Saturday, May 19, 2012

කැඩුනොත්.....කැඩුනමයි.....

දැන් හරිද...
ම්ම්ම්...තාම නෑ වගේ....
අනේ කොහොම හරි හදාගම්මු...
හ්ම්...
'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...
බලන්න දැන් හරිද කියලා....

බෑ බෑ...මට ඉස්සර වගේ ඕනි...
ඉස්සර කිව්වේ...????
ඉස්සර කිව්වෙ..අපි දෙන්න හම්බවෙච්ච මුල් කාලේ...
ඒ කාලෙ අපි දෙන්න කොච්චර ආදරෙන් හිටියද...
ඒ ඉතින් ඒ කාලෙනෙ....
ඒ කියන්නෙ දැන් බැරිද...
හරි හරි කතාව නවත්තල බලන්න දැන්වත් ඕක හරිද කියලා....
නෑ අනේ...චුට්ටක් ඇදයි වගේ...
මගුල...හරියට මම කැඩුව වගේ..කැඩුවෙ ඔයා...හදන්න ඕනි මම....@#%
හරි හරි සුදූ...මම තමයි කැඩුවෙ..ඒත් ඔයා කොහොම හරි ඕක හදාගන්නකෝ...
මම මේක කොච්චර ආදරෙන්ද පරෙස්සම් කලේ...ඒත් ඔයා ඒක කැඩුවා...
දැන් කොච්චර හැදුවත් මුලින් තිබුණු ගානට ගන්න බෑ...

බලන්න...මම කොච්චර මේක බැලන්ස් කරන්න හැදුවත් බැලන්ස් වෙන්නෙ නෑනෙ...
ඉස්සරනම් මෙකට මෙහෙම උනේ නෑ..තිබ්බ විදිහටම හිටියා...මේ වගේ හතරවටේට හැරුනෙ නෑ...
ඉතින් ඒකට මමද පලි...ඔයානෙ මේකට මේවා පුරුදු කලේ..මමයෑ...ඔයා වගේ තමයි මෙයත් හැදුනේ...
දැන් මම කොච්චර එපා කිව්වත්..හැම පැත්තටම හැරෙනවා....

බෑ බෑ...මට එහෙම ඕනි නෑ...මට ඕනි ඉස්සර වගේ මේක මං වෙනුවෙන්ම ඉන්න...
එහෙම නං ඉතින් මැරිල ඉපදෙන්න වෙයි..මොකෝ ඔයාට ඕනි ඕනි විදිහට හැදෙන්න මේක සෙල්ලම් බඩුවක්යෑ...
අනේ ඔච්චර කේනති ගන්න එපා...ඉස්සරනම් ඔයා ඔහොම නෑ...ඔයා ගොඩක් වෙනස් වෙලා...
අනේ අපි ආයිත් මුල ඉදන් පටන්ගම්මු..ඔයා මාත් එක්ක ඉන්නවා නේද...???
හරි මම කොහොමහරි ඔයත් එක්ක හිටිය කියමුකෝ..ඒත් මෙයා ඉදියිද...????
මම එයාවත් කොහොමහරි මගෙ ගාවට ගන්නම්කෝ....
ඔයාට මතකද ඒ කාලේ..මෙයා ඔයා වෙනුවෙන් කොච්චර දෙවල් කලාද...
ඒත් ඔයාට ගානක් තිබුනද..?? ඒ කාලෙ ඔයාට මෙයාල ගොඩක් හිටියා....ඒ හින්දා ඔයාට මේවයෙ කිසි වටිනාකමක් තිබුනෙ නෑ...
මෙයා ඔයා හින්ද ගොඩක් දුක් වින්දා...කිසි තෙතමනයක් නැති ඔයා වගේ කෙනෙක් වෙනුවෙන් මෙයා එයාගෙ හැම අංශුවක්ම වෙන් කලා...ඒත් ඔයා...මුළු ලෝකෙම ඉස්සරහා බොරුකාරයෙක්...පිස්සෙක්...මෝඩයෙක්...සල්ලාලයෙක් ගානට දැම්මෙ..
අද ඔයාට කවුරුත් නැතිවෙනකොට ඉස්සෙල්ලම මතක් උනේ මෙයාව...
දැන් ඔයා මෙයාට කියනවා ඉස්සර වගේ ඉන්නලු....

අනේ මට සමාවෙන්න...ඔයාට ඕනි ඕවා කියලා  වැටිල ඉන්න මාව තවත් වට්ටන්නද...දැන් ඔය කතාව නවත්තන්න...
අනේ ප්ලීස්...කොහොමහරි අපි මේක හදා ගන්න බලමු....
ඔයාට පේනවනේ..මෙයා අදටත් ඔයා වෙනුවෙන් ඉන්නවා....ඒත් මම හිතන්නෙ නෑ..ඉස්සර වගේමනම් පුළුවන් වෙයි කියලා...
මට කියන්න...ඔයා මට සමාව දෙනවා නේද....
මම දෙයි...ඒත් මෙයා...මෙයා දෙයිද....අහල බලන්න මෙයාගෙන්ම....
අනේ....කොහොමහරි....මම වෙනුවෙන්...
මට සමාවෙන්න..ඒත් මම හිතන්නෑ මෙයාට එදා වගේම ඉන්න පුළුවන් වෙයි කියලා...

*
*
*
*
*

සිතක් බිදුණු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ....ඉතින් තවත් කල් රැදී පලක් නෑ ඔබ මගේ සෙවනේ....    


ප.ලි :- හපුච්චියේ ඔන්න මේක මට වෙච්ච දෙයක්නම් නෙවෙයි...
           ඔය උඩ තියන සින්දුව අහනකොට නිකමට වගේ හිතුන දෙයක්... 

       

42 comments:

  1. Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..මම එත් බැලුවා අද මොකද මේ වෙලා තියෙන්නේ කියලා....

      Delete
  2. මං හිතුවෙම වෙන මොකක් හරි කඩාගෙන කියලා :-)

    පට්ට ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කැඩෙන්නද අෆ්ෆා... ;)

      Delete
  3. හ්ම්..... ඔය වගේ අදහසක් කියවෙන පරණ සින්දුවකුත් තියෙනවා තරු මල්ලී...

    විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුනු පසු-කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු....කියලා

    ReplyDelete
    Replies
    1. ඒක නම් අහල නෑ අක්කා...

      Delete
  4. බිඳුණු සිතක් ආපහු හරි ගස්සගන්න බෑ :(

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්???????

      Delete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ^_^

    ReplyDelete
    Replies
    1. දැන් එක්කෙනෙක් හ්ම්ම්ම් කිව්වා..මෙයා ම්ම්ම්ම්..කියනවා...මොකෝ දිව උළුක් උනාද..

      Delete
  7. එතකොට ඇත්තට ම ඔසු පලක් වෙන්නේ නෑ..

    ReplyDelete
  8. බිඳුණු බඳුන යළි හදන්න බෑ... වගේ තමයි මේකත්!

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බිදුනු සිතක් කවදාවත් යලි හදන්න බැ

      Delete
    2. @ ලහිරු...හ්ම් එක තමයි..

      Delete
    3. @ සචිත්... සිලාවට...

      Delete
  9. හෆ්ෆා සිරා කතාව හදන්නම බෑනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මොනව කරලවත් බෑනේ....

      Delete
  10. හෆොයි මුලාවේ දානවානේ පටන් ගද්දිම :. :පි

    ReplyDelete
    Replies
    1. වචන නෙවෙයි වරෟණො කැත..හිතයි කැත..... ථදිව ගොඩා..ක් දොට්ට...

      Delete
  11. හරි ඇත්ත තමා කතාව.

    ReplyDelete
  12. හ්ම්ම්ම්...අනේ මන්ද ඉතින්....

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් අනේ මන්දා කියන්නේ...

      Delete
  13. අපි නම් වල් නැහැ ඔන්න
    මට මුල ඉදන්ම හිතුනා මේ කියන්නේ හදවත ගැන කියලා....

    ReplyDelete
    Replies
    1. අම්මපා මාත් වල් නෑ ඕං....

      Delete
  14. හිතක් බිදුනොත් බිදුනම තමා මලයා..

    ReplyDelete
  15. දිනේශ් අයියාගෙ කතාව තමා මටත් හිතුනෙ කියවද්දි.

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...තැන්කූ තැන්කූ...

      Delete
  16. ඇත්තමයි බිඳුන හිතක් සුව කරන්න ගොඩක් අමාරුයි...

    ReplyDelete
  17. චැහ්! රැවටුනා...... මං යනව යන්න!

    ReplyDelete
    Replies
    1. හිකිස්....පවු අෆ්ෆා....

      Delete
  18. අපොයි ඒක නම් ඇත්ත...බිදුන හිතක් කවදාවත්ම ආපහු හාදන්න නම් බැ තමයි..ඒ හිත බිදින්න නැතුව වීදුරුවක් වගේ පරිස්සම් කළා නම් කොච්චර වටිනවද.. එක තේරුම ගන්නේ නැති එකයි වැරැද්ද..:(

    ReplyDelete
    Replies
    1. කීයෙන් කීයද ඕක තේරුම් ගන්නේ....

      Delete
  19. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...