Monday, May 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ....


පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...

තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...

සදත් තිබුනා
තරුත් සිටියා
එදා අප ලග හිනැහෙමින්...

පන්හිදින් ඔබ
තල්පතේ හැඩ
රටා ඇන්දා ආදරෙන්...

සදත් එහෙමයි
තරුත් එහෙමයි
ඔබත් පෙර මෙන් අප ලගින්...

කිමද මේ අද
දුක් සුසුම් මැද
විරහවක් ඇද කැටයමින්...

ලගින් සිටි ඔබ
වෙන්ව ගිය දින
අදුරු වූවා හිරු සදුත්...

පන්හිදෙන් මම
දුක් කදුළු මිස
කෙසේ අදිමිද සියපතක්...

25 comments:

  1. ආදරය වේදනාවක්...?.

    ReplyDelete
    Replies
    1. වේදනාවක් වෙන තරමට ඒක ආදරය දලු ලෑමක්..

      Delete
    2. මම හිතන්නේ ඒක තීරනය වෙන්නෙ ආදරේ අපිට ලැබෙන විදිහ, අපි ඒක විදින විදිහ, අපි එයින් බලාපොරොත්තු වෙන දේ මත කියලා..

      Delete
  2. ම්ම්ම්.. පන්හිදෙන් දුක් කඳුලූවත් ඉල්ලන්න එපා.. සියපතක් ඉල්ලන්නත් එපා.. කවි ලියන්න හිතේ හයිය විතරක් ඉල්ලගන්න..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් පන්හිද දෙයි නේද මට හයිය...

      Delete
  3. සඳුත් එහෙමයි
    තරුත් එහෙමයි
    කවුරු කිව්වෙද.. එලෙසිනේ

    අපට ගෙවෙනා කාලයම නොවැ
    ඔවුන්ටත් එහි ගෙවෙන්නේ..

    එදා සිටි සඳු
    එදා සිටි තරු
    නොවෙයි අදදින
    විශ්වයේ හිඳ බලන්නේ...

    ReplyDelete
    Replies
    1. අඩේ බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේද...එයාලත් වයසට එහෙම යනවනේ..

      Delete
  4. ආදරය ලොකු දුකක් නේද..

    ReplyDelete
    Replies
    1. අපිට ලැබෙන විදිහෙන් ඒක තීරණය වෙන්නෙ
      සහ ලැබෙන දේ අපි බාරගන්න විදිහෙන්...

      Delete
  5. අනේ...තරූ මක්කෙයි උනේ.....හ්ම්හ්

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අක්කා...

      Delete
  6. ආදරේ හටි ඔහොම තමා මලයා..

    ReplyDelete
  7. ඉල්ලම පෑදිලා තියෙන්නෙ......ලියන්න......

    ReplyDelete
    Replies
    1. ඉල්ලම............කෝ....කොහෙද...........

      Delete
  8. ආදරය කියන්නේ හැමදාමත්ම දුකක් තමා...කොච්චර සතුට කියන දේ තිබ්බත් ඒකේ ඇතුලත සැගවුනු දුකක් අනිවාර්යෙන්ම තියනවාමයි..:(

    ReplyDelete
    Replies
    1. ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද...

      Delete
  9. ලං ලංව සිටියට සෙවනැල්ල සේ වෙන් වෙන්න වුනු දට නාදුනන සේ ..............

    ReplyDelete
  10. ඔන්න මමත් ආවා. අද පළමු වතාවට මේ පැත්තේ.

    කවිය නම් ලස්සනට ලියල තියෙනවා. ඒසඳහා වචන නොබිඳන හොඳ සද්‍ය රීතියකුත් අනුගමනය කරල කියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....

      Delete
  11. මේ වගේ දේකදි පන්හිඳ තල්පත විතරක් නෙමෙයි අයියේ මුළු ලෝකෙම ගොළු වෙනවා....

    ReplyDelete
  12. ආදරය,විරහව,සතුට,දුක,සිනහව,කදුල මට හිතෙනවා ඝනකයක්ද කියලා. ජය..!

    ReplyDelete
  13. බොහොම ස්තූතියි ආවට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...