Wednesday, February 15, 2012

ඇහෙන දේ..අහනවද..

                ගෙබි ලෝකෙ තියන ලොකුම උත්සවේ ගෙම්බන්ගෙ අවුරුදු උත්සවේලු. ඉතින් ලෝකෙ ඉන්න හැම ගෙම්බෙක්ම වගේ මේ උත්සවේට සහභාගී වෙන්න එනවලු. ඇවිත් ඒගොල්ලන්ගෙ තියන දක්ෂතා පෙන්නලා තෑගි බෝග එහෙම ගොඩක් අරගෙන යනවලු. තෑගි බෝග ගන්නම විතරක් නෙවෙයි සමහර තරුණ ගෙම්බෝ තමන්ගෙ අනාගත ගෙම්බිව හොයාගන්නෙත් මේ උත්සවේ අතරෙදිලු.


                 ඔන්න එක දවසක් සුපුරුදු පරිදි මේ මහා ගෙබි අවුරුදු උත්සවේ පැවැත්තුවලු. ලෝකෙ හැම රටකින්ම වාගේ ගෙම්බො ගෙම්බියෝ මේ උත්සවේට සහභාගී වෙන්න  ආවලු. කොහොමින් කොහොම හරි මේ උත්සවේ තියන ප්‍රධානම තරගය අර මිනිස්සුන්ගෙ තියන ලිස්සන ගහේ තරගය වගේ ගෙබි ලිස්සන ගහේ තරගය. මේ තරගය ජයගන්න ගෙම්බා වසරේ ශක්තිමත්ම ගෙම්බා විදිහට අභිෂේක ලබනවලු.

                ඉතින් එදත් මේ තරගය පටන් ගත්තලු. ඉස්සෙල්ලාම තරගෙට ඉදිරිපත් උනේ බොහොම හැඩිදැඩි ගෙම්බෙක්ලු. ගෙබ්බෙක්ට නගින්න පුලුවන්ද කියල හිතෙන තරමක උසක් නගින්න තිබුනත් මේ ගෙම්බව දැක්ක ගමන් මූ නම් මේ තරගය බොහොම පහසුවෙන් දිනයි කියලා අනිත් ගෙම්බො කතා උනාලු. ඉතින් මේ ගෙම්බත් හෙමින් හෙමින් නගින්න පටන් ගත්තලු. ටිකක් දුර යනකොට මේ ගෙම්බට ඇහෙනවලු පල්ලෙහා ගෙම්බො කතා කරන ඒවා..සමහරු කියනවලු.. "ආපෝ මේච්චර උසක් මේ ගෙම්බා කොහොම නගින්නද..මූ නම් ෂුවර් එකටම වැටෙනවා"කියලා..තව එකේක කියනවලු.. "ඔන්න බලන්න දැන් වැටුනා දැන් වැටුනා"කියලා. ඉතින් මේවා අහගෙන අර උඩට නගින්න හදන ගෙම්බටත් හිතෙනවලු ඇත්ත තමයි මම කොච්චර ශක්තිමත් උනත් තනි මම මෙච්චර දුර කොහොම යන්නද..මම වැටෙයි තව ටිකකින්..මට දැන් අමාරුයි..වගේ දේවල්..මේහෙම හිත හිත යන ගෙම්බා එකපාරටම මේවා දරාගන්න බැරුව ඇදගෙන වැටුනලු.
 ඊටපස්සෙ තව ගෙම්බෙක් මේ තරගෙට ආවලු.ඇවිත් එයත් අර කලින් ගෙම්බා වගේම උඩට නගින්න පටන්ගත්තලු. එයා උඩට යනකොට එයාටත් අර කලින් එකාට වගේම පල්ලෙහා ඉන්න ගෙම්බො මේ තරගෙ තියන අමාරුකම ගැන කිනන දේවල් ඇහුනලු.මේවා ගැන හිත හිත උඩට නගින ගෙම්බා කලින් එකා වගේම බිමට වැටුනලු. ඔය විදිහට මේ තරගෙට ආපු ඔක්කොම ගෙම්බො ටික ලිස්සන ගහේ බාගයක් විතර නැගලා පහලට ඇදගෙන වැටුනලු.

                  ඉතින් අන්තිමටම කොහේදෝ ඉදල පුංචි ගෙබිපැටියෙක් මේ තරගෙට සහභාගී වෙන්න ආවලු.ඇවිත් මෙයත් ගහේ උඩට නගින්න පටන්ගත්තලු. ඉතින් මේක දකපු අර තරගය බලාඉන්න ගෙම්බො වෙනදා වගේම කියවන්න පටන් ගත්තලු. සමහරු කියනවලු.."අච්චර ශක්තිමත් ගෙම්බන්ට නගින්න බැරි වෙච්ච ගහේ මේ පුංචි ගෙබි පැටියා කොහොම නගින්නද?", "තමන්ගේ තරමේ හටියට ඉදිමෙන්න ඕනි.කරන්න පුලුවන් වැඩක්ද ඔය කරන්නේ..", "ඔන්න බලන්නකො ඔය ගෙබි පැටියා කලින් උන් තරම්වත් උඩට නගින්නෑ..ඕකා ඉක්මනටම බිමට වැටෙනවා.." මේ විදිහෙ නානාප්‍රකාර දේවල් මේ බලාඉන්න ගෙම්බො කිව්වට මේ පුංචි ගෙබි පැටියා කිසිම අපහසුවක් නැතුව ලිස්සන ගහේ උඩටම නැගලා ජයග්‍රාහී කොඩියත් අරගෙන පල්ලෙහාට බැස්සලු.

               ඔයාල දන්නවද මේ පුංචි ගෙබි පැටියා අර ලොකු  ලොකු ගෙම්බන්ටත් කරන්න බැරි උන දේ බොහොම ලේසියෙන් කලේ ඇයි කියලා...මේ ගෙබි පැටියා බිහිරියි..එයාගෙ කන් ඇහෙන්නෙ නෑ..ඒ හින්දා එයාට අර බලන් ඉන්න ගෙම්බො කියන දේවල් ඇහුනේ නෑ....
               මිනිස්සු විදිහට අපි කොයි තරම්නම් අපේ අරමුණු , ඉලක්ක , බලාපොරොත්තු වගේ දේවල් බාහිර ලොකයේ හේතු නිසා අත්හැරගන්නවද..තමන්ට ලේසියෙන්ම ජීවිතේ ජයගන්න පුළුවන් කම තියෙද්දි අනිත් අය කියන දේවල් අහන්න ගිහින් කොයි තරමක් අපේ ජීවිත අරමුනු නැතිකර ගන්නවද..කරන්නන් වාලෙ කරන්න ගිහින් ජීවිත කීයක් වරද්ද ගන්නවද..

               යම් අරමුනක් වෙනුවෙන් ගමන් කරනවිට බාහිර ලෝකයෙන් මල් , ගල් දෙකම එනවා.ඒක වලක්වන්න බැහැ. නමුත් තමන් ගැන මේ මුළු ලෝකෙන්ම හොදින්ම දන්නෙ තමන්..මල් මෙන්ම ගල්ද අපේ ජීවිතේට එකසේ වැදගත්..නමුත් අපි බාරගත යුත්තේ ඉන් අපිට වැදගත් දෙය පමණයි..එය තෝරා ගැනීම සිදුකල යුත්තේ තමන්මයි..තමන් හරි මාර්ගයක ගමන් කරනවානම් ඒ සදහා සහයෝගයක් කරගැනීමටද , තමන් වැරදි මගක ගමන් කරනවානම් ඉන් අත්මිදීමටද මේ ගල් , මුල් අපට බොහෝ සෙයින් වැදගත් වනවා.
                

35 comments:

  1. බොහොම වැදගත් උපදෙසක්...

    ReplyDelete
  2. හොඳ වෙලාවට චීනෙක් ඔය තරඟේ තියෙන තැන දැනගත්තේ නැත්තේ.. එහෙම උනා නම් ඔක්කොම ගෙම්බෝ ටික අල්ලන් යනවා කන්න..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලොකු ආදර්ශයක් දෙන පොඩි කතාවක්.... :)

    ReplyDelete
    Replies
    1. ම්ම්...හිතන්න දෙයක් තියනවා..

      Delete
  5. හ්ම්. කතාව ඇත්ත. සමහර තීරණ ගන්නකොට අනිත්අය කියන දේවල් අහන්නෙ නැතිඋනාම ලේසියි.

    ReplyDelete
  6. අනිවා..අනිවා..හෑ..බක..බකබකබක..බක...බක...බකබකබකබක..හම්..

    ReplyDelete
  7. ශා.. නියමම කතාවක් අයියේ!! පුංචි කතාවකින් ලොකු අදහසක් තියෙනවා.. හිතන්න හොදම හොද කාරනයක්..:)

    ReplyDelete
    Replies
    1. හී හී...ඒකනෙ කියන්නේ...

      Delete
  8. අනික් අයට ඇහුම්කම් දීලත් බෑ... නොදිත් බෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..හැබැයි අපට වටින දේ අපි ගන්න ඕනි..

      Delete
  9. anithaya kiyana dewal walin apita wenne hithridemaknam, ewa ignor karagena thmange gamana yanna ona..
    amaruinam thama eka eth ewata noselenna hitha hadagaththama hari

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ අනිත් අය කියන දෙයින් අපේ හිත රිදුනත් අපි කරන්නෙ වැරදි දෙයක්නම් අපි ඒක හදාගන්න ඕනි..මොකද අද හිත රිදුනට ඒකෙන් කවදහරි හැමෝටම යහපතක් වෙන්න පුළුවන්..

      Delete
  10. හෆ්ෆටසිරි.... ෆට්ට ස්ටෝරිය ඈ... හිතේ හයිය තමා වැදගත්. කකුලෙන් අදිද්දී ගසා දාලා උඩට යන්න පුළුවන් නම් ඒකයි දක්ෂකම.. "අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ"

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද..අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නේ.... :)

      Delete
  11. මේ ගෙම්බා බිහිරි නිසාම නෙවේද දන්නේ නෑ ඒකෙන් දින්නේ.ඌ අනිත් අයට වඩා ශරීරයෙන්
    පොඩි නිසාත් වෙන්න පුළුවන් කනුවේ ඉහලට යන්න පුළුවන් වුනේ.:P

    ReplyDelete
    Replies
    1. අම්මපා නේද...මට දැන්නෙ ඕක හිතුනේ....

      Delete
  12. අනිවාර්යයෙන්ම.. අපේ ජීවිත වල තීරණය ගන්න ඕන අපිමයි..
    පුංචි කතාවකින් වටින උපදෙසක්.. :)

    ReplyDelete
  13. ශෝක් කතා පොඩ්ඩක් !!!
    ගන්ඩ තියෙන ආදර්ශ බොහෝමයි !

    ReplyDelete
  14. වැදගත් කතාවක් යාළුවා.. අර මම දාපු පින්තූර කතාවෙනුත් මම කියන්න හැදුවේ මේ වගේම දෙයක් තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් දැක්ක ඒ පින්තූර කතාව...

      Delete
  15. ෂාහ් ලස්සන කතාවක්. නියමෙටම ලියන තියනවා.

    ReplyDelete
  16. ලොකු අදහසක් .. ආඩම්බරයක් සතුටක්

    ReplyDelete
  17. ඉතින් අර පුංචි ගෙබි පැටියට ගෙබි පැටික්කියෙක් හම්බ උනාද ???

    ReplyDelete
    Replies
    1. ෂික්...මට ඒ ටික අහගන්න බැරි උනානෙ අෆ්ෆා...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...