Monday, April 30, 2012
තමන්ගෙ ගෑනිගෙ 'හෙළුව'....
ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය.
ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ බසයේ පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ
මෙවෙලේය. "පුතේ දුර බලන්න කලින් ලග බලපං" මම බසයේ හතර වටේ බලන්නට කලින් ලග බැලුවානම් මීට කලින් මගේ වෙහෙස නිවෙන්නේය. මට මොහොතකට සිතුනේ මම මේ බස් රථයකට රිංගුවේද නැතිනම් හනිමූන් කපල් එකක් සිටින හෝටල් කාමරයකට වැරදිලාවත් රිංගුවාද කියාය. සිද්ධිය ඒ තරම් ජුගුප්සාජනකය. (මේ තේරුම එහෙම අහන්න එපා) මගේ ඇගේ මයිල් ඉස්මයිල් වී ගියේය.
ලැජ්ජ බයට හැදුනු කොල්ල නිසා එක එල්ලේ බලන්නටත් බැරිය. කොච්චර උත්සහ කලත් නොබල සිටින්නටද බැරිය. උන්ට හොදනම් අපිට පාංද. මම බසයේ අනිත් අයට හොරෙන් ඒ දෙස බලන විට බසයේ අනිත් අය මට හොරෙන් ඒ දෙස බලයි. සාකච්චා මාර්ගයකට පැමිණියානම් සියල්ලන්ටම සහයෝගයෙන් මෙය නැරඹිය හැක. උං මේ දර්ශණයට විරැද්දව කසු කුසු ගාන ගමන් හොරෙන් ඒ දෙස බලයි. මගේ ලග සිටි කොල්ලා මට තට්ටු කර ඇසකින් ඉගි මැරීය. උගෙ හිතේ මා ෆිල්ම් එක නොබලනවා කියාය. ඒවා හදේය. මාගේ සියළු ඇන්ටනා ඇතුළුව සියළුම චුම්බකයන් ඒ වෙත ඇදී ගොස් හමාරය. මම ඌට නෝන්ඩි හිනාවක් දැම්මෙමි. මාත් සමග ෆිට් වූ කොල්ලා සමග විවිධ දේ කතා කරමින් සහයෝගයෙන් ෆිල්ම් එක නැරඹුවෙමි. මුදල් මත පදනම් නොවී කිසිදු වෙළද දැන්මීමකින් තොරව විකාශනය වූ මෙම චිත්තරපටිය දැන්නම් එහි උච්චතම ස්ථානයට පැමිණ තිබේ. මෙහි ප්‍රධාන නළුවා අනිවාර්යෙන්ම හොර කරන්නට ඇත. සාමාන්‍ය මනුස්සයෙකුට මෙතරම් වෙලා දරාගන්නට නොහැකිය. මම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සිටියානම් අනිවාර්යෙන්ම මොහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරවමි. මොහු අනිවාර්යෙන්ම තහනම් උත්තේජක ලබා සිටිය යුතුය.
මේවන විට නම් එක තත්පරයක්වත් අපතේ නොහැරිය යුතුය. අන්තිම චුට්ට හොදම චුට්ටය.මුළු බස් රථයම වාගේ කසු කුසු ගාන්නේ මෙම චිත්තරපටිය ගැනය. වයසක ඇන්ටි කෙනෙක් "අනේ අපොයි" කීවාය. ඇය දුන් මුදලට උපරිම තෘප්තියකට නොපැමිණියා විය හැකිය. කොල්ලන් වශයෙන් අප නම් අපගේ උපරිම තෘප්තියේ අන්තිම ඩින්ගිත්තටද පැමිණ සිටියෙමු. නමුත් නලුනිලියන්ට නම් වගේ වගක් නැත. උන් උන්ගේ පාඩුවේ රංගන කටයුතු වල යෙදෙයි. අපි අපේ පාඩුවේ නැරඹුම් කටයුතු වල යෙදුනෙමු. මද වේලාවකින් මට ඉදගන්නට සීට් එකක් ලැබුණි. මට ඉදගන්නට බැරිය. ඉදගත්තොත් චිත්තරපටිය අපරාදේය. ඉදනොගෙනද බැරිය. අවසානයේ කොන්දොස්තර මාමාගේ බලවත් ඉල්ලීම පරිදි ඉදගන්නට සිදුවිය. ඉදගත්තද මගේ සැටලයිට් සියල්ල ඇත්තේ චිත්තරපටිය දිසාවෙනි. රූප නොපෙනුනත් හඩනම් හොදටම ඇසේ. අත්දැකීම් සම්බාරයක් ඇති නිසා හඩ ඇසීමෙන් රූප මවා ගත හැකිය. නමුත් තාත්වික ගතියක් නැත. ඔළුව හරවන්නටම සිතේ. එහෙත් ලැජ්ජාව එසේ කරන්නට දෙන්නේ නැත. දැන් නම් මම බහින තැනද ලංවෙමින් තිබේ. මගේ සිත දුකින් පිරී ඉතිරී ගියේය. ආයි කවදා මෙහෙම චිත්තරපටියක් බලන්නද. මම නැගිට ඉදිරියට ගියෙමි. චිත්තරපටියට අවසාන බැල්මද හෙලා නරඹන්නට සිතින් සුභාසංසනය කර ඉක්මන් කර බැහැ ගතිමි.
හැමදාම කතාකරන මාතෘකා වලින් ටිකක් වෙනස් වෙන්න හිතුනා. මෙහෙම ලියන්න හේතුව මේ ලගදි ලැබුනු මගේම අත්දැකීමක්. මෙතනදි මට කියන්න ඕනි උනේ..ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ. මොකද්ද මේකට හේතුව.
තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක් අන්තිම සීට් එකේ යන එක වැරුද්දක් නෙවෙයි. ඒත් ඒ සීට් එක තමන්ගෙ ගෙදර ඇද කරගන්නෙ මොකටද. එහෙම කරගන්න ඕනි නම් ඒවට වෙනම තැන් තියනවනේ. මෙහෙම හැසිරෙන අය ඇත්තටම ආදරේ කරනවාද. තමන්ගේ ගෑනිගෙ ආත්ම ගරුත්වය බල්ලට දාලා තමන්ගේ ආසාවන් සන්සිදවාගන්නේ මේ මනුස්සය ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නිසාද. මේක මේ තනිකරම මිනිහගෙ විතරක් වැරුද්ද නෙවෙයි. ගෑනි දැනගන්න ඔනි මිනිහව හදාගන්න. තමන්ගේ මනුස්සයා , තමන් පනටත් වඩා ආදරය කරන කෙනා උනත් ලෝකෙම ඉස්සරහ ඒ කෙල්ලගෙ නිරුවත පෙන්නනවනම් ඒ මනුස්සයට ඇති ආදරෙන් පලක් නෑ. තමන්ගෙම සිහින ලෝකෙ තනිවෙලා ඉන්නකොට සමහරවිට වටපිටාව ගැන වැටහීමක් නැතුව ඇති. ඒත් අපි තිරිසන්නු නෙවෙයිනේ. ඔළුවක් කියල එකක් තියනවනේ. ඉතින් මම මේ හැමෝගෙන්ම අහන්නේ. මෙහෙම හැසිරෙන එක හරිද.....
Subscribe to:
Post Comments (Atom)
අනේද කියන්නෙ, මටත් වෙලා තියනවා එකපාරක් මොරටුව පැත්තට යද්දි නිවාඩු දවසක. මොනව කොරන්නද, වෙන එකෙක් හිටියනන් කියන්නෙ බෆර් කරන්න ඕනෙත් නැතුව ගින්නක් නැතුව හයි ස්පීඩ් බැලුවා කියල!
ReplyDeleteහෆෝයි.......
DeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි බස් රථ වල මෙහෙම හැසිරෙන එකේ කිසිම නිවැරදි කමක් නැහැ. එත් තමන්ගේ හැගීම් පාලනය කරගන්න අහිංසක කෙල්ලෝ බිලි දෙන්න ඔය ගහක් ගලක් ගානේ තියන කාමර වලට එක්ක යනවාට වඩා එක හොදයි.
Deleteඒ කතාවෙ ඇත්තක් නැතුවම නෙවෙයි..ඒත් මේ වගේ පොදු ස්ථානයකදි මීට වඩා සභ්‍යත්වයක් තියෙන්න ඕනි නේද..
Deleteසහතික ඇත්ත වගේම කමෙන්ට් විදියට කියන්න තියෙන හැමදේම ඔයා කියලත් තියෙනවා.. මෙතන තියෙන්නෙ ආදරය නෙවෙයි තනිකර රාගය. දෙන්නගෙන් එක්කෙනෙක් හරි බුද්ධිමත් වෙන්නෝන!
ReplyDeleteඅනිවාර්යෙන්ම.., විශේෂයෙන්ම කෙල්ල සෑහෙන බුද්ධිමත් වෙන්න ඕනි..
Deletea/c බස් ඒකක පිටිපස්ෙස් ඉන්නව කියන්ෙන් සෑෙහන ෙග්මක් ෙදන්න ඔ්න වැඩක් උණු හින්දා ෙබාන්නත් බෑ කිරි හින්දා ෙනාබිත් බෑ හිකිස්/.
ReplyDeleteඒත් ඉතින් ඔච්චර අමාරුනම් යන්න තැන් තියනවනේ...
Deleteඋබ නම් කියයි,ඕවට ගිහින් මාට්ටු උනාම හෙන කෙස්(ලු) ඈ...... ඒ වගේද,බස් 1කක ගියාට කිසි කුණක් නෑනේ......... හී හී
Deleteමම හිතුවෙම ආලිංගන වලට පමණක් සීමා වෙන්න ඇති කියලා බැලින්නම් බොලේ මුං එතන ලමයි හදන්නත් ගිහිල්ලනේ... ඒක නෙමේ අයියේ දුර ගමන් සේවා බස් එකක්වත්ද?? මුං සද්දත් දැම්මද?? ඇත්තටම එතන ආදරයක් නෑ මොකද තමන්ගේ කෙල්ලගේ ගරුත්වය ගැන චුට්ටක් හරි හිතන්න තිබ්බා මනුස්සයෝ උනාම මේවා වෙනවා තමයි ඒත් ඉතින් ඒවට තැනක් වෙලාවක් තියෙනවානේ...
ReplyDeleteකරන දේ තැන නොතැන බලලා සීමාවක් සහිතව කරනවා නම් හොඳා බස් එකක දෙන කිස් එකක් ගැන නම් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.... ඇති අය සැනසෙත් නැති අය හූල්ලත්.. මෙහෙම යන්න ඉන්න ඈයෝ ටිකක් කල්පනා කරානම් හොඳා කවදහරි මේ කෙල්ලට තනියම මේ බස් එකේ යන්න උනොත් මොන වින්නැහියක් වෙයිද කියලා
අනිවාර්යෙන්ම ගැමියො..කවදහරි මේ කෙල්ල තනි උනොත් එයා ලගට එන අනිත් උන් බලන්නෙත් උංගේ වැඩේ කරගන්න මිසක්..ඒකිට ආදරේ කරන්න නෙවෙයි..
Deleteඅප්ෆා බං.. ඇමරිකන් පයි බැලුවා වගේ.. කොල්ලා තවත් හිටගෙන හිටියනං විනාසයි :)))
ReplyDeleteආලය අන්ධයිලු... ඒත් මට නං හිතෙන්නෙ මුං මෝඩයිලු. :/
මටත් මතක් උනා ඇමරිකන් පයි...
Deleteමට නම් හිතෙන්නේ ,ආදරය නෙවෙයි, ආදරවන්තයොයි අන්ධ.........
Delete~~**දඟ මල්ල**~~~
ගණන් ගන්න එපා බන් මේ 2012නේ :)
ReplyDeleteඒත් මේක තාම ලංකාවනේ...
Deleteහපුයි ඩෙයි හාමුඩුලුවනේ.......:/
ReplyDeleteඇයි අලේ ඔයාට බයහිතුනද.....
Deleteඕක ට්‍රෙන්ඩ් එකක් යාලුවේ.
ReplyDeleteමම දේන් බටහිර රටක අවුරුදු ගානක් ජීවත් වෙන කෙනෙක්.
හැම තැනම ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා.
කිසි කෙනෙක්ට ගානක් නැහැ.
ඕක මොනතරම් අසික්කිතයි කියල ලන්කාවෙදි හිතුවත් මෙහෙනම් ඕක ගානකුත් නැහැ.
ගෑනිගෙ හෙලුව පෙන්නන එකත් මුන්ට නම් විලාසිතාවක්.
කොටට ඇඳපු යටට ඇඳල නැති සුද්දියො ඕනෙ තරම් දැකල තියෙනව. උන්ට ගානක්වත් නැති එකයි පුදුමෙ.
ඒක් ඇත්ත ඒ රටවල් වලදි..ඒත් අපි තාම ජීවත් වෙන්නෙ ශ්‍රී ලංකාවේ..
Deleteහොද වෙලාවට මලයට වාඩි වෙන්න සීට් එකක් හම්බුනේ... නැත්නම් කූඩාරම් ප්රශණ..
ReplyDeleteඒක නම් ඇත්ත අයියා....
Deleteවිශ්වාස කරන්නත් අමාරුයිනේ...ඔච්චර දේවල් කරන්න පුලුවන්ද බස් එකකදී? මම හිතන්නේ අන්තයටම යන්න නැතුව ඇති නේද? හපොයි :0
ReplyDeleteහි හි හී... ඔය කියන විදිහට නම් අනන්තයේ කෑලිත් නැතුව අති.
Deleteමීට අවුරුදු 7 - 8 කට කලිනුත් මම ඔයිට වඩා දේවල් දේවල තියනව, මම හිතුවේ බස් වල දැන් ඔය වගේ සීන් නැතුව අති කියලා.
තරුවට තිබ්බෙ සල්ලි කීයක් හරි දීල ඒ දෙන්නව නිවැරදි තැනකට යොමු කරන්න.
@ සයුරී..නෑ නෑ එච්චරම වෙන්න නැතුව ඇති..මම ඉතින් එහෙන් මෙහෙන් දැක්ක ඒවනේ...
Deleteකොහොම උනත් උඹ දැක්ක දේ ඒ විදියටම අපටත් දීල තියනව.
ReplyDeleteහ්ම්....කාලෙකින් දැක්කෙ මේ පැත්තේ..
Deleteඔහ්.... යේ... පිස්සු හැදෙනවා!
ReplyDeleteරාජ් අයියා කිව්ව වගේම සිරාවටම දීලා තියෙනවා!
පිස්සු හැදිලා ආයිත් හැදෙනවා...
Deleteමාත් දැකල තියනවා ඇත්තටම ඒ වගේ දෙයක් දිහා බලන් ඉන්න එක නම් හරිම අමාරුයි ..
ReplyDeleteඒ වගේ ඉන්න රූමස් ඕන තරම් තියනවනේ ගියානම් ඉවරනේ ,
හ්ම් එක තමයි...
Deleteරාගය රාගය තනිකරම රාගය, කොටින්ම කිව්වොත් "පොර අමාරුව" රූම් එකකට යන්න පුලුවන් රු.600 ඉදන් බොක්ස් එකකට යන්න පුලුවන් රු 500 ඉදන් බස් එකේ ඉදන් ඔය ටික කරගන්න යන්නෙත් ලාබෙට ඔය ටික කරගන්න .පොඩි එකෙක් එක්ක අම්මා කෙනෙක් නැග්ගොත් ඉතින් අනාතයි.......
ReplyDeleteඑතන පොඩි එවුනුත් හිටියා..
Deleteබස් මල්ලි සින්දු දානවා විතරයිනේ.. ඉතින් ඒ දෙන්න චිත්‍රපටිය පෙන්නුවා. මන් හිතන්නේ මිනිසු තමුන් දකින දේ වැරදි නම් එක්කෝ කතා කරලා එක වෙනස් කරන්න ඕන එහෙම නැත්නම් අහක බලන් ඉන්න ඕන කියලයි..ලජ්ජා නැති විදිහට හැසිරෙන අය වගේම ඒවා බලලා කට වහන් ඉන්න අයත් ඒවායින් අවලම් ප්‍රීතියක් ලබනවා ..ඕක මනුස්ස ගතිය තමයි.. මනුස්සයාගේ ඇතුලේ ඉන්න තිරිසනා ඉස්මතු වීමේ ස්වභාවය !! මට මතකයි කුරුනෑගල නගරේදී එක දවසක් මහා දවල් දෙනෝදාහක් මිනිස්සු බලන් ඉඳිද්දී ගැහැණු ළමයෙකුට අතවර කළා කියල පුවත් පතක තිබුනා. එතන හිටියේ ඔක්කොම අන්දයෝද ?
ReplyDeleteඅයියා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඒවට කට පියන් ඉන්න අපිත් වැරදියි.. හැබැයි අර අතවරකරනවා වගේ නෙවෙයි මෙතන..මෙත්න හැමදෙයක්ම කරන්න ඉඩදුන්නෙ කෙල්ල සම්පූර්ණ කැමැත්තෙන්.
Delete"ආදරය රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි"
ReplyDeleteමේක පුහු වාක්‍යයක් ද කෝහෙද. හික්ස් :)
බස් වල ඕවා වෙනවා කියලා දැකලා තිබ්බට ඒ තරම්ම ලොකු දේවල් වෙනවා කියලා අහලා නෑ. ඔන්න දත් ගලවන එවුන් නම් දැකලා තියෙනවා.
හිකිස් අයියත් දත් ගලවල තියද..
Deleteකොහේ යන බස් එකක්ද දන්නෑ නේ ? ? ?
ReplyDeleteමේ කොළඹ එන එකක් චූටි..
Deleteයකෝ මෙතන කොමෙන්ට් දාන ඔක්කොම ඕව දැලක විතරද තියෙන්නෙ. එකෙක්වත් කොරල නැද්ද ඈ????
ReplyDeleteඔන්න මම නම් කොරලත් තියනව
නෑ අම්මපා..මමනම් තාම පොඩි එකා...
Deleteසදාචාරාත්මක කෝණයෙන් නරකයි...නමුත් අදාල පුද්ගලයාගේ කෝණයට ඒ සදාචාරාත්මක කෝණයේ සීමාමායිම් නොපෙනෙන්නට ඇති
ReplyDeleteවෙන්න ඇති ආලය අන්ධදයිලුනේ....ඒත මේ ආලයද කියලයි සැක...සමහරවිට රාගයත් අන්ධ ඇති..
Deleteසම්පූර්ණ වැරදියි....... :(
ReplyDelete~~**දඟ මල්ල**~~~
හ්ම්...ඒක තමයි...
Deleteහෆ්ෆා... අනේමංදා.. A/C බස් වල ඕක හෙන සුලභ දර්ශනය්ක්ලුනෙ.. මම කලිනුත් දැක්කා කීපදෙනෙක් ඔය ගැන ලියල තිබුනා.. බුකියේ එහෙමත් දාලා තිබ්බා.. තමන් ඉන්නෙ කොතනද? කරන්නෙ මොනාද කියලා අවබෝධයක් නැතිවෙන්න තරම් හැඟීම් වලට වහල් වෙන එක මන් හිතන්නෙ ලොකු ප්‍රශ්නයක්.. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ..
ReplyDeleteවෙන්න ඇති.....ඔක්කොම අමතක වෙනවා ඇති..
Deleteඔච්චර දරුනු විදියතැ හැසිරුනානම් මට හිතෙන්නේ.... ආදරේ කරන් දෙන්නෙක් වෙන්න බෑ..... හුදෙක් ආශාව මත පදනම් වෙච්ච අනියම් සම්බන්ධයක්
ReplyDeleteමටත් හිතෙනවා....
Deleteවැරදි වැරදි... ආදරය තියෙන්නේ ඕන ඇඟ දිහා බලල ඇහැ සතුටු කරන්න නෙමේ... ආදරය හරිම උතුම් දෙයක්... මේ මෝඩ කොල්ලෝ කෙල්ලෝ නොතේරුම් කමට කරන දේවල් නිසා අන්තිමට නරක නම එන්නේ දෙමව්පියන්ට... බැරි වෙලාවත් කෙල්ලගේ අඳුනන කවුරුහරි එක්කෙනෙක් එවෙලේ බස් එකට නැග්ගනම් ආයේ ඉඳලා වැඩක් නෑනේ.. අනික අසිහියෙන් ඉද්දි කවුරු නැග්ගත් එයාලට පේන්නෙත් නෑනේ... මේක එකිනෙකාගේ ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රශ්නයක්....!!!
ReplyDeleteඒක තමයි නංගි..ඒ කොල්ලට කෙල්ලගේ ආත්ම ගරුත්වය ගැන කිසිම තැකීමක් තිබුනෙ නෑ. ඒ පිට කෙනෙක්නෙ.කමක් නෑ කියමුකෝ. කෙල්ලටවත් එහෙම එකක් තියද කියලවත් ගානක් තිබුනේ නෑ....
Deleteඕව ටික කාලයයි.. යාලු උන අලුත තමයි ඔය තරම් තදියම. පස්සෙ කාලෙක අතින් අල්ලගන්නෙත් කෙල්ලගෙ බලේට.
ReplyDeleteසිහිනෙ අත්දැකීමෙන්ද මන්ද කිව්වේ....
Deleteඔව් ඔය සැබෑ සෙනෙහස නෙවෙයි...ඉක්මන් කෙටි සම්බන්ධකම් තියෙන අය තමයි ඔතරම් නටන්නෙ..
ReplyDeleteමෙ තරුව කෙන්තියෙන් පිපිරෙන්නයි යන්නෙ
හ්ම්.....වෙන්න ඇති...
Deleteමේ... මටද මේ කේන්තියෙන් පිපිරෙනවා කිව්වෙ...
අලේ නෑ අනේ මට කේන්ති ගිහින් නෑ...
නිකන් හම්බෙන අස්පයොන්ගෙ දත් ගයින්නේ මක්කටද බොල? හික්ස්!
ReplyDeleteබලාගෙන ගිහාම ඒකත් ඇත්තද මන්දා......
Deleteමටත් ඒ කටාවට like කරන්න හිතෙනවද මන්දා......
Deleteමූ හොඳට බලල දැන් වරදිලු.හික්ස්
ReplyDeleteකතාව ඇත්ත මමත් අනන්තවත් දැකල තියෙනවා ඒ වගේ දර්ශන හැබැයි ඔය විදියට බලන්න වාසනාවක්නම් ලැබිල නෑ බැලුවා අහක බලාගත්තා. අනේ අපිටනම් ලැජ්ජයි.
අනේ මාත් එහෙම තමයි බැලුවා අහක බලාගත්තා..බැලුවා අහක බලාගත්තා.....etc..
Deleteමම නම් හිතන්නෙ ඕව නතර වෙන එකක් නෑ.....
ReplyDeleteහ්ම් ඒක තමයි...
Deleteහැමදාම බස්වල ගමන් යන් අපේ එකෙක් බස්වල යන්න හේතුව විදිහට කිව්වෙත් ඒවා හොඳටම බලන්න පුලුවන් වෙන එක :D
ReplyDeleteකොහොම නමුත් මේ වගේ දේවල් නෙමෙයි ඕනෙම වැඩක් කරන්න කලින් තමන් කවුද ? තමන් ඉන්න තැන මොකක්ද ? කරන්නේ මොනවද ? මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද ? කියන එක හිතලා බලලා කටයුතු කළොත් වටිනවා
කතාව ඇත්ත...ඒත්....
Deleteඕක ගැන එච්චර හිතන්න එපා කියන එකයි මං කියන්නේ.. හෝටල් කාමර ගානේ යන්නේ නැතුව මෙහෙම ෂේප් වෙන එකත් ලොකු දෙයක් නොවැ.. හැබැයි ඉතිං වට පිටේ ඉන්න අය ගැනත් පොඩි අවධානයක් ඇතුව ගියොත් තමයි හොඳ..
ReplyDeleteමට මතකයි දවසක් (මං චූටි කාලෙ) කෙල්ලෙක් එක්ක A/C බස් එකක යනකොට (තරු වගේ) එකෙක් අපේ දිහා විනාඩියට 60 වතාවක් විතර බලනවා.. මිනිහා මුල ඉඳං ම සැට් වුණේ පිචෑර් එකක් බලන්ට.. අහෝ ඛේදයකි..! අපි දෙන්නා අතින් ඇල්ලුවාට වැඩිය දෙයක් කොළේ නෑ.. මං කෙල්ලට (ඒ කාලෙ කෙල්ල) කිවුවා අනේ පවු අර මනුස්සයා නැඟපු වෙලාවෙ ඉඳං මේ පැත්තට රබර් ඇහැ දානවා.. එයා දීපු උත්තරේ නං මං කියන්නේ නෑ..!
අලේ අයියෙ මම ඉතින් එහෙම බලන්න ගියෙ නෑ..මේක මේ බලෙන්ම වගේ පෙන්නුවනේ....
Deleteකතාව සහතික ඇත්ත තරු.. කොල්ලෙක් තමන්ගේ කෙල්ලට හරියටම ආදරේ කරනවානම් කවද හරි දවසක ඒ කෙල්ලව කසාද බඳිනවනම් තමන්ගේ ළමයි එක්ක පාරේ බැහැල යන්න හිතනවානම් කීයටවත් එහෙම කරන්නේ නෑ
ReplyDeleteඅනිවාර්යෙන්ම....බොහොම ස්තූතියි...
Deleteනරක සමනලයා :/ :පි
ReplyDeleteහලි නලකයි සමනලී........ :පී....
Deleteඔය වගේ වැඩ වලින්වෙන්නෙ , පිරිසිදු සිතින් බස් එකක ජෝඩුවකට වත් කතා කර කර යන්න බැරි වෙන එක. බස් එකේ කොන්දොස්තර දැන ගන්න ඕන,ඕව නවත්වන්න.
ReplyDeleteහ්ම්....ඒක ඇත්ත....අපි වගේ මල් වගේ දරුවො කොච්ච්ර නරක් වෙනවද අෆ්ෆා......
Deleteහත්තිලව්වයි. මොනව වුනත් සිද්දිය විස්තර කරල තියෙන විදියට අපිටත් රූප මවාගත්තැකි :D
ReplyDeleteහිකිස්.....
Deleteමට නං කියන්න තියෙන්නේ උන් දෙන්නාගෙන් එකෙක්වත් කවදාවත් උන් දෙන්නට දෙන්නා ආදරය කරපු එවුන් දෙන්නෙක් නෙමෙයි. උන්ට තිබිලා තියෙන්නේ තනිකරම වනචර කම විතරයි. ඇත්තටම ආදරේ කරනවානං බස් එකක ඔහොම හැසිරෙනවා තියා කසාද බඳින්න කලින් හෝටල් කාමර ගානෙ යන්නෙත් නෑ. මොකද, ආදරේ කරන්න පුළුවන් අනිකා ගැන ගෞරවයක් තියෙනවා නං විතරයි. ඒක තමයි ආදරේ කියන්නේ.............
ReplyDeleteහ්ම්...ඒ කතාව ඇත්ත...
Deleteහපුච්චියේ.....මේ අහිංසක අපිනම් ඕව දැකලත් නෑ....අහලත් නෑ.....
ReplyDeleteඅම්මපා.....පවූ..............
Deleteමේ රටවල අපිට නම් ඕවා දැකල දැකලම සමාන්‍ය දේවල්...ඒත් ලංකාවෙ එහෙම නෙවේ කියල කියන උදවිය ඇයි ඒ වගේ දෙයක් දැක්කාම හොරෙන් බල බල රහස් කතා කර කර ඉඟි මර මර ඉන්නෙ?
ReplyDeleteබස් එකක් කියන්නෙ පොදු වාහනයක් නේද? එහෙනම් ඇයි ඒ බස් එකේ රියදුරා හරි කොන්දොස්තර හරි ඒ ගැන පියවරක් ගන්නෙ නැත්තෙ?
ඇයි පොඩි ලමයිනුත් ඉන්න බස් එකක අනිත් අය සද්ද නොකර ඉන්නෙ?
හපුච්චියේ කිරිල්ලියෙ මම ඔය කියවන්න හිතෙන්න ඔහොම ලිව්වට මම ඕවා බලන්න ගියෙ නෑ...දැක්ක දේයි ලිව්වේ...
DeletePatta Oiii.. ubee antanaa gena api danne nadda baaan :D :D
ReplyDeleteඔව් ඉතින් අපි එකටනේ බස් වල ගියේ....නැද්ද මං අහන්නේ...
Deleteබස් ගැන කවර කතාද !!! මමනං මුකුත්ම කියන්නේ නැහැ ඔන්න !!! :))
ReplyDeleteඅම්මපා නේද....
Deletemama inna rateth kello kollo pare hamaba unama kiss karanawa eth podu wahanawala podu thanwela naraka vidihata hasirenne naha denna kiss karai ath patalawagena seethale guliwela yaddi dakkama lassana dasunak misa oya wage nam naha un kawadawath kellawa maha pare niruwath karanne naha un aththatama kamathi naha adare karana kellege anga anith un balanawata
ReplyDeleteහුකනවා කියන්නෙ කුනුහරුප දෙයක් නෙවෙයි අමු හෙලුවෙන් ඉන්නවා කියන්නෙ සාමාන්‍ය දෙයක් මම පිටරට ඉස්කෝලෙක ලිංගික අධ්‍යාපනය උගන්නන හැටි බලලා තියනවා ප්රංස වෙබ් සයිට් එකකින් එහෙ ලමයින්ට කෙලින්ම පෙන්නන්නෙ අමු අමුවෙ පුල් හෙලුවෙං හුකන හැටි www.entnt.com තව එකක හරියටම තියනවා එත් අැඩ්රස් එක සුවර් නැ www.pornuska.com වෙන්න අැති
ReplyDeleteඋදේ හය හමාරට විතර ඇහැලියගොඩට එන රත්නපුර කොළඹ බස් එකද :')
ReplyDelete