Monday, February 20, 2012

මේ සා දුකක්....


දවසක් නෙතට 

කදුලක් ලං වූ විටදී...
සිතුවෙමි කුමක්දෝ
සිදුවූ මේ අරුමේ...
නැත මතකයක්
මාගෙන් සිදුවූ වරදේ...
මොනවා සිදුවුනිද 
වන්නට මේ විලසේ...

දුව පැන ඇවිද
බැලුවත් මා සතර අත...
නැත හමුවුනේ
කිසිවකු මා වරද කල...
මට මහ දුකක්
දී ලංවූ මේ කදුල...
තවමත් මා දවයි 
වෙන්වීමක් නොමැත...

දැන්නම් යමක් 
වැටහේ සිදුවූ අරුමේ...
ඹබ ගැන මගේ 
සිත පවසයි හොර රහසේ...
මේ සා දුකක්
ඇතිවන්නට මගෙ දිවියේ...
ඔබ හට ප්‍රේම 
කෙරුවෙමි මම හොර රහසේ...


29 comments:

  1. ආදරේ කොහෙහරි තැනක ,හැංගිලා හරි දුක තියෙනවා අයියේ!! දුකක් නැති ආදරයක් නෑ... ආදරයක් නැතිව දුකකුත් නෑ...

    ඒත්, ආදරේ වෙනුවෙන් සදාකාලිකවම නම් දුක් වෙන්නෙපා අයියේ!!!

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි නංගි..ඒත්..

      Delete
  2. නොකියූ පෙම තරම්
    රිදවන සොඳුරු
    වේදනාවක්,
    මේ ලොවේ
    නැත තවත්....

    ලස්...............සනයි..........

    ReplyDelete
  3. හරිම ලස්සනයි.. ඔබ හට ප්‍රේම කෙරුවෙමි මම හොර රහසේ.. හ්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඒක නම් ඇත්ත....

      Delete
    2. ඒත් එළිපිට ආදරේ කරලත් ඔය වගේම දුක කොච්චර තියනවද..

      Delete
    3. හ්ම්ම්.. ඒකත් ඇත්ත..

      Delete
  4. හ්ම්... හ්ම්...

    ReplyDelete
  5. හිතින් ආදරේ කරන්න ගත්තම අන්තිමේ කාටත් ඉතුරු වෙන්නේ මේ වගේ කඳුළක් තමයි..

    ReplyDelete
    Replies
    1. හිතින් විතරක් නෙවෙයි හැමෝම දැන දැනම ආදරේ කරලත් මේ දේ මෙහෙම්මම වෙනවනේ..

      Delete
  6. මරු සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.....ස්තූතියි....!!!

      Delete
  7. සා දුක් කියන්නේ හාවොන්ගේ දුක කියලා හිතුවේ....

    ReplyDelete
  8. හ්ම්ම්...ලස්සනයි..

    ReplyDelete
  9. ලස්සනයි යාළුවා...

    ReplyDelete
  10. මොකෝ හදිස්සියේ ම වුණේ මල්ලියෙ... ඵල ඵල ලස්සන අදහසක්!

    ReplyDelete
    Replies
    1. හිතට ආපු අදහසක් අයියේ...

      Delete
  11. දුකක් ඇති උනත්, හොරෙන් ආදරේ කළත් , ඒ මතකය සුන්දරයි නේද අයියේ..?

    ReplyDelete
    Replies
    1. ඒත් ඒතුල ඉන්න එකනම් මහ එපා වෙන වැඩක්...

      Delete
  12. හොර රහසේ ප්‍රේම කළා ඇති. එක කියන්න :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...