Tuesday, December 20, 2011

කාලය....

කාලය....
ගොඩක් දේවල් වෙනස් කරනවලු....
අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...
අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...
කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...
කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...


වරදක් නොකර චෝදනා වින්ද අය, තමන්ගෙ හෘද සාක්කියට විතරක් නිවැරදි වුණු අය මුළු ලෝකයක් ඉස්සරහ පැසසුම් ලබනවලු...
කාලය මේ හැමදේම විසදනවලු...
හැබැයි හැම දේම කාලයටම බාරදෙන එකා කාලකන්නියෙක්ලු....
ඉතින් මේ කාලයට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්ලු....
අද අපි ආදරය කරන අය...
අපි ලගින්ම ඉන්න අය...
අපෙන් ඈත් කරනවලු...
එහෙම ඈත් වුනු කෙනා සතුටින් ඉන්නවනම් ඒ දිහා බලලා අපිටත් සතුටු වෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවලු...
අපි ආදරය කරන අය අපි ලගින්ම ඉන්න ඕනි කියල නීතියක් නෑලු...
කොහේ හරි හොදින් ඉන්නවනම් ඇතිලු...
.....
........
...........
.............
ප.ලි :-
අද මගෙත් ලගින්ම ඉන්න කෙනෙක් තව මාස කීපයකින් එයාගෙම අලුත් ලෝකෙකට පුංචි කැදැල්ලක් හදාගෙන ඉගිල්ලිලා යනවලු...ඒ දවස දැන් දවසින් දවස ලංවෙනවා...ඉතින් එහෙම ඒ ලස්සන ලොකෙකට පා තබන ඇයටත් ඒ අලුත් ජීවිතේ මීටත් වඩා ලස්සන වෙන්න..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. අහ්: ඉක්මනට සනීප වෙන්න කියලත් ප්‍රාර්තනා කරන්න ඕනි මොකද මේ දවස් වල ටිකක් ලෙඩ වෙලා.....!!!!! :)

7 comments:

  1. හ්ම්ම්ම්ම්.. ඇර්ත්ත අපි ආදරේ අය අපිට ලැබෙන්නම ඕනෙ නෑ.. කොහෙ හරි හොඳින් ඉන්නවනම් ඇති..:)

    හ්ම්ම්.. ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කලා කියන්න. පියමනින අලුත් කැදැල්ලත්, අලුත් ලෝකයත්, අලුත් ජීවිතයත් සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එයාට!!!

    ReplyDelete
  2. හ්ම්ම් ආදරේ කරන අය ලබාගන්නම ඕනා කියලා නියමයක් නැහැ. එත් එහෙම තර්ක විතර්ක කරලා මේ හදවත ට නීති දාන්න බෑ.
    අපිට දැනෙන හැගීම් නවත්තන්න ත් බැහැ.

    හ්ම්ම් ඇයට සුභ පැතුම්.
    ඒ වගේමයි ඔබටත් එලෙස ඉටු වේවා කියා ප්‍රර්ථනා කරනවා :)))

    ReplyDelete
  3. @ හිතූ.... තැන්කූ නංගියෝ....

    @ වර්ණා... ම්ම්ම්ම්.....තැන්කූ වේවා....

    ReplyDelete
  4. ඔන්න අපිත් එයාට සුබ පැතුවා කියහන් මල්ලි.

    ReplyDelete
  5. තැන්කූ වේවා...අයියා....

    ReplyDelete
  6. නුඹ මගේ නොවුනාට කමක් නෑ
    වෙන කාගෙවත් නොවී

    මම නං හිතන්නෙ එහෙමයි!!!

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්.........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...