැකිය. වරක් පාවිච්චි කල ආදරයක් අවශ්‍යනම් නැවත බාවිතා කල හැකිය. එය එපා වූ විට නැවත විසිකල හැකිය. සමහරු ජීවිත කාලයම එක ආදරයක් ලග තබා ගැනීමට උත්සහ කරයි. උන්ට ආදරේ එපා නොවුනත් ආදරේට උන්ව එපා වුනු දවසට ආදරේ උන්ව දාල යයි. මෙසේ උනු කොල්ලෝ තව කෙනෙකුට ආදරේ කරති. ඒ බෝතලේටය. උන් බෝතලේ බදාගෙන වැලපෙයි. තවත් සමහරක් වස බොයි. වස බී නසී. කෙහෙල්මල් ආදරයකට ජීවිතෙන් වන්දි ගෙවයි. උන් කියන විදිහට උන්ගේ ජීවිතේම ආදරේය. එතනින් එහාට දෙයක් නැත. මෙවැනි අවස්ථා වල ලංකාවේ සමහර වාහිනී වලට රජ මගුල්ය. උන් අරූගේ ආදරයේ මල ගම රටටම ඇහෙන්න කියති.

ආදරෙන් ඈත්වෙන්න අවශ්‍ය වූ සමහර කොල්ලො කෙල්ලෝ පවසන්නේ "අපිට මේ ආත්මෙදි එකතු වෙන්න ලැබෙන්නෙ නෑ සුදූ..අනේ ලබන ආත්මෙදිනම් මම කොහොම හරි ඔයාගෙම වෙනවා..දැන් මට යන්න දෙන්න " කියාය. මගුල...මෙච්චර හොද ජීවිතයක් තියෙද්දී උන් ප්‍රාර්ථනා කරන්නේ නොදුටු , ලැබේවිදැයි නොදන්න වෙන ආත්මයක් ගැනය. බැරි වෙලාවත් මේ ආත්මයේදී එකෙක් නිවන් දැක්කොත් අනෙකාට හුලං ය. ආදරයක් නැති කර ගන්න වූ විට අනෙකා කිබුහුමක් ඇරියත් වැරදිය. ඒවෙලාවට අනෙකාගේ වැරදි සිය දහස් ගණනින් පෙනේ.

ජීවිතේ කියන්නේ මෙයටය. අපි හැමෝම තමන්ගේ ආසාවන් , බලාපොරොත්තු පසුපස දිව යයි. හෙම්බත් වූ විට ආදරය කරයි. එපා වූ විට එය අතහැරදමා නැවතත් අර ආසාවන් හඹා යයි. නැවතීමක් නැත. නවතින්නට වෙලාවක්ද නැත. මට අද වන තුරු මා ලග සිටින්නේ පුංචිකාලේ මට එපා වුණු අම්මගෙ තාත්තගෙ ආදරය පමණය. අනෙක් හැම ආදරයක්ම පැමිණියේ ආදරේ නාමයෙන් තාවකාලික සුවයක් පතා පමණය.එදා අකමැති වූ දෙමාපිය සෙනෙහසට අදනම් එදාට වැඩිය ආදරේය. අප බොහෝ දෙනෙකුට අවසානයේ ඉතිරිවන්නේ එය පමණක්ය.     

ආදරය කරන්න....,

ලැබෙන විට
සතුටුවන්නවත්
නැති කොට
හඩා වැලපෙන්නවත් නොව....,
විද බලා...
දැක බලා...
කල් බලා...
සැනසෙන්නට....

90 comments:

  1. ආදරය,ආදරය....අනේ කාලෙකට අපිට එක වදයක් උනත් ඇතුවත් බැරි,නැතුවත් බැරි ආදරය...:)
    කවදා හරි අපිට අනතිමා ඉතුරු වෙන එකම ආදරේ අම්මගේ තාත්තාගේ ආදරෙනේ..
    සැබෑ ආදරය ලද කෙනා දිනුම්,නොලද කෙනා පරාදයි..:) අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්......බොහොම ස්තූතියි...

      Delete
  2. වචනයෙන් කියන්න බැරි තරම් ඇත්ත යාළුවේ..සදාකාලික නොවෙනස් එකම ආදරේ දෙමාපිය ආදරේ..අපි වැරදි කලත් අපි වැරදි නොකලත් එයාලට අපි ආදරේ කලත් නොකලත් ඒ ආදරේනම් වෙනස් වෙන්නෙම නෑ..එයින් පිට අපි හොයන ආදරේ විටෙක චපල විය හැක විටෙක සදාකාලික විය හැක.මගේ අදහසනම් ආදරේ ලැබෙන්නෙත් අපි කල පින් පවු අනුවයි.පෙර ආත්මවලදී අප කල කී දෑ අපිට මේ ආත්මයේදී ලැබෙන්නෙ.මොනව වුනත් ආදරේට බැන වැඩක් නැත අපෙත් කොහේ හෝ වැරැද්දකි ඇති අපිට එහෙම වෙන්න...නමුත් පෝස්ට් එකටනම් මම බොහොම කැමතියි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම....අපි මේ ගෙවන්නේ අපි කල පිං සහ පව්...අපි අරගෙන යන්නෙත් දැන් කරන පිං සහ පව්...බොහොම ස්තූතියි

      Delete
  3. ඔව් ඒකනම් ඇත්තම ඇත්ත තරු.මොන විදිහේ ආදර ලැබුණත් අවසානයේ අපිට ඉතිරි වෙන්නේ අපේ දෙම්ව්පියන්ගේ ආදරේ විතරමයි.ඒත් ආදරයක් ඉස්සරහ යථාර්තය පේන්නේ ගොඩක් අඩුවෙන්නේ.ආදරෙත් වෙලාවකට මහ පුදුමයි නේද..?

    ReplyDelete
    Replies
    1. හ්ම් ආදරේට වඩා අපි ආදරේ කරන හැටි පුදුමයි.....ස්තූතියි....

      Delete
  4. සහතික ඇත්ත....

    ReplyDelete
  5. අය්යෝ කරවිල මහත්තයා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මී ගොඩයො කමෙන්ට් එක වැරදිලා රාජ්ගෙ එකත් එක්ක...

      Delete
    2. ආනේ සමාවෙන්න.... මේ රාජ්ගේ පොස්ට් එකකට දාපු කොමෙන්ටුවක් වැරදිලා මෙතනට පේස්ට් වෙලා....

      පොඩිකාලේ මාර ඇනයක් උනාට ඒවා ඉල්ලලා දැන් හිත කෑ ගහනවා,,,

      Delete
    3. ඒකට මොකෝ මී ගොඩයෝ.....අපි අපිනේ...

      Delete
  6. සෑම වෙලේම එහෙම වෙන්නෙ නෑ...ඔක්කොම හරි යයි තරුවෙ..තව මාස 2කින් මේ පෝස්ට් එක දිහා බලන්න...ඔයාටම හිනා යයි...
    ඒක ඇත්ත දෙමාපියන්ගෙ ආදරේ මේ සියල්ලටම වඩා ඉහලයි.....ඒත් ගොඩක් දෙනෙක් ඒක අඳුනාගෙන නෑ මල්ලී......
    (ආ....කවිය ලස්සනයි...මුලු කතාවම ඒකෙ තියෙනව)

    ..............................................................
    තරුවා/ තරුවේ/ තරුවෝ...කියලා මම කතා කරන්නෙ අපේ ලොකු මල්ලි තරිඳුට

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අක්කේ....මගෙ නමත් ඕකමනේ....

      Delete
  7. “සල්ලි දෙයියන්ගේ මල්ලි වූවත් ආදරය කාගේ මල්ලීදැයි නොදනිමි.බැරිවෙලාවත් ඌ මගේ මල්ලී වුනානම් දනී කරනදේ...“

    හික් හික්.....:P
    මොනාඩ අනී කලන්නෙ....???

    වෙලාවක් ටිබුනොට් මෙන්න මේකට් බලන්නකෝ......
    http://nisapugelokaya.blogspot.com/2012/03/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. හී හී....වැඩේ කියන්නෙ මල්ලි නෙවෙයිනේ...
      ඔන්න මයාගේ ලින්ක් එකත් බැලුවා..කමෙන්ටුත් කලා....

      Delete
  8. හ්ම්ම්ම්... ලියලා තියෙන ඔක්කොම ඇත්ත අයියේ....
    අවංක ආදරේ කියන්නේ සංකල්පයක් විතර ද මන්දා!

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  9. ආදරේ කරන්න ගැල්ලමයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි! :D
    හැබැයි ඒ කාලෙත් පොඩිකාලෙ වගේ තමා. කෑවද අහනව බිව්වද අහනව නිදාගත්තද අහනව නැගිට්ටද අහනව...... කතා කෝටියයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ප්‍රාර්තනාවටනම් බොහෝම පිං....අන්තිම ටික කිව්වෙනම් අත්දැකීමෙන්ද මන්දා

      Delete
  10. //බොහෝ අය අප ලන්ගටචෙන්නේ ආදරේ බෝඩ් ලෑල්ල පපුවේ ගසාගෙනය. ඒත් බෝඩ් ලෑල්ලට යටින් ඇත්තේ උන්ගේ ආත්මාර්ථකාමී අරමුණුය. ඒවා ඉටු වූ පසු බෝඩ් ලෑල්ල ගලවා දමා උන් යන්ට යති. අපට සිදුවන්නේ හූල්ලන්ටය.//

    මේ ටික නම් මසුරන් අයියේ... ආදරේ කරපු/ කරන හැමෝගෙම කතාව වගේ මේක (බොහෝ දෙනෙකුගේ)

    ReplyDelete
    Replies
    1. හී..හී... ඔව් නංගි අපි ගොඩදෙනෙක් ඔය වගේ තමා...

      Delete
  11. පට්ටය කියන්නේ මොන පට්ටය ගැනද ඔය? නාවා පට්ටයද? කෙසෙල් පට්ටයද? දොදොල් පට්ටයද? පැණි පට්ටයද? යකෝ සිංහල කන්න එපා. අච්චාරු බාසාවෙන් ලියන්න එපා. ඔය තවත් එවුන් ලියලා තියෙන්නේ ගෑල්ලමයා, ලන්ගටචෙන්නේ, තොපි ඔක්කොම එක ජාතියේ පුස්සෝ. ඔක්කොටම කලින් සිංහල ඉගෙන ගනියවූ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම Anonymous කෙනෙක් උනත් සාදරයෙන් පිලිගන්නවා තරූගෙ ලෝකෙට..
      පට්ට කියන වචනය ගත්තහම ඒකෙ තේරුම් ගොඩක් තියනවා..
      ගස් වල පට්ටා
      සිවිය
      පොත්ත
      බිරීම
      රුවල් තුනේ යාත්‍රාව
      අධම
      පහත්
      නින්දිත
      ඔය වගේ ගොඩයි
      ඒ වගේම මම විකිපීඩියා විශ්වකෝෂෙන් හොයා ගත්ත විදිහට
      "Patta (පට්ට) - Extreme. (e.g. 'Patta Aathal' (පට්ට ආතල්) means 'Extremely joyful'.) Patta Gahanawa (පට්ට ගහනවා) means to hit hard, to thrash (as in 'Moowa patta gahanna one karapu wædeta' (මූව පට්ට ගහන්න ඕනෙ කරපු වැඩේට) means 'This one has to be thrashed for that work') or to abuse (as in 'Oya ænduma dæn sathiyakma patta gahala thiyenne' (ඔය ඇඳුම දැන් සතියක්ම පට්ට ගහල තියෙන්නෙ)). Patta Dawaale (පට්ට දවාලෙ) means 'in broad daylight'."
      ඒ කියන්නේ උපරිම, අනන්ත වැනි තේරුමක්ද මේ වචනේ තියනවා..
      ඇත්ත සිංහල කන්න හොද නෑ...
      ඒත් මෙතනදි මම අදහස් කලේ මගේ පුංචි කාලේ ලද ආදරේ වටිනාකම..
      මම හිතන්නෙ නෑ ඔබතුමා ගෙදරදි කතාකරන්නෙත් ලියන භාෂාවෙන් කියලා..
      මම මේ බ්ලොක් එක ලියන්නෙ බොහොම සරල භාෂාවෙන්.
      මේක කියවන්න මහලොකු කට්ටියක් ආවෙ නැති උනාට එන කට්ටියට තේරෙන සිංහලෙනුයි මම ලියන්නේ..
      කොහොම උනත් හොද නරක දෙකම මට වටිනවා..
      බොහොම ස්තූතියි...

      Delete
  12. ආදරේ හරියට තුවාලයක් වගේය.කසනකොට ආතල්ය.පස්සේ වේදනාය.

    ReplyDelete
  13. niyama adaraya meya newi.

    ReplyDelete
    Replies
    1. නියම ආදරය කොයි වගේද...

      Delete
  14. ඇති දා අගයක් නැති නැති දා අගය ඇති ආදරේ .......

    ReplyDelete
  15. මටනම් කියන්නට කිසි දෙයක් නැත..... මම හිතපු දෙය ඔයා ලියලා..... තරූ ඔයාට පරචිත්ත විඥාණය වත් තියෙනවද? නියම ලිපියක් ඔබට ජය.....

    ReplyDelete
    Replies
    1. හම්මියෝ...මට එහෙම විඥාණයක් තිබ්බනම් මොනව කරන්න බැරිද...

      Delete
  16. ආදරේ...

    ආදරේට මොකුත් කියන්න බයයි තරෑ. මාත් ආදරේ කරනවා.ඒ වගේම විඳිනවා. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් කියලා කියන්න හිතෙන්නෑ.

    ආදරේ කරන්න. එච්චරයි ඉතින් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් ආදරේ කරලා තියනවා..
      තාමත් ආදරේ කරනවා...
      සමහරවිට ලගින් ඉදන් නැති උනත් දුරින් ඉදන්..
      දුක, කදුල, සිනහව, සතුට මේ හැමදේම මටත් ආදරෙන් උරුම වෙලා තියනවා...
      ආදරේ කියන්නෙ හදවතින්ම එන බොහොම පිවිතුරු හැගීමක්. අපේ ආසාවනුයි ඒ පිවිතුරු ආදරේ කිලිටි කරන්නේ...

      Delete
  17. ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති ......................

    ReplyDelete
    Replies
    1. ආදරය සුන්දර වලදකී කිසිදා උයන්නට නම් බැරී...
      මට පෙන්නලා වලදේ හැටී උඹ ගෑව දැලි හොදටම ඇතී...
      ස්තූතියි අදහසට.....

      Delete
  18. අවංකව ආදරේ කරන්න කෙනෙක් ඉක්මනට ලැබේවායි මගේ ප්‍රාර්ථනය.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ....

      Delete
  19. aththatama me loke wenas nowana adare tama ape demawupiyange adare.athtatama mamat adare kala mage awasanawakatada koheda a adare mata natara karanna una.attatama dinesh ayya kiwwa wage taru ayyata awankawa adare karana kenek labenna kiyala hadawatinma prartana karanawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරලියා....

      Delete
  20. කියන්න ඕනෙ ඔක්කොම ඔයාම හොදටම කියලා තියෙනවා අයියෙ!! ආයෙත් අපිට කියන්න දෙයක් ඉතුරුකරලා නෑ..නියමයි!!!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අනේ ඔයත් මොනවා හරි කියන්න....

      Delete
  21. මරු ලිපිය...හි හි

    අර නිවන් දකින කෑල්ල දැකලා බඩ අල්ලාගෙන හිනා ගියා. නියමයි...

    ReplyDelete
    Replies
    1. හී හී....හා හා දැන් බඩ අතාරින්න.....

      Delete
  22. mama wena ayage blog wala post walatath comment dala tiyenawa.et a ekakatawat kawrut reply karala tibunene.1st time mage comment ekakata riply karapu taru ayyata godak tanx.taru ayya hitanawa ati mata pissu kiyala neda?ane ne ayya mata attatama maaaara satutui.me post eka witarak nemei ayya oyage godak post harima lassanai.oyage anagateta mama hadawatinma suba patanawooooooooooooooo.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරලියා...ඔයාටත් ගොඩක් සංවේදී හිතක් තියනවා වගේ ඒ හින්දනෙ මෙහෙම ලිව්වෙ...මම කවදාවත් මට කමෙන්ට් කල කෙනෙක් මගහරින්නෙ නෑ..මම දැකලා නෑ ඔයාට බ්ලොක් එකක් තියනවා..තියනම් කියන්න..
      ඔයාටත් ගොඩක් සුභ අනාගතේකට හදවතින්ම සුභ පතනවා...

      Delete
  23. ආදරේ නමැති අච්චාරුව වැඩි වෙනකොටත් එපා ය ..නැති වෙනකොටත් දුකය .. කෙසේ නමුත් ආදරය මෙන්ම අනිකුත් දේවලුත් අතේ දුරින් තියාගත්තොත් හිතටත් පොකට්ටුවටත් අගනේය ..

    ReplyDelete
    Replies
    1. හ්ම්...යා යා ඒක ඇත්ත.......

      Delete
  24. අර සුනිල්ගේ ලස්සන ගීතයක් තියෙන්නේ

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්...

    ඒ කිව්වෙ මේ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ම්ම් මම ආසම සිංදුවක්....
      එහෙම වෙන්න ඇති....
      සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් කොහෙන් හොයන්නද.....

      Delete
  25. ආදරේ ....ඔය ආදරය තමයි මාව කෑවේ

    ReplyDelete
    Replies
    1. අලේ ඔය ඉන්නෙ යස අගේට....

      Delete
  26. උබ අර කියපු කලුනික හොයාගත්ත එකෙක් මලේ මම. උත්සහ කරලා බලපං බොටත් බැරි නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා...අහන්නත් සන්තෝසයි අයියේ.....ඇත්තටම....

      Delete
  27. විඳ බලා දක බලා කල් බලා තුටු වෙමි....

    ReplyDelete
    Replies
    1. හම්මටසිලි මධුරංග අයියේ..දැක්ක කල්..දැන් කොම්පීතර් රාජයා හදාගත්තැයි..

      Delete
  28. හලියට හලි.. තව ඕනනම් මගේ වරහල්ලට ගිහින් මේක බලන්නකෝ.. http://lankapriyagesithivili.blogspot.com/2012/02/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මේ ලින්ක් එක කමෙන්ට් එකකුත් දැම්මා..මම දාපු එකටත් වඩා බොහොම පැහැදිලිව , විවෘතව ලියල තියනවා ඒකේ..

      Delete
  29. මුල සිටම කියෙව්වා ... පොඩි කාලේ අපිට ආදරේ කරපු අම්ම තාත්තා අපිට තවමත් ආදරෙයි ... එච්චරයි දන්නේ ...

    ReplyDelete
  30. ow ayya attatama mama godak sanwedi kenek.punchi detat ikmanata adana,a wagema podi deyakata unat godak satutu wena punchi kellek ayya mama.matanam blog ekak ne ayya.a unata taru ayyata blog ekak tiyenawane......eka nisa mama ennamko taru ayyage post walata comment danna.onna comment dapuwama mata reply karanna one hode.nattam mama taru ayyat ekka taraha wenawa.ehenam idiriyatat me wage hoda,lassana post liyanna shaktiya,dairya labenna kiyala taru ayyata mama prartana karanawa....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..ආයිත් එන්න..ගොඩක් සතුටුයි මේ පැත්තට ආවට...

      Delete
  31. ආදරේ නං මට මතක් කරන්න එපා!!! මම කවදාවත් ආදරේ ගැන නං පෝස්ට් ලියන්නෙම නෑ.. :-) :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි හපුච්චියේ ආදරේට ඔච්චර අකමැති....

      Delete
  32. ආදරේ සුන්දර වරදිකි කියන්නේ නිකන්ද ?

    ReplyDelete
    Replies
    1. ආදරේ වළදක්ලුනේ..උයන්නත් බෑලු..
      ඒ වලදෙ හැටි පෙන්නලා...ගාපු දැලික් හොදටම ඇතිලු.මේක ගැන මම උඩත් දැම්ම

      Delete
    2. හොදටම සුවර්ද තරු ආදරය වලදක් කියලා...කෝප්පයක් වෙන්න බැරිද..?:P

      Delete
    3. ඒ.....ඒකත් වෙන්න පුළුවන්...ඔයාට එහෙම කෝප්පයක් හම්බඋනොත් මටත් කියන්න හොදේ....

      Delete
    4. හා කියන්නම්කො...හැබැයි උයන්න බැරි වැළදේ දැලි තියෙන්න බැනේ නේද...එතකොට දැලි ගෑවේ කොහොමද....?;):P :D
      (මටත් තියෙන්නේ මාර ප්‍රශ්න නේද..?)

      Delete
    5. අයියෝ ඕවත් ප්‍රශ්ණද....ඔව වලද කියන එකටත් ආදරේ වගේම එක තැනක ඉන්න බෑලුනේ. ඔය කොහේහරි ගිහින් දැලි ගාගෙන එන්න ඇති.

      Delete
    6. එකත් එහෙමද..? ඔයාට හොදටම සුවර්ද..?
      හාකෝ එහෙනම් මන් එහෙම හිතා ගන්නම්කො...:)
      හැබැයි ඕක කෝප්පයක් උනොත් නම් කොහොමවත් දැලි ගාගන්න විධියක්‌ නැනේ...;)

      Delete
    7. කමක් නෑ අලේ...කෝප්පයක් උනොත් තේකක් හදාගෙන ඒකට දාගෙන බොමු අනේ..ඕවනම් මොනාද...

      Delete
  33. ආදරේ කියන්නේ ඇත්තටම තමන්ගේ වැඩේ කරගන්නකං තියෙන දෙයක් විතරයි කියලා තමයි මට නං හිතෙන්නේ. ඇත්තටම මට මෙච්චර කාලෙකට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි හැමෝගෙන්ම අඩු වැඩි වශයෙන්. ගොඩක් අය තමන්ගේ වැඩේ කරගන්න ඉස්සෙල්ලා පණ අතට දීලා තමයි කතා කරන්නෙ. වැඩේ කෙරුණට පස්සේ උන්නද මළාද කියලා බලන්නවත් උන්ට මතක නෑ. ඇත්තටම මම ගැන කියනවා නං අම්මා තාත්තාගෙ ආදරයවත් ලැබුණ කෙනෙක් නෙමෙයි. මම පොඩි කාලෙ ඉඳලම මම දැනුණෙ මගෙන් පළිගන්න මගෙ දෙමව්පියො වෙලා ආපු අය කියලා. ඇත්තටම මමම දන්නෙ නෑ මම මේ වයසට එනකන් කොහොම කාලෙ ගතවුණාද කියලාවත්. අදටත් අම්මා, තාත්තා කියලා දෙන්නෙක් නං ඉන්නවා. ඒත් මම කවදාවත් අම්මා, තාත්තා කියලා කතා කරලා නෑ. විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තමයි...........

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්නවත් බෑ දිනී ඔයා කියපු දේ...කවදාවත්ම අම්මටයි තාත්තටයි ඒ නමින් කතා කලේ නෑ කිව්වාම...ඔයාට ගොඩාක් සුභ අනාගතේකට හදවතින්ම සුභ පතනවා...

      Delete
  34. ප්‍රිතියි ප්‍රිතියි. හොදටම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රීතියි...ප්‍රීතියි......!!!!!!

      Delete
  35. අදනම් කෙන්තියෙන්ද මන්දා පොස්ට් එක දාල තියෙන්නේ. හචිමක් ගියාම හැරෙන තැපෑලෙන් ඉස්පිරිතාලේ යන කතාවනම් මරු.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ....මට ඉතින් කේනව්ති යන්නෙ නෑනේ...

      Delete
  36. මටනම් ආදරේ හැම අතකින්ම ලැබෙනවා අම්මා තාත්තාගෙන් වගේම පෙම්වතියගෙනුත්... කවදාවත් වාසිය පතා පෙම්වතිය ඉන්නවා කියලා හිතිලත් නෑ මොකද එහෙම මගෙන් මුකුත් අරගෙන නෑ මට උදව් කරනවා මිසක් ඉතිං මේ ගැන අදහස් දක්වන්න මට හරිම අමාරුයි... හැබැයි සමස්තයක් විදියට මට පේන්නේ නගරබද කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න බැරි කස්ටියක් කියලා කොහේ හරි දුරක ඉන්න ගැමි කෙල්ලන්ගේ හිතේ ආදරය කරුණාව වගේම ලැජ්ජා බයත් යහමින් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ආදරේ කියන දේ අපි තේරුම් ගන්නේ ඒක අපි ලබන විදිහෙන්..මම නම් ඔය ගොඩක් විදිහට ඕක විදල තියනවා....

      Delete
  37. අනේ මන්දා... ආදරේ නම් ඉතින්... තේරුම් ගන්න බැරි අමුතුම දෙයක්..

    ReplyDelete
  38. කෝ තරු???මෙදා පාර පායන්න පරක්කු මොකද????

    ReplyDelete
    Replies
    1. ඩෙංගු හැදුනනේ...ඔන්න ආවා.....

      Delete
  39. kiyawanakota hina giya ethakota thama mathak une mama hina une adarayata kiyala amaruwena nawaththa gaththa eth matathama hina aiyo mallige salli

    ReplyDelete
    Replies
    1. හිකිස්...මටත් හිනා.....

      Delete
  40. Aththatama tharu man lagadi indan blog kiyawanne. oya dapu godak articles man kiyewwwa. ewa harima harawath wagema sith ganna aurin lassana shailiyakin liyala thienawa. harima sathuti. oyawa adurane nathiwata oyage adahaswalin oya godak jeewithe gana awaboden balana kenek kiyala hithanawa.oyage adhasui mage adahasui godak samanai. math dare gana vivida widihata hithala thiyenawa. man hithapu de oya lassanata liyala thiyenawa dakkama mata hari puduma hithuna. oya harima danathmaka kenek. me wage hoda adhas thiyena boyla inna eka gana harima adambarai. camment eka dik unataa baninna epa... me wage harawath nirmana idiriyatath karannayai suba pathami. sada jaya!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් සතුටුයි ඔයා මේ විදිහට ලියලා තියන එක ගැන. මිනිස්සු කතා කරන්නෙ හිතන්නෙ වැඩකරන්නෙ ගොඩක් වෙලාවට ඒ ඒ කෙනා ජීවිතේ ලබන අත්දැකීම් අනුවනේ. ඒත් හරි අත්දැකීමක් ලැබුවොත් හරි දෙයක් එලියට එනවා වැරදි අත්දැකීම් වලින් සමහර අයගෙන් එලියට එනනේ වැරදි දේවල්. බොහොම ටික දෙනයි තමන් ලබන වැරදි අත්දැකීමක් වැරදි විදිහට දැකලා ඒක හදාගෙන නිවැරදි දේ තෝරා ගන්න උත්සහ කරන්නෙ.
      බොහොම ස්තූතියි ඔයාගේ අදහසට. ඒ වගේම ආයිත් එන්න මේ පැත්තට...

      Delete
  41. තරුවා ඔයා මට වඩා වැඩිමල් උනාට කමක් නෑනේ මම උඹ කියන්නම්..ඒ ෆිට් එකට.තරුවා උඹනම් සුපිරිම කොල්ලෙක් බං....උඹ ලියන ඒවා බැලුවම පිස්සු හැදෙනවා ඔයි....උඹගේ අනාගතයනම් සුපිරි..ලියපන් කතා පොතක් පුලුවන්නම් මම කියනවට

    ReplyDelete
    Replies
    1. අම්මපා...එහෙමත් එකක්ද...හාකො හාකෝ...එල ඈ....තැන්කූ වේවා..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...