Thursday, January 12, 2012

අවසානය.......මෙහෙමමද.....???

උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට දැනෙන්නෙ පුදුම අසහනයක්.හිත ගොඩාක් බර වෙලා වගේ..උදේ ඉදන් ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියට තාමත් ඔයාගෙ phone එක off.උදේ යවපු message එක තාම delivery  උනේ නෑ.
මට මතකයි මීට ටික දවසකට කලින් ඔයා මාත් එක්ක කතා කරනකොට මම ඇහුවා කවද්ද,කොහෙද ඔයාගෙ  wedding එක තියෙන්නෙ කියලා.ඒක තියන දවස මට කිව්වට ඒක කොහෙද තියෙන්නෙ කියල මට නොකියන්නෙ එහෙම කිව්වොත් මම ඇවිත් පැත්තකට වෙලා ඔහේ බලා ඉදල යන්න යයිලු.ඇත්ත ඒක දැන ගත්තොත් මම එනවා.ඇවිත් අන්තිම වතාවට ඔය මූන බලලා යනවා.ආයිත් මම කවද දකින්නද ඔය කතාකරන ඇස් දෙක.


ජීවිතේ කාලයක් ආදරේ හින්දා ගොඩාක් දුක් විදපු මම ඒකෙන් ගොඩ ආවේ , ජීවිතේ අළුතින් පටන් ගත්තෙ ඔයා නිසා.අතෑරලා දාපු අරමුණු ,බලාපොරොත්තු හැමදෙයක්ම අළුත් කරගත්තෙ ඔයා නිසා.ඔය ආදරේ නිසා.ඒත් දැන් ආයෙත් මට මුල ඉදන් පටන්ගන්න වෙලා..ඒත් කොහෙන්ද පටන්ගන්නෙ, එදා වගේ අත දෙන්න ඔයා නෑනේ.ආයිත් මං තනිවෙලා..
තව ටික දවසකින් උදේ නැගිට්ටගමන් , රෑට නිදියන්න ආපු ගමන් යවපු message යවන්න කෙනෙක් නැති වෙනවා..හිත සතුටු වුණු වෙලාවට , දුක් උණු වෙලාවට දුවගෙන ඇවිල්ල කියන්න කෙනෙක් නැති වෙනවා.ප්‍රශ්ණයක් උන වෙලාවට උදව් කරන්න..,ලගට වෙලා ඔයා කියන දේවල් අහගෙන ඉන්න කෙනෙක් නැති වෙනවා..ජීවිතේට මොන දේ ලැබුනත් ඔයා නැති අඩුව හැමදාම දැනේවි..
ඒ මොනදේ උනත් හැමදාම මම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කල දේවල් හැමදාම තියේවි...සතුටින් ඉන්න හැමදාම..හදවතින්ම හිනාවෙලා සතුටින් ඉන්නවා කියන්නෙ මම හැමදාම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කල දේ..

45 comments:

  1. ප්‍රාර්ථනාව හොදයි. එහෙම තමයි හිතන්න ඕන. මේ බ්ලොග්එක මුල ඉදල කියෙව්වෙ නෑ. ඒ නිසා උඩක් බිමක් දන්නෙ නෑ හරියට.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි මේ පැත්තට ආවට....

      Delete
  2. මොන දේ තිබුණත් එයා නැති අඩුව දැනේවි... හ්ම්ම්ම්ම්ම්... ඒත් ඔයා තනි වෙලා නෑ අයියා.. අපි ඉන්නවා ඔයා එක්ක.. ඔයාට හයියක් වෙන්න පුළුවන් දෙයක් කරන්නම්.. ඔයා ආයෙමත් පටන්ගන්න.. ජිවිතෙ එහෙම තමා අයියා.. වැර්දි වැරදි, වැටී වැටී නැගිටින්න වෙනවා...අපි කොහොමහරි ජීවත් වෙමු...ඒකතමා ඔයාට එයා වෙනුවෙන් කරන්න පූලුවන් හොදම දේ... මොකද ඔයා වැටිලාම හිටියොත්, එයාටත් ඒක මානසික වදයක් ව්එයි...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නංගි ඔයාල මාත් එක්ක ඉන්නවා කියලා..බොහොම ස්තූතියි..

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........මොනවද කියන්න ඕනේ කියලා හිතාගන්න බෑ..:(

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්...මටත් හිතාගන්න බෑ..එකසැරේම මෙහෙම වෙනකොට...

      Delete
  4. ලඟින් ඉන්න හිතක් එක පාරටම ඈත් වුනාම ඒ පාලුව, කාංසිය කියලා නිම කරන්න බෑ. දුක හොඳටම දැනුනා...

    ReplyDelete
    Replies
    1. ඒ දුක දැනෙන්නෙ එහෙම තනිවෙන කෙනාටම තමයි...බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....

      Delete
  5. ජිවිතේ කියන්නේ සතුටවිතරක් තියෙන තැනක් නෙවෙයි නේ..දුක වේදනාව ඔක්කොම තියෙනවා..ළගින් හිටපු කෙනෙක් ගියා ඒ වේදනාව දන්නේ ඒ කෙනා විතරයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්...මම ඒක හොදටම දන්නවා...බොහොම ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  6. මමත් කියෙව්වේ අදමයි..බලමුකො මොකෑ වෙන්නේ කියලා..මොනා උනත් හොඳින් ඉන්ඩ බලන්ඩ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.....බලමු බලමු මොකෑ වෙන්නෙ කියලා....

      Delete
  7. දුක හිතෙනවානේ!

    ReplyDelete
  8. මටත් ඕක තමා සිද්ධ උනේ. මගේ ෆෝන් එක පාලුවට ගිහින්.
    දුකයි බොල.

    ReplyDelete
  9. Replies
    1. කෙහොමද පනින්නෙ කියල බැලුවෙ....

      Delete
  10. අනේ...දුකයි මටත්... අදයි ආවෙ මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද..දුක් නොවී ඉන්න...ආයිත් එන්න මෙ පැත්තේ...

      Delete
  11. දුක් සීන් එකක් නේ .....

    ReplyDelete
  12. :( දුක් වෙන්න එපා. ලෝකේ ස්වභාවය ඔහොම තමා :/

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මොනවා කරන්නද....

      Delete
  13. මට වුනු එකේ අනිත් එක.

    ReplyDelete
  14. බලන් ගියාම ඉන්න කෙල්ලෝ සේරම අඩන එකමයි නේ...
    දුකයි තමා මොක කොරන්නද... අනේ manda

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ...ඇයි කොල්ලෝ.....

      Delete
  15. සෑහෙන්න දුක හිතෙනවා අප්පා කියන්න වචන නෑ

    ReplyDelete
  16. අදයී මේ පැත්තට ආවේ. කියෙව්වෙත් භාගෙට. දැන් ඉතිං ගමනේ යන්න ලෑස්තිවෙන්න ඕනනේ තව ටිකකින්. ඒක නිසා නිවාඩුපාඩුවේ ඇවිත් කියවන්නම් සේරම. ගොඩවදින්න ලැබුණු එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...එහෙනම් නිවාඩු පාඩුවෙ ඇවිත් කියවන්නකෝ....මේ පැත්තට ආවට බොහොම ස්තූතියි...

      Delete
  17. මමත් අදයි ආවේ මේ පැත්තේ...ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ආයිත් එන්න...

      Delete
  18. මමත් ඔන්න ඔයාගේ කෙමෙන්ටුව දිගේ මේ පැත්තට පාර හදාගත්තා.....ජීවිතේ හැටි ඔහොම තමයි මචං..වැටෙන්නේ නැතුව ගේම ගහන එක තමා තියෙන්නේ!! ඔන්න ෆලෝ පාරකුත් දාලා යනවා ආයෙත් එන්නම් සහෝදරයා...ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හ්ම් මොනව කරන්නද නේද...තැන්කූ වේවා මේ පැත්තට ආවට..ආයිත් එන්න..

      Delete
  19. මේ ඇත්තමද ලියලා තියෙන්නෙ..really heart felt!

    ReplyDelete
    Replies
    1. හ්ම්...සම්පූර්ණ ඇත්ත....

      Delete
  20. අම්මට හුඩු... මේක කියවද්දි නිකම් කොටි ගැහුව වගේනෙ... මේ ඇත්තමද..?? ඇඬෙනව...!!! දිගටම ලියන්න, මම අද තමා මේ පැත්තට ආවෙ, මගේ බ්ලොගේ කමෙන්ටුව දැකල හොයාගෙන ආවෙ.. ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට...ඔව් මේ ඇත්තම තමයි....බට් ඉතින් වට් ටු ඩූ....

      Delete
  21. හ්ම්ම්.. මටත් කවදාම හරි මේක වෙනවා.. මම ඒ බව දන්නව.. හරිම ලස්සනට ලියලා අයියා/මල්ලි.. මම හිතන්නේ අයියා වෙන්න ඕනේ.. :D

    ReplyDelete
    Replies
    1. වෙන්න කලින් එහෙම දේවල් හිතන්න එපා..මොකද ඒක වුනු කෙනෙක් දන්නවා ඒකෙ තියන වේදනාව..
      බොහොම ස්තූතියි..මම දන්නෙත් නෑ හරියටම අයියද මල්ලිද කියලනම්...:)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...