Monday, March 19, 2012

කාට කියන්නද....

බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු

පෙනෙන දැනෙන මානයක
හමු නොවුනි...
අවසානයේ සියල්ලම
ඔබට පැවසුවෙමි...
සිත තිබූ හැගීම්, දැනීම්,
ගැටළු සියල්ලම පැවසුවෙමි...
සිතට දැනුනු නිදහස
කියා නිමකල නොහැක...
වෙන කාට පවසන්නද
ඔබට හැර...
සෙමෙන් හුස්ම ගන්නා
හඩක් ඇසේ...
තවත් හොදින් සවන්
යොමු කළෙමි...
අහෝ ඛේදයකි;
ඉරකි, තිතකි...
ඔබ සුව නින්දකට
එළඹ සිටී..........!!!!!!!

30 comments:

  1. Replies
    1. පිස්සුද අයියේ...එහෙම සැලෙනවද....

      Delete
  2. හොද සවන්දෙන්නිය හොයාගන්න ඕන කියන්නේ ඕක තමයි මල්ලී..

    ReplyDelete
    Replies
    1. හම්බවුනොත් මටත් කියන්න ඈ.....

      Delete
  3. එච්චරටම කම්මැලි සීන් එකක් ද...

    ReplyDelete
    Replies
    1. මට නම් එච්චරම කම්මැලි නෑ....

      Delete
  4. එහෙනම් ආයේ මුල ඉඳන්ම පටාං ගන්න!

    ReplyDelete
    Replies
    1. හරිම අමාරු වැඩෙත් ඒකම තමා...

      Delete
  5. මට නම් මේක බ්ලොග් එක ගැන කියපු කවියක් වගේ හිතෙන්නේ... ඒත් අන්තිම ටික ගැලපෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මුල් ටික කියෙව්වහම නම් ඒ වගේ තමයි...ඒත් ඇත්තටම...

      Delete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... මොනා කඉයන්නද මංදා.. කියන්න ඕනෙ හුඟාක් දේවල් මම කිව්වා.. :( අනේ මංදා.. කාලය තමා එකම පිළිසරණ

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි ඔයා මේ ගැන ගොඩක් දේවල් කියලනෙ තියෙන්නේ...

      Delete
  7. මම නම් මොනාත් කියන්නේ නැතෝ..:D

    ReplyDelete
  8. අම්මෝ!!! මම නං නෝ කතා නෝ සිනා

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඈස් යූ විෂ්....

      Delete
  9. හ්ම්ම් හ්ම්ම්.. අනේ මන්දා ඉතින්...

    ReplyDelete
  10. කවි ලිවිම හොඳයි

    ReplyDelete
  11. අහෝ දුකි ඉරකි තිතකි..:)
    මම සැහෙන්න පරක්කුයි යාලු..මම බ්ලොග් පැත්තේ එන්නේ නැතුව හිටිය නිසා මේ පැත්තේ ආවේ නෑ එත් ආපු වෙලාවේ මේක දැක්කම නම් සද්ද නැතුවම යන්න හිතුනේ නෑ හොදේ..:)
    යාලුට..හොද සවන් දෙන්නෙක් හොයන ඉන්න වෙයි වගේ දුක කියන්න...
    නැත්නම් වෙන්නේ දුක හිතේ තියාගෙන විදවන්න තමා වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....බලමුකො ඉස්සරහට...

      Delete
  12. ඉවසන්න.ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එක නේ.

    ReplyDelete
  13. සමහර වෙලාවට අපිට හිතෙන දේවල් කාටවත් ම නොකියා ඉන්න එක වටිනවා..
    ඔන්න මාත් මේ පැත්තේ ආවා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.....ආයිත් එන්න මේ පැතතේ.....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...