Monday, March 5, 2012

දවසින් දවස......!


උදේ පහට අවදිව ඔහු සැරසෙන්    නේ
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන්   නේ      
නමුත් අනෙක් අය තවමත්  නිදියන්  නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන්    නේ

ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට    ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව  ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව‍  ට


දවසක් දෙකක් නොව හැමදාමත් මෙහෙ  ම
මාස තුනක් තිස්සේ මේ විලසින්   ම
එක දවසක්වත් වැරදී නැති ලෙස  ම
සිදුවෙයි පුරුද්දක් ලෙස මේ සිදුවී  ම

ආවත් උදෑසන පිටවී නවාතැනි  න්
තවමත් මග සිටී විමසිලිමත් දෑසි න්
ඔහුවත් දන්නෙ නැති තරමට මෙපමණකි  න්
බස් නැවතුම දනී ඔහු ගැන ඔහුට හොරෙ  න්

සගයන් ඔහුගෙ හමුවන විට අතරමගි න්
හිත රිදෙනා වදන් පිටවූවත් මුවගි  න්
සරදම් කවටබස් ඇසුනත් සතරදෙසි   න්
ඔහුගේ මුවග සිනහව ඇත නිරන්තරෙ   න්

අංකය ඇතත් පැවසීමට සියල්ල  ම
නැහැ කිසිදිනක අමතා ඇය රහසේ  ම
ඔහු දිවුරනවා කීමට ඇති සියල්ල   ම
මම පවසනවා  හමුවී ඇය මුහුණට   ම


හමුවී නැතත් තුන්මසටම එක දවස   ක්
ඉටුවී නැතත් මේ වන තුරු එක පැතුම   ක්
උදෑසනට නොම ගෙන ඔහු කිසි අහර  ක්
හෙටත් උදෑසන පිටවෙයි නොමැත දුක   ක්

සිතුවේ නැහැ කරන්නට මම අපහා  ස
නැහැ මගෙ සිතේ ඔහු ගැන කිසි උපහා   ස
අප කොයි කවුරුනුත් දවසක මේ විල   ස
ආලය නිසා දුක් වී නැතිද මේ විල  ස

23 comments:

  1. කාටද බොලේ මේ කිව්වෙ?? මම දන්න කෙනෙක්ද??

    ReplyDelete
    Replies
    1. හිකිස්.....අපොයි ඔව් ඔයා දන්න කෙනෙක් තමයි....

      Delete
    2. කවුද අයියේ ඒ??? අනේ මට පෞද්ගලික මැසේජ් එහෙකින් දැනුවත් කරන්නකෝ...;)

      Delete
  2. මාර කට්ටක් කනවා වගේ!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සෑහෙන කට්ටක්...

      Delete
  3. ආදරය වෙනුවෙන් කවුද කටු නොකන්නේ.
    මාත් කැම්පස් ඉන්න දවස්වල තව යාලුවෙක් එක්ක මඩ වලකට ජබොස් ගාලා පැනගෙන කෙල්ලෙක් පස්සෙන් දිව්ව හැටි මතක් උනා

    ReplyDelete
    Replies
    1. එහෙනං අයියත් හොදට කන්න ඇති නේද...

      Delete
  4. ආදරේ නිසා දැන් කන කටු කාලෙකදි සුන්දර වෙනවා.. ඒ නිසා ඉවසන්න..

    ReplyDelete
    Replies
    1. ඒත් එපා වෙන්නේ කට්ට සදාකල් කට්ටක් උනොත්..හැබැයි ඒකෙත් පොඩි ගතියක් තියනවා..

      Delete
  5. අද නම් දිගයි කවි පංතිය... 8ක්ම තියෙන්නේ...

    මේ..යාළුවන්ට ඔහොම කියන්න හොඳද ඈ..පව්නේ අනේ...

    ReplyDelete
    Replies
    1. දිග වැඩිද මංදා....
      විහිළුවකට ගත්ත නෙවෙයිනෙ නංගී...

      Delete
  6. කටු කෑවට මක් වෙනවද

    ReplyDelete
    Replies
    1. දිරවන්නැති එක තමා අවුල...

      Delete
  7. දුක ලඟ සැප කිව්වලු,,,,,

    ReplyDelete
  8. හෙහ් හෙහ්... කටු කාලා කට එහෙම හදාගන්න එපැයි නේද! එතකොට තමයි පස්සෙ සනීප!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...අත්දැකීමෙන්ද මංදා කිව්වේ...

      Delete
  9. යාලුවෙක් වෙනුවෙන්නේ.. ඔව්වා ගණන ගන්න එපෝ :)

    ReplyDelete
  10. Replies
    1. ඒකත් එහෙමද....හොදයි හොදයි...

      Delete
  11. පව්....ලස්සනට ලියලා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...