Sunday, January 1, 2012

පටන්ගන්න අළුතෙන්....!!!

අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
අළුත් අවුරුද්දකුත් ආව නේද..දැන්නෙ මතක් උනේ....!!

මම මේ කල්පනා කලේ පහුගිය අවුරුද්ද ගැන. ඊට කලින් ගෙවුනු අවුරුදු එක්ක බැලුවහමනම් 2011 කියන්නෙ මගෙ ජීවිතේට නම් ටිකක් විතර වැඩක් කෙරුනු අවුරුද්දක්. ගෙදරටම වෙලා කාලයක් ඉදල හෙමින් හෙමින් සමාජයට බැහැපු අවුරුද්දක්..මිනිස්සු එක්ක ගැවසෙන්න ,හිටියට වැඩිය ටිකක් විතර මිනිස්සුන්ව තේරුම්ගන්න පුළුවන් වුණු වසරක්. මගේ තිබුනු යම් යම් වැරදි හදාගන්න හැකිවුණු වසරක්.


මගේ ජීවිතේ මම බලාපොරොත්තු වෙන ලොකුම දෙයක් තමයි මට තවත් මනුස්සයෙක්ව ම්තාක් දුරකට හෝ තේරුම් ගන්න ලැබේවායි කියන එක.මේ ජීවිතේදි හමු වුණු මිනිස්සු අතරින් සැබෑ මිනිස්කමක් තියන මිනිසුන් හමුවෙලා තියෙන්නෙ බොහෝම ටික දෙනයි. ආත්මාර්තකාමී කුහකකම් වලින් පිරුණු මේ වගේ සමාජෙක එහෙම ටික දෙනෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක්.

තමන්ට වැඩක් කර ගන්න ඕනි උනාම...,උදව්වක් අවශ්‍යයම වෙලාවට විතරක් කතාකරන ,බොරු හිනා මූනක් පෙන්නගෙන ලගට එන, ඒ වැඩේ කරගත්තහම උන්නද මලාදවත් නොබලන මිනිස්සු ඕනි තරම්...
හරියට...,
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...
වගේ..අපේ අම්ම හැමවෙලේම කියනව මිනිස්සු ගොඩක් අය ඔය වගේ කියල..ඒත් ගොනා වගේ මාත් හැමදාම අහුවෙනවා..

අපේ අම්ම තව කියන දෙයක් තමයි ඔය කවුරු තමන්ට මොන දේ කලත් හොදක් කලත් නරකක් කලත් ඒ කරන්නෙ ඔයාට නෙවෙයි ඒ කරගන්නෙ ඒගොල්ලන්ටමයි කියන එක...(බලාගෙන ගිහාම දැන් අපේ අම්මටත් යමක් කමක් තේරෙනවා..;) ) ඇත්ත අද අපි තව කෙනෙක්ට වැරුද්දක් කලොත් එහෙම කරලා අද අපි සතුටින් හිටියත් අපි කරල තියෙන්නෙ අර කෙනාට වැරැද්දකට වඩා අපිටම පවු පුරවගැනීමක්. ඒ වගේම තව කෙනෙක්ට හොදක් කලොත් ඒ කරල තියෙන්නෙ අර කෙනාට හොදකට වඩා අපිටම පිං පුරව ගැනීමක්..අපි කල දෙකින් තව කෙනෙක් සතුටින් හරි දුකින් හරි ඉන්නව කියන්නෙ අපි කල දේට සිදුවුණු එක ප්‍රථිපලයක් විතරයි..සැබෑ ලෙසම වෙන්නෙ අපේ පිං ගොඩ හරි පවු ගොඩ හරි වැඩිවෙන එක විතරයි. අපි කවදහරි ගෙනියන්නෙත් ඕංඔච්චරයි.
ඉතින් පටන්ගන්න අළුතෙන්..හිතන්න අළුතෙන්..තේරුම් ගන්න අනුන්ට ඉස්සෙල්ල තමන්ව , වැරදි හොයන්න තමන්ගේ , ගහල බැනලා තරහවෙලා හදාගන්න තමන්ව , ආත්මාර්කාමී වෙන්න නෙවෙයි මේ කියන්නෙ..ආත්මාර්ථකාමියො මැද්දෙ පරාර්ථකාමීව නැගී සිටින්න.
ඉතින්  මගේ යාළුවනේ මේ ලැබුවාවූ අළුත් අවුරුද්දෙදි , මේ 2012දි  කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න , මිනිසත්කම අදුනගෙන මිනිස්කමට ගරු කරන්න , කරුණාව,දයාව තේරුම් ගන්න , ආදරය කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න ලැබෙන , විශේෂයෙන්ම ආදරයක් නැතුව රැකවරනයක් හොය හොය මිනිස්සු ලතවෙනකොට සමහර අය තමන්ට ලංවන ආදරණීය හදවත් ඈත් කර ගන්නවා..එහෙම නොවී තමන් ආදරය කරන අයට වඩා තමන්ට ආදරය කරන අයව ආදරෙන් රැකබලාගන්න හැකිවන..ආදරය වගේම අපේ ජීවිතේට වැදගත් නිරෝගීකම කියන එක අපි හැමෝටම ලැබෙන , හැමදාම උදේට සතුටින් හිනාවෙලා ප්‍රබෝධමත්ව අවදිවෙලා ඒ සතුට එහෙම්ම තියාගෙන රෑට නින්දට යන්න ලැබෙන , ආත්මාර්ථකාමී , නිවටයො මැද්දෙ මනුස්සකමින් ඔළුව උස්සගෙන ජීවත් වෙන්න හැකි වෙන , අපි හැමෝගෙම හිත් වල තියන හොද ප්‍රාර්ථනා ඉටු වෙලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!!!  

12 comments:

  1. අයියටත් ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :))

    ReplyDelete
  2. තැන්කූ වේවා නංගියා....

    ReplyDelete
  3. තරු මල්ලිටත් ලැබුවා වූ නව වසර කිරීයෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  4. එසේම වේවා අයියේ ඔයාටත්.........

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා සහෝදරයා!!!!

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  7. @කල්ප....එසේම වේවා...!!

    @Sammani...එසේම වේවා...!!

    ReplyDelete
  8. මම ප්‍රමාදයි වගේ... කමක් නෑ.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියටත්!!

    ReplyDelete
  9. අයියෝ මොන ප්‍රමාදද....ඔයාටත් එසේම වේවා නංගියෝ...

    ReplyDelete
  10. මමත් පරක්කුයි වගේ ඒත් කමක් නෑ, සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ!

    ReplyDelete
  11. එසේම වේවා.............!!!!!

    ReplyDelete
  12. ලැබුවාවූ අවුරුද්දෙ ප්‍රාර්ථනාවන් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!! :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...