Thursday, May 10, 2012

නැන්දාට වෙඩිමක්......!!!

අල්ලපු ගෙදර ඉන්නවා අපෙ
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්


හැම සතියකම ඇය කරනා
වැඩක් ඇතී
සතියට දවස් තුන හතරක්
සැලුන් යතී
කේ.එෆ්.සී මැක්ඩොනල්ඩ්ස්
වලින් කතී
අඩි තුන හතර ඇවිද්ද තැන
දමයි හතී

නැන්දා වුවත් කියන්න බෑ
නැන්දා කියා
තවමත් පොඩි එකී වාගෙයි
ඉන්නෙ එයා
හුරතල් වදන් මුමුණයි ඇය
තොදොල් වෙලා
හොරෙන් තට්ටු කර දිව යයි
සිනා සලා

නැන්දා නිසා කියන්න බෑ
මට මොනවත්
එනමුත් විටෙක ඇය නම් මට
මහ ඇනයක්
ඇයගේ රුව ගුණට ගැලපෙන
කුමාරයෙක්
සොයලා දෙන්න පවසයි මට
මනාලයෙක්

මමත් ඉතින් හෙව්වා පව්
හින්දා එයා
අනේ කොහෙන්වත් හමු උනෙ
නැහැනෙ මෙයා
සැගවිලා ඉන්නෙ කෙහෙදෝ ඔබ
හැංගි හොරා
අරන් යන්නෙ කවද්ද අපෙ
සිවුරු හොරා

දින තුන්සිය හැට පහම කරනට
වැඩක් නැතී
නිකන් කකා බී සැපසේ
නිදිය හැකී
කිලෝ හාරපන්සීයක්
දැරිය හැකී
සත්ගුණවත් කෙනෙකු සිටි නම්
දහක් වටී

අසනා බලන දකිනා මෙය
සුපෙම්වතුන්
ඇතිවිනි නම් නැන්දා ගැන
පහන් සිතක්
මෙය ලියනා මා ගැන
අනු-කම්පාවක්
වහා එවන්නකො පුරවා
මේල් එකක්

ප.ලි :- සිතුවිල්ලක් පමණයි හරිය.........!!!!

65 comments:

  1. ඉතින් අනේ අයියට ම බැරියෑ ඔය නැන්දාගේ කුමාරයා වෙන්න
    …ආ සත් ගුනවත් බව තමා නේද අයියා අවුල? : P

    ReplyDelete
    Replies
    1. හිකිස්....අනේ ඇයි ඔහොම මට කියන්නේ....

      Delete
    2. හයියූ තරු අයියෝ......

      Delete
    3. ඔයාටත් දුකයිද අග්නි......... :(

      Delete
  2. කිලෝ හාර පන්සීයක් දැරිය හැකී....
    උනත් නැන්දේ මාගේ නම් වයස මදී...

    ReplyDelete
    Replies
    1. අනේ කමක් නෑ අයියේ
      කොහොම හරී
      මාව බේරා දීපන් පිං
      සිද්ද වෙතී

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. nanda galpenne oyata thama.paw aneeee oya kamathi wenna..eyata duka hithei.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔහොම කියන්නෙ..මං පව් නැද්ද අෆ්ෆා.....

      Delete
  5. නැන්ද ඊරියෙක් හරකෙක් වගේ එකක්ද කිලො ්පන්සියක් බර තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අයියෙ..මටත් සුවර් නෑ වගේ...

      Delete
  6. අභිශෙක් බචන් වගේ ඉන්න ඔයාට එයාව හොදටම ගැලපෙනවා........
    එයාගේ තවත් හිත රිදන්නෙ නැතුව කැමති වෙන්න........
    ඒක කොච්චර සුන්දර ආදර කතාවක් වෙයිද??????

    ReplyDelete
    Replies
    1. මගෙ මේ සුදු මූණ බලාගෙන කොහොමද අෆ්ෆා මාව අභිශේක්ට සම කලේ....හලේ...මගෙ පපුව පැලෙයි...

      Delete
    2. නැන්දා තමා එහෙම කිවුවේ..........එයාට මේවා කියගන්න බැරුව ඉන්නෙ ඔයාට....එයත් ඉතින් කැත්‍රිනා කයිෆ් වගේ නේ......

      Delete
    3. සුවර්ද....නැත්නම් සූර්ද...... :දිවදොට්ට.......

      Delete
    4. මාව විශ්වාස කරන්නකෝ ...නැන්දා පල්ලා

      Delete
    5. ඇයි අනේ මං ගැන හිතන්නැත්තෙ ඔයාලා...මම පව් නැද්ද අෆ්ෆා....මම මේක දැම්මෙ වෙන කෙනෙක් හොයා ගන්න..දැන් ඒක කැරකෙන්නෙ මටමනේ...

      Delete
  7. මට පේන විදියට නැන්දට මනමාලයෙක් මේ ආත්මෙදි හොයා ගන්න බැරි වේවි වගේ...පව් අප්පා...දුක තමා රන්ජනී...:(
    හැබැයි පත්තරේක වගේ ඇඩ් එකක් දල්ල බැලුවොත් නරකද ඔය සුදුසුකම් ටික දාලා...:D

    ReplyDelete
    Replies
    1. කොහෙද මේ කාලෙ පත්තරයක් බලන එකෙක් ඉන්නවෑ....මම මේකෙන්වත් හොයාගන්න බැලුවෙ ඒකයි...

      Delete
  8. සැගවිලා ඉන්නෙ කොහෙදෝ ඔබ හැංගිහොරා
    අරං යන්නෙ කවද්ද අපෙ සිව්රු හොරා...
    මේ කෑල්ල නං විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. හී හී....තැන්කූ තැන්කූ......

      Delete
  9. අපිට ඇප්ලයි කොරන්න බැරිද?

    අපිත් කෙල්ලො නැති පෘෂ්ඨිමත් කොල්ලෝ හරිය... :-))

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන්....මාව බේරා ගනින්කො බං පුළුවන්නම්...

      Delete
    2. පව් අප්පා අපේ අරා එයාගේ අතේ රේඛාත් මැකිලා කියලා දුක් ගීයක් ගයනවා මේ දවස්වල ඔය මොකක් හරි එකක් කොරලා දුන්නොත් ඉතුරු රේඛා ටික බේරගත්තැකි තරු අයියේ

      Delete
    3. එළ එළ මම සෙට් කරන්නම්කෝ...............

      Delete
  10. මේ රික්වෙස්ට් එක මීට අවුරුදු විස්සකට වත් කලින් දාලා තිබුනනම්...? එක්කොත් ඕන්නෑ ඔන්න ඔහේ....! ජය..!

    ReplyDelete
    Replies
    1. හී හී ඕකත් වයසක්ද අයියෙ...ඔන්න ඔහේ ට්‍රයි එකක් දාමු...:පී

      Delete
    2. ඇයි යකෝ බොට මාන්දමද..? මම කියන්න ගියේ බුරම්පි සීයා ගැන.උන්දැ මලේ මීට අවුරුදු විස්සකට විතර කලින්.ඔය වගේ වැඩකට අත ගහන්න මම තාම හිච්චි වැඩී බං..! ජය...!

      Delete
    3. අනේ අම්මපා....සොලි හොදේ...ඔයාගෙ හිත රිදුනද....සොලී......

      Delete
  11. මම උඹත් වැඩිය පොඩි එකා තාම.. ඒනිස මටත් බෑ... :)

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒක තමයි අපි තාම පොඩි දරුවොනේ...නේද අයියේ....

      Delete
  12. Replies
    1. පිස්සු හැදෙනවා නේද......

      Delete
  13. හික්ස්... හයියෝ පවු අෆ්ෆා නැන්දා... :P :P

    ReplyDelete
    Replies
    1. හලී.......දුකා.......යි නේද.........

      Delete
  14. මරු මරු :) අර සිවුරු කතාව තේරුනේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. අලේ ඔක ඇත්ත සීන් කෝන් එකක් නෙවෙයි...මම ඉතින් ඔය සිවුරු කතාව කවියට ගැලපෙන්න දැම්මේ...

      Delete
  15. මරු කවි ටික
    නැන්දට මේක පෙන්නුවනම් උන්දැ බොහොම මනාපවෙයි මයෙ හිතේ
    සිවුරු හොරා කිව්වේ....... නැන්දා කලින් සාන්ගික වෙලාවත්ද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...අනේ මට මෙහෙම නැන්ද කෙනෙක් නෑ....සිතුවිල්ලක් පමණි.....

      Delete
  16. එහා ගෙදර අය ඔයා ගැන හිතන හැටිද ;)

    සිරා හැබැයි.. නියමයි..

    සයුරි කිව්ව වගේ සිවුරු කතාව මොකක්ද ?

    ජය !

    ReplyDelete
    Replies
    1. හිකිස්....අලේ ඔය සිවුරු කතාව මට හිතිච්ච දෙයක්..ඇත්ත එකක් නෙවෙයි
      ඔය සිද්ධියත් ඇත්ත එකක් නෙවෙයි...

      Delete
  17. ලස්සන නිර්මාණශීලී කවි සිතිවිලි....හරිම කවි කාරයෙක්නෙ මේ තරූ...විඳින දුකක්....පව් ඈං.....

    ReplyDelete
    Replies
    1. හී හී තැන්කූ තැන්කූ.....

      Delete
  18. හයියූ උයා පවු අප්පා......ඩුකේ බෑ......

    ReplyDelete
  19. පෙනුමට කිලෝ තුන්සීයක් බරට ඇති
    එනමුත් තාම තරුණයි හැට පැනල නැති
    ඔබී අක්කාගෙන් අවසර අරන් ඇති
    ඔබා වගෙ කෙනෙක්නම් නියමෙටම ගති !!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මටත් ඉතින්
      ඕනි එකක්
      මූණ බලන් කිව්වැහැකිද
      මෙහෙම දෙයක්
      කාගෙ උනත් දරුවෙක්නොවැ
      පව්නෙ එයත්
      කවුරුත් නැතිඋනොත් දෙන්නම්
      පණිවිඩයක්

      Delete
  20. හැච පහච් වයචක්ජ ඤංගී කිව්වලු. අච්චර කිචෝ ගානක් උච්චන එක චමයි පච්නෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අලේ...ජිම් එකක් පැත්තෙවත් ගොහින් ඇග හදන් එන්න..

      Delete
  21. Replies
    1. ඈ...බං වර්ණො මොකෝ ගෙම්බෙක් එකක්වත් යාළු උනාද... :පී

      Delete
  22. අනේ නැන්දා පව්

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා දුකේ....බෑ.....

      Delete
  23. හික්ස්ස්.. කවුද බොලේ නැන්දා... අනේ දෙයියනේ...:D

    ReplyDelete
    Replies
    1. හී හී....ඇත්ත කෙනෙක් නෙවෙයි නංගි හිතට ආපු අදහසක් විතරයි...

      Delete
  24. නියම සිතිවිල්ලක්. පාලි කෑල්ල නැත්නම් මම මේල් එකක් දාන්න හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඒක නෑ කියල හිතාගෙන ඔන්න ඔහේ මේල් එකක් දාන්න...

      Delete
  25. මගේ නම් නෙට් ඩිස්කනෙක්ට්...

    ReplyDelete
    Replies
    1. මාරයි නේද අයියේ නෙට් ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි බ්ලොග් එකට ඇවිල්ල කමෙන්ට් දාන්න පුළුවන් එක

      Delete
  26. මේකෙ හැටියට නම් නැන්දාට නෙමේ ආච්චිට වෙඩිමක් වගේනේ.... නාකි මනමාලි...:)))

    ReplyDelete
    Replies
    1. ආච්චි උනත් බැදලා නැත්නම් එයා කෙල්ල හරිය නංගි.

      Delete
  27. ආ.... තරෑ දැන් කපුවෙඩෙත් කරනවද!!

    නැන්දාට කියන්න ජීවිතේ ඔය විදිහටම ගෙවන්න කැමතිනං ඔය අදහස හිතින් අත් ඇරගන්න කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය ඉදල හිටල කරනවා අනේ...ඔයාටත් කපුකමක් කරන්නද...

      Delete
  28. හියැක් හැක් හැක්.... පස්ට සිරා කවි ටික නම්.... :D

    ප.ලි - පුළුවන් නම් ඔය අමතරව තියෙන ඔය එක එක විජට් අයින් කරනව ද.. බ්ලොග් එක ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනවි.. මටත් දැං විනාඩි 5කට වැඩියෙන් ගියා...

    ReplyDelete
    Replies
    1. ඔන්න අයින් කලා.....දැන් බලන්නකෝ....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...