Wednesday, December 7, 2011

Romantic.......

සල්ලිත් නෑ සනිපත් නෑ..සහලෝල උන අරං තියන වෙලාවෙ Rest කරන්න කියල වෛද්‍ය උපදෙස් ලැබුනට කාටද පුළුවන් අෆ්ෆා උදේ ඉදන් රෙද්දක් පොරෝගෙන ඇදටම වෙලා ඉන්න..ලබන සතියෙ Exam එකකුත් තියනවා..ඒකට පාඩම් කරන්න විදිහකුත් නෑනෙ..මොකද පාඩම් කරන්න හිතෙන වෙලාවටම  Doctor කියපු එක මතක් වෙලා Rest කරන්නමයි හිතෙන්නෙ.. ;)

ඉතින් කරන්න දේකුත් නැති හින්දම
Film එකක්වත් බලන්න ඕනි කියල හිතල මොකද්ද බලන්නෙ කියල කල්පනා කරන කොට හිත නැවතුනේ Hard Disk එකේ Romantic ගොඩේ තිබුනු Film වගේකට.ගොඩක් ඉස්සර බලපු  Film උනත් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන තරමට ලස්සන Film ටිකක්.ඉතින් මගෙ හිත ගොඩක්ම ඇදිල ගිය Film ටික තමයි;


                                                     
                                                                   Letters To Juliet.


              Walk To Remember.





              

               Sweet November.










       
       

                                                                     The Classic
.



















ඉතින් ආයිත් සැරයක් The Classic Film එක බැලුවා.
කීවෙනි සැරේට බැලුවත් මේ වගේ
Film එකක් බලනකොට ඇඩෙන එක නවත්තන්න බෑනෙ අෆ්ෆා.
ඉතින් අඩ අඩම බැලුවා.
ජීවිතේදි අපි මුහුණ දෙන ආදරය, විරහව කියන දෙක විවිධ විවිධ පැති ගනනාවකින් මේ
Film ටිකේ විග්‍රහ කරල තියනවා. මේ Film ටික ගැන හිතට ආපු ඔක්කොම ලියන්න හිතුනත් තවත් වෙලා ඇස් දෙක ඇරගෙන ඉන්න බැරි තරමට දැන්නම් මගෙ ඔළුව රිදෙනවා.දවස් ගානකින් Blog  
එකටත් මොකුත් නොදාපු හින්දම මේ ටික හරි දාන්න ඕනි කියල හිතුනා.ඉතින් දැම්මා..

10 comments:

  1. Walk To Remember.

    Sweet November.
    මේ දෙකනම් මම බලනවා නිතරම වගේ. හැබැයි අනිත් එව්වා 2 ක නම බලලා නැහැ, දැන්මම බාගන්න දාන්නම්,, තවත් රොමැන්ටික් ගනයේ ෆිල්ම්ස් ටිකක් කියන්නකෝ අයියා,, මටත් ෆිල්ම් එකක් නැතුව ඉන්නේ බලන්න,,

    ReplyDelete
  2. මාත් Walk To Remember. බැලුවා. අනිත්වා නෑ.. sweet November ලස්සනයි කියලා අහල තියෙනවා...ලස්සන ආදර කථා බලන්න මාත් අඅසයි...

    ම්ම්... ලෙඩ හොඳ කරගෙන, විභාග හොඳට කරගන්න අයියා.. ඉක්මණටම හොඳ වෙන්න... !!!

    ReplyDelete
  3. @වර්ණා...ම්ම්ම්ම්ම්ම්ම්ම් තව මම කැමති ඒව නම් නංගී...
    Waiting For Forever.
    Just Married.
    My Own Love Song.
    ඔන්න ඔය වගේ ඒව තමයි..මට මතක ටික..තව තිබුනොත් දාන්නම්කෝ..

    @හිතූ...The Classic එක මම ගෙනත් දෙන්නම්කෝ..ඔව් අෆ්ෆා සනීප වෙන්න ඕනි ඉක්මනට..කොහෙද මට ඕනි උනාට මේ ලෙඩ කියනවනෙ මාව දාල යන්නම බෑ කියලා..;)

    ReplyDelete
  4. මේ සෙට් එකෙන් වෝක් ටු රිමෙම්බර් විතරයි බලලා තියෙන්නේ. මරු ස්ටෝරිය !!!
    මට ලවු ස්ටෝරි නම් එච්චර දිරවන්නේ නෑ. ඔන්න කපා කොටා ගන්න කතාවක්. හොල්මන් කතාවක් වගේ ඒවා නම් බලනවා. :)

    ReplyDelete
  5. හික්ස්... ඔව් ඔව් ඒක පට්ට කතාව..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. walk to remember ෆිල්ම් එක විතරයි මේ ලිස්ට් එකෙන් නම් බලලා තියෙන්නේ. නියමෙටම හිතට වදින විදිහට ඒක නම් තියෙනවා. අනිත් ෆිල්ම් ටිකත් ඒ ජාතියේම වගේ බලලාම කියන්නම්කෝ කොහොමද කියලා. විස්තරේ කිව්වට තැන්කු වේවා :)

    ReplyDelete
  8. මේ පැත්තට ආවට තැන්කූ වේවා...

    ReplyDelete
  9. ඔන්න තව ලස්සන කතාවක් The Last Song

    ReplyDelete
  10. ම්ම්ම්ම්ම් මං ගාව තියනවා ඒත් තාම බැලුවෙ නෑ...ඉක්මනට බලන්න ඕනි..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...