Monday, March 12, 2012

තවත් දවසක් ඉතින්....



තවත් දවසක් ඉතින්

ගෙවෙන්නට ලගයි දැන්...
සිත මගේ පවසනවා
හෙමින් රහසක් හොරෙන්...
ඇහෙන්නෑ කිසිදෙයක්
කියන දේ ඒ රහසේ...
සිත මගේ කම්මලක්
වගෙයි නැහැ සැනසුමක්...
තව වරක් සවන් දෙමි
කුමක්දෝ මේ රහස...
බොහෝ දුරකින් ඇසෙන
රාවයක් සේ සිතින්...
හෙමින් කොදුරා මසිත
මතක් කර සිටින්නේ...
නුඹ මගෙන් වෙන්වන්න
තව දිනක් ලග වගයි...
~~
~~~
~~~~
~~~~~
සිතන්නේ කෙලෙස මම 
නුඹ ලගින් නැති හෙටක්...
~~
~~~
~~~~
~~~~~
සිනාසෙන්නට වෙරදරමි
නැතත් සිනහව ලගින්...

32 comments:

  1. :'( :'(

    දුක හිතෙනවා වචන ටිකට... මේක ලියන ඔයාගෙ හිතේ තියෙන හැඟීම තේරෙනව අයියේ... ඒත්, අර අන්තිමට කිව්වා ව්අගෙ..

    හිනාව දුරක වුනත්, හිනා වෙන්න ටර්යි කරන්න අයියෙ...කාලය හැම දෙයක්ම විසඳාවි...

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවනේ නංගි ගොඩක් දෙවල්....

      Delete
  2. මම දැන් කවදා ඉඳන්ම බලාගෙන හිටියේ, දාන්නෙම දුක හිතෙන කවි :/

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේද එපා වෙනවනේ නේද...

      ඒත් මොනවා කරන්නද...හිතට දැනෙන හැගෙන දේවල්නෙ ලියන්නේ...

      Delete
  3. කලින් කියෙව්වත් මේ මගේ පලවෙනි කොමෙන්ටුව මේ බ්ලොග් එකේ දාන.....අහන හැම තැනකින්ම ඇහෙන්නේ දුක හිතෙන දේවල් විතරනේ....අනේ මන්දා..අයි මෙහෙම වෙන්නේ හැමෝටම..:( ලස්සන කවිය...කාලය කියන දේ කොචර දේවල් කරනවද මිනිසුන්ගේ ජිවිත වලට...කාලයම හිතේ දුක ටික ටික අඩු කරයි යාලු..ජය..!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්...බලා ඉම්මු ඔරලෝසුව කරන දේවල් දිහා......

      Delete
  4. මොකෝ මලේ සීන් එක? මෙහෙම දේවල් ම හිතට දැනෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. වට් ටු ඩූ අයියා...මේ හිතත් කිව්වට අහන එකක්යෑ...

      Delete
  5. බෑ බෑ මම නම් ආයේ කමෙන්ට් කරන්නේ නෑ.... :( හැමදාම අඬන කවි...

    ReplyDelete
    Replies
    1. හිතෙන දැනෙන දේවල්නෙ නංගි...

      Delete
  6. ඉවසහන්..ඉවසහන්..කාලය හැම දෙයක්ම වෙනස් කරයි..ඔන්න මම නම් හිතාගෙන ඉන්නේ එහෙමයි..

    ReplyDelete
    Replies
    1. බලමුකො ඔරලෝසුවවත් මොනව හරි කරයිද කියලා....

      Delete
  7. මේක උත්තරයක් වෙයිද බලමුකෝ...


    වෙන්ව යන්නට බොහෝ දුරකට
    ඔබෙන් අවසර පැතුවදී....
    ආයේ යන්නට
    එපා කියමින්
    ඔබ මගෙන් ඉල්ලන හැටී....
    යන්නේ කොහොමද
    රත්තරන් මම
    හිඳිමි නොමැරී මැරි මැරි...

    මෙහෙම කිව්වොත් අයියා මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මල්ලි දැනුත් ඉන්නෙ ඔහොම්මම තමයි...
      අදහස ලස්සනයි ගොඩක්...

      Delete
  8. දුක් සීන් එකක් නේ....

    ReplyDelete
  9. වෙන්වීම දරාගන්න අමාරුයි මලයා..

    ReplyDelete
  10. හ්ම්ම්..ඇස් දෙකෙන් දුරස් වුනාට හිත් වලින් දුරස් නොවී ඉන්න පුලුවන් නම් සිනාසෙන්න වෙර දරන්න ඕන නෑ යාලු..අතීතෙ හැමදේම ඔයාගෙ මූනට ඉස්සර වගේම ලස්සන සිනාවක් එකතු කරාවි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...බලමු...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙනදේ බලන් ඉමි
      ඉඳහිට හුල්ලමින්...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...