Saturday, April 21, 2012

ජීවිතේ කියන System එක......

ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම
Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ
Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන  ...


මුල් කාලෙ
C වලින් පොඩි පොඩි
Codes ලියලා...ඒවා Compile කරගෙන
ජීවිතේ පුංචියට පටන් ගත්තේ
ලොකු දුරක් යන්න හිතාගෙන..
කාලයත් එක්ක
C++ වලින්
තව කොටස් එකතු කරගෙන
හවසට ඔයත් එක්ක
කෝපි කෝප්පයක් බොන ගමන්
Java වලින් Program ලිව්වෙ
අනාගතේ තවත් ලස්සන කරගන්න...
මම පස්ස ගහනකොට
ඔයා මාවත් ඇදගෙන
VB කරන්න ගියෙ
Javaවලින් විතරක් ගොඩයන්න බෑ කියලා...
අපේ
System එකේ වසන්ත කාලෙදි
මම
HTML වලින් Web Site එකක්
Design කලේ අපේ Program එක
World Wide කරන්න හිතාගෙන...
හැමදේම සම්පූර්ණ කරගෙන
මම
Program එක Run කරන්න
හදනකොටම....
Blue Screen ඇවිත්
Current Short වෙලා
 Heart එකෙන් දුම් දානකොට මම හිතුවා...
ඔයා ගියෙ මගෙ
Heart එකේ
සම්පූර්ණ
Data Base එකම
Hack කරලා Data ඔක්කොම
හොරකම් කරගෙන විතරක් නෙවෙයි
ආයිත්
Program ලියන්න
බැරි වෙන්න
Password
එකකුත්
දාල කියලා.....................!!!!!!!!


25 comments:

  1. Format පාරක් දාලා ආයේ මුල ඉඳන් පටන් ගනිමු මලේ! සැලෙන්න නරකයි!

    ReplyDelete
    Replies
    1. ඒත් Data Base එක හිස්නෙ අයියේ..

      Delete
  2. ඔහොම තමයි මචන් වැරදි requirements වලට ප්‍රෝග්‍රෑම් ලිව්වම වෙන්නේ.. ;) ;)

    ReplyDelete
  3. මේකනම් සිරා ඈ... ආයෙම රී ප්‍රෝග්‍රෑම් කරලා ගමු..

    ReplyDelete
  4. එක තමා කියන්නේ හැම දෙයක් කරද්දී බැකප් එකක් තියාගෙන ඉන්න කියල.කරප්ට් වුන තැන ඉඳල අයෙත් සිස්ටෙම් එක හදන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කවුද බං අසරනයො මෙහෙම වෙයි කියලා හිතුවෙ....මාත් අසරණ උනා...

      Delete
  5. Some thing different i guess.....nice wrk....:)

    ReplyDelete
    Replies
    1. යැප්ස්....ලිට්ල්බිට්....

      Delete
  6. මුලක ඉදන් reprogramme කරල බැලුවොත් හරි යයි නේද..

    ලස්සන වැඩක්...තරු

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කුමාරිහාමියෝ මාත් බැලුවේ....

      Delete
  7. අයියෝ..... මම මේ C# programme එකක් කරන්න ගිහින් පිස්සු හැදිලා ඉන්නේ... තරු අයියේ.... උදව්වාක් !!! :D

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවනෙ නංගි මගේ System එකම අවුල් වෙලා කියලා මේ දවස් වල...

      Delete
  8. හෆ්ෆා.. C කරන කාලෙ ඉතිං මාරම අඅතල්නෙ..;) හරිම ශෝයි..හුරතල්.. ඊටපස්සෙ C++,Java එහෙම කරලා, Database හදාගෙන එහෙම වැඩ කරද්දි තමා එපා වෙන්නෙ.. අන්තිමට system එකම අවුල් ගිහින් තමා නවතින්නෙ..:/ ඒ නිසා මුල ඉදන් ඔක්කොම හරියට එපා වෙන්නෙ නැතිවෙන්න යන්න ඕනෙ හෆ්ෆ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නංගියෝ...එපා තිත්ත වෙනවා

      Delete
  9. He he.... :D Mulu PC 1ma format karala, refresh krla blnna ayye. System1 awul karaganna epa... :)))

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. හී හී මාත් මේ බැලුවෙ ඔයා කිව්ව එකවත් කරල බලන්න තමා...හලියයිද කියල තමා සුවර් නැත්තේ...

      Delete
  10. ඕක ෆෝමැට් කරලා දාපන් බන් හිත හිතා ඉන්නැතිව, කෝකටත් කියලා මිට පස්සෙවත් බැකප් එකක් තියාගනින් ;)

    ReplyDelete
  11. කට්ටිය කිව්වට ෆෝමැට් කරන්න කියල එහෙම කරන්නෙ කොහොමද.. නේද?
    ඒ වුණාට ඉතිං මගෙ තියරියත් යන අයට යන්න අරින්න කියන එක තමයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් යන අය කොහොමත් බලෙන් තියා ගෙන වැඩක්නෑ ඉඩක් ලැබුන ගමන් යනවා....

      Delete
  12. ආව්ව්ව්ව්... මේක ෂෝයිනේ...

    //සම්පූර්ණ Data Base එකම
    Hack කරලා Data ඔක්කොම
    හොරකම් කරගෙන විතරක් නෙවෙයි
    ආයිත් Program ලියන්න
    බැරි වෙන්න Password එකකුත්
    දාල කියලා.....................!!!!!!!!// මේ ටිකට තමයි මම ආසම :D

    ReplyDelete
    Replies
    1. ඈ........කිව්ව පරක්කුවෙන් ඇවිත්නේ.....ටැන්කිව් ඈ.....

      Delete
  13. please use the sandbox! ;)
    කිසි කරදරයක් නෑනේ බං! ;)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...