Sunday, December 18, 2011

"ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."

මේ පාර ලියන්න හිතුවෙ ඔන්න මගේම දෙයක් නෙවෙයි..මීට ටික දවසකට කලින් තරුණයා පුවත්පතේ ගුරුපාර ලිපියේ  සමන් එදිරිමුණි මහතා විසින් පලකල ලිපියක්.ගොඩක් අය මේක කියවල ඇති ඒත් කියවපු ගමන් හිතට වැදුනු නිසා නොකියවපු කීප දෙනෙකුට හරි කියවන්න දෙන්න ඕනි කියල හිතුනා.මේ ලිපිය ගැන මට හිතෙන දේ දානවට වඩා ඒ ලිපිය එහෙම්මම දාන එක හොදයි කියල හිතුනා ඒකෙ තියන රසයට බාදාවක් නොවෙන්න.

මේ ලිපියෙ ශීර්ෂ පාඨයට තිබුනේ "ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."කියලා..එහෙනම් කියවලම බලන්නකෝ..



"භෞතික වස්තුවක් ලෙස ගත්තහම ඔබට මේ ලෝකෙ වටිනාම දේවල් මොනවද? එක එක්කෙනාගෙ ජීවිතේ තියන අවශ්‍යතා අනුව එක්කෙනාගෙ වටිනා භෞතික වත්කම් වල ස්වභාවය වෙනස් වෙනවා. දුප්පත් කමින් පීඩිතව ඉතා අසීරුවෙන් ජීවත් වෙන පුද්ගලයෙකුට පාන් ගෙඩියක් කියන්නෙත් පුදුමාකාර තරම් වටිනා භෞතික වස්තුවක්. නමුත් ලොකෙ සුපිරි ධනවතෙක් වන බිල් ගේට්ස්ට ලක්ෂ හා පන්සීයක වාහනයක් කියන්නෙත් තුට්ටු දෙකේ වටිනාකමක් නැති නිකං පුස්සක්. හැමදේම තියන කෙනාට කිසිම දේක සැබෑ වටිනාකමක් තේරෙන්නෙ නෑ. හැමදේම නැති කෙනාට අබමල් රේණුවක තරම් දේක උනත් ලොකු වටිනාකමක් තේරෙනවා.

මේ ලොකෙ දරුවො ලැබෙන්නෙ නැති, දරු සම්පත් අහිමි පවුල් ඕනැතරම තියනවා. ඔවුන් දරුවන්ට පුදුමාකාර තරම් ආදරෙයි. වෙන අම්මලා තාත්තලා දරුවන්ට ගහ බනිද්දි දරුවො නැති අම්මල හිතනවා 'අනේ මට ඔය පැටියා හිටියනම් නිපිටින් පාරක් ගහන්නෑ..මලක් වගේ හදා ගන්නවා' කියලා. දරුවො ලැබෙන්න කලින් කොයි අම්මත් ඔහොම තමයි හිතන් ඉන්නෙ. ඒත් දරුවො ලැබුනාම, උන්ට ආදරේ කළාම, උන්ව ඉම්ඹම, උන්ව ලෙව කෑවම උන් එක්ක තිබ්බ ඇරියස් එක කවර් වෙලා මානසික ගනුදෙනුව සාමාන්‍ය වෙනවා. ඊට පස්සෙ දරුවො නැතිව කාලයක් දුක් විදපු අම්මෙකුට උනත් දරැවෙක් කියන්නෙ මහා අමුතු දෙයක් නෙවෙයි.

ආදරේ ඇබින්දක් විදලා නැති, අම්මෙක් තාත්තෙක්, අයියෙක් අක්කෙක්, පෙම්වතෙක් පෙම්වතියක් නැති බලාගන්න බලන් ඉන්න කවුරුත් නැති මිනිස්සු මේ ලොකෙ අහු මුළුවල ඕනතරම් ඉන්නවා. ඔවුන් ආදරේ හොය හොයා, බැදීම් හොය හොයා ජීවිත කාලෙම නාහෙන් අඩනවා. මාව බලන්න කවුරුත් නෑ. අයියො මං තනිවෙලා. මට කාත් කවුරුත් නැතෝ ..කිය කියා ළතෝනි ගහන අය මේ ලොකෙ ඉන්නවා. ඔවුන්ට ආදරේ කරන්න කෙනෙක් මුණ ගැහුනොත් ඉස්මුරුත්තෙ යන්න ආදරේ කරනවා කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. ජීවිතේ කවදාවත් කාටවත් ආදරේ කරල නැති, ආදරේ විදල නැති කෙනාට තමන්ගෙ ආදරේ මාර සුන්දර වේවි කියලත් පම්පෝරි ගහනවා.

ඒ උනාට සැබෑ ආදරයක්, සැබෑ රැකබලා ගැනීමක්, සැබෑ වටිනාකමක් තමන්ගෙ ජීවිතේට ආවාම උන්ට හිතෙන්නෙත් ඔය උඹලා අපිට හිතෙන දේම තමයි. දවස් දෙකක් තුනක් ලව් කරද්දි, දෙතුන් පාරක් මූණ ඉඹිද්දි, තෑග්ගක් දෙකක් අරන් දෙද්දි, එයාව බදාගෙන වැළදගෙන ලෙව කාගෙන පාරෙ තොටේ යද්දි අපේ හිත් ආඩම්බර වෙනවා දැන් අපිටත් කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඒ එකම එක්කෙනා මුණ ගැහෙන්න කලින් ඔහුගේ හෝ ඇයගේ ගැන ඔබ හිතේ තිබූ උවමනාව කැමැත්ත සහ සැපසුම් මේ වෙද්දි නැතිවෙලා ගිහින්. හරියට සෝඩා බොතලේ කැඩුව වගේ.පටන් ගනිද්දි මල් ගහලා, රතිඤ්ඤා දාලා තොරන් බැදල පටන් ගත්තෙ. දවස් ගත වෙද්දි කෝදුරුවෙක්වත් නෑ. ලාන්තරස් වෙලා යනවා.

නමුත් ඔහොම නැකි අයත් ඉන්නවා. ආදරේදි ජීවිතේ තුන්සිය හැටපස් දවසෙම එකවගේ නොවෙනස්ව ආදරය කරන, සැලකිලිමත් වෙන, ආරක්ෂාව ලබා දෙන අය නැතුවා නෙවෙයි. නමුත් ඔබට නොවෙනස් ආදරය පිළිගන්වන්න ලැබෙන්නේ ඔබ වගේම නොවෙනස් කෙනෙකුට නෙමෙයි. ඔවුන් ඔබේ ආදරය මායිම් කරන අන් නෙමේ. ඔබේ ආදරේ වටිනවා කියලා හිතන උන් නෙමේ. උන්ගෙ හිතේ නිකන් තිබ්බ පලියට, ඇග කහන නිසා ඔබ උන්ට ආදරේ කරනවා කියලා. ඔබටත් ඉන්නෙ එහෙම පෙම්වතෙක් පෙම්වතියක්, නංගියෙක්, අක්කෙක් නම් මතක තියාගන්න. ඔය ආදරේ ලාබෙට දෙන තුට්ටු දෙකේ මානසික බිස්නස් එක මේ දැන්ම නවත්වන්න. ඔබේ ආදරේ උන්ට, ඒකිට ගානක් නැත්නම් ටික දවසක් ඔබ නතර කරලා විවෙක ගන්න..නිදා ගන්න..පොතක් බලන්න..තමාගේ වැඩක් බලාගන්න. නිදහසේ හිතෙන ගමනක් යන්න. ඔබේ ආදරේ ගැන තුට්ටුවක වටිනාකමක් නැති උන් ගැන හිත හිතා වද වෙන්න ඔබේ ඔබේ ඇග කහනවද? රුදාවද? දවස් තුන හතර එහෙම ඉද්දි ඔවුන්ට තේරෙනවා ඔබේ ආදරේ, ඔබේ සැලකිල්ල, ඔබේ රැකබලා ගැනීම නැතිව ජීවත් වෙද්දි හිත කොච්චර පාළුද කියලා. ඒ හිතට විදවන්න ඇරලා ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔවුන්ට ඒක වැටහුණාම ඔබ පුරුදු විදිහට හැසිරෙන්න.  නමුත් ආයෙත් කාලයක් යද්දි උන් පරණ විදිහම වෙනවා. අයෙමත් දඩුවම් දෙන්න.

ඔබ අහයි මේ විදිහට හැමදාම දඩුවම් දිදී, හැමදාම සමාව දිදී ඉන්න එක හරිද කියලා. පුතේ ඒක මහ නිවට කමක්. ඔබට වටිනාකමක් තියනවා. ඒක නැති කරගන්න එපා. දෙතුන් පාරක් සමාව දීල නැහැදුන එකා කැපුවත්, කෙටුවත්, මැකුවත් හැදෙන්නෙ නෑ. ඒ උන්ගෙ හැටි..ඒ නිසා තුන් හතර පාරක් සමාව දීලත් උන්ට ඹබේ ආදරේ ගැන වටිනා කමක් නැත්නම් බම්බු ගහගනින් කියලා කොන්දේසි විරහිතව ඔබ ඔබේ ආදර කතාව අකුළා ගන්න. උඩදාලා පස්ස පැත්තට පයින් ගහලා උන්ව පපුවෙන් එළවලා දාන්න. ආයි පාරක තොටක දැකලා අත පෑවත් බලන්න එපා. ඕක සාහසික කතාවක් කියල ඔබට හිතේවි.

පුතේ ඔබේ හිතේ ඇතිවුනු නොකළැල් සැබෑ සෙනෙහසට ගරහපු, ඒක නිවටකමක් විදිහට සලකපු, ඹබව තුට්ටු දෙකට දාපු පිශාච හදවතකට ඊට වඩා සරල දඩුවමක් දෙන්න කියන්න මම නම් ඉදිරිපත් වෙන්නෙ නෑ. අපි නම් එහෙමයි. එතකොට මේ ආදරණීය ගනුදෙනුව  හරි සරලයි. ලේසියි. ආදරය කියන්නේ මානසික වශයෙන් ලාභ ලබන ව්‍යාපාරයක් විය යුතුමයි. ඔබ දෙන ආදරේ දෙගුණ තෙගුණ වෙලා ආපිටට එන්න ඕන. සරලව කිව්වොත් ආදරේ බිස්නස් එකක්. දිගින් දිගටම පාඩු ලබනවානම් කම්පැණිය වහල දාලා වෙන වැඩක් බලා ගන්න ඕන. පාඩුපිට දුවන්න හැමදාම බෑ. ඒකිට ඌ කොච්චර ලව් කළත් ඒක උන්ට තේරෙන්නෙ නැත්නම් බම්බු ගහගන්න කියලා පාරෙ ඉන්න බලු කික්කියෙකුට ආදරේ කරපල්ලා. ඌ නැට්ටවත් වනයි අපිව දැක්කම."

ඔන්න ඔහොමයි ඒ ලිපියේ තිබුනේ.කියවල හිතල බලන්නකෝ.....

20 comments:

  1. කියල තියන සමහර දේවල් කියල තියන විදිහ අනුමත කරන්න බැරි උනත්, ඔව්! හුඟක් දේවල් ඇත්ත....

    ReplyDelete
  2. ඇඬෙනවා තනි ඇහැට

    ReplyDelete
  3. අනේ මේ අලගෙඩි මියුසික් එක අහක් කොරන්ටකෝ... අපි ලිමිටඩ් කොනෙස්සන් කාරයෝ

    ReplyDelete
  4. @ Sabith...හ්ම්..යා යා...

    @ Roshan...හ්ම්ම්ම්ම්ම්

    @ lahirucc...ඔව් මටත්....ඔන්න අයින් කලා...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත... හුඟාක් දේවල් එක්ක එකඟ වෙන්න වෙනවා..

    ReplyDelete
  6. ඔව්..ගොඩක් දේවල් ඇත්ත...බැඳීම්,බලාපොරොත්තු කියන්නේ ජිවිතේ..

    ReplyDelete
  7. @ හිතූ...හ්ම්......ඔව් නංගි..

    @ ගිනි කුරුල්ලා...ඔව් අපි ජීවත් වෙන්නෙ ඒවත් එක්ක..

    ReplyDelete
  8. හ්ම්ම් ගොඩාක් දේවල් ඇත්ත. එත සමහර වෙලාවට අපිට ඔය කියන විදියට කරන්න බෑ. අපි අසරණ වෙනවා. ආදරෙන් අන්ද උනාම මොනා කලත් හිතෙන්නේ ආදරේ කියලා. අන්තිමට අපි රැවටෙනකම් අපිම දන්නේ නැහැ..

    ReplyDelete
  9. ස්තූතියි බෙදාගත්තට.. :)

    ReplyDelete
  10. @ වර්ණා...හ්ම්ම්ම්ම්...ගොඩක් වෙලාවට එහෙම වෙනවා....

    @ නන්දු...ම්ම්ම්ම් වෙල් කම්ස්ස් වේවා...

    ReplyDelete
  11. ආදරේ කියන්නේ බලාපොරොත්තු වීමක්ම නෙමෙයි ඒක දීමක්. මගේ හැඟීම ඒකයි. එතකොට ඒක බිස්නස් එකක් වෙන්නේ නැහැනේ

    ReplyDelete
  12. ඔවි.. ගොඩක් දේවල් ඇත්ත...

    ReplyDelete
  13. @ Hasitha...හ්ම් තවත් පැත්තකින්..ඒත් ඒ දේ ගැන මම පෝස්ටුවකින් දාන්නම්....

    @ pumudu...ඔව් ගොඩක් දේවල්....

    ReplyDelete
  14. ගොඩක් කතා ඇත්ත මල්ලි..

    ReplyDelete
  15. kathawanam aththa man mita issekath oya kathawama wenas vidiyakin ahala (ahagena)thiyenawa.

    aththa... adare poddawak therumgenime hekiyawak nethi kenek wenuwen (no)deka adaraya karala...vihiluwak weka eyatai eyage yakuwantai..anthimedi kiyala denuna matat...

    eth eya nohithapu ekama ekadeyak man eya wenuwen kala ede yam kepakurimak..

    adare vidaviyayuthu ne thawath..

    ReplyDelete
  16. e article eken kiyala thiyena de aththa thamai bcz; awank hadawathakin adaraya karana kenata pemwatha pemwathi godak watinawa.

    Thaman maha merak wage adaraya karanakota;eka jolk 1kata ganna kena diha kandulu pirunu dasin latha wena wita thamanta sabawatama adaraya karana kena nopanena bawini...

    ReplyDelete
  17. එකග නැහැ......
    ආදරේ කියන්නේ 'ගනුදෙනුවක්' නෙවෙයි.... දෙන දෙයක්! මේක තනිකර භව්තික විග්‍රහයක්..... ආදරේ භව්තික දෙයක් නෙවෙයි... ඔහොම හිතන හින්ද තමයි දැන් කාලේ ආදර සම්භන්ධතා මෙතරම් ළාමක !
    දුර්වල අදහසකට පියාපත් දෙන්න එපා....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...