Friday, February 17, 2012

එහෙත් සුහදිනි.....



                     ජීවිතේදි අපි ආදරය කරන කෙනෙක් අපව තේරුම්ගැනීම, පෙරලා අපිට ආදරය කිරීම, අප වෙනුවෙන් ජීවත් වීම..අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් සමහර අවස්ථා වලදි  ඒ දෙය ඒ අකාරයෙන්ම ඉටු නොවන අවස්තා ඕනි තරම් තියනවා..

                    ජීවිතේ බොහෝ කාලයක් අප ලගින්ම ඇසුරු කරලත්, දුකට සැපට ලගින්ම ඉදලත්  කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරිනම්...ඇත්තටම ඒක ඒ කෙනාට දරාගන්න බැරි තරමේ දුකක් වෙන්න පුළුවන්..



                   අද උදේම මට මෙහෙම කියන්න හිතුනේ මම වඩාත් ප්‍රිය කරන සුනිල් එදිරිසිංහයන්ගේ මෙන්න මේ ගීතය මතක් වෙලා..ගොඩක් අය මේක අහල ඇති..ඒත නැති අය අහල බලන්න අර මම කලින් කිව්ව දේවල් මේ ගීතයෙන් මොන තරම් අපූරුවට විඝ්‍රහ කරනවද කියලා....


මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වෙයැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැගව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැදි වග

එහෙත් සුහදිනි



මගේ සෙනෙහස මෙතෙක් වෙයැයි

මනින්නට ඔබ උගෙන නැත තව


ගීතයට සවන්දීමට





27 comments:

  1. ලස්සන සිංදුවක්.. මම මීට කලිං අහලා තිබුනේ නෑ.. තැංකිවු වේවා...!!

    ReplyDelete
  2. නැත නැත කලින් අසා නැත... දැන් අසමි... ස්තුතියි කිව්වා!!!

    ReplyDelete
  3. ඔව් ඔව් මමත් අහලා නෑනේ! ලස්සන සින්දුවක්!

    ReplyDelete
  4. අපි ආදරේ කරන තරමටම අපිටත් ආදරේ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.. ඒක තමයි ආදරේ හැටි.. සිංදුවනම් ලස්සනයි.. වැඩිය නැතත් මම මේ සිංදුව අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒත් ඔය බලාපොරොත්තුව කීයෙන් කී දෙනාටද ඉටුවෙන්නේ...

      Delete
  5. අනේ ලස්සන සින්දුවක්...දුක හිතෙනවා අහද්දී..

    ReplyDelete
    Replies
    1. මටත්...ඕක මම ආසම සිංදුවක්...

      Delete
  6. අදමයි ඇහුවේ.......

    ReplyDelete
  7. සිංදුව අහලා බලන්නම් !!!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අහල බලන්නකෝ...

      Delete
  8. ලස්සන සිංදුවක්.. ඔක්කොමටම වඩා මම අඅස තේරුමට..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේක මටම ලියපු කතාවක් වගේ

    ReplyDelete
  11. මමත් ආසම සිංදුවක්.එහෙත් සුහදිනි මගේ සෙනේහස කොතෙක් වේ දැයි....

    ReplyDelete
  12. එහෙත් සුහදිනි..

    සමහරවිට ඒ සුහදිනිටත් කියන්න කොටසක් ඇති නේද..
    ලස්සන සිංදුවක්.. ස්තූතියි සහෝ. නැවත මතක් කලාට.. :)

    ReplyDelete
  13. අඩේ මමත් අදමයි ඇහුවේ මාරයි මම ආසම කරන ගායකයෙක්ගේ මේ ගීය ඇහුනේ නැත්තේ කොහොමද අප්පා

    ReplyDelete
    Replies
    1. හී හී..දැන් කොහොම හරි ඇහුවනේ...

      Delete
  14. Harima harima lassanai tharu... wadagath adahasak hithata wadina widihata liyala...
    math e athdakema wedanawa widala thiyenna nisa mata hodatama danuna.. song eka niyameta match wenawa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.......මාත් ඔය අත්දැකීම විදලා තියනවා...සමහරවිට තාමත්...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...