Saturday, February 11, 2012

කොහේ ගිහින්ද මංදා...

කොහේ ගිහින්ද මංදා...
මම මේ පන දාගෙන හොයනවා 
කියලා ගානක්වත් නැති හැටි..
දැන් දවස් ගානක ඉදන්ම 
ආගිය අතක් නෑ..
මම බලන්න ඕනි හැම තැනම බැලුවා...
අහන්න ඕනි හැමෝගෙන්ම ඇහුවා...
ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...
මට ඔයා නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ...
ඇයි ඔයාට ඒක තේරෙන්නෙ නැත්තේ...
කොහොමද ඔයා ඔහොම මගෙන් පළිගන්නේ..
මගෙන් වැරැද්දක් උනානම් සමාවෙන්න...
අනේ කාට හරි හම්බ උනොත් කියනවද...
මගෙ සතුට මාව දාල ගිහින්...
කාටද පුළුවන් ජීවිතේ සතුටක් නැතුව ඉන්න...

31 comments:

  1. යන්න දෙන්න එපා එයාට... පරිස්සම් කරල තියාගන්න... හිතේ සතුට හුඟක් වටිනවා... [ හම්බුනොත් පණිවිඩේ දෙන්නම්... :)]

    ReplyDelete
    Replies
    1. හී හී...ඔයිකේ ඔයකේ...හම්බුනොත් කියන්නකෝ....

      Delete
    2. ලග තියනකොට වටිනාකම දැනුනේ නැත්ද පරිස්සම් කරගන්න
      ඇයි නැතිවුනාම හොයන්නේ...........?
      ලග තියෙනකොට පරිස්සම් කරගන්න තිබුනනේ
      ආදරයෙන් බලාගන්න තිබුනනේ...........

      Delete
  2. මමත් හොයන දෙයක්

    ReplyDelete
    Replies
    1. එහෙමද එහෙනම් මාත් එක්කම හොයමු...

      Delete
  3. හිටින් මාත් හොයන්න උදව් වෙන්නම් !

    ReplyDelete
    Replies
    1. පරක්කු නොවී හොයමු එහෙනම්...

      Delete
  4. දැක්කොත් මමත් කියන්නම්. මගේ එක නම් අද උදේ හම්බවුණා, ඊයේ රෑ නැතිවෙලා...

    ReplyDelete
    Replies
    1. අහ්:මරුනේ....මාත් මේ හොයනවා...

      Delete
  5. හම්බුනොත් මටත් පොඩ්ඩක් එවනවාද අයියේ???

    ReplyDelete
    Replies
    1. එකෙන්ම නංගි..ඔයාට නොදී කොහොමද...

      Delete
  6. සතුට නැතිව නම් ඉන්න පුළුවන් ඉතින්. මේ අපි ඉන්නේ.:) හැබැයි ඉතින් තියනවා නම් හොඳයි. මොකක් හරි කරලා හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවත් ඇත්ත...මේ මාත් ඉන්නේ...

      Delete
    2. මේ මාත් ඉන්නේ

      Delete
  7. මමත් ට්‍රයි කරනවා මල්ලියෝ... අනිවා හම්බුනොත් මේ පැත්තටත් එන පාර කියලා එවන්න හොදද?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම අයියා..මම කියන්නම්...

      Delete
  8. තාම ජීවිතේ පටන් ගත්තා විතරයි අයියේ මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ ඒත් ඕක හම්බුනොත් ඒක මොනවගේද කියලා අනිවාර්යෙන් කියන්න හොඳේ එතකොට මාත් මට හොයාගන්නත් ලේසියිනේ...

    කෙනෙක් සතුටු වන දෙයකට
    තව කෙනෙක් දුක්වනු ඇතැයි සිතු විට
    තනිවම සතුටු වී කුමකට
    කියයි මගෙ හිත සැරින් සැරයට

    ReplyDelete
    Replies
    1. අනිවා කියනවා...
      අන්තිමට කියලා තියන ටික නම් පට්ට..සහතික ඇත්ත...

      Delete
  9. මගේත් නැති වෙලා. මගේ නම් හොරු අරන් ගිහින් වගේ කොහොම හරි හොයාගන්නයි මගෙත් උත්සාහය. හම්බවුනොතින් දන්වන්නම්කො....

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි කියන්නකෝ....

      Delete
  10. එයාටනම් කොහොමත්ම යන්න දෙන්න එපා යාළුවා.. එහෙම උනොත් ජීවිතෙන් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අෆ්ෆා...මේ යකා මාව දාල ගිහින්නේ...

      Delete
  11. යනවා එනවා...ඉවරයක්‌ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නනේ..හැබැයි මගෙ ගියා ගියාමයි..

      Delete
  12. බලන්න බලන්න ඔය ළඟම ඇති හැංගිලා.. :D

    ReplyDelete
    Replies
    1. නෑනේ අනේ...කොහෙවත් නෑ......

      Delete
  13. මං යනවා
    මාව හොයන්න එපා
    කියල නෙවෙයි
    එයා යන්නේ
    හොයනබව දන්නවානම්
    පෙනෙන්නවත් එන්නේ නැහැ
    නොසොයා ඉන්නකොට
    හොරෙන් ඇවිත් බලයි
    අල්ලාගන්න එතකොට..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...හොද උපායක් කරල බලමු...

      Delete
  14. අනිච්චං දුක්කේ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්...කාට කියන්නද මේ දුක...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...